බැමිණිතියා මහා සායේ
මහා වැව් දිය කිරිවැදුදා
මහලු හදවත දවන සුසුමින්
කෑදැති දරුවන් දෙතොලග පවස නිවූ අම්මා
අම්මා අම්මා ....දෙතොලග පවස නිවූ අම්මා
සෙනෙහස පුරවා මීතෙල් පහණට
රෑ තුන් යාමේ හිත මොළවාගෙන
දුරුතු හීතලේ වෙව්ලන දෑතින්
දඬුවැට බැඳ කිරි කුරහන් හේනට
නිදිවැරුවා අම්මා
කුරුළු මවක සේ වී ඇට අහුලන
මැඩුවන් කන්දේ දුක සඟවාගෙන
බොල් බැත ඇවිලෙන හුළඟට අල්ලා
පතකට වී ඇට සොයමින් යායක කමත් නෙලූ අම්මා
මහා වැව් දිය කිරිවැදුදා
මහලු හදවත දවන සුසුමින්
කෑදැති දරුවන් දෙතොලග පවස නිවූ අම්මා
අම්මා අම්මා ....දෙතොලග පවස නිවූ අම්මා
සෙනෙහස පුරවා මීතෙල් පහණට
රෑ තුන් යාමේ හිත මොළවාගෙන
දුරුතු හීතලේ වෙව්ලන දෑතින්
දඬුවැට බැඳ කිරි කුරහන් හේනට
නිදිවැරුවා අම්මා
කුරුළු මවක සේ වී ඇට අහුලන
මැඩුවන් කන්දේ දුක සඟවාගෙන
බොල් බැත ඇවිලෙන හුළඟට අල්ලා
පතකට වී ඇට සොයමින් යායක කමත් නෙලූ අම්මා

