මචන්ලා අද උදේ බලනකොට ඔස්කලගේ මේ විදියට සුදු පාට ඩොට් තියනවනේ,මොකෝ කරන්නේ ?
Anti louse දැම්මම හරිද ?
![]()

White Spots (ICH)
මචන් ඉක්මනට ඕකට බෙනෙත් කරන්න ඕන, aquarium එකකට ගිහින් white spots (ICH) වලට දාන බෙහෙත් ගෙනත් දාන්න, ප්‍රමානය බෝතලේ ගහලා ඇති.
ඔය ලෙඩේ ගොඩක් කොමන් ලෙඩක්, වතුර අපිරිසිඳු උනාම තමයි හැදෙන්නේ, ඒක නිසා වතුර මාරු කරන්න (Partial water change)
වතුර මාරු කරනකොට ලුනු ටිකක දාන්න, එතකොට ICH හැදෙන එක ගොඩාක් දුරට අඩු වෙනවා
ඉක්මනට බෙහෙත් කරන්න, ඕක ඉක්මනට පැතිරෙනවා,...
ටැංකිය ඊයේ අස් කලේ මචන්. අද උදේ මෙහෙම වෙලා තියෙන්නේ. මන් ලග anti louse කියල එකක් තියනව කිනිතුල්ලන්ට දාන එකක්,එක හරි යන්නේ නැ නේද මචන්?
ඒක හරි යන්නෙ නැහැ මචං, ICH වලට දාන එක දාන්න, ඕක Fungus එකක්, අනිත් පාර වතුර මාරු කරනකොට ලුනු ටිකක් දාන්න.... ඔස්කාට අමතරව වෙන මාලු ඉන්නවද?
අලුතින් මාලු ගෙනත් දැම්මද?
Gaint gourami 1 pacu 2 ඉන්නවා මචන්,අලුතෙන් දැම්මේ න මචන්,ඔක්කොමල එකට දැම්මේ ටැංකියට

අහන්නත් සන්තොසයි සුදු පුල්ලි රෝගය නම් මචන් ටෙට්‍රසයික්ලින් සහ ලුනු වලින් අනිවාර්යෙන්ම හොද කරගන්න පුලුවන් රොගයක් මොකද මම අනන්තවත් හොද කරලා තියනවාමගෙත් ඉන්නෙ ඔස්කා විතරයි. ඉස්සර මගෙ මාලුන්ට ඔය වයිට් ස්පොට් හැදුනා අම්බානකට. මාලු මැරිලත් තියෙනවා .මම මේ ත්‍රෙඩ් එකේ ඒ ප්‍රශ්නේ අහලත් ඇති. මමත් ටෙට්‍රාසයික්ලින් දැම්මා,මාකට් එකෙ තියෙන මාලුන්ටම හදපු බෙහෙත් දැම්මා ම්හු... හරි ගියෙ නෑ.දැන් ටැන්කිය පොඩ්ඩක් එලියට අරන්, හොද ෆිල්ටරයක් දැම්මා.(ඇක්ටිව් කාබන් තියෙන,තව සෙරමික් ගල් තියෙන එකක්) තව මෙලතින් බ්ලුත් දානවා මාසෙකට විතර සැරයක්.දැන් දෙය්යන්ගෙ පිහිටෙන් මාලු ටිකට අවුරුද්දකින් විතර ඉහෙන් බහින රොගයක් ආවෙ නෑ.

මම ඊයෙ Black Ghost Fish Pair එකක් ගත්ත, තව ටිකකින් Fotos දාන්නම්...![]()

මම ඊයෙ Black Ghost Fish Pair එකක් ගත්ත, තව ටිකකින් Fotos දාන්නම්...![]()
ela ela apitath balanna 4toz ikmanata dapana machoo![]()



මගෙත් ඉන්නෙ ඔස්කා විතරයි. ඉස්සර මගෙ මාලුන්ට ඔය වයිට් ස්පොට් හැදුනා අම්බානකට. මාලු මැරිලත් තියෙනවා .මම මේ ත්‍රෙඩ් එකේ ඒ ප්‍රශ්නේ අහලත් ඇති. මමත් ටෙට්‍රාසයික්ලින් දැම්මා,මාකට් එකෙ තියෙන මාලුන්ටම හදපු බෙහෙත් දැම්මා ම්හු... හරි ගියෙ නෑ.දැන් ටැන්කිය පොඩ්ඩක් එලියට අරන්, හොද ෆිල්ටරයක් දැම්මා.(ඇක්ටිව් කාබන් තියෙන,තව සෙරමික් ගල් තියෙන එකක්) තව මෙලතින් බ්ලුත් දානවා මාසෙකට විතර සැරයක්.දැන් දෙය්යන්ගෙ පිහිටෙන් මාලු ටිකට අවුරුද්දකින් විතර ඉහෙන් බහින රොගයක් ආවෙ නෑ.