Do you believe in karma and luck

Sandaru Kalhara

Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උබල කර්මය විශ්වාස කරනවද?
    වාසනවා එහෙම විශ්වාස කරනවද? :confused::nerd:

    කර්මය, වාසනවා කියල දෙයක් තියෙනව නම් අපේ උත්සාහයෙන් වැඩක් නෑනේ බන්? :growl::nerd:
    මොකද කර්මය නිසා ඒව ඒ විදියට වෙයිනෙ? :confused:

    උබල මොකෝ හිතන්නේ මේ ගැන? කර්මය සහ වාසනාව විශ්වාස කරනවද? නැත්නම් ඒ අහභුවක් විදියට සලකනවද? :confused:

    උබලට කියන්නේ බන් ගොඩක් ඉගෙන ගත්ත හෙන මොළ කාරයොත් කියනව නේ වාසනවා කියල එකක් තියෙනව කියල. :shocked::shocked::eek:

    කව්ද බන් මේව මැව්වේ? කව්ද මේව පාළනය කරන්නේ?

    නැත්නම් මේක මේ ඔලුවට ඔබ්බවාපු බහුබූතයක්ද? :growl::growl::growl::no:

    මට පෞද්ගලිකව දැන්ච්ච දෙයක් තමයි ගොඩක් දේවල් වෙන්නේ අපේ හොඳට කියන එක. ඒක මට ගොඩක් දැනිල තියෙන. හරි ගුප්තයි බන් :frown::growl::growl:

    p.s උබල ආගම් ගාවගන්නේ නැතිව උබලගේ පෞද්ගලික අදහස කියපන් බලන්න මේ ගැන, මට දැනගන්න අාසයි ගොඩක් අය මේ දේ ගැන හිතන්නේ කොහොමද කියල. මොකද එළකිරියේ අපතයාගේ ඉඳන් ඩොකාල, ඉන්ජො දක්වාම ඉන්නවනේ. :D:yes::cool:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    thaman hondata mahansi wennath ona macho..
    habai luck eka nathnam hithana tharam sarthaka ne karana weda...
    as an example take the earning difference between an A/L tuition master and an
    university professor.
    even though most of the tuition masters earn 10lakhs+ in one month,they only have a bachelor's degrees..
    university professors have Ph.Ds and are far more educated in their fields but they earn less than most of the tuition masters :(:(
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    thaman hondata mahansi wennath ona macho..
    habai luck eka nathnam hithana tharam sarthaka ne karana weda...
    as an example take the earning difference between an A/L tuition master and an
    university professor.
    even though most of the tuition masters earn 10lakhs+ in one month,they only have a bachelor's degrees..
    university professors have Ph.Ds and are far more educated in their fields but they earn less than most of the tuition masters :(:(

    එතනනම් මචං සල්ලි විතරක්ම නෙමේ නෙහ්? ප්‍රොසාලට පට්ට පිලිගැනීමක් තියෙන්නේ ජීවත් වෙන්න හොඳ ආදායමක් ලැබෙනවත් එක්ක. ටියුෂන් කරන එකෙන් සල්ලි ලැබෙනව වගේ තමයි කොටි වලිගෙ අල්ල ගත්ත වගේ තමයි. කිසි නිදහසක් නෑ මාසයක් තුනක් රට ගිහින් ඉන්නද? හැම තිස්සෙම තරඟය. life is not all about money :sorry:
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ

    එතනනම් මචං සල්ලි විතරක්ම නෙමේ නෙහ්? ප්‍රොසාලට පට්ට පිලිගැනීමක් තියෙන්නේ ජීවත් වෙන්න හොඳ ආදායමක් ලැබෙනවත් එක්ක. ටියුෂන් කරන එකෙන් සල්ලි ලැබෙනව වගේ තමයි කොටි වලිගෙ අල්ල ගත්ත වගේ තමයි. කිසි නිදහසක් නෑ මාසයක් තුනක් රට ගිහින් ඉන්නද? හැම තිස්සෙම තරඟය. life is not all about money :sorry:

    salli thiyena unta lankawe un salakanawa bn...
    mehe salli thamai hemadema...
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    ඔය ඔක්කොම හිතන උන්ට විතරයි.....
    ශක්තිවන්තයා ජයගන්නවා..... එච්චරයි , එතන හොද නරක , පින් පව් වැඩක් නැහැ
     
    waligamaya

    Well-known member
  • මට නම් මෙකට පිලිගතගැකි එකම දෙ තමයි බුදුදගමෙ පැහැදිලි කරන නියාම දර්ම පහ. එ ගැන අද්‍යනය කරපන් එතකොට පිලිතුර ලැබෙයි.
     
    Nov 27, 2009
    2,139
    107
    0
    uba weradiyata therum aragena machan. karmaya ehemath nethinam wasanawa hema detama balapanne ne. karmayen 100% k obawa hasurawanne ne. karmaya kiyanne kala hodata pasu kaleka sepa lebima. narakata duka lebima. mewa oba jeewath weddi widwanna siduwenawa. namuth oba widina siyalu deta obata labena siyalu deta karmaya balapanne ne.
    udaharanayak widiyata gaththoth oba elawalu hitawanawa. eeta passe ewa wikunala loku laabayak gannawa. ekata hethu une oba uthsahayen govithan kireema. enam hethu sakas kireema. ehi palaya thamai laabaya.
    oba govitha karana athare ganwathurak ewilla obe wagawa vinasha wenawa. eka nisa oba padu labanawa. eka "samahara wita" pera karmayak pala dunna wenna puluwan. eth 100%k pera karmayak kiya apa weni pera jeewitha dekiya noheki ayata kiwa nohaki.
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    salli thiyena unta lankawe un salakanawa bn...
    mehe salli thamai hemadema...

    ඒක නම් අමු ඇත්ත බන් :yes::yes::yes:

    ඔය ඔක්කොම හිතන උන්ට විතරයි.....
    ශක්තිවන්තයා ජයගන්නවා..... එච්චරයි , එතන හොද නරක , පින් පව් වැඩක් නැහැ

    උබ හිතන විදියට බරව තමයි මටත් ගොඩක් හිතෙන්නේ බන්. සිරාවටම. බලහන් ‍ස්වභාවධර්මය උබ ඔය කියන දේනෙ වෙන්නේ. ශක්තිවන්තයා ජය ගන්නවා :yes: මේ වගේ තැන් මට මගේ ආගමත් එක්ක පැටලෙනවා බන් :confused::sorry: කිසිම ආගමක් නැති ලෝකෙක ඉපදුනානම් හොඳයි කියල හිතෙනව. ඉපදුන දවසේ ඉඳන් මුල් බැහැගෙන ඒව නැතුව හිතන්නත් බෑ. කොච්චර එහෙම නෑ කිව්වත්, කෙලඋන වෙලාවට මේක මගේ කර්මය කියල කියෙනව හිතෙන් හරි. නොදකින්. :growl::growl::growl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    uba weradiyata therum aragena machan. karmaya ehemath nethinam wasanawa hema detama balapanne ne. karmayen 100% k obawa hasurawanne ne. karmaya kiyanne kala hodata pasu kaleka sepa lebima. narakata duka lebima. mewa oba jeewath weddi widwanna siduwenawa. namuth oba widina siyalu deta obata labena siyalu deta karmaya balapanne ne.
    udaharanayak widiyata gaththoth oba elawalu hitawanawa. eeta passe ewa wikunala loku laabayak gannawa. ekata hethu une oba uthsahayen govithan kireema. enam hethu sakas kireema. ehi palaya thamai laabaya.
    oba govitha karana athare ganwathurak ewilla obe wagawa vinasha wenawa. eka nisa oba padu labanawa. eka "samahara wita" pera karmayak pala dunna wenna puluwan. eth 100%k pera karmayak kiya apa weni pera jeewitha dekiya noheki ayata kiwa nohaki.

    කව්ද බන් ඕව පාළනය කරන්නේ? කවුද ඕව රෙකෝඩ් තියෙන් ඉන්නේ? ආ...මූ වරයදක් කලා. මූට මේ වෙලාවෙදි රිටන් එක දෙන්න ඕන. මේව කවුද හසුරුවන්නේ? මහ පිස්සුවක්නේ බන් මේක? :eek::eek::eek:

    මචං ආගම් වල තියෙන දේවල් වලින් උත්තර දෙන්න පුලුවන් බන් ඒත් ? :confused::confused: ස්වභාව ධර්මයේ පේන්න තියෙන්නේ වෙන දෙයක් නේ? :confused: බලපන් බල්ලො 4ක් ඉන්න තැනකට බත් ටිකක් දානව. ඒ බත් ටික කන්නේ එතන ඉන්න චන්ඩිම බල්ල. :shocked::growl:
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63

    ow bn..igena gaththa ekek wadima wunoth maaseta laksha 7-8k hoyai...
    amathi puthala 1 maasekadi club behela me wage ho meetath wada loku gaanak nasthi karanawa :(:(:(
    mama nam owa gena hithanne ne bn... I always feel like I'm very lucky,but don't know why :nerd::nerd:

    maseta 7laksha hoyanne bohoma adu pirisak machan lankawe 90% maseta hoyanne bellow 50000 wage :(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    maseta 7laksha hoyanne bohoma adu pirisak machan lankawe 90% maseta hoyanne bellow 50000 wage :(

    apo ne bn... hoyana un nam innawa...
    umbata kiyannam podi scene ekak...
    mama macho A/L kaale physics class giya Asela Ranasinghe kiyala sir kenek
    gawata...
    sir nam supiri bn..kohuwala sakya eke mama class giye lamai 1500+ hitiya :)
    pera physical B.Sc + colombo post grad :cool:
    api ganan hadala baluwahama sir class walin witharak hoyanawa 40lakhs+
    eth sir kiyanawa sir ge main income eka class walin nemeilu :shocked:
     
    Last edited:

    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    apo ne bn... hoyana un nam innawa...
    umbata kiyannam podi scene ekak...
    mama macho A/L kaale physics class giya Asela Ranasinghe kiyala gawata...
    sir nam supiri bn..kohuwala sakya eke mama class giye lamai 1500+ hitiya :)
    pera physical B.Sc + colombo post grad :cool:
    api ganan hadala baluwahama sir class walin witharak hoyanawa 40lakhs+
    eth sir kiyanawa sir ge main income eka class walin nemeilu :shocked:

    හප්පට සිරි. බෙන්ස් s class එකක් බස්සන්න පුලුවන් මාස කීපයකින් :shocked::shocked::shocked::shocked: පිස්සු හැදෙයි. සමහර මිනිස්සුන්ගේ මාර එනර්ජි එකක් බන් ඇගේ තියෙන්නේ. වැටෙන්නෙත් නෑ වට්ටනන්නත් බෑ. අමුතු මිනිස්සු. :cool::shocked:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මට නම් මෙකට පිලිගතගැකි එකම දෙ තමයි බුදුදගමෙ පැහැදිලි කරන නියාම දර්ම පහ. එ ගැන අද්‍යනය කරපන් එතකොට පිලිතුර ලැබෙයි.

    උතු නියාම
    කම්ම නියාම
    ධම්ම නියාම
    බීජ නියාම
    චිත්ත නියාම

    මම පිළිගන්නෙත් මේක තමයි බන්.
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    හප්පට සිරි. බෙන්ස් s class එකක් බස්සන්න පුලුවන් මාස කීපයකින් :shocked::shocked::shocked::shocked: පිස්සු හැදෙයි. සමහර මිනිස්සුන්ගේ මාර එනර්ජි එකක් බන් ඇගේ තියෙන්නේ. වැටෙන්නෙත් නෑ වට්ටනන්නත් බෑ. අමුතු මිනිස්සු. :cool::shocked:

    mama ochchara wistharayk kale bn sir apita hemawelema kiyanne ammalata salakanna n pin wedama karanna kiyala :)
    karmaya n deviyo gena sir apita hariyata kiyanawa :love:
    ammata saha thaththata salakanna kiyalama thamai kiyanne :yes::yes:
    thamanta hari yanna gaththama thamanta ai mechchara hari yanne kiyala hitha ganna behelu ;);)
     
    Sandaru Kalhara

    Well-known member
  • Apr 15, 2014
    1,124
    159
    63
    උතු නියාම
    කම්ම නියාම
    ධම්ම නියාම
    බීජ නියාම
    චිත්ත නියාම

    මම පිළිගන්නෙත් මේක තමයි බන්.

    වැනෙන්නෙ නැති කෙලින් විස්වාසෙක ඉන්න එක හොඳයි බන්. මම ඔය දෙක අතර වැනෙනවා. :sorry::growl::lol::D:cool::yes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කව්ද බන් ඕව පාළනය කරන්නේ? කවුද ඕව රෙකෝඩ් තියෙන් ඉන්නේ? ආ...මූ වරයදක් කලා. මූට මේ වෙලාවෙදි රිටන් එක දෙන්න ඕන. මේව කවුද හසුරුවන්නේ? මහ පිස්සුවක්නේ බන් මේක? :eek::eek::eek:

    මචං ආගම් වල තියෙන දේවල් වලින් උත්තර දෙන්න පුලුවන් බන් ඒත් ? :confused::confused: ස්වභාව ධර්මයේ පේන්න තියෙන්නේ වෙන දෙයක් නේ? :confused: බලපන් බල්ලො 4ක් ඉන්න තැනකට බත් ටිකක් දානව. ඒ බත් ටික කන්නේ එතන ඉන්න චන්ඩිම බල්ල. :shocked::growl:

    ඔව් මචන්. එතන බල්ලන් අතර ඒ වෙනස් කමට හේතුව නියාම ධර්ම 5.
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    සියල්ල සිදුවන්නේ කර්මයෙන් ද ?

    අද වර්තමාන ලෝකය දෙස බලන කළ මිනිසුන් අතරමං වී සිටින මාතෘකාවක් ලෙස මෙම මාතෘකාව දැකිය හැක. කර්මය යනු කුමක් දැයි නොදැනීමත් සමඟ කර්මය සමඟ බැඳුණු නොයෙක් වැකි අපි අතර පවතී. එනම් මේක අපේ කරුමය, පූරුවේ කරුමයක්, මේක අප ලබා උපන් හැටි ලෙස යම් කරදරයක් විපත්තියක් සිදු වු විට කර්මය සමඟ සසඳන මෙවැනි වැකි ප්‍රකාශ කරන්නට මිනිසුන් පුරුදු වී සිටිති. නමුත් ලෝකය දෙස බලද්දී කර්මය කුමක්දැයි වටහා ගත යුතුª ය.
    බුදු දහම අනුව කර්මය යනු චේතනාවයි. “චේතනාහං භික්ඛවේ කම්ම වදාමි” යනුවෙන් දක්වන පරිදි කර්ම යනු චේතනාව බව පෙන්වයි. “චෙතයිත්වා කම්මං කරොති කායෙන වාචාය මනසා” සිතින් සිතා කයින්, වචනයෙන් මනසින් කර්ම සිදුකරයි. ඒ අනුව කර්මය කාය කර්ම, වචී කර්ම, මනෝ කර්ම යැයි ත්‍රිවිධ ය. මෙම කර්ම සංකල්පයටම සමාන දණ්ඩ සංකල්පය ක්‍රි. පූ. 06 වැනි සියවසේ විසූ නිගණ්ඨනාථ පුත්තයන්ට ද තිබුණි. එනම් කාය දණ්ඩ, වචී දණ්ඩ, මනෝ දණ්ඩ යනුවෙනි. මෙහි දී බුදු දහම මනෝ මූලික දර්ශනයක් ලෙස (මනස මුල්වන) දැක්වෙන නිසාවෙන් මනසින් සිදුකරන කර්මලට මූලිකත්වය දී ඇත.
    නිගණ්ඨනාථයන් මනස නොව කාය දණ්ඩය (කාය කර්මය) ප්‍රචලයැයි දක්වා ඇත. මෙහි දී බුදු දහම මනස පිළිබඳ වැඩි සැලකිල්ලකින් කටයුතු කරනුයේ යම් දෙයක ආරම්භයට පෙර එය මනසට යොමු වන බැවිනි. මෙලෙස ලෝකයෙහි ජීවත් වන බුද්ධිමත්ම සත්ත්වයා වන මිනිසා (මනං උස්සනීති මනුසෙසා) බුද්ධිමත් ධාරණ ශක්තිය ඇති සත්ත්වයකි. එම නිසා යමක් වටහා ගැනීමට සමත් ය.
    බුදු දහම තුළ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන පැනයට නිසි පිළිතුරක් ලබා දීමට කරුණු පහක් දක්වයි. එනම් නියාම ධර්ම පහකි. බුදු හිමියෝ නියාම ධර්ම පහ දේශනා කරනුයේ යථා තත්ත්වය ගෙනහැර පෑමට ය. එනම්,
    01. උතු නියාම.
    02. බීජ නියාම.
    03. චිත්ත නියාම.
    04. ධම්ම නියාම.
    05. කම්ම නියාම යනුවෙනි.
    මෙම කරුණු පහ සත්ත්වයා හා අවට පරිසරය ස්වභාවික දේ නිසා එදිනෙදා ජීවිතය ගැන කරුණු දක්වනු ලබයි.

    උතු නියාම
    උතු නියාම යනුවෙන් දක්වනුයේ පරිසරයේ වෙනස්කම් නිසා සත්ත්වයාට මුහුණ පෑමට සිදුවන දේ ය. මෙහි දී හේමන්ත, ගිම්හාන, වස්සාන යනුවෙන් ප්‍රධාන සෘතු තුනකි. මෙයින් සත්ත්වයාට සිදුවන වාසි හා අවාසි පිළිබඳ දක්වයි. ගිම්හාන යනු ග්‍රීස්මයයි. එනම් අධික ලෙස හිරු රශ්මිය වැටෙන කාලයයි. මේ නිසා පරිසරය තුළ ජලය හිඟ වීම, තද රශ්නය වැනි දේ ඇති වේ. එයින් සත්ත්වයාට බීමට ජලය හිඟ විය හැක. එමෙන්ම නොයෙක් ශාරීරික අපහසුතා ඇති විය හැක. නොයෙක් වසංගත රෝග වැනි දේ ද වැළඳිය හැක. ඉන්දියාව වැනි රටවලට මෙම ග්‍රීස්ම ය අධික ලෙස බලපාන රටකි. ලංකාවේ ද ඇතැම් ප්‍රදේශවලට මෙය බලපායි. මේ නිසා ඇතැම් විට මිනිසුන්ගේ වගා හානි, දේපළ හානි ආදිය සිදු වෙයි.
    සමහර විට බීමට වතුර පවා නැති වීමෙන් සත්ත්වයන්ට මරණයට ද මුහුණ දීමට සිදුවෙයි. එහි දී යම් කෙනෙකු නොයක් කුසලකර්ම සිදුකර තිබුණ ද එය ද වැළකී යා හැක. එසේම වස්සානයක් යනු අධික ලෙස වැසි ලැබෙන සමයයි. අධික ලෙස වැසි ලැබීම නිසා ද ඉහත කී දුක්ඛදායක දේ සිදුවිය හැක. එනම් ගංවතුර ගැලීම්, නාය යෑම් ආදිය නිසා දේපළ , ජීවිත, වගා හානි, වසංගත රෝග වැළඳීම ආදිය සිදු වෙයි. එහි දී සත්ත්වයාට සිදුවන මෙම හානිය සත්ත්වයාගේ කර්ම නිසා නොව උතු නියාම ධර්මය නිසා සිදු වන්නකි. මෙම උතු නියාම ධර්ම නිසා සිදුවන විපත්ති කරදර ආදිය ඒ ඒ පුද්ගලයාගේ කර්ම ශක්තිය නිසා නොව නියාම ධර්මයේ බලපෑම නිසා සිදු වන්නක් බව අවබෝධ කරගත යුතුය.

    බීජ නියාම
    බීජ නියාමය ලෙස හැඳින්වෙන්නේ ජීව විද්‍යාත්මක හේතුය. එනම් ශාක, බීජ, යෝනි ආදියට අනුව ශාක හා සත්ත්ව ජීවය හටගෙන වර්ධනය වීම මින් අදහස් කෙරේ. සත්ත්වයන්, මිනිසුන්, හරකුන්, කුරුල්ලන් ආදී වශයෙන් වෙනස් වන්නේ ද මෙම බීජ නියාමය නිසා ය. අඹ ඇටයකින් අඹ පැළයක් හට ගන්නේද කොස් ඇටයකින් කොස් පැළයක් හට ගන්නේද මෙම බීජ නියාමය නිසා ය. නැතිනම් කොස් ඇටයකින් වෙනත් පැළයක් හට ගත යුතුªය. නමුත් එය එලෙස නොවන්නේ ය.
    සත්ත්වයන් ද ඒ ඒ සත්ත්ව වර්ගවලට අනුව ගති ලක්ෂණ ගනී. ලෝකයේ වෙසෙන මිනිසා නොයෙක් බෙඳීම් වලට ලක්ව ඇත. ශ්‍රී ලාංකික අය ශ්‍රී ලාංකික ලෙස ද ඉන්දියන් ඇමෙරිකන් ආදී වශයෙන් ඒ ඒ රටේ උපන් අය ඒ ඒ ජාතික ලෙස ද කුලමල ආගම් ආදී වශයෙන් ද බෙදී පවතී. නමුත් මෙම ලොව ඇති සියලු මිනිසුන් එකම බීජ නියාමකයකට අයත් සත්ත්වයෝ ය. එසේම දෙමාපියන්ගේ ආරේ ගති ලක්ෂණ රූප ස්වභාවය ඇතැම්විට දරුවන්ට ද ලැබේ. ඒ මෙම බීජ නියාමය නිසාය.

    චිත්ත නියාම
    චිත්ත යනු සිතයි. සිතේ ක්‍රියාකාරීත්වය අනුව සිදුවන නිසාම චිත්ත නියාම නම් වේ. අප සිත පිළිබඳ ධම්ම පදයෙහි චිත්ත වග්ගයෙහි ද බුදුහිමියෝ
    “දූරංගමං එකවරං
    අසරීරං ගුහාසංයං
    යේ චිත්තං සඤ්ඤමෙස්සන්ති
    මොක්ඛන්ති මාරබන්ධනා”

    (ධම්ම පදය චිත්ත වග්ගය)
    දක්වන අන්දමට සිත දුරගමන් යයි තනිව හැසිරෙයි. ශරීරයක් නැත. අපගේ ශරීරය නැමැති ගුහාවෙහි වෙසෙයි. මෙලෙස ජීවත් වෙන සිත යම් කෙනෙකු දමනය කරයි ද ඔහු මාරබැම්මෙන් බිදෙයි. අපට අපගේ සිත දමනය කිරීමේ දී සමථ භාවනාව වඩා සිත සමාධියට පත් කළහැක. තවද ප්‍රථම, දූතිය, තනිය, චතුර්ථ ආදී ධ්‍යාන ද සෘද්ධිබල ආදිය ද ලැබිය හැක. ඒ අප අපගේ සිත යම් ක්‍රියාකාරීත්වයකට නතු කිරීමෙන් ලබන ප්‍රතිඵලයකි. මෙලෙස සිත වැඩීමෙන් ද නොවැඩීමෙන් ද ඒ ඒ සත්ත්වයන්ට සිදුවන වාසි හෝ අවාසි කර්මය නිසා නොව චිත්ත නියාමය නිසා සිදු වන්නකි.
    ධම්ම නියාම
    ධම්ම නියාමය නම් ලෝකයේ සදාතනික නොවෙනස්වන දහම් කරුණු ය. ලෝකයේ නොයෙක් කරුණු අතර අපට දක්නට හැකි කරුණු ලෙස උපන් සත්ත්වයා මරණයට පත්වීම, ඇතිවන සියල්ල නැති වීම, දිවා රාත්‍රිය ඇතිවීම ආදි කරුණු රැසක් ධම්ම නියාම ලෙස ගත හැකි ය.
    ලොව යම් ආකාරයක සංස්කාර එකතුවක් වන්නේ නම් ඒ සියලු සංස්කාර ධර්මයන් අනිත්‍යය (අස්ථිර බව) ස්වභාව කොට ඇත්තේ ය. එනම් සත්ත්වයා, ගහකොළ, අප ගොඩනඟන ගෙවල් දොරවල් මෙන්ම අප කරන හොඳ නරක ද කුසල අකුසල ධර්මයන්ද සංස්කාර නම් වේ. මේ සියල්ල නැතිවීම් ස්වභාව කොට ඇත්තේ ය. (නිවන පමණක් අසංඛතය) උදයට හිරු පායන්නා සේම සවසට හිරු බැස යන්නේය. පෘථිවිය භ්‍රමණය වන්නේ ද පරිභ්‍රමණය වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය. ලොව ඓශ්චර්යය දේ සිදුවන විට පොළොව කම්පා වීම් ආදිය සිදු වන්නේ ද මෙම ධම්ම නියාමය නිසා ය.
    ධම්මපදයෙහි අප්පමාද වග්ගයෙහි “නහි වෙරෙන වේරානි....” ගාථාව තුළ වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බවත් අවෛරයෙන් වෛරය සන්සිඳෙන බවත් මෙය පෙර සිට පැවැත එන ධර්මතාවයක් ලෙස දක්වයි. මෙලෙස ලෝක පාලක ධර්මතා ධර්ම නියාම නම් වේ.

    කම්ම නියාම
    කම්ම නම් සිදුකරන ක්‍රියාවෙහි විපාකය නිසා සිදුවන නියාමයි.
    “කම්මා විපාකා වත්තන්ති
    විපාකො කම්ම සම්භවො
    තස්මා පුනබ්භවො හොති
    ඒවං ලොකෙ පවත්තති”

    කර්මයෙන් විපාකයත් විපාකයෙන් කර්මයත් හට ගනී. පුනර්භවය ඇති වීමෙන් ලෝකය පවතී යනුවෙන් මෙහි දී දක්වා ඇත. අප ඉහත දක්වන ලද නියාම ධර්ම සතරම බාහිර කරුණුය. නමුත් මෙය අපම කර අපම විපාක විඳින දෙයකි. අන් අය නිසා අප විපාක විඳින්නක් නොවේ. අප නිසාම අප විපාක විඳින්නකි. කර්මය සිදුකළ කල්හි (හොඳ හෝ නරක) එම විපාක විඳීමට සිදු වේ. එවිට ද නැවත කර්මය සිදු කරයි. මෙලෙස මේ ජීවිතයේ ම මෙන්ම මතු ආත්මයෙන්හි ද විපාක විඳින්නට සිදු වෙයි. එවිට විපාක විඳින අතරතුර කාලය තුළ ද නැවත කර්මය සිදු කරයි. මේ ආකාරයෙන් ලෝකය පවතින බව පැහැදිළි ය.
    එනම් මේ කරුණු අනුව බලන කල අපට ජීවිතයක අත් විඳින්නට ලැබෙන සියල්ල කර්ම විපාක හෝ සියල්ල සිදු වන්නේ කර්මයෙන් ද යන ප්‍රශ්නයට පිළිතුරක් සැපයෙයි. “කර්ම” යනු ජීවිතය කොටස් පහකට බෙදෙන්නේ නම් එම පහෙන් එකක් ලෙස දැකිය හැක. පහෙන් එකක් වන කර්මය නම් අන් සියල්ල ස්වභාවික බලපෑමෙන් ලොව ස්වභාවය වැනි කරුණු පදනම් කරගෙන අත් විඳීන්නට ලැබෙන දේ වන්නේ ය.
    එම නිසා ලොව යම් කෙනෙක් “සියල්ල සිදු වන්නේ කර්මයෙන් ය” යන මතයෙහි එළඹ සිටින්නේ නම් එම පුද්ගලයාට “සියල්ල කර්මය තුළින් සිදු නොවේය” යන මතය අවබෝධකර ගන්නට මෙම කරුණු ඉවහල් වේ.

    නවදගල නාගිත හිමි

    ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
     
    Last edited: