දැන ගියොත් කතරගම.. නොදැන ගියොත් අතරමග
එක හින්දු පූජක තුමෙක් හිටියාලු..
දෙවියන්ට හරිම භක්තිමත්.
හැමදාම උදේට දේව පූජාව ලෑස්ති කරලා ගිහින් නාගෙන පිරිසිදු වෙලා ඇවිත් තමයි දෙවියන්ට පූජාව තියන්නේ..
ඉතින් එක දවසක් මේ පූජකතුමා ඉන්න දේවාලයට ආවලු ඉබාගාතේ ඇවිදින පූසෙක්
ඉතින් මේ පූජක තුමා හිත හොද මනුස්සයානේ.. පූසටත් නවාතැන් දුන්නා..
පහුවදාත් පුරුදු විදිහටම පූජාව ලෑස්ති කරලා තියලා පූජකතුමා නාන්න ගියා..
නාලා එනකොට පූසා දේව පූජාව කාලා..
එදා ඉතින් පූජාව කරන්න බැරි වුණා...
පහුවදාත් වුනේ ඔය වැඩේමයි..
පූජක තුමාට හිතට අමාරුයි..
ඒත් අර පූසාව එලවන්නත් දුකයි..
පූජකතුමා කල්පනා කළා..
පහුවදා උදේ නැගිටලා වෙනදා විදිහටම පූජාව සූදානම් කළා.. පූසාව මේස කකුලක බැදලා තිබ්බා.. ඊට පස්සේ ගිහින් නාගෙන ආවා.. ඇවිත් පූජාව තිබ්බා.. පූජාව ඉවර වුණාම පූසාව ලිහලා දැම්මා..
ඉතින් දැන් කාලයක් තිස්සේ මේ විදිහට මේ පූජක තුමා පූජාව තිබ්බා..
පුජක තුමා වයසට ගිහින් මිය ගියා..
පූජාව තියන රාජකාරිය පැවරුණේ පූජක තුමාගේ පුතාට..
පුතාත් ඒ විදිහටම පූජාව තිබ්බා..
උදේම නැගිටලා පූජාව සූදානම් කරනවා.. පූසාව මේස කකුලක ගැට ගහනවා.. ගගට ගිහින් නාගෙන එනවා.. ඊට පස්සේ පූජාව තියනවා.. පූජාව ඉවර වුණාම පූසාව ලිහලා දානවා...
මෙහෙමත් කාලයක් වුණා..
අර පූසාත් වයසට ගිහින් මැරුණා...
දැන් ප්රශ්නයක්...
පූජක තුමාගේ පුතාට පූජාව තියන්න විදිහක් නෑ..
කෝ වෙනදා වගේ පූජාව කරනකල් මේස කකුලක ගැට ගහලා තියන්න පූසෙක්..?
පූජකතුමාගේ පුතා බොහොම දුර ඇවිදලා ගිහින් පූසෙක් හොයාගෙන ආවා..
ඊට පස්සේ ආයෙමත්...

ඇත්තටම හරිද එයා කළ වැඩේ..?
නැහැ නේද?
පූජක තුමාගේ පුතා දැනගෙන හිටියේ නෑ තමන් කරන දේ තේරුම... ඒකයි එයා එහෙම කළේ..
ඉතින්....
අපි මොකක් හරි දෙයක් කරනවා නම් ඒ දේ කරන්න ඕන අපි මේ දේ කරන්නේ ඇයි කියලා අවබෝධ කරගෙනමයි...
අනවබෝධයෙන් යන ගමනක් කවදාවත් සාර්ථක වෙන්නේ නෑ..
කතාවටත් කියනවානේ “දැන ගියොත් කතරගම.. නොදැන ගියොත් අතරමග කියලා..“
ඒ නිසා අපි මේ යන ගමන අවබෝධයෙන්ම යමු..

Credit: Nimmi Muditha Hearath
Last edited:

, මිනිස්සුන්ව හුරගෙන කන්නේ ඇටත් එක්කම 