රම්බොඩ සිට දුටු කොත්මලය....(ඡායාරූප සහිතව)

JaaduWixx

Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    රම්බොඩ සිට දුටු කොත්මලය....(ඡායාරූප සහිතව)

    පිය රජු සමඟ උරණ වූ ගැමුණු කුමරුට අවවාද අනුශාසනා දී විහාර මහා දේවිය තම පුතණුවන්ට පලායන්න යැයි පැවැසූයේ මලය රට හෙවත් කොත්මලය පුරවරටය.
    උස් ගිරි මුදුන්වලින් ගහන මෙම ප‍්‍රදේශය කොත්මලය වූ බවක් ද, රත්තරන් කොතක් පහළ වූ මලය රට කොත්මලය වූ බවක් ද ඉතිහාසයේ සඳහන් වෙයි.

    ගැමුණු රජ දවස කොත්මලේ ගණිතයා ජීවත්ව සිටි බව කියැවෙන ජනප‍්‍රවාද ද තිබෙන අතර පොන්නා සම්බන්ධයෙන් ඇති අනෙකුත් ජනප‍්‍රවාද රාජාධි රාජසිංහ රජු සමය දක්වා පැමිණෙයි.
    ඒ පිළිබඳ අපූරු කථාවක් හමුවිය..
    ගැමුණු කුමරු 'ගුත්තා' නමින් කොටගේ පිටිය නම් ග‍්‍රාමයේ අප‍්‍රසිද්ධව වෙසෙන අවධියේ වීසුරු ගෙදර ඌරු පැලැස්සේ ගම්මැහේගේ බාල දියණිය සමඟ ඇතිකරගත් සබඳතාවක් මත පසුව විවාපාත‍්‍ර වෙයි. පැළැල්ලදෙණියේ මහගෙදරට පදිංචියට යන්නේ ඉන් පසුවය.
    ගුත්තා තමා ගැමුණු කුමරු යැයි තම බිරිඳ වූ රන්මැණිකාටවත් වෙනත් කිසිවකුටවත් නොපවසයි. එහෙත් බුද්ධංගල හා රජතලා කුඹුරු ඔහු අස්වද්දන්නේ දුටුගැමුණු කුමරු යුද්ධ කරන විට අවශ්‍ය කරන ධාන්‍ය සැපයීමේ අරමුණ ඇතිව බව ගුත්තා පවසයි.
    මෙහි තමන් සමඟ දිවි ගෙවන ගුත්තා, හිද්දලයා නැතිනම් එද්දලයා කිසිවිටකවත් දුටුගැමුණු කුමරු යැයි රන්මැණිකා නොදැන සිටියද සෑම දිනකම මල්කදට (සිය සැමියාට) ඇඹුල රැගෙන යාම ඇය පුරුද්දක් කරගත්තාය. දිවා ආහාරය ගනු ලබන ගුත්තා රන්මැණිකාගේ උකුලේ හිස තබා නිදාගැනීම පුරුද්දක් කරගත් අතර එවන් දිනයකදී කුමරු විකාර සිහිනයක් දකියි. මේ පිළිබඳව මත තුනකි.
    ඉන් පළමු මතය තම බඩවැල් මුවින් පැමිණ දික් වී ගොස් නැවත කෙටි වී කුසට ඇදී යාමයි.
    දෙවැනි මත කුමරුගේ මහපටඇඟිල්ලේ මීයක් බැඳීමය.
    තුන්වන මතය කුමරුගේ දිව දික්වී එළියට පැමිණ ලංකාව වටේටම ගමන් කර නැවත කෙටි වී මුවට ඇදී යාමයි.
    කෙසේ නමුදු මේ විකාර සිහිනය දැකීමෙන් කලබල වූ කුමරු ඡ්‍යොතිෂ ශාස්ත‍්‍රඥයකු සොයාගොස් සිහින පලාඵල දැනගනී. එහිදී එම ඡ්‍යොතිෂඥයා කොත්මලේ ගණිතයා බවත් ගණිතයා තමා ඉදිරියේ සිටින්නේ කුමරු බව තේරුම්ගෙන ඔහු රජවන බව පවසා වැඳවැටෙයි.
    ඊට අමතරව කොත්මලේ ගණිතයා නම් ඡ්‍යොතිෂඥයා ගුප්ත ශාස්ත‍්‍රයෙහිද කෙළ පැමිණියකු හෙයින් හේ යක්ෂයින් බැඳගෙන වැඩගත් බව පැවසෙන ජනප‍්‍රවාද ද එයි.
    එහිදී එක් යක්ෂයකු බැඳගෙන වැඩ කරගනු ලබන කොත්මලේ ගණිතයා පුසුල්පිටිය විහාරස්ථානයේ ගල් පඩිපෙළ ඉදි කරවාගනී.
    ඔහුගේ පෙළපත ද ජනප‍්‍රවාදගතය.
    මේප්‍රවාදයද අපූර්වතම වූ එකකි..සුන්දර කථාවකි.
    එය මෙසේය.
    නයින් කෙළිනා තොට තිබූ රත්තරන් පුහුලක නිධානය ගැනීමට මෙරටට දකුණු ඉන්දියාවේ සිට පැමිණෙන බමුණෙක් වෙයි.
    රන්පුහුල ගැනීම අරමුණ කරගත් මෙකී බමුණා මාවෙලින් විවාහයක් කරගෙන එහිම ජීවත් වූයේලු. ඉන්පසු එම ස්ති‍්‍රයට දාව උපදින කුලුඳුල් පුත‍්‍රයා රන්පුහුල ගැනීමේදී බිලි දෙයි. රන් පුහුලක් රැගෙන එය අරක් ගෙන සිටි නාගයා පසුපස හඹා ඒවියැයි සිතා ගල්තලාවක් මතට දිව ගිය අතර එහිදී හටගත් පිපාසය නිසා රන් පුහුල බිම තැබීය.
    එවිට ගලපලාගෙන රන් පුහුල නැවතත් එම ගලෙහි නිදන්ගත වූ බව ද රන්පුහුල බිම තැබූ ස්ථානය පුසුල්පිටිය ලෙස හැඳින්වූ බවද සඳහන් ය.(ගැමුණු කුමරු සිටි අවදියේ තිබුණා යැයි සැලකෙන පුසුල්පිටිය විහාරස්ථානය ඉදිවන්නේ ඉන්පසුව බවත් ජනප‍්‍රවාදයේ එයි.)
    ජනප‍්‍රවාදගත කරුණු අනුව ගණිතයා යනු මාවෙල පදිංචි වූ බමුණාගේ දෙවැනි පුත‍්‍රයායි.
    කොත්මලේ ගණිතයා ජීවත් වූ කාලයේ දී ප‍්‍රබල ග‍්‍රහයෝගයක් ඇති බවත් එහිදී හටගන්නා ග‍්‍රහ යුද්ධයක් පිළිබඳව ඔහු දැනුම්වත් ව සිටියේ ය.
    මේ ප‍්‍රබල ග‍්‍රහ යුද්ධයෙන් සිකුරාගේ කුණ්ඩලාභරණය ගැලවී පෘථිවි තලය මත පතිත වන බව දැනගත් කොත්මලේ ගණිතයා කුණ්ඩලාභරණය ලබාගැනීම් අදිටනින් එය වැටෙන ස්ථානයේ පැලක් ඉදිකරගැනීම සඳහා පිටත් වෙයි. දකුණු ඉන්දියාවේ සිට පැමිණි ගණිතඥයකු එම ස්ථානයේ පැලක් ඉදිකර කුණ්ඩලාභරණය අයත් කරගනු පිණිස බලා සිටියේලු. කර කියාගත දෙයක් නොවූ කොත්මලේ ගණිතයා එකී බමුණා ඉදිකරගෙන තිබූ පැලෙහි වහලේ වැදී කුණ්ඩලාභරණය බිම පතිත වන ස්ථානය සොයාගන්නා කොත්මලේ ගණිතයා ඒ ඉඩ ප‍්‍රමාණය වෙන් කරගනී. ග‍්‍රහ යුද්ධය ආරම්භ වී සුළු මොහොතකින් කොත්මලේ ගණිතයා සිටි ස්ථානයට කුණ්ඩලාභරණය පතිත වනුයේ අනෙක් බමුණා ගේ පැලේ වහලේ වැදීමෙනි. එහෙයින් එකී බමුණා ද කුණ්ඩලාභරණයට අයිතිවාසිකම් කියයි. ආරවුල දුර දිග ගොස් අවසානයේ නතරවන්නේ රජතුමා ඉදිරියෙනි.
    රජතුමා එම රත්තරන් කුණ්ඩාලාභරණයෙන් නෙළුම් පලා පෙත්තක් සකසා ශ‍්‍රී දළදා වහන්සේ වැඩ සිටුවීමට ප‍්‍රයෝජනයට ගන්නා ලදී.
    වර්තමානයේ දළදා වහන්සේ වැඩ හිඳින ගණ රන් පලාපෙත්ත සිකුරාගේ කුණ්ඩලාභරණයේ වූ රත්තරන්වලින් සකසනු ලැබූවක් යැයි කියති.

    අවසානයේ සිදුවන්නේ බලාපොරොත්තු නොවූ සිදුවීමකි.
    රාජාධිරාජසිංහ රජු සමයේදී තමන්ට සේවය කරන ජ්‍යෝතිෂ ශාස්ත‍්‍රඥයින්ගේ දැනුම පිරික්සීමට සිතූ රජතුමා නින්ද ගමකින් ලැබෙන විශාල ලබු ගෙඩියක් නොකපා එහි ඇති ඇට ගණන කොපමණ දැයි විචාරයි.
    අයෙකු ඇට නැලියක් ඇතැයි ද තවත් අයෙකු ඇට දෙනැලියක් ඇතැයි ද විවිධ ප‍්‍රකාශ කළත් ලබු ගෙඩිය හොඳින් පිරික්සන කොත්මලේ ගණිතයා මෙහි ඇට තුනක් ඇති බවත් ඉන් ඇට දෙකක් පුහු බවත් එක් ඇටයක් පමණක් හොඳ ඇටයක් බවත් ප‍්‍රකාශ කරයි.
    රජතුමා ඇතුළු රජවාසල සියලු දෙනාම මවිතයට පත් කරමින් කොත්මලේ ගණිතයා කියූ ප‍්‍රකාශය සත්‍ය විය. ලබු ගෙඩිය දෙපලු කළ විට එහි හොඳ ඇට එකක් සහ පුහු ඇට දෙකක් තිබී ඇත.
    මේ සිදුවීමෙන් රජතුමාගේ ප‍්‍රසාදය ලැබිය යුතු වුව ද ඔහුට සිදුවූයේ අනෙකකි. මේ පුද්ගලයා ජීවත්ව සිටියහොත් තමාගේ රජ පදවියට ද අභියෝගයක් වේදැයි සිතූ රජතුමා නැකැත්තාගේ හිස ගසා දමන්නට නියම කළේ ඉන් අනතුරුව ය.
    කොත්මලේ ගණිතයා එවෙලෙහි කාල හෝරාවක් තමන්ගේ ජන්ම වේලාවත් සසඳ්‍ර බලා තව පැය තුනකින් මිය යන බව දැන වදකයින්ගේ කඩු පහරින් මිය යනවාට වඩා තම ආයුෂ ක්ෂය වීමෙන් මිය යාම සුදුසු යැයි සිතා කවියෙන් ඉල්ලීමක් කරයි.

    “සත් අවුරුද්දක් වසිනා වැස්සේ
    බිංදු ගණන් කරලා දෙඤ්ඤං
    සත් අවුරුද්දක් ගිය කණ්කුණ්ඩගෙ
    කකුල් ගණන් කරලා දෙඤ්ඤං
    අබ තුන් පෑලක් මැනලා දුන්නත්
    පියලි ගණන් කරලා දෙඤ්ඤං
    තව තුන් පැයකට නොමරා සිටියොත්
    මෙතුන් පදේ තෝරා දෙඤ්ඤං”

    රජ අණ පරිදි තව පැය තුනක් සඳහා අභය දානය දෙනු ලබයි. පැය තුන නිම වත්ම කොත්මලේ ගණිතයා ස්වභාවිකව මිය පරලොව යයි.
    නිශ්චිත වශයෙන්ම වදකයින්ගේ කඩු පහරින් මිය යන බව දැනගත් කොත්මලේ ගණිතයා තමාටම වස්කවි කියාගෙන තම ආයුෂ ක්ෂය කරගත් බව කියැවේ. කෙසේ නමුදු මේ ප‍්‍රාඥයාගේ මරණය සිදුවූයේ ඉහත සිද්ධියෙන් බව පිළිගත් මතයයි.



    දෙවි පිහිටෙන් එහෙනම් ගමන යමු..
    1890982_676114719138214_4363222091998090851_n.jpg


    ඔය කන්ද මුදුනේ උසට පෙනෙන මොල්ලියට යට තමයි දුටු ගැමුනු කුමාරයා කුඹුරු කරද්දී හිටිය ගල් ගුහාව තියෙන්නේ..ගලපිටගල කියලලු ඒ හරියට කියන්නේ.කුමාරය මාලිඟයෙන් එද්දී ගෙනාව රත්තරන් කඩුව තවම ඔතන තියෙනවලු..
    10565161_676114712471548_7559452969664392334_n.jpg


    මේ රණමුලේ වෙල් යාය.අද පුරන් වෙලා තිබුනට එදා කුමාරයා සිය දුෂ්කරක්‍රියාව කරන කාලේ තනියම වගා කලේ මේ යායලු..
    10514625_676114722471547_6278668412601255540_n.jpg


    පුංචි දුටුගැමුණු..හොඳට නාගෙන අව්වේ වාඩිවෙලා බර කල්පනාවක..එළාර එලවන ක්‍රමයක් වෙන්න ඇති...
    10387230_676114815804871_4279275384870263975_n.jpg


    මේ තියෙන්නේ සුප්‍රසිද්ධ රණමුලේ පීල්ල..මේකෙන් තමයි කුමාරයා වසර ගණනක් නාලා තියෙන්නේ.ඔය ඊට එහා පැත්තේ තියෙන්නේ රජ කාලේ ඉඳලා තියෙන අම්බලමක්..ඒක නම් කුමාරයා සිහිවෙන්න සිව්වන බුවෙනකභාහු රජු හදපු එකක්ලු...
    10390517_676114842471535_4833086888280859152_n.jpg


    කුමාරයට ඇඹුල අරන් එන රං මැණිකා මතක් වුනා..අර කිව්ව පීල්ලේන් නාන්න එන අම්මයි,දුවයි...
    10389707_676114892471530_95289788912655763_n.jpg


    තිලකේ මාමගේ ඔරුව..අපිව කොත්මලේ ජලාශයේ එහා කෙළවරට එක්කගෙන ගියේ මේ ඔරුව තමයි..පන භයේ ගියේ.ගිහින් එනකම් ෂුවර් එකක් තිබුනේ නෑ...
    10513487_676114905804862_5158189902052983222_n.jpg



    කොත්මලේ ජලාශය හදලා තියෙන්නේ මේ හරහා ගලා ගිය මහවැලිය හරස් කරලා.මේ ඒ මැදින් යද්දි දැකපු දසුනක්..හරිම සරළ ජීවිත..
    10557382_676114932471526_1903930700641307851_n.jpg



    ජලාශයටම වැටෙන දිය ඇල්ලක්..
    10245530_676114955804857_3598606793011037657_n.jpg



    ජලාශයෙන් ගොඩවුන ගමන් මුණගැහෙන්නේ වෑතලාව රක්ෂිතය.මේ එහිදී දගත් ඡායාරූපයක්..
    10429453_676115012471518_5261028504949629543_n.jpg


    ඔය පේන්නේ ගාමිණී දිසානායක මහත්තයා හදපු මහවැලි සෑය..පංච මහා ජලාශයන් ආරක්ශා කරාන්ට භාරදුන්නේ මේ සෑයටලු...
    10505303_676115019138184_1684777775519479917_n.jpg


    මේ තමයි අර කථාවේ තියෙන පුසුල්පිටිය පංසලේ මුල්ම විහාරගෙය.මේක සිව්වන බුවෙනකභාහු රජුගේ නිර්මාණයක්..මේක හැදුවෙත් ලොකු සිදු වීමක් නිසා.කාවන්තිස්ස රජු මිය ගියාම දුටුගැමුනු කුමාරය හොයාගෙන ආපු කඩොල් ඇතු කුමාරය හොයාගන්නේ මේ පංසලේදි.මේ තියෙන විහාරගෙයට පිටිපස්සේ රං මැණිකාගේ උකුලේ නිදාගෙන ඉද්දි.ඉතින් ඒක සිහිවෙන්නලු මේක හැදුවේ.කුමාරයා නිදාගෙන හිටිය තැන වෙන චෛත්‍යක් හදාලා තියෙනවා.ඒකත් ඇති මෙතන...
    994440_676115059138180_8055122106166869308_n.jpg


    මුල් කථාවේ තියෙන්නේ යක්කු අල්ලගෙන හදපු ගල් පඩිපෙලක් ගැන.මේ ඒක..
    10401989_676115122471507_3350918702597630000_n.jpg



    මේ පුසුල්පිටිය පංසලේ ප්‍රධාන විහාර ගෙය.කොත්මලේ ගණිතයාගේ පියාට අහිමි වුනා රන් පුහුල් ගෙඩිය පොලව පලාගෙන අතුරුදහන් වුනේ මෙතෙන්දි..ඒ පැල්ම වහලා ඒක උඩ තමයි මේ විහාරගේ හදලා තියෙන්නේ..

    10489657_676115139138172_2940334662362443730_n.jpg


    මෙන්න දුටුගැමුනු කුමාරය කඩොල් ඇතා එද්දි රං මැණිකාගේ උකුලේ නිදාන හිටිය තැන...
    10553580_676115215804831_4628056750323053734_n.jpg


    මේකත් හරිම වැදගත්..සිව්වන බුවෙනකභාහු රජ සමයේ ශ්‍රී දළඳා වහන්සේ සඟවලා තිබුන සපු බෝධිය තමයි මේ..දැන් මේකේ ගස් වර්ග හතක් එක ගහේ තියෙනවලු.මට පෙනුනේ බෝ,සපු,නුග,ඇහැටු කියන ටික විතරයි..
    10513476_676115292471490_7981645056027208697_n.jpg



    මේ තමයි කොත්මලේ ලොකුම වී අටුව..මේකත් දුටුගැමුණු කුමාරයගේ දේපලක්..
    1233503_676115269138159_3861328129290345643_n.jpg



    මහවැලි සෑය..
    10568836_676115422471477_3851073859826943765_n.jpg



    කොත්මලේ ජලාශය..
    1610778_676115435804809_4739185864436036207_n.jpg


    10565095_676115462471473_2465042485288620066_n.jpg


    1236558_676115482471471_3970232190596183178_n.jpg


    මේ පලවෙනි දවස නැවතුන තැන.මෙතනදි මුණගැහුන හෝටලයේ නියෝජ්‍ය කළමණාකරු ප්‍රියන්ත මහත්මයා ගෞරවයෙන් සිහිපත් කරනවා.ඔහු දකුණේ කෙනෙක්.මම ගම්පළාත ගැන කිව්ව ගමන් ගොඩාක් උදව් කලා..
    10421357_676126435803709_5432007775804615090_n.jpg


    10559815_676126745803678_6227402408845644524_n.jpg


    10478200_676126702470349_411442796116334116_n.jpg


    10403415_676126732470346_5292161494953449480_n.jpg


    10492245_676126795803673_3754304895143571376_n.jpg


    10401347_676126882470331_7708253701008658341_n.jpg


    10473200_676126902470329_511488442112345802_n.jpg


    10559792_676126925803660_6282838561592050309_n.jpg


    10551065_676128955803457_2198202572696441372_n.jpg


    10556223_676128999136786_4272709973719328272_n.jpg


    1610751_676128965803456_5195113255939963689_n.jpg


    10526103_676129295803423_646318192878914077_n.jpg


    10547761_676129305803422_8110096500638843321_o.jpg


    10392272_676129335803419_8916489980014251365_n.jpg


    10394497_676129355803417_124078796032644030_n.jpg


    10488018_676129369136749_4535334576444602065_n.jpg


    10410122_676135752469444_1816676289105612934_n.jpg


    10527557_676135845802768_723547005523572784_n.jpg



    මේ දෙවන දිනයේ හෝටලය..
    936065_676126822470337_1320748244298645275_n.jpg


    10488018_676126849137001_8045896709356889551_n.jpg


    10513418_676126869136999_4692481368054935536_n.jpg



    මේ ප්‍රදේශයේ ඇති දිය ඇලි දෙක තුනම හෝටලයේ ඉදන්ම බලන්න පුලුවන්.මේ ගැරඬි ඇල්ල..
    10577015_676133769136309_492651962036800701_n.jpg



    අහ්..මගේ අලුත් Ultra Wide 11mm-16mm Lens එකෙන් ගත්ත මුල්ම ඡායාරූප කිහිපයෙන් එකක්..මේ රම්බොඩ උමඟේ පිවිසුම...

    10526010_676133765802976_3062040347873339045_n.jpg


    10898_676133772469642_390629222254876743_n.jpg


    මේ උමඟ හදන්න කලින් මාර්ගය...ඔය ගල යටින් යන්න පුලුවන් වාහනයක් විතරයි ඉතින් ඒ කාලේ මෙතනින් ගියේ...
    268552_676134079136278_7743787709390232310_n.jpg


    10494551_676134549136231_7012678150765711386_n.jpg


    රම්බොඩ ඇල්ල කොටස් කිහිපයකි..මේ උඩ රම්බොඩ ඇල්ලයි..
    10360448_676134932469526_8895622306753117602_n.jpg


    10441225_676134975802855_1885739537362710736_n.jpg


    10525603_676135032469516_9062907324354375062_n.jpg


    මේවා දැක්කම එයා කිව්වේ නැට්ටුවෝ වගේ කියලා..
    10492482_676135239136162_6935300189498595669_n.jpg


    මගේ අලුත් කාචය කොහොමද...මේත් උඩ රම්බොඩ ඇල්ල පහලට බැහැලා ගත්ත එකක්..
    10541457_676135402469479_4533653486297558135_n.jpg


    10584035_676135445802808_3443395596563312771_n.jpg


    10458213_676135599136126_6785764986311968571_n.jpg


    ර_ම්_බො_ඩ
    10570335_676135592469460_7369000645533733513_n.jpg


    10539196_676135612469458_5223926776952497678_n.jpg


    මෙන්න තව වැදගත් තැනක්..
    රාවණා සීතාව අරන් ආවම ඒ පස්සෙන් ආපු හනුමා මුලින්ම බැස්සේ මෙතෙන්ටලු..මේ තමයි ඒ වෙනුවෙන් හදපු හනුමන් දේවාලය..අපිට සිරිපද්මය වටින තරමට ඔවුනට මෙතන වටිනවා..


    10389186_676135932469426_8648633829279450009_n.jpg


    603683_676136039136082_3321449811362981700_n.jpg


    අද්දර ජීවිත...
    10348515_676136145802738_7908953721737492884_n.jpg


    10547537_676136205802732_8816350712241526805_n.jpg


    10494626_676136265802726_1334836888915168472_n.jpg


    10576911_676136442469375_3106397764729747983_n.jpg


    10534669_676136385802714_358075329164950638_n.jpg


    10568808_676136522469367_4972333469134933899_n.jpg



    ඔච්චරයි ඉතින්...
    පුලුවන් නම් Rep දෙන්න යාලුවනේ..
    :D
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :love::love::love:
    දැනට පිංතූර ටික විතරයි බැලුවෙ.. විස්තරය කියෙව්වෙ නෑ.. නිවාඩුපාඩුවෙ කියවන්න ඕනි.. REP 22+
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    :love::love::love:
    දැනට පිංතූර ටික විතරයි බැලුවෙ.. විස්තරය කියෙව්වෙ නෑ.. නිවාඩුපාඩුවෙ කියවන්න ඕනි.. REP 22+

    බොහොම ස්තූතියි මචං,,,
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,701
    113
    Gampaha
    පට්ට මචෝ මාත් කීප වතාවක්ම ගිහින් තියෙනව අඩේ ඒත් දැනගෙන හිටියෙ නෑ ඔය තරම් බලන්න දේවල් තියෙනවද කියල. රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක නම් පට්ට. ඒකෙන් ගත්ත එකක්. ;)

    DSC01776_zps1ed158ce.jpg


    දිය ඇල්ල ලගටම ගියෙ නැද්ද? ඇල්ල වැටෙන තැනින් පොඩ්ඩක් ඇතුලට යන්නත් පුලුවන්.ඔතනට ඈතින් පේන දිය ඇලි දෙක මොකක්ද දන්නවද? අපි එක පාරක් ඕක ලගට යන්න ගිහින් හෙන කට්ටක් කෑව.

    තෑන්ක්ස් විස්තර වලට ආයිත් ගියාම ඕවත් බලන්න යන්න ඕනෙ. 8+
     

    JaaduWixx

    Banned
  • Jun 29, 2013
    844
    302
    63
    Colombo
    පට්ට මචෝ මාත් කීප වතාවක්ම ගිහින් තියෙනව අඩේ ඒත් දැනගෙන හිටියෙ නෑ ඔය තරම් බලන්න දේවල් තියෙනවද කියල. රම්බොඩ ෆෝල්ස් හොටෙල් එක නම් පට්ට. ඒකෙන් ගත්ත එකක්. ;)

    DSC01776_zps1ed158ce.jpg


    දිය ඇල්ල ලගටම ගියෙ නැද්ද? ඇල්ල වැටෙන තැනින් පොඩ්ඩක් ඇතුලට යන්නත් පුලුවන්.ඔතනට ඈතින් පේන දිය ඇලි දෙක මොකක්ද දන්නවද? අපි එක පාරක් ඕක ලගට යන්න ගිහින් හෙන කට්ටක් කෑව.

    තෑන්ක්ස් විස්තර වලට ආයිත් ගියාම ඕවත් බලන්න යන්න ඕනෙ. 8+

    රම්බොඩ ඇල්ලයි,ගැරඩි ඇල්ලයි මචං.......