LED bails & Wickets

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ දවස් වල ක්‍රිකට් විස්සයි විස්ස තරග එක්ක ආපු අලුත්ම දෙයක් තමා LED විකට්ටු සහ බේල්ස්.මේවට කියන නම තමයි Zings. මෙහි නිර්මානකරුවා තමයි Bronte Eckermann.

    x07-bblstumps.jpg.jpg.pagespeed.ic.YS1n-OQQfB.jpg

    මේ zings මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඕස්ට්‍රේලියානු ලීග් තරග වලට තමයි. පස්සෙ මේවා නවසීලන්ත හා බටහිර ඉන්දීය කොදෙව් ලීග් තරග වලත් අත් හදා බැලීම් කරල සාර්ථක වෙලා තියනව.

    zings වලට පේටන්ට් බලපත්‍රය අරන් තියෙන්නෙ ඕස්ට්‍රෙලියානු සමාගමක්.

    මෙම බේල් එකක් අයි ෆෝන් එකක වටිනා කමට සමාන වෙනව කියල තමයි එම සමාගම කියන්නෙ. (එකක් ඉස්සුවනම් ගොඩ)

    දැන් මෙහි ක්‍රියා කාරීත්වය ගැන බලමු. ක්‍රීඩකයෙක් දැවී යන ආකාර කිහිපයක් අතරින් එකක් තමා කඩුල්ලෙහි පන්දුව වදින එක හා දුවද්දී දැවීයම් වැනි දේවල්. එවන් අවස්ථාවක දැවී යාමකට නම් කඩුල්ලෙ ඇති බේල්ස් කඩුල්ලෙන් ඉවත් විය යුතුයි.

    NOTOUT1_compact.jpg
    OUT1_compact.jpg
    NOTOUT2_compact.jpg
    OUT2_compact.jpg

    SPIGOT-GROOVE_medium.jpg

    ඉතින් මේ බේල්ස් හා කඩුලු අතර ඇති සම්බන්ධතාවය නැති උනාම තමයි LED පත්තු වෙන්න ගන්නෙ.මෙහි නිර්මානකරුවන් පවසන අකාරයට මෙහි ඇති සංවේදක මගින් බේල්ස් හා කඩුල්ල අතර ඇති සම්බන්ධතාවය (connection between groove and the spigot) නැති වී තත්පරෙන් දාහෙන් පංගුවක්(1/1000 seconds) ඇතුලත ගණනය කර එහි ඇති සංවේදක හරහා LED දැල්වීම සිදු වේ.

    මෙහි ඇති වීඩියෝවෙන් එහි ක්‍රියාකාරීත්වය ගැන ඔබට අවබෝධයක් ලබා ගත හැකියි.

    නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා. මෙහි නිර්මාණකයින් පවසන අකාරයට සෑම තරගයක් අවසානයේදිම මොවුන්ට ක්‍රීඩකයන් පසු හබා ගොස් මෙම බේල්ස් රැගෙන ඒමට සිදු වෙනවලු.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,356
    22,005
    113
    Gotland
    ඕකක් ඉතිං අපිටත් හදාගන්න පුළුවන් උත්සාහ කලොත්
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    Cricket වලට interest නැතිවුණාට මේ technology එකට කැමති.
     
    -LotusMoon-

    Well-known member
  • Jan 16, 2014
    3,702
    436
    83
    -мσσи-
    නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා. මෙහි නිර්මාණකයින් පවසන අකාරයට සෑම තරගයක් අවසානයේදිම මොවුන්ට ක්‍රීඩකයන් පසු හබා ගොස් මෙම බේල්ස් රැගෙන ඒමට සිදු වෙනවලු.

    :rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    Runout ehema venakan balan inne lassanai ban REP++++++++++:P
    :rofl:
    patta tfs :)

    හා :P

    ඕකක් ඉතිං අපිටත් හදාගන්න පුළුවන් උත්සාහ කලොත්
    :P

    Cricket වලට interest නැතිවුණාට මේ technology එකට කැමති.
    :rofl:

    හෙ හෙ මගේ ජාතියේ බුවෙක්
    මමත් ක්‍රිකට් වලට ඉන්ටරෙස්ට් නෑ :rolleyes:
    :rofl::baffled:
    නමුත් මෙම අලංකාරවත් විකට් කඩුලු වල පුනරාගමනයත් සමග ක්‍රිකට් ක්‍රීඩකයන්ට ජයග්‍රහනයෙ සමරුවක් ලෙස රැගෙන යාමට තිබූ වටිනා අවස්ථාව අහිමි වෙනවා. මෙහි නිර්මාණකයින් පවසන අකාරයට සෑම තරගයක් අවසානයේදිම මොවුන්ට ක්‍රීඩකයන් පසු හබා ගොස් මෙම බේල්ස් රැගෙන ඒමට සිදු වෙනවලු.

    :rofl::rofl:

    මොනා උනත් ඒ වගෙ මතක සටහන් ක්‍රීඩකයන්ට ගොඩක් වැදගත්. :)