සුන්දර_රූමස්සල
ගාල්ලේ නිල්ගිරි හිසක් වන් රූමස්සල දෙස් - විදෙස් සංචාරකයින්ගේ ද වියත් ගවේශකයින්ගේ ද පාසල් දරු දැරියන්ගේ ද සොඳුරු බිම් කඩකි. තක්ෂිලාවකි. පුරාවිද්‍යාඥයින් ගේ ද පුරාවෘතාන්තවල ද මහා කාව්‍යවල ද නෙත ගැටුණු ඓතිහාසික ස්ථානයකි.අනාදිමත් කාලයක සිට මෙදා දක්වා ම විවිධ තාඩන පීඩනවලට ගැරහුම් සමීක්ෂණවලට පවා නොව මහ ගල්බෝර කළුගෙඩි පහරවල් වලටද කෙසේ හෝ මුහුණ දෙමින් සොබා දහමේ මනරම් දායාදයක් ලෙසට අදත් වැජඹෙණ මේ පිංබර භූමියේ හෙට දවස ගැන අද ජීවත්වන අපිට කෙසේ සහතික විය හැකි ද යන්න මේ වන විට ගැටළුවක්ව පවතී. අප පුංචි කාලයේ දුටු මේ රූමස්සල අපේ දරුවන්ට දැක ගැනීමට නොහැකි වූවේ යම් සේ ද අපේ දරුවන් දකින - කියන කියවන මේ රූමස්සල, දරුවන්ගේ දරුවනට ඒ අයුරින් නොව ඉන් හරි අඩකින් වුවද දක්නට ලැබෙන්නේ නම් එයද ජාතිය කර ඇති මහ පිංකමක්ම වන්නේ ය.රූමස්සල කන්දක්ම නොවේ. කැලයක් ම නොවේ. ඒ නිසා ම අපිදු අධ්‍යයනයන් කළ යුතු ම ය.මුහුදු මට්ටමින් මීටර් 110 ක පමණ උසින් දිස්වන රූමස්සල මුහුදු දෙසට නෙරාගිය තුඩු දෙකකින් ද යුක්තය. එහි උසම ස්ථානය මීටර් 45 කි. එක් තුඩුවක් ගාල්ල වරායයි. අනෙක් තුඩුව සුප්‍රකට වැල්ලේ දේවාලයයි. මේ බිම උස්බිම් ශ්‍රේණියට අයත් පාෂාණයන්ගෙන් සැඳුම් ලද්දකි. එමෙන් ම ග්‍රැනයිට් සහිත විශාල පාෂාණ නිධියක් ද උරුම කොට ගත්තකි. සාමාන්‍ය උෂ්ණත්වය සෙ. ග්‍රේ. අංශක 27 ක් පමණි. වැසිකාලය මැයි - ජුනි දක්වා වූ නිරිත දිග මෝසම ය. එයට අමතරව සංවහන ක්‍රම වලින් ද වැසි ලැබෙයි. ජනශ්‍රැතියන් රූමස්සල රාම රාවනා යුගය කරා ගෙන යයි. කෙසේ වුව ද වසර 3000 කට එහා ඉතිහාසයක් රූමස්සලට ඇතැයි සිතේ.බොනවිස්ටාව මෙහි එක් කොටසක් හැඳින්වෙන නමකි. එහි ආරම්භය 1796 දක්වා දිවයයි. අද ද කාලයේ ඇවිදින අයකුට දෙවන ලෝක යුද්ධයේ දී භාවිතා කොට අතහැර දමනු ලැබූ කාලතුවක්කුවල නටඹුන් දක්නට හැකි ය.
රූමස්සල ඇවිදින්නට යන්නවුනට ජාකොටුව නමින් යුත්බිම් කඩක් ද හමුවෙයි. එය ද මතබේදයට තුඩුදෙන කථා පුවතකට මැදිව පවතී.අතීතයේ ජපන් ජාතිකයින් පිරිසක් මෙහි සිටි නිසා මේ ස්ථානය ජාකොටුව වී යයි පැවැසෙන විට තවත් තැනකින් මතු වී එන්නේ එය දෙවන ලෝක යුද්ධයේ දී පෘතුගීසින් මෙහි සිටි බවය. ඒ අසලට පරංගියාවත්ත කියා කියන නිසා ද මෙම මතය ද බැහැර කළ නොහැකි ය. එයටත් එහා යන අතීත කථාවක් ද වෙයි. එනම් මෙම ස්ථානයෙ දෙවන පැරැකුම්බා කාලයේ නාවික තොටුපලක්ව තිබූ බවත්, පැරැකුම් රජුගේ නාවික බළ ඇණියක් ගොඩබට ස්ථානයක් ලෙසටත් මෙම ස්ථානය සලකන බවත් ය.මෙහි දිස්වෙන කුළුණක් සහිත කුඩා කඳුගැටයක් ද වෙයි. එතනට කියන්නේ කුළුණු කන්ද කියා ය. 1975 මෙය ඉදිකොට ඇත. බි්රතාන්යයන් විසින් ඉදිකොට ඇතැයි සැළකෙන මෙය දෙවන ලෝක යුද්ධයේ පණිවුඩ හුවමාරු කිරීමට උපයෝගී කොටගත් කුළුනක් යයි විශ්වාස කෙරේ. අප සැළකිය යුතු ප්‍රධානම කරුණ වනුයේ ලස්සන රූමස්සල පවතින ජෛව විවිධත්වය හා විශේෂ පාරිසරික ලක්ෂණ ගැන ය.හරිම පුදුම ලෙස මේ බිම්කඩ තුළ තෙත් වියළි හා ශුෂ්ක යන තුන්්කලාපීය ලක්ෂණම දක්නට තිබේ. පෙර සඳහන් කළ කුළුණ කන්ද ළඟ ඇත්තේ වියළි හා ශුෂ්ක කලාපීය ශාක හා වැල් ය. අක්කපාන – පතොක් - දලුක් - නවහන්දි – පලු - ඊතණ හා ඉලුක් මෙහි වෙයි.උණවටුන රෝහල අසල වනුයේ තෙත් කලාපීය ශාක හා වැල් ය. හෙල් දොඹ - කොට්ටං - අන්කෙන්ද – වල්දෙල් - ගොඩපර දක්නට ඇත. බටහිර වෙරළ තීරය වැසි වනාන්තරවලට හිමි කිතුල් ගොඩපර කූරන් ශාකයෝ ද වෙති. නිරිත හා දකුණු කඳු මුදුන්වල යදි ශුෂ්ක කළාපීය පඳුරු වූ රත්මල් මාදම් හිඔුටු දක්නට ඇත. පරිසර පද්ධතිය ද විවිධ ය. වනාන්තර පරිසර පද්ධතිය, ඖෂධ පැළෑටි ප්‍රජාව - තෙත්බිම් පරිසරය මෙහි දක්නට හැක.රූමස්සල සොඳුරු පක්ෂීන් ද වෙති. එවැනි වර්ග 72 ක් පමණ වන බව සමීක්ෂණ වාර්තා හෙළි කරයි. මුහුදු රාජාලියා ද දක්නට හැක. එසේ වුව ද දැන්නම් එය දුලබ දර්ශනයක් වෙමින් පවතී.
සමනල්ලු රූමස්සලට විශේෂ ය. මෙයට පෙර දවස අති විශාල සමනළ රෑන් දක්නට ලැබුණු අතර ඒ අතරින් බහුල ලෙස නිරීක්ෂණ වර්ග 84 ක් වු බව පැවැසේ. කෙසේ වුව ද දැනට නම් මේ බොහෝ සමනල්ලු සිරිපාදේ ගොස් යැයි කියන්නට ද සිදුවී ඇත්තේ ය. රූමස්සල මිනිස් වාසය නොලත් කැලයක් විය. ඒ යුගයේ දුර්ලභ සත්ව ගනයක් සිටි බව ගවේශණ වාර්තා සඳහන් කරයි. දඬු ලේනා මුවා මීමින්නා පඳුරු කොටි ඉත්තෑවුන් එදා සිටිය ද මෙදා නම් මේ උදවිය අති දුර්ලභ ය.නයා පිඹුරා - පොළඟා - ඇහැටුල්ලා මාපිලා යන සර්පයෝ නම් දැනුදු හමුවිය හැකි ය. රූමස්සල ලබා ඇති අනගි දායාදය වනුයේ මේ අසල සොබාදහම ලබා දුන් අති දුර්ලභ කොරල් පරය යි. රූමස්සල කන්ද පාමුල ගාලු බොක්ක තුල පිහිටි මෙයට බොනවිස්ටා කොරල්පරය නම් ලැබී ඇත්තේ ය. ලංකාවේ ඔබට දැක බලා ගත හැකි ඉහළ ම ජෛව විවිධත්වය ඇති කොරල්පරය මෙයයි පැවැසේ. එසේ ම මෙම සාගර ප්‍රදේශය ද, ඉහළම ජෛව විවිධත්වය සහිත ජලජ පරිසර පද්ධතිය බවද වාර්තා ගත ය. ඒ නිසා ම ශී‍්‍ර ලංකාවේ ඇති සුන්දරම කොරල්පරය දැක බලා ගත හැක්කේ මෙහිදී ය. බොනවිස්ටා යන්න පෘතුගීසි භාෂාවෙන් සුන්දර දසුන යයි හඳුන්වයි.ලංකාවේ කොරල්පර වලින් වැඩි ම මත්ස්‍ය විශේෂ ගණනක් වාර්තා වී ඇත්තේ මෙහිනි. එය 491 ක් බව 1996 - අපේර්ල් පරීක්ෂණ වාර්තාව කියයි. දැනට ලංකාවේ ඇති සමුදික භූමි දෙක වන හික්කඩුව හා කල්පිටිය තුළින් ද හමුවී ඇති මත්ස්‍ය ගණන 168ක් හා 286 කි. ලෝක සංරක්ෂණ සංගමය 1993 දී ප්‍රකාශයට පත් කළ ජාතික තත්ත්ව වාර්තාවෙහි දැක්වෙන්නේ දැනට ලොකයේ වඳවී ගෙන යමින් ඇති මත්ස්‍ය විශේෂ 72 න් 36 ක් ම මේ බොනවිස්ටා කොරල්පරයේ ජීවත්වන බවකි. මෙහි සිටින මේ මසුන් අතරින් විශේෂ 64 ක් දක්නට ඇති අතර ඒ 64 මෙතෙක් මේ කොරල් පරය හැර ලංකාවේ කිසිම පරයකින් සොයාගෙන නැති බවද මතක් කළ යුතු ය. මෙම කොරල් පරයේ 71% ක්ම සජීවි කොරල් පරයන් වීම සුවිශේෂ ය.මෙහි කොදු ඇට රහිත විශේෂ සතුන් 300 ක් සොයා ප්‍රකාශ කොට ඇත . එහෙත් මෙහි හඳුනා නොගත් සතුන් ගණන 1200 ක් පමණ වෙතැයි වාර්තාගත ය. තව දුරටත් වන සත්ව වෘක්ෂලතා ආඥා පනතින් ආරක්ෂිත සතුන් ලෙස නම් කොට ඇති කොදු ඇට පෙළ නැති සතුන් විශේෂ 89 න් 39 ක් ම මෙම පරයේ ජීවත්වන බව වාර්තාවලින් පැහැදිලි කොට ඇත්තේ ය.
බොනවිස්ටා කොරල් පරය සමුද්‍රික මත්ස්‍ය ඉතිහාසයේ සුවිශේෂි වී ඇත්තේ සමුද්‍රික මත්ස්‍ය විශේෂ 15 ක් ම ලෝකයේ ප්‍රථම වතාවට හමු වී තිබුනේ මේ කොරල් පරය හැඳින්වීම නිසා ය. ෑමස්සල ගැන ලියන, කථා කරන බොහෝ දෙනාගේ නෙත නොගැටුන වැඩිය නොලියවුන මේ කොරල් පරය හා ඒ අසල රූමස්සල ප්‍රදේශය 51 වන අභය භූමිය බවට පත්වූයේ 2003 වසරේ දී ය. රූමස්සල ගැන ලියන්නවුනට මේ කොරල් පරය ගැන වෙනමම ලිවිය යුතු තත්ත්වයකට අද පත්වී ඇත්තේ මෙහි හෙට දවස අවිනිශ්චිත තත්ත්වයකට පත් ස ඇති නිසා ය.රූමස්සල රුහුණු ඔසු උයන නමින් ද හඳුන්වයි. 1991 සමීක්ෂණ වාර්තා අනුව ඖෂධ පැළෑටි 150 ක් පමණ මෙයින් සොයා ගෙන ඇත.මෙහි තෙත් බිම් පරිසර පද්ධතිය කළාප 2කට බෙදිය හැකි ය. ඉන් එකක් ලෙස නුගදූව කඩොලාන නම් කෙරේ. දෙවැන්න රූමස්සල කඩොලාන කළාපයයි . එය වැල්ලේ දේවාලය ආශි‍්‍රතව පැවැති අතර මේ වන විට ඉතා ශීඝ්‍රයෙන් ඒ කලාපය විනාශ වී ගොස් ඇත. ලංකාවේ දුර්ලභ කඩොලාන විශේෂයක් වන කෝන් කාලං ශාකයන් දෙකක් අද ද දක්නට ලැබීම පරිසර හිතකාමීන් ලද මාහැගි පිනක් බඳු ය. පරිසර හිතකාමී ගවේශකයිනි ඔබේ ගවේශණයට නැරැඹීමට සමීක්ෂණයට මේ සොඳුරු බිම්කඩ තෝ තැන්නක් කර ගන්නා විට උඩින් පල්ලෙන් නොව මනා සංයමයකින් හා ගැඹුරු මනසකින් යුතුව සොඳුරු මේ වන අභය භූමියට පිවිස මෙය මතු පරපුරට ද දායාද කිරීමට රැක දීම ඔබ සතු යුතුකමකි.