ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    පිනක් කරහම ඒ පින නැවත නැවත මතක් කරන තරමට හෙදයි.
    ඉතිං මම මේ ත්රෙඩ් එක පටන් ගත්තට මම නම් ගිය අව්රුද්දේ ලොකු පිං කම් නම් කරගත්තෙ නෑ.
    ඒත් එක එක අය කරපු පිංකම් ගැන කතා කරන්න තියනවනම් ඒකෙන් ප්‍රයෝජන ගොඩක් ගන්න පුලුවන්. එකක් තමයි අනික් අයට පිංකම් කරන්න අදහසක් ගන්න පුලුවන්. පව් විතරක් කරන අයට හා පිං නොකරණ අයට පිං කම් කරන්න හිතක් ඇති කරවන්න පුලුවන්. ඒ වගේම තමන් කරපු පින මෙනෙහි කරන්න පුලුවන්.
    හැබැයි තමන් බොරුවට පිං කරා කියලා දැම්මොත් පිං කෙසේ වෙතත් පව් සිද්ධ වෙයි රජෝ. මෙන්න මට මතක් වෙන ගිය අව්රුද්දේ කරපු ඉතාමත් පොඩි පිංකම්.

    දානමය කටයුතු සදහා උදව් කිරීම හා ඒවාට පුලුවන් හැටියට වියදම් කිරීම
    දේමාපියන් සතුටු කිරිමේ අදහසින් විවිධ කටයුතු කිරීම

    මම නම් මෙච්චරයි කරේ. මදි තමයි මචංලා. මේවට අමතරව අසරණ සත්තුන්ට කන්නබොන්න දෙන ඒවා, යාචකයන්ට මුදල් දෙන ඒවා වගේ හැමෝම කරන දේවල් කරලා තියනවා. මේ අව්රුද්දේ මීට වැඩිය යමක් කරන්න හිතාගෙන ඉන්නවා. පිනක් කරන්න ඕනේ මොකුත් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒ පිනෙන් බලාපොරොත්තු වෙන්න ඕනේ නිවන ලගා කර ගැනීම විතරයි.
    මේ වගේ ගිය අව්රුද්දේ ඔයාලා කරලා තියන පිංකම් ගැන කියන්න‍
    සැමට තෙරුවන් සරණයි!
     

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    වැඩිහිටි නිවාසයකට දෙසරයක් දානෙ දුන්නා අවශය කරන කලමනා සමග සහභාගි උනෙනම් එකකට විතරයි ආයෙ බලු කපුටු දානයක් දුන්නා ගිය අවුරුද්දෙ හිගන්නනටනම් සල්ලි දුන්නෙම නැහැ අනික පන්සල් වල පිං කැට පිරෙවුවෙත් නැහැ නමුත් ගමෙ පන්සලට අව්ශය කරන කලමනා ටිකක් අරන් දුන්නා :cool:
     
    • Like
    Reactions: hichchi malli

    HondaMPLG

    Member
    Feb 4, 2012
    6,269
    2,415
    0
    මෙතනම තමයි
    මම නම් ඉතින් අපේ කොල්ලෝ සෙට් එකක් එක්ක හැම වසරකම ෆිට් එකේ කරන පිංකම මේක...
    jdedS.jpg


    මෙන්න_අපේ_ලේ_දන්දීමේ_වැඩසටහන 2012


    මෙන්න_අපේ_ලේ_දන්දීමේ_වැඩසටහන 2013
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සෑහෙන්න කලා......

    දරුවො ඉන්න ළමා නිවාසයකට දෙපාරක් දානය දුන්න. පන්සලේ දහම් පාසැලේ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුන්න ලොකු පුතාගේ උපන් දිනයට. පන්සලේ සිල් ගත්ත අයට ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කලා. තව ගිය අවුරුද්දේ දළ වශයෙන් 100කට ළග රෝගීන් පිරිසකට ප්‍රතිකාර නොමිලයේ කරල දුන්නා. මගේ ඉස්කෝලේ මල්ලිලා ගේ හෙල්ත් ස්ක්‍රීනින් කෑම්ප් එක කලා. ගමේ පන්සලේ හෙල්ත් කෑම්ප් එකේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කලා දවසක් (එදා දත් ම ගලවලා තියනවා 62ක්:P) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    හ්ම්ම්.. ලේ දුන්නා දෙපාරක්, මගේ උපන් දිනේට පංසලේ හාමුදුරුවන්ට දවල් දානයක් දුන්නා, තව ඉතින් ඔය අතරින් පතර කන්න නැති මිනිස්සුන්ට කෑම එහෙම අරගෙන දීලා තියනවා. වෙන ඉතින් මතක් වෙන පින්කම් නම් කරල නෑ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    සෑහෙන්න කලා......

    දරුවො ඉන්න ළමා නිවාසයකට දෙපාරක් දානය දුන්න. පන්සලේ දහම් පාසැලේ දරුවන්ට අවශ්‍ය ලිපි ද්‍රව්‍ය දුන්න ලොකු පුතාගේ උපන් දිනයට. පන්සලේ සිල් ගත්ත අයට ධර්ම ග්‍රන්ථ පරිත්‍යාග කලා. තව ගිය අවුරුද්දේ දළ වශයෙන් 100කට ළග රෝගීන් පිරිසකට ප්‍රතිකාර නොමිලයේ කරල දුන්නා. මගේ ඉස්කෝලේ මල්ලිලා ගේ හෙල්ත් ස්ක්‍රීනින් කෑම්ප් එක කලා. ගමේ පන්සලේ හෙල්ත් කෑම්ප් එකේ දන්ත වෛද්‍ය ප්‍රතිකාර කලා දවසක් (එදා දත් ම ගලවලා තියනවා 62ක්:P) උයන්න එතරම් නොදන්න මගේ මිත්‍රයො දෙපලක ගේ බිරින්දෑ වරුන්ට උයන්න ඉගැන්නුවා - ඒක තමා කරපු ලොකුම පිං කම මම හිතන්නේ.

    ඔයාගේ රැකියාව නම් කොහොමත් පිං ලැබෙන රැකියාවක්නෙ සහෝ. මගේ රැකියාවෙනුති ටිකක් පිං ලබාගන්න පුලුවන් ඒ ලමයින්ට උපරිම කැපවීමෙන් උගන්වලා. මම ඒක කරනවා. තව දුප්පත් ලමයින්ට නොමිලේ උගන්වලා තියනවා.
     

    kaushala1988

    Well-known member
  • Oct 27, 2008
    4,413
    1,238
    113
    තමාගෙම ලෝකේ තමා
    මමනං තාම ඉගෙනගන්නවා...ගෙදරින් ගන්නේ ගමන් වියදම් විතරයි...ඉතිරි ටික පොඩි පොඩි ජොබ් කරල හොයාගන්නේ...ඒකෙන් පුළුවන් විදියට කට්ටියට උදව් කරනවා...හුඟක් වෙලාවට කරන්නෙ දුප්පත් අයට...විශේෂයෙන් වයසක අයට කන්න අරං දෙන එක තමයි...දානයක් දෙනවා කොහොමත් අවරුද්දකට පාරක් ආරන්‍යකට...
     
    • Like
    Reactions: Mr.Tom

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,097
    4,871
    113
    -In Darkness-
    ශ්‍රී මහ බෝධිය අවට හිටපු සිල් ගත්තු උදවියට දානේ දුන්නා :yes::yes: වැඩිහිටි නිවාසෙකට දානයක් දුන්නා. ;);) අනිත් ඉතින් පෝයට සිල් ගන්න අයට නම් දානේ දුන්නා හීල් දානේයි, දවල් දානෙයි. ඒවා නම් අපි කට්ටියක් එකතු වෙලා කරේ :D
     
    • Like
    Reactions: චගු

    chinster

    Junior member
  • Aug 6, 2012
    224
    6
    18
    මහා පරිමාන පින්කම් නම් කරලා නෑ..ඒත් එදිනෙදා ජිවිතේ කරන දෙයක් පිනක් මිස පවක් නම් කරලා නෑ..ඉස්සරහට කරන්නෙත් නෑ.. mamath ehemai machan :)
     

    blue_in_rio

    Well-known member
  • එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා. :yes::yes:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා. :yes::yes:

    අනිවා ... මමත් එහෙමයි බන්.. කූඹියෙක් වතුරෙ ගහගෙන යනව දැක්කත් බේරගන්නවා. බයික් එකේ යද්දි කඩි, කූඹි පවා බේරන්න උපරිම උත්සහ කරනවා. උඹ කිව්ව වගේ මටත් ගොඩක් අර වගේ චාන්ස් සෙට් වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා මම කරන ඒවා වල රිටර්න් එක මට ලැබෙනව කියල හැමවෙලාවෙම.:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එහෙමටම කියලා ලොකු පිං කමක් නම් කලේ නැහැ.ඒත් අවුරුදු පහළොවක් තිස්සේ ගමේ පන්සලට දෙන සලාක දානේ නම් දෙනවා.දැන් දායකයෝ ටිකක් ඉන්න නිසා, අපිට දානේ සෙට් වෙන්නේ මාස දෙකකට සැරයක්.ගිය අවුරුද්දේ පෝයවල් 6-7ක් වත් සිල් ගන්න ගියා. පව් වැඩ නම් කරන්නේම නැති තරම්.කාලෙක ඉඳන් මුහුණ හෝදන්න පුරවපු වතුර බේසමේ කූඹියෙක් හිටියත් මම ඌව බේරනවා.කොටින්ම කොමඩ් එකේ උනත්.විස්වාස කරපල්ලා මචන්,ගෙදරදි හරි, ඔපිස් එකේදි නැත්නම් මඟ තොටේ උනත්, බොහොමක් ප්‍රශ්න වලින් මාව බේරෙනවා.ඒකෙන් වෙන්නේ තව තවත් පිනටම නැඹුරු වෙන එක.මම කියනවට උබලත් මෙහෙම කරලා බලපල්ලා.පිං පල දෙන්න මැරෙන්නවත්, දිවිය ලෝකේ යන්නවත් ඕනා නැහැ.දිට්ඨධම්මවේදනීයව මෙහෙදිම පල දෙනවා. :yes::yes:

    මමත් වතුරට වැටෙන පොඩ් කූඹි වගේ සත්තු අනන්තවත් බේරගෙන තියනවා. ඒවගේම මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ. ඔය හේතුව නිසාමද කොහෙදෝ මගේ හිතට ලේසියෙන් දුකක් දැනෙන්නෙ නැ. ඒ වගේම ගොඩක් ප්‍රශ්න වලින් මාවත් ඉබේම වගේ බේරෙනවා. :)
     

    DT Dilan

    Member
    Aug 26, 2011
    3,291
    263
    0
    mayka pinakda dan naaa... godak ayanam kiyanawa loku pinak kiyala... mata salli walin awulak naa..... magay maasika aadayama 300000 k withara wenawa.... mata hodata salli thiyena kellek badinna thibba.... a wunaata mama pattama duppath kellekwa marry kala... a kellagay gedara maasika aadayama 17000 i.. pawulay 5 denek innawa.... mata oney wunay duppath kamin godak duk winda a kellawa jeewithay puraama godak sathutin thiyanna... a kella godak duppath wunaata, a kella pattama ahinsakai.. a kellagay hithay hithaa ganna bari tharam loku aadarayak thiyenawa.. marry karala maasa 11k wenawa ada wenakan maath ekka kisima daykata randu welaa naa,tharaha welath naa... may wagay kellekwa labenna mama godak pin karala athi.... dan mamai a kellai pattama sathutin innay.... ( mama may kellawa marry karanna patta kattak kaawa )
     
    • Like
    Reactions: ^Night Fury^

    blue_in_rio

    Well-known member
  • අනිවා ... මමත් එහෙමයි බන්.. කූඹියෙක් වතුරෙ ගහගෙන යනව දැක්කත් බේරගන්නවා. බයික් එකේ යද්දි කඩි, කූඹි පවා බේරන්න උපරිම උත්සහ කරනවා. උඹ කිව්ව වගේ මටත් ගොඩක් අර වගේ චාන්ස් සෙට් වෙලා තියෙනවා. මමත් විශ්වාස කරනවා මම කරන ඒවා වල රිටර්න් එක මට ලැබෙනව කියල හැමවෙලාවෙම.:yes:

    මමත් වතුරට වැටෙන පොඩ් කූඹි වගේ සත්තු අනන්තවත් බේරගෙන තියනවා. ඒවගේම මම මදුරුවෙක් වත් මරන්නෙ නෑ. ඔය හේතුව නිසාමද කොහෙදෝ මගේ හිතට ලේසියෙන් දුකක් දැනෙන්නෙ නැ. ඒ වගේම ගොඩක් ප්‍රශ්න වලින් මාවත් ඉබේම වගේ බේරෙනවා. :)

    අනිවා මචන්.වියදමක් යන එකක්යැ.ඒත් මරණ බයෙන් නිදහස් කරනවා කියන එක ඒ සතාට ලොකු දෙයක්. :yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom