අඩෝ කුකුලොස් මම ආවා.
වේසා 3වීල් කාරයා නිසා තව පොඩ්ඩෙන් හොම්බකට සමතලා කරගන්න වෙනවා.
3වීල් කාරයා එකපාරටම මට ඉස්සරහින් ගිය කාරෙක පැත්තට කපලා අස්සෙන් රිංගලා ගියා.
කාර් එක 30-40kmh වගේ ගියේ.අවු:50 ක විතර බුවෙක් කාර් එකේ හිටියේ.පොර එක තැන හිටින්න බ්රේක් ගැහුවා.මම ටිකක් දුරින් 40-50kmh වගේ ගියේ.ඉස්සරහ බ්රේක් ටිකක් තදට ගැහුවට පස්සා බ්රේක් තදට ගැහුවේ නෑ.ඒ නිසා පැත්තට අදින්නේ නැතුව කෙලින්ම ගිහින් කාර් එකේ බෆර් එකේ වැදිලා හිර උනා.මඩ්ගාඩ් එකේ ඉස්සරහ හිරුණා.පොඩ්ඩක් ඇතුලෙන් කැඩිලා වගේ ටක් ටක් සද්දයක් එනවා.වයිෆ් හිටගෙන ආයේ සීට් එක උඩටම වැටුණා යකෝ.පව් කොන්ද රිදුන කිව්වා හොඳටම.
කාර් එකේ පොරයි වටේ හිටපු අයයි 3වීල් කාරයාගේ ------- මතක් කලා.මට මොකුත් කිව්වෙත් නෑ.
ඔයින් ගියා මදැයි... පෙරලුනානම් එහෙම. අපි පරිස්සමින් ගියාට වැඩක් නෑ..
කොහොමහරි රෝද 4කට යන්න බලන්න දුර යැවෙන නිසා.


අල්ටිමේට්ලි ඉට් හර්ට්ස් 


