පෙට්රල් නම් වැඩ කරන්නේ නැහැ. අලුත්න්ම ගන්නකොට 8 - 9 වැඩ කරාට දැනට මාර්කට් එකේ තියෙන ගොඩක් ඒවල තෙල් වැඩ කරන්නේ හරි අඩුවෙන් . ලීටරයට 6 - 7 විතර තමයි ගොඩක් ඒවා වැඩ කරන්නේ.
අමතර කොටස් නම් අවුලක් නැහැ. ඕනේ තැනක ගන්න තියෙනවා. නැතත් පංචිකාවත්තේ අනිවා.
මේකේ පික් අප් එක නම් මැක්සා. 2000cc එන්ජිමක් තියෙන්නේ. ඕනෙම වේගයකින් බය නැතිව යන්න පුළුවන් හොඳ සමබර වාහනයක්. සැප පහසුකම අතින් ගත්තත් ඇතුල උනත් හොඳටම තියෙනවා.
පෙට්රල් වැඩ කරන ප්රමාණය ප්රශ්නයක් නැති අයට ගැලපෙනවා.