එක්තරා බැංකු ආයතනයක මාගේ මිත්‍රෙයක් විසින් මා හට ඔහුගේ ආයතනයේම මිත්‍රෙයකුගේ Wedding Photography වලට කතා කලා. පසුව මාගෛ් පිංතූර එහෙම බලලා මා මුණ ගැසීම එන්න සිටියදී එම ආයතනයේම තෙවැන්නකු විසින් තවත් ජායාරූප ශිල්පියෙකු හදුන්වා දී තිබේ.
Storybook, Family Album, Instant Thank you Card Printing, Casual Shoot, Enlargement. Mini Story book, and Full HD Videography වලට මාගේ ගාස්තුව වූයේ 150ක් + වේ. නමුත් තෙවැන්නා හදුන්වා දුන් පුද්ගලයාගේ ගාස්තුව රැ.85000 කි.
පසුව ඔහුව මුණ ගැසී පිංතූර බලන කොට ඔහුගේ වචන වලින් කියන විට,
"මළ ගෙවල් වල මිනී Photo ගහලා වගේලු" අවසානයේ බලන විට ඔහු නගර සභාවේ සේවය කරන්නෙක් ලු.
ඔනෑම ලාභ බඩුවක හිලක් ඇති බව අමතක නොකල යුතුය. එදා ලාබෙට තිබුන චයිනිස් පොන් කටු අද නැත. අවසානයේ වෙන්නෙ ජීවිතයේ එක් වරක් ගන්න මගුල් ගෙය, මිය යෑමට පෙර තමන්ගෙ මළ ගෙදර පිංතූර බලා ගැනීමට හැකි වීමයි.
කසුන් ශානක