මනෝකාය

blacktulip

Well-known member
  • Dec 15, 2009
    12,151
    3,031
    113
    යතාර්තය ඇතුලෙ
    මරණයත් සමග සිරුර හැර යන මනෝකාය

    වෛද්‍යවරුන් මහාචාර්යවරුන් හා මනෝ විද්‍යාඥයන් විසින් ද, මියයාමෙන් පසුව ස්වාභාවිකව පළි පණ ලැබූ අයගේ “අන්තර් කාල සීමාව“ පිළිබඳව දීර්ඝ ලෙස පරීක්‍ෂණ පවත්වා තිබේ. මේ හැම පරීක්‍ෂණයකම ප‍්‍රතිඵලය වූයේ මරණය යනු ද්වීතීය ශරීරය නොහොත් මනෝකාය මිනිස් සිරුර හැර යාම සහ ප‍්‍රාණය යළි ලැබීමේදීම සිදුවන්නේ එය යළි සිරුර කරා පැමිණීමත්ය. සිය වැරදි සහගත හැඟීම් හා අතපසුවීම් කෙරෙහි මිනිසා හොඳ සිහි බුද්ධියෙන් ඉන්නා බැවින් ම පර්යේෂකයන් බහුතරයක්ම තීරණය කොට ඇත්තේ මරණින් මතු අත්දැකීම් කෙරෙහි මිනිසා මහත් බියකින් පසුවන බවයි.ශරීරයෙන් පිටත්ව ගොස් යළි ශරීරය කරා පැමිණි අය පවසනුයේ එසේ සිය සිරුරෙන් පිටත ගතකළ කාලය තුළ බියජනක අත්දැකීම් හෝ බියට සමාන සිතිවිලි - දසුන් හා අත්දැකීම් හෝ තමා විසින්ම අත්දුටු අවස්ථා විරල බවය. මියගොස් යළි මෙලොවටම එන්නට දඟලන සිතකට සහයවන බියජනක එකී සිතුවිලි ගැන “ඩෙත් එන්කවුන්ටර්ස්” (Death Encounters) නැමති ග‍්‍රන්ථයේ මෙලෙස සඳහන් ය.


    එය ළඳකගේ කතාවකි.ඇය යළි පැමිණි විට කීවේ “..... මා හිතුවේ මා මැරිලා කියලයි. මා නම් සිටියේ මහා නරකාදියකයි.....” ඇගේ දෙනෙත් බියෙන් ගැහෙමින් තිබිණි. දෙවියනේ මම හිතුවේ මම ඉන්නෙ අපායක කියලයි අප ඇය සැනසූ නමුත් ටික වෙලාවකින්ම මේ අපායේ අත්දැකීම් ගැන අපට කීවාය....දිගුකාලීනව බලපෑ වැරදි සහගත හැඟීම්වලින් ඇගේ සිත පිරී තිබිණ. අවජාතකව ලැබූ දරුවන් මෙන් ම විවාහ ජීවිතයෙන් පරිබාහිරව ඇය රහසේ ගෙන ගිය අනියම් සබඳතා පිළිබඳ ඉඟිද කෙළවරක් නැතිව අනාවරණය විය. කෙනකුට සිය සිරුර ගැන ඇති දැඩි ආශාවටද මරණින් පසු යළි ජීවිතයක් ලබන්නට පිහිට වෙයි.භූමිදානයේදී හෝ ආදාහනයේදී විය හැකි ශාරීරික හානි හෝ අවයව ඉවත්කර ගැනීම් හෝ පිළිබඳව නැඟෙන සිතිවිලි මතද මේ ගැන අවබෝධය ඇති පුද්ගලයාට නම්, ක්‍ෂූද්‍ර ශරීරයේ සිට යළි පියවි ලෝකයට එන්නට ඇති ඉඩකඩ ඉතා වැඩිය.


    මළවුන් සමග කළ කතාබහ වලදී හා ඒ පිළිබඳ පර්යේෂණවලදී ෂද්‍යාඥයන්ට දැනගන්නට ලැබුණේ ඒ අය බොහොමයක් ම සිය අවමඟුල් උත්සව නැරඹූ අපූරු ආකාරයයි.මේ අනුව දැනට සොයාගෙන ඇති මනෝකාය පිළිබඳ වූ වෛද්‍ය නිගමනයන් මෙලෙස ය.තවදුරටත් පදිංචිය ගෙන යා නොහැකි තත්ත්වයට පත්වූ සිරුරකින් මනෝකාය ඉවත් වෙයි. කුමක් හෝ විද්‍යාවක් මගින් සැබෑ දේහය ඊට සුදුසු තත්ත්වයට ගෙනා විට මනෝකාය යළි එම සිරුරට එයි. නොහොත් යළි පදිංචිය ගනියි.නිතරම සිරුර තමා හැර යන මනෝකායේ යළි පැමිණීම අපේක්‍ෂාවෙන් ම සිටියි.මෙලොව අපගේ යුතුකම් බොහෝ බැවින් ම ඒ ලොවේ අපට සුබ පතන්නොද යළි අපට මෙලොවට එන්නටම උදව් කරති.විටෙක, ඒ ලොවේ මනෝකායන් ආගන්තුක පුද්ගලයා නවත්වා ගැනීමට උත්සාහ කළද දරුවනට හා අන් අයට ඉටුවිය යුතු වගකීම් හා බැඳීම් මතක් කර දෙමින් අධ්‍යාත්මික අධිරාජ්‍යයේ එකී උදවියම ආගන්තුකයා යළි යැවීමට නොහොත් එවීමට උත්සුක වෙති.සමාධිය - ධ්‍යානය - අසිහිය - ප‍්‍රමෝදය සුවය ආදි තත්තවයන් තුළදී ප‍්‍රාණය ශරීරය හැර ගියත් එකී සම්බන්ධය පරිපූර්ණව ඉවත් වී නැත.


    එය හුයක් (නූලකින්) සිරුර හා බද්ධව තිබේ. මෙය “හුය” මානව පියවි ඇසට නොපෙනේ.සිරුරක මිනිස් රශ්මි මාලාද, ශාරීරික රශ්මි මාලාව, මානසික රශ්මි මාලාව, මනෝමූල රශ්මි මාලාව සහ විහිදුම් රශ්මි මාලාව යනුවෙන් වර්ග කිහිපයකි.මරණයක් සිදුවූ වහාම, මොළයට ඔක්සිජන් සැපයීමෙන් අවශ්‍ය නම් පළමු රශ්මි මාලාව සිරුරෙහිම නොනැසී ඉතිරි කර ගත හැකිය.මනෝකාය, විවිධ නාමයන්ගෙන් හැඳින්වෙයි. ඒවා මෙසේය.ක්ෂූද්‍ර දේහය - Astral Body ද්විතීය ශරීරය - Secondry Bodyජීව ප්ලාස්ම සිරුර - Bio - Plasma Bodyබලශක්ති සිරුර - Energy Bodyඅප‍්‍රකට (සියුම්) ශරීරය – Subtle Bodyප‍්‍රතිරූප ශරීරය - Counterpart Bodyදිව්‍යමය සිරුර - Ethical Bodyජීවය (ප‍්‍රාණය) - Spiritආත්මය -Soul
    මෙතෙක් ලොව පහළවූ ආගම් මෙන් ම විද්‍යා - ශිල්ප විසින් ද මේවා ඊට අදාළ නාමයන් ආරූඪ කර භාවිතා කළ බැව් පැහැදිලිය. එහෙත් මේ සියල්ල හරහා අරුත් ගැන්වෙන්නේ එකම එක සාධකයකි. එනම් මනෝකායයි.


    සිසිල් රුද්‍රිගු

    *අන්තර්ජාලයෙන් උපුටා ගන්නා ලදි ..සියලු ගව්‍රවය මෙහි ලෙඛකතුමා හට හිමිවිය යුතුය.
     

    d_lucifer

    Well-known member
  • Sep 22, 2010
    3,610
    276
    83
    ආයේ කියන්නෑ
    වටිනවා මචන් ඉස්සර රුපවාහිනියේ ගියානේ මනෝකාය කියල කතාවක්. ඒකට පස්සේ මමත් ඕවා ගැන ටිකක් හොයන්න ගත්ත. :)

    You must spread some Reputation around before giving it to blacktulip again.
     
    • Like
    Reactions: blacktulip

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මාත් ඉස්සර පට්ටෙට මනෝවිද්‍යයාත්මක පොත් එහෙම කියවනවා මනෝකාය ගැන තියෙන. හොඳ ලිපියක්. ++
     
    • Like
    Reactions: blacktulip