රම්බොඩ සිට දුටු කොත්මලය....(ඡායාරූප සහිතව)
පිය රජු සමඟ උරණ වූ ගැමුණු කුමරුට අවවාද අනුශාසනා දී විහාර මහා දේවිය තම පුතණුවන්ට පලායන්න යැයි පැවැසූයේ මලය රට හෙවත් කොත්මලය පුරවරටය.
උස් ගිරි මුදුන්වලින් ගහන මෙම ප්‍රදේශය කොත්මලය වූ බවක් ද, රත්තරන් කොතක් පහළ වූ මලය රට කොත්මලය වූ බවක් ද ඉතිහාසයේ සඳහන් වෙයි.
ගැමුණු රජ දවස කොත්මලේ ගණිතයා ජීවත්ව සිටි බව කියැවෙන ජනප්‍රවාද ද තිබෙන අතර පොන්නා සම්බන්ධයෙන් ඇති අනෙකුත් ජනප්‍රවාද රාජාධි රාජසිංහ රජු සමය දක්වා පැමිණෙයි.
ඒ පිළිබඳ අපූරු කථාවක් හමුවිය..
ගැමුණු කුමරු 'ගුත්තා' නමින් කොටගේ පිටිය නම් ග්‍රාමයේ අප්රසිද්ධව වෙසෙන අවධියේ වීසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පසුව විවාපාත‍්‍ර වෙයි. පැළැල්ලදෙණියේ මහගෙදරට පදිංචියට යන්නේ ඉන් පසුවය.
ගුත්තා තමා ගැමුණු කුමරු යැයි තම බිරිඳ වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොපවසයි. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරු ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරු යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා පවසයි.
මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරු යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කදට (සිය සැමියාට) ඇඹුල රැගෙන යාම ඇය පුරුද්දක් කරගත්තාය. දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරුද්දක් කරගත් අතර එවන් දිනයකදී කුමරු විකාර සිහිනයක් දකියි. මේ පිළිබඳව මත තුනකි.
ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාමයි.
දෙවැනි මත කුමරුගේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීමය.
තුන්වන මතය කුමරුගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.
කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරු ඡ්‍යොතිෂ ශාස්ත්රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගනී. එහිදී එම ඡ්‍යොතිෂඥයා කොත්මලේ ගණිතයා බවත් ගණිතයා තමා ඉදිරියේ සිටින්නේ කුමරු බව තේරුම්ගෙන ඔහු රජවන බව පවසා වැඳවැටෙයි.
ඊට අමතරව කොත්මලේ ගණිතයා නම් ඡ්‍යොතිෂඥයා ගුප්ත ශාස්ත්‍රයෙහිද කෙළ පැමිණියකු හෙයින් හේ යක්ෂයින් බැඳගෙන වැඩගත් බව පැවසෙන ජනප්‍රවාද ද එයි.
එහිදී එක් යක්ෂයකු බැඳගෙන වැඩ කරගනු ලබන කොත්මලේ ගණිතයා පුසුල්පිටිය විහාරස්ථානයේ ගල් පඩිපෙළ ඉදි කරවාගනී.
ඔහුගේ පෙළපත ද ජනප්රවාදගතය.
මේප්රවාදයද අපූර්වතම වූ එකකි..සුන්දර කථාවකි.
එය මෙසේය.
නයින් කෙළිනා තොට තිබූ රත්තරන් පුහුලක නිධානය ගැනීමට මෙරටට දකුණු ඉන්දියාවේ සිට පැමිණෙන බමුණෙක් වෙයි.
රන්පුහුල ගැනීම අරමුණ කරගත් මෙකී බමුණා මාවෙලින් විවාහයක් කරගෙන එහිම ජීවත් වූයේලු. ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දෙයි. රන් පුහුලක් රැගෙන එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා රන් පුහුල බිම තැබීය.
එවිට ගලපලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය පුසුල්පිටිය ලෙස හැඳින්වූ බවද සඳහන් ය.(ගැමුණු කුමරු සිටි අවදියේ තිබුණා යැයි සැලකෙන පුසුල්පිටිය විහාරස්ථානය ඉදිවන්නේ ඉන්පසුව බවත් ජනප්රවාදයේ එයි.)
ජනප්රවාදගත කරුණු අනුව ගණිතයා යනු මාවෙල පදිංචි වූ බමුණාගේ දෙවැනි පුත්‍රයායි.
කොත්මලේ ගණිතයා ජීවත් වූ කාලයේ දී ප්‍රබල ග්‍රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා ග්‍රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය.
මේ ප්‍රබල ග්‍රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් කොත්මලේ ගණිතයා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් වෙයි. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිතඥයකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේලු. කර කියාගත දෙයක් නොවූ කොත්මලේ ගණිතයා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදී කුණ්ඩලාභරණය බිම පතිත වන ස්ථානය සොයාගන්නා කොත්මලේ ගණිතයා ඒ ඉඩ ප්‍රමාණය වෙන් කරගනී. ග්‍රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් කොත්මලේ ගණිතයා සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි. එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියයි. ආරවුල දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.
රජතුමා එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප්‍රයෝජනයට ගන්නා ලදී.
වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති.
අවසානයේ සිදුවන්නේ බලාපොරොත්තු නොවූ සිදුවීමකි.
රාජාධිරාජසිංහ රජු සමයේදී තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත්රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.
අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සන කොත්මලේ ගණිතයා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප්‍රකාශ කරයි.
රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් කොත්මලේ ගණිතයා කියූ ප්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.
මේ සිදුවීමෙන් රජතුමාගේ ප්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.
කොත්මලේ ගණිතයා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.
“සත් අවුරුද්දක් වසිනා වැස්සේ
බිංදු ගණන් කරලා දෙඤ්ඤං
සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ
කකුල් ගණන් කරලා දෙඤ්ඤං
අබ තුන් පෑලක් මැනලා දුන්නත්
පියලි ගණන් කරලා දෙඤ්ඤං
තව තුන් පැයකට නොමරා සිටියොත්
මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”
රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම කොත්මලේ ගණිතයා ස්වභාවිකව මිය පරලොව යයි.
නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් කොත්මලේ ගණිතයා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බව කියැවේ. කෙසේ නමුදු මේ ප්රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.
දෙවි පිහිටෙන් එහෙනම් ගමන යමු..
ඔය කන්ද මුදුනේ උසට පෙනෙන මොල්ලියට යට තමයි දුටු ගැමුනු කුමාරයා කුඹුරු කරද්දී හිටිය ගල් ගුහාව තියෙන්නේ..ගලපිටගල කියලලු ඒ හරියට කියන්නේ.කුමාරය මාලිඟයෙන් එද්දී ගෙනාව රත්තරන් කඩුව තවම ඔතන තියෙනවලු..
මේ රණමුලේ වෙල් යාය.අද පුරන් වෙලා තිබුනට එදා කුමාරයා සිය දුෂ්කරක්‍රියාව කරන කාලේ තනියම වගා කලේ මේ යායලු..
පුංචි දුටුගැමුණු..හොඳට නාගෙන අව්වේ වාඩිවෙලා බර කල්පනාවක..එළාර එලවන ක්‍රමයක් වෙන්න ඇති...
මේ තියෙන්නේ සුප්‍රසිද්ධ රණමුලේ පීල්ල..මේකෙන් තමයි කුමාරයා වසර ගණනක් නාලා තියෙන්නේ.ඔය ඊට එහා පැත්තේ තියෙන්නේ රජ කාලේ ඉඳලා තියෙන අම්බලමක්..ඒක නම් කුමාරයා සිහිවෙන්න සිව්වන බුවෙනකභාහු රජු හදපු එකක්ලු...
කුමාරයට ඇඹුල අරන් එන රං මැණිකා මතක් වුනා..අර කිව්ව පීල්ලේන් නාන්න එන අම්මයි,දුවයි...
තිලකේ මාමගේ ඔරුව..අපිව කොත්මලේ ජලාශයේ එහා කෙළවරට එක්කගෙන ගියේ මේ ඔරුව තමයි..පන භයේ ගියේ.ගිහින් එනකම් ෂුවර් එකක් තිබුනේ නෑ...
කොත්මලේ ජලාශය හදලා තියෙන්නේ මේ හරහා ගලා ගිය මහවැලිය හරස් කරලා.මේ ඒ මැදින් යද්දි දැකපු දසුනක්..හරිම සරළ ජීවිත..
ජලාශයටම වැටෙන දිය ඇල්ලක්..
ජලාශයෙන් ගොඩවුන ගමන් මුණගැහෙන්නේ වෑතලාව රක්ෂිතය.මේ එහිදී දගත් ඡායාරූපයක්..
ඔය පේන්නේ ගාමිණී දිසානායක මහත්තයා හදපු මහවැලි සෑය..පංච මහා ජලාශයන් ආරක්ශා කරාන්ට භාරදුන්නේ මේ සෑයටලු...
මේ තමයි අර කථාවේ තියෙන පුසුල්පිටිය පංසලේ මුල්ම විහාරගෙය.මේක සිව්වන බුවෙනකභාහු රජුගේ නිර්මාණයක්..මේක හැදුවෙත් ලොකු සිදු වීමක් නිසා.කාවන්තිස්ස රජු මිය ගියාම දුටුගැමුනු කුමාරය හොයාගෙන ආපු කඩොල් ඇතු කුමාරය හොයාගන්නේ මේ පංසලේදි.මේ තියෙන විහාරගෙයට පිටිපස්සේ රං මැණිකාගේ උකුලේ නිදාගෙන ඉද්දි.ඉතින් ඒක සිහිවෙන්නලු මේක හැදුවේ.කුමාරයා නිදාගෙන හිටිය තැන වෙන චෛත්‍යක් හදාලා තියෙනවා.ඒකත් ඇති මෙතන...
මුල් කථාවේ තියෙන්නේ යක්කු අල්ලගෙන හදපු ගල් පඩිපෙලක් ගැන.මේ ඒක..
මේ පුසුල්පිටිය පංසලේ ප්‍රධාන විහාර ගෙය.කොත්මලේ ගණිතයාගේ පියාට අහිමි වුනා රන් පුහුල් ගෙඩිය පොලව පලාගෙන අතුරුදහන් වුනේ මෙතෙන්දි..ඒ පැල්ම වහලා ඒක උඩ තමයි මේ විහාරගේ හදලා තියෙන්නේ..
මෙන්න දුටුගැමුනු කුමාරය කඩොල් ඇතා එද්දි රං මැණිකාගේ උකුලේ නිදාන හිටිය තැන...
මේකත් හරිම වැදගත්..සිව්වන බුවෙනකභාහු රජ සමයේ ශ්‍රී දළඳා වහන්සේ සඟවලා තිබුන සපු බෝධිය තමයි මේ..දැන් මේකේ ගස් වර්ග හතක් එක ගහේ තියෙනවලු.මට පෙනුනේ බෝ,සපු,නුග,ඇහැටු කියන ටික විතරයි..
මේ තමයි කොත්මලේ ලොකුම වී අටුව..මේකත් දුටුගැමුණු කුමාරයගේ දේපලක්..
මහවැලි සෑය..
කොත්මලේ ජලාශය..
මේ පලවෙනි දවස නැවතුන තැන.මෙතනදි මුණගැහුන හෝටලයේ නියෝජ්‍ය කළමණාකරු ප්‍රියන්ත මහත්මයා ගෞරවයෙන් සිහිපත් කරනවා.ඔහු දකුණේ කෙනෙක්.මම ගම්පළාත ගැන කිව්ව ගමන් ගොඩාක් උදව් කලා..
මේ දෙවන දිනයේ හෝටලය..
මේ ප්‍රදේශයේ ඇති දිය ඇලි දෙක තුනම හෝටලයේ ඉදන්ම බලන්න පුලුවන්.මේ ගැරඬි ඇල්ල..
අහ්..මගේ අලුත් Ultra Wide 11mm-16mm Lens එකෙන් ගත්ත මුල්ම ඡායාරූප කිහිපයෙන් එකක්..මේ රම්බොඩ උමඟේ පිවිසුම...
මේ උමඟ හදන්න කලින් මාර්ගය...ඔය ගල යටින් යන්න පුලුවන් වාහනයක් විතරයි ඉතින් ඒ කාලේ මෙතනින් ගියේ...
රම්බොඩ ඇල්ල කොටස් කිහිපයකි..මේ උඩ රම්බොඩ ඇල්ලයි..
මේවා දැක්කම එයා කිව්වේ නැට්ටුවෝ වගේ කියලා..
මගේ අලුත් කාචය කොහොමද...මේත් උඩ රම්බොඩ ඇල්ල පහලට බැහැලා ගත්ත එකක්..
ර_ම්_බො_ඩ
මෙන්න තව වැදගත් තැනක්..
රාවණා සීතාව අරන් ආවම ඒ පස්සෙන් ආපු හනුමා මුලින්ම බැස්සේ මෙතෙන්ටලු..මේ තමයි ඒ වෙනුවෙන් හදපු හනුමන් දේවාලය..අපිට සිරිපද්මය වටින තරමට ඔවුනට මෙතන වටිනවා..
අද්දර ජීවිත...
ඔච්චරයි ඉතින්...
පුලුවන් නම් Rep දෙන්න යාලුවනේ..