මේ දවස් වල ක්‍රිකට් විස්සයි විස්ස තරග එක්ක ආපු අලුත්ම දෙයක් තමා LED විකට්ටු සහ බේල්ස්.මේවට කියන නම තමයි Zings. මෙහි නිර්මානකරුවා තමයි Bronte Eckermann.
මේ zings මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ලීග් තරග වලට තමයි. පස්සෙ මේවා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරග වලත් අත් හදා බැලීම් කරල සාර්ථක වෙලා තියනව.
zings වලට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ ඕස්ට්‍රෙලියානු සමාගමක්.
මෙම බේල් එකක් අයි ෆෝන් එකක වටිනා කමට සමාන වෙනව කියල තමයි එම සමාගම කියන්නෙ. (එකක් ඉස්සුවනම් ගොඩ)
දැන් මෙහි ක්‍රියා කාරීත්වය ගැන බලමු. ක්‍රීඩකයෙක් දැවී යන ආකාර කිහිපයක් අතරින් එකක් තමා කඩුල්ලෙහි පන්දුව වදින එක හා දුවද්දී දැවීයම් වැනි දේවල්. එවන් අවස්ථාවක දැවී යාමකට නම් කඩුල්ලෙ ඇති බේල්ස් කඩුල්ලෙන් ඉවත් විය යුතුයි.
ඉතින් මේ බේල්ස් හා කඩුලු අතර ඇති සම්බන්ධතාවය නැති උනාම තමයි LED පත්තු වෙන්න ගන්නෙ.මෙහි නිර්මානකරුවන් පවසන අකාරයට මෙහි ඇති සංවේදක මගින් බේල්ස් හා කඩුල්ල අතර ඇති සම්බන්ධතාවය (connection between groove and the spigot) නැති වී තත්පරෙන් දාහෙන් පංගුවක්(1/1000 seconds) ඇතුලත ගණනය කර එහි ඇති සංවේදක හරහා LED දැල්වීම සිදු වේ.
මෙහි ඇති වීඩියෝවෙන් එහි ක්‍රියාකාරීත්වය ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැකියි.

නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා. මෙහි නිර්මාණකයින් පවසන අකාරයට සෑම තරගයක් අවසානයේදිම මොවුන්ට ක්‍රීඩකයන් පසු හබා ගොස් මෙම බේල්ස් රැගෙන ඒමට සිදු වෙනවලු.