ධාතු පරිනිර්වාණය

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ධාතු පරිනිර්වාණය

    බුදුරජාණන් වහන්සේට පරිනිර්වාණ තුනක් ඇත. ක්ලේශ පරිනිර්වාණය, ස්කන්‍ධ පරිනිර්වාණය, ධාතු පරිනිර්වාණය යනු එම පරිනිර්වාණ තුන යි. අප බුදුරදුන් ගේ ක්ලේශ පරිනිර්වාණය ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයේ දී සිදුවිය. ස්කන්‍ධ පරිනිර්වාණය කුසිනාරා නුවර මල්ල, රජ දරුවන් ගේ උපවත්තන සල් වනයේ දී සිදුවිය. ධාතු පරිනිර්වාණය අනාගතයේ දී සිදු වෙයි. එය කෙසේ සිදුවේ ද?

    ගෞතම බුදුසසුනට වසර පන්දහසක් කල් සම්පුර්ණ වූ කල්හි වෙසක් පුර පසළොස්වක පොහෝ දින ලංකාවේ මයියංගනය, මැදිරිගිරිය, කැලණිය, දීඝවාපිය, සේරුවිල , ගිරිහඬු සෑය, ජේතවනය, අභයගිරිය, ථූපාරාමය ආදී බොහෝ ස්තූපයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී අනුරාධපුර රුවන්වැලි මහා සෑයේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින ස්ථානයට එක් රැස් වෙති. ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

    එකල්හි රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භයට රැස් වූ ඒ සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා අහසට පැන නැගී එක නූලක අමුණන ලද මුතු ඇට පෙළක් මෙන් නාගදීපයේ රාජායතන චෛත්‍යය වෙත වැඩම කර අප බුදුරදුන් දෙවැනි වරට ලක්දිවට වැඩම කළ අවස්ථාවේ වැඩ හිඳ නාගයින්ට දහම් දෙසූ මැණික් පුටුව මත තැන්පත් වෙති.

    එහි දී අප්‍රමාණ දිව්‍ය නාගයින් ගේ මහත් වූ වන්දනා පුද සත්කාර ලබන සර්වඥ ධාතුන් වහන්සේලා මැණික් පුටුවත් සමගින් ම අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

    එකල්හි දඹදිව හා ලෝකයේ තව බොහෝ රටවල්වල වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද දිව්‍ය ලෝකයන්හි බ්‍රහ්ම ලෝකයන්හි නාග ලෝකයන්හි වැඩ සිටින සර්වඥ ධාතුන් වහන්සේලා ද ඒ ඒ ස්ථානයන් ගෙන් අහසට පැන නැගී දඹදිව ගයාවේ ජය ශ්‍රී මහා බෝධි මූලයට වැඩම කරති.

    ඒත් සමග ම මහත් වූ චජ්‍රාසනයක් පොළොව පළාගෙන ඉහළට මතු වෙයි. එවිට සියලු ම සර්වඥ ධාතුන් වහන්සේලා වජ්‍රාසනය මත තැන්පත් වෙති. පසුව ඒ සියලු ම ධාතුන් වහන්සේලා එකට එක්වී බුදුරුව මවා ගනිති.

    ලලාට ධාතුව ලලාට ධාතුව තිබූ තැන ම පිහිටයි. අකුධාතු දෙනම අකු ධාතු දෙනම තිබු තැන ම පිහිටයි. සතර දළදා සතර දළදා තිබූ තැන ම පිහිටයි. ශ්‍රීවාස්ථී ධාතුව ශ්‍රීවාස්ථි ධාතුව තිබූ තැන ම පිහිටයි. සියලු කේශ ධාතු හා ලෝම ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි ම පිහිටයි. මුං ඇට, කඩසහල්, අබ ඇට යන ප්‍රමාණයන්ට කැඩී බිඳී වෙන් වී ගිය නැළි දහසයක අස්ථි ධාතු පෙර ඒ ධාතු තිබූ ස්ථානයන්හි නොවරදවා ම පිහිටයි. ඒ ත් සමග ම දෙතිස් මහා පුරුෂ ලක්‍ෂණ හා අසූවක් අනුව්‍යංඡන ලක්‍ෂණ ද පහළ වෙයි.

    එදා බුදුරදුන් බුදු වූ දිනයේ දී මෙන් මෙදිනත් දස දහසක් සක්වළ ඒකාලෝක කරමින් බුද්ධ ශරීරයෙන් සවණක් රැස් විහිදෙයි. සියලු දිශා බබළයි. වඩ වඩාත් බබළයි.

    මෙය දකින දිව්‍ය බ්‍රහ්මයෝ “ අද අප බුදුන් ගේ ධාතු පරිනිර්වාණය සිදු වේ” යයි කියා වහ වහා දිවමල්, දිවගඳ ගෙන බොහෝ දෙව්බඹුන් ද සමගින් දඹදිව ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙත වහ වහා රැස් වෙති.

    එකල්හි ඒ බුදුරුව අහසට පැන නැගී යමා මහා පෙළහර දක්වා අහසින් බැස වජ්‍රාසනය මත වැඩ සිටිති. ඒ ත් සමග ම ධාතු ශරීරයෙන් මහත් වූ ගිනි ජාලාවක් හට ගෙන ආදාහනය වෙයි. මෙය දකින දේවතාවෝ “ මේ අප බුදුන් දකින අවසාන වතාවයි. අදින් පසු අපට ධාතුන් වහන්සේ නමක් වත් දැක බලා ගැනීමට නොහැකි වේ. අහෝ ! මුළු ලොව ම හිස් වී ගියේය. අඳුරු වී ගියේය. බුද්ධාලෝකය නිවී ගියේ ය”යි කියා මහත් වූ දුකට පත් ව හඬා වැටෙති.

    මේ ආදාහනයේ දී අබ ඇටයක් තරම් කුඩා වූ සර්වඥ ධාතුන් වහන්සේ නමක් වත් ඉතිරි නොවෙයි. සියලු ම ධාතු ආදාහනය වෙයි. අළු වත් දැලිවත් ඉතිරි නොවෙයි. සියලු ධාතු දැවී ගිය කල්හි මහත් වූ ගිනි කඳ අතුරුදහන්වී යයි මෙසේ ධාතු පරිනිර්වාණය සිදු වන බව දත යුතු යි.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ඒක හරියටම දන්නෙ නැහැ. ඒත් බුද්ධ ශුන්‍ය කාලයක් එන්න නම් ඒක වෙන එක අත්‍යවශ්‍යයි වගේ මටනම් තේරෙන්නෙ. :)
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මම මේක පිළිගන්නේ නෑ බන් බෞද්ධයෙක් වුනාට...

    mehema ekakuth tiyenawa.... ape birth certificate eka thathage nama tibbata... eeka wishwasa karannath behe ban.. aththatama e ape taththada kiyala.. mokada DNA test karala nehene... seka karana kenata oona ookath seka karanna puluwan.... nethuwa umbata kiwwa newei hariyeeee :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    mehema ekakuth tiyenawa.... ape birth certificate eka thathage nama tibbata... eeka wishwasa karannath behe ban.. aththatama e ape taththada kiyala.. mokada DNA test karala nehene... seka karana kenata oona ookath seka karanna puluwan.... nethuwa umbata kiwwa newei hariyeeee :lol:

    නැහැ නැහැ උබ එකට තම්යි කිවුවෙ:no:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    mehema ekakuth tiyenawa.... ape birth certificate eka thathage nama tibbata... eeka wishwasa karannath behe ban.. aththatama e ape taththada kiyala.. mokada DNA test karala nehene... seka karana kenata oona ookath seka karanna puluwan.... nethuwa umbata kiwwa newei hariyeeee :lol:

    මේවා පසුකාලීනව බුදු දහමට ඇතුලත් කරන ලද දේවල් වෙන්න බැරිද?
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මේවා පසුකාලීනව බුදු දහමට ඇතුලත් කරන ලද දේවල් වෙන්න බැරිද?

    wenna puluwan sahoo... meewa pili gannath epa..prathikshepa karannath epa.... mokada e deken ekakwath karanna taram apita pramawath sakshi nehe...:no:
    kalama suthraye me gena tiyenawa :)
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    ධාතු නිදන් කළ දිනයේ පටන් ඒ දක්වා ධාතු ගර්භය තුළ දැල්වෙමින් පැවති සිංහ තෙල් පහන් එදින නිවී යයි.

    දහනයට ඔක්සිජන් අවශ්‍යයි, අවුරුදු 5000ක් එකදිගට ඇවිලෙන්න රුවන්වැලි සෑයටත් වඩා ලොකු තෙල් ස්කන්ධයක් අවශ්‍යයි. :rolleyes:

    moral - කියවපු පලියට හැම කතාවම විශ්වාස කරන්න එපා, ඉස්සර මිනිස්සුත් බොරු කියන්න ඇති :lol::lol::lol::lol:
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    දහනයට ඔක්සිජන් අවශ්‍යයි, අවුරුදු 5000ක් එකදිගට ඇවිලෙන්න රුවන්වැලි සෑයටත් වඩා ලොකු තෙල් ස්කන්ධයක් අවශ්‍යයි. :rolleyes:

    moral - කියවපු පලියට හැම කතාවම විශ්වාස කරන්න එපා, ඉස්සර මිනිස්සුත් බොරු කියන්න ඇති :lol::lol::lol::lol:

    මචං හැම දේම නුතන විද්‍යාවෙන් නීර්ණය කරන්න එපා
    ඒවාට තමි ප්‍රතිහාර කියන්නේ
     
    y2j2

    Well-known member
  • Aug 4, 2006
    2,178
    494
    83
    EaRtH
    මචං හැම දේම නුතන විද්‍යාවෙන් නීර්ණය කරන්න එපා
    ඒවාට තමි ප්‍රතිහාර කියන්නේ

    නුතන විද්‍යාව නෙවෙයි බන් , සාමාන්‍ය දැනීම.
    :P:P:P:P:P
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    හිමාලයේ දැනටත් ඉන්නවා උඩින් යන්ද පුළුවන් අය. බුදුහාමුදුරුවන්ට ඊට වඩා භූතයන් නතු කරගැනීමේ බලයක් තිබුනා. ඒ කලේ ප්‍රාතිහාර්ය පෑවෙත් මේ බලයෙන්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්ද කලින් කරපු අදිෂ්ටනයක බලයෙන් මෙහෙම වෙනවා කියන්ඩ බැරිද?
    අනික මේක වෙනවා කියල පිළිගන්නේ නැත්තම් බුදුහාමුදුරුවේ පෙන්නපු ප්‍රාතිහාර්ය එකක් වත් පිළිගන්ඩ බැරි වෙනවනේ.
    මම මේක අහල නෑ. ඒ උනාට මම අහල තියෙනවා ධාතු හා බුධුපිලිම සියල්ල විනාශ වෙනවා කියල. මේක තියෙන්නේ ට්‍රිපිටකයේද නැත්තම් වෙන තැනකද?
    වෙන තැනකනම් අතිශයෝක්තියක් වෙන්ඩ බැරි නෑ.
     
    Last edited:
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    දහනයට ඔක්සිජන් අවශ්‍යයි, අවුරුදු 5000ක් එකදිගට ඇවිලෙන්න රුවන්වැලි සෑයටත් වඩා ලොකු තෙල් ස්කන්ධයක් අවශ්‍යයි. :rolleyes:

    moral - කියවපු පලියට හැම කතාවම විශ්වාස කරන්න එපා, ඉස්සර මිනිස්සුත් බොරු කියන්න ඇති :lol::lol::lol::lol:

    seegiriya kanda uda thiyena wathura malata wathura yanne kohomada ban? oya pahana paththu wenne oxygen kohenda ban? ruwanweli seya hadapu thakshanaya kohenda ban?

    Api ugath deyin pehedili karanna beri hema dema boru neme. oya hema dekama sengawunu thakshanayak thiyenawa.
     
    sl-memes

    Member
    Apr 18, 2014
    317
    24
    0
    හිමාලයේ දැනටත් ඉන්නවා උඩින් යන්ද පුළුවන් අය. බුදුහාමුදුරුවන්ට ඊට වඩා භූතයන් නතු කරගැනීමේ බලයක් තිබුනා. ඒ කලේ ප්‍රාතිහාර්ය පෑවෙත් මේ බලයෙන්. බුදුහාමුදුරුවෝ පිරිනිවන් පාන්ද කලින් කරපු අදිෂ්ටනයක බලයෙන් මෙහෙම වෙනවා කියන්ඩ බැරිද?
    අනික මේක වෙනවා කියල පිළිගන්නේ නැත්තම් බුදුහාමුදුරුවේ පෙන්නපු ප්‍රාතිහාර්ය එකක් වත් පිළිගන්ඩ බැරි වෙනවනේ.
    මම මේක අහල නෑ. ඒ උනාට මම අහල තියෙනවා ධාතු හා බුධුපිලිම සියල්ල විනාශ වෙනවා කියල. මේක තියෙන්නේ ට්‍රිපිටකයේද නැත්තම් වෙන තැනකද?
    වෙන තැනකනම් අතිශයෝක්තියක් වෙන්ඩ බැරි නෑ.
    thripitakaye nam mama danna tharamata ne. Dhaathu wanshaya kiyala pothaka mn hithanne me wistharaya thiyenne. Ewa passe kale liyawunu dewal. Anika thawa awrudu 2500k innq epai meka wenawada nedda balanna. Ethakan api jeewath wenne nane...e nisa mewa gena hoyana eka therumak nethi wedak.
     
    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බොරු බං මේ කතා
    හාස්කම්/miracles පස්සේ යන්නේ මිත්‍යා දෘෂ්ඨිකයෝ...

    දැන් ඇත්තටම ධර්මය විකෘත්ති කරලා බං ඇහෙන්නේ. :(