පද පේළී - EK LYRICS THREAD PART 2

dialoghelp123

Member
Aug 27, 2013
58
7
0
බැමිණිතියා මහා සායේ
මහා වැව් දිය කිරිවැදුදා
මහලු හදවත දවන සුසුමින්
කෑදැති දරුවන් දෙතොලග පවස නිවූ අම්මා
අම්මා අම්මා ....දෙතොලග පවස නිවූ අම්මා

සෙනෙහස පුරවා මීතෙල් පහණට
රෑ තුන් යාමේ හිත මොළවාගෙන
දුරුතු හීතලේ වෙව්ලන දෑතින්
දඬුවැට බැඳ කිරි කුරහන් හේනට
නිදිවැරුවා අම්මා

කුරුළු මවක සේ වී ඇට අහුලන
මැඩුවන් කන්දේ දුක සඟවාගෙන
බොල් බැත ඇවිලෙන හුළඟට අල්ලා
පතකට වී ඇට සොයමින් යායක කමත් නෙලූ අම්මා
 
  • Like
Reactions: rcccc

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    It's funny
    I remember back one year when daddy had no money
    Mommy wrapped the Christmas presents up
    And stuck 'em under the tree and said some of 'em were from me
    'Cause daddy couldn't buy 'em
    I'll never forget that Christmas I sat up the whole night crying
    'Cause daddy felt like a bum, see daddy had a job
    But his job was to keep the food on the table for you and mom

    And at the time every house that we lived in
    Either kept getting broken into and robbed
    Or shot up on the block and your mom was saving money for you in a jar
    Tryna start a piggy bank for you so you could go to college
    Almost had a thousand dollars 'til someone broke in and stole it
    And I know it hurt so bad it broke your mamma's heart
    And it seemed like everything was just startin' to fall apart
    Mom and dad was arguin' a lot so momma moved back
    On the Chalmers in the flat one bedroom apartment


    Now hush little baby, don't you cry
    Everything's gonna be alright
    Stiffen that upper lip up, little lady, I told ya
    Daddy's here to hold ya through the night
    I know mommy's not here right now and we don't know why
    We feel how we feel inside
    It may seem a little crazy, pretty baby
    But I promise mama's gon' be alright


    And if you ask me too
    Daddy's gonna buy you a mockingbird
    I'mma give you the world
    I'mma buy a diamond ring for you
    I'mma sing for you
    I'll do anything for you to see you smile
    And if that mockingbird don't sing and that ring don't shine
    I'mma break that birdie's neck
    I'll go back to the jeweler who sold it to ya


     
    • Like
    Reactions: Malinga and rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හිම කඳු අතරින් පාවී එන්නේ...

    හිම කඳු අතරින් පාවී එන්නේ
    නීල වලාවේ පැහැය දරා
    දඟකාර ඔබේ ඔය නෙත් මිණි දල්වා
    බලන්න මා දෙස මඳහස පාලා

    මිහි බට සුර කුමරියක් ලෙසින්නේ
    ලැසි ගමනින් පා සළඹ සලන්නේ
    මුව සඟවා ලූ සළුව මුදා හැර
    බලන්න මා දෙස මඳහස පාලා

    එරන්දතී සුකුමාල ළඳුන්නේ
    දිගු වරලස සුදු මල් ගවසන්නේ
    දෑත නඟා නිල් වරල මුදා හැර
    බලන්න මා දෙස මඳහස පාලා

    -අමරදේව-
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    සිතමින් දිවා රෑ නිදි වරන
    සොයමින් ඔබේ රුව වෙහෙසෙන
    විඩාබර වී රිදුම්දෙන...
    පිලි නොගන්නේ ඈයිද මා සිත
    අන් සතු බව ඔබ...
    මගේ අසම්මත ප්‍රේමය...


    samee_1987
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඇරයුම් පතක් මා සුරතේ තනි වී
    කදුළින් පෙගිලා බොද වෙනවා
    මා පෙම් කළ ඔබ හෙටවන් දවසක
    ඔහුගේ අත ගෙන වෙන්වෙනවා
    මේ ඇරයුම් පත මා හට පවසා
    මා හා තනිවම වැළපෙනවා....


    දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
    සැමද සිටින බව දනිමී......//
    කදුළු මැදින් මට ගෙනෙන වීයෝ දුක
    ඔබටත් කදුලක් බව දනිමි.........


    පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව
    ලස්සන සිහිනෙක රැදෙනු ඇතී.....//
    වෙන් වී යනමුත් මගේ සිතින් ඔබ
    වෙන්නව ගියේ නැ ලගින් හිදි......


    wedding+invitation+11.jpg
     
    Last edited:

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    හිතවතුනි අද සුදු ඇඳන් එන්න.....
    මේ සුසානේ පහන් දල්වන්න.....
    ප්‍රථම ප්‍රේම‍ය වල දමන්නට
    අසීරු‍යි මට ඔබ උදව් වෙන්න.....
    හිතවතුනි අද සුදු ඇඳන් එන්න.....

    පාසලේ අරලි‍යා ගස් ‍යට
    ලි‍යූ එක කවි පේලි‍යක්.....
    තවම වටහා ගන්නට බැරිවුනි
    ඇසූ පිරුවත් කාල‍යක්.....

    මතක ගොක් කොල රැහැන් අතරින්
    ‍යලි ලි‍යන්නට පෙම් කවක්.....
    මටත් මගෙ හිත හදාගන්නට
    දෙන්න අරලි‍යා මල් මිටක්.....

    -Amarasiri Peiris-


     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඇරයුම් පතක් මා සුරතේ තනි වී
    කදුළින් පෙගිලා බොද වෙනවා
    මා පෙම් කළ ඔබ හෙටවන් දවසක
    ඔහුගේ අත ගෙන වෙන්වෙනවා
    මේ ඇරයුම් පත මා හට පවසා
    මා හා තනිවම වැළපෙනවා....


    දුරස් වුනත් ඔබ සිතින් මගේ ලග
    සැමද සිටින බව දනිමී......//
    කදුළු මැදින් මට ගෙනෙන වීයෝ දුක
    ඔබටත් කදුලක් බව දනිමි.........


    පෙම්වතියකි ඔබ හෙටත් මගේ ලොව
    ලස්සන සිහිනෙක රැදෙනු ඇතී.....//
    වෙන් වී යනමුත් මගේ සිතින් ඔබ
    වෙන්නව ගියේ නැ ලගින් හිදි......


    wedding+invitation+11.jpg
    :(:(:( Daiwaye monayam hari hethuwakata mata eyawa ahimi una..... e unath man eyata hamadamath adarei.....:(:(:(
     
    Last edited:

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මතකයන් ඔබේ සිහිනයක් වගේ
    යලි යලිත් මැවේ මට නිරන්තරේ
    හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා
    මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා

    ඔබ මා අමතන හඬ මට ඇසුනා
    ජීවිතයේ සුන්දර යාමේ
    ආදරයේ දුක මහමෙර තරමට
    රිදුනා කඳුළක් ගානේ
    මා හද හැඟුමන් බෑ සඟවන්නට
    සසර පුරා උපදින වාරේ
    හීනෙන් ඇවිදින් මා තනිකර දා
    යන්න එපා පණ මාගේ

    මතකයන් ඔබේ සිහිනයක් වගේ
    යලි යලිත් මැවේ මට නිරන්තරේ
    හැම ආත්මයක් පාසා ඔබ ආදරෙයි කීවා
    මට ජීවිතේ දැනුනා ඔය දෑසමයි ඕනා


    ගායනය :- තීක්ෂණ අනුරාධ
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සීදේවියේ හැඩකාරියේ
    ඩිංගිත්තක් ඉන්න නැවතිලා
    කියන්න මට ආදරෙයි කියා
    මේ පාලුවේ උන්නා වගේ
    තව ඉන්න ද හිතින් තනිවෙලා
    ඩිංගිත්තක් ඉන්න නැවතිලා
    කියන්න මට ආදරෙයි කියා

    කෝළ කොමල දාංගලෙන් බැලුම් හෙලන්නී
    ‍හසරැල්ලෙන් නෙතු කැල්මෙන් සෙනෙහෙ කියන්නී
    රෑ පුරා ම හීන අහුරු හිතේ මවන්නී
    මටත් හොරා සිත පීඩා නුඹ ම සදන්නී

    බිඳී දැහැන් රසතැන් මා සිතේ මවන්නී
    නුඹ කොතැනක ඉන්නෙ කියා නෙතු ද සොයන්නී
    පසු පස්සේ ම කිසිත් නොකිය නුඹත් ඇදෙන්නී
    ආදරේ ද දැන්වත් මට කියන්න ළංවී

    සීදේවියේ හැඩකාරියේ ............


    ගායනය :- ගයාන් සංඛමධු
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    සගවන්න දුන් හිත ම නුඹ යලි අරන්
    වැලපෙන්න ඉඩ දෙන්නෙ ඇයි මේ තරම්
    නෑවිත් හොරෙන් ළඟ නොරැදී ගිහින්
    වාවන්න බෑ මේ සුසුම්
    ආදරේ සැගවී යාදෝ ජීවිතෙන්

    දුක් කඳුළු මියැදෙන්න කලියෙන්
    මතකයි ද අපි පැතුව පැතුමන්
    සැනසෙන්න නුඹ ගාව තනියෙන්
    තහනම් ද ඇයි දුන්නෙ රිදවුම්
    හීනේ විසිකරන් ආවාම ජීවිතෙන්
    හිතගාව දුක ගිනි අරන්

    සගවන්න දුන් හිත ම .................

    හැරයන්නෙ නැතුවාට සැමරුම්
    රවටන්න බෑ කඳුළ තවනම්
    මට මාව නැතිවෙන්න කලියෙන්
    නුඹ යන්න දුක තියල තනියෙන්
    හීනේ විසිකරන් ආවාම ජීවිතෙන්
    හිතගාව දුක ගිනි අරන්

    සගවන්න දුන් හිත ම .................


    ගායනය :- ජූඩ් රොගන්ස්
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    හඬන තරම් ඔබ හින්දා
    කවුරුවත් දන්නෙ නෑ
    යන්න ගියත් මා රිදවා
    කිසිදා තරහක් නෑ
    නොලැබෙනවා සිත කීවත්
    ආදරේ අඩුවක් නෑ
    හීනෙන්වත් ළඟට එන්න
    මට අවසර නෑ

    හිත දන්නෙ නෑ ඔයා වෙන්වුණු බවක්
    අදහන්නෙ නෑ තවත් කෙනෙකුගෙ වගක්
    හිනහෙන්න බෑ කඳුළු ඉස්සර කරන්
    දුර යන්න බෑ මට නුඹගෙන් බිඳක්

    සුවඳවත් නෑ තියා යන්නට ගිහින්
    මගේ වෙන්නෑ ආයෙත් කවදාකවත්
    හමුවෙන්න බෑ හිතුවත් පෙම් කළ සිතින්
    හැරයන්න බෑ මට නුඹ ගිය ලෙසින්

    හඬන තරම් .........


    ගායනය :- නොයෙල් රාජ්
     
    • Like
    Reactions: DAMER

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    නුඹට සිත ආදරේ හින්දා
    නොහැඟුනේ ප්‍රේම සැක සංකා
    මට ම හංඟා මසිත බින්ඳා
    නොහැඬුවේ පිරිමියෙක් හින්දා

    මෘදු හීන බිඳෙන මුලු රෑ පුරා
    ඔබ ඇවිද යනව මගෙ හිත පුරා
    හිත හදාගත්තෙ කොහොම ද කියා
    මට හිතාගන්න බෑ අද පවා
    මාගේ කියා ඔය ඇස් පවා
    කීවාට අදහන්න බෑ

    නුඹට සිත ආදරේ ............

    මල් සුවඳ ගලන රැයකට වඩා
    ඔබ සුවඳ වෙනව මගෙ හිත පුරා
    මට වාවගන්න බැරි හිත දිහා
    ඔබ එනව නේද යලි මගෙ කියා
    මාගේ කියා ඔය ඇස් පවා
    කීවාට අදහන්න බෑ

    නුඹට සිත ආදරේ ............


    ගායනය :- ගයන්ත විජේරත්න
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මතකයන් ඔබේ සිහිනයක් වගේ

    සීදේවියේ හැඩකාරියේ

    සගවන්න දුන් හිත ම නුඹ යලි අරන්

    හඬන තරම් ඔබ හින්දා

    නුඹට සිත ආදරේ හින්දා
    අයියෙ ඔයා:baffled:


    ආයේ එන්න පණ මාගෙ ආදරේ අරන්
    ජීවත් වෙන්න බෑ වාගෙ පාළුවේ තවත්
    කඳුලැල් මවා නෙතේ . . . .
    මොනවාද අත් වුනේ . . . .
    පවසන්න ඇයි මෙසෙ
    සෙනෙහස තාමත් නොහැගුනේ . . . . . . . . .

    තනිකම මැදින් එදා . . . සමනල් රටා මවා . . .
    වචනෙන් නොකී කතා . . . හොරකම් කළා ඔයා . . .
    හීනෙන් හැඩුවේ . . . . . දුකටයි රහසේ . . . . . තනිවී දිවියේ . . . . .

    ආයේ එන්න පණ මාගේ . . . . .

    හසරැල් මතක් වෙලා . . . නෙතඟින් සුසුම් හෙළා . . .
    කඳුලින් නුවන් තෙමා . . . දෙනෙතත් ගිලන් වෙලා . . .
    පූජාසනයේ . . . . . මා නම් පැතුවේ . . . . . ඔබමයි සසරේ . . . . .
    ආයේ එන්න පණ මාගේ . . . . . . . . . .

    චාමික සිරිමාන්න
     
    • Like
    Reactions: rcccc

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    නුඹ නාඹර සඳ වගේ...

    තරු කැට සුපෙම් අනුරාගී අහසේ
    හද දැල්වුනේ ඔය නෙත් පහන්
    ඔබ ප්‍රේමය පමනි දුක නම් නැති
    මා හද නවතී ප්‍රේමය ඉතිරී...

    නුඹ නාඹර සඳ වගේ
    සෙනෙහස නොඅඩුව දැනේ
    දෑසේ ඇඳි සිහිනේ
    සිතුවම් මැවූ ප්‍රේමේ...

    සිනා මල් කැළුම් කුළුඳුල් සෙනෙහේ
    අර රෑ අහසේ වගේ අප ප්‍රේමය මනරම්
    මා සිනාසුනා පමනි හඬා නම් නැති
    ප්‍රේමය ඔබ පමනි වෙන කෙනෙකු නැති...

    නුඹ නාඹර සඳ වගේ...

    තරු කැට සුපෙම් අනුරාගී අහසේ...

    -Jude Ananda-
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    හන්තාන සිහිනේ...

    බලා වැලපෙමි නෙලාගනු බැරි
    හන්තාන සිහිනේ...
    දරා නෙත් අ
    දොවා සිත් මල
    ගොතනු මැන ලඳුනේ
    සංසාර සිහිනේ...

    වැහි පබළු යට රඟමඩල මැත
    ඔබේ දෑතේ තුරුළු වෙන්නට...
    බිසෝ හැර ගිය ලසෝ රඟ හළ
    අමාවක අඳුරේ
    නොඑනු මැන ලඳුනේ...

    බලා වැලපෙමි නෙලාගනු බැරි...

    වඩින තුරු සඳ දුරින් ඉන්නම්
    තරු ඇඳුරු පෙම් ගී අහන්නම්...
    සොඳුරු ඒ සඳ දියේ එන්නම්
    ඉදිනු මැන සො
    ඳුරේ
    හන්තාන අරණේ...

    හන්තාන සිහිනේ...

    -Amaradeva ft Umaria-


     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Athula Adhikari................


    මා දෑසේ ආදරේ~
    හැඟුම් ලියා තියා..

    ඈ කවුදෝ මා හදේ~
    හැඟුම් වශී කලා..