tsu.co ගැන දන්නේ නැති කෙනෙක් නැහැනේ... ලංකාවෙන් සෑහෙන ප්‍රමාණයක් මේකට 'ඉක්මනින් පොහොසත් වීමේ ආසාවෙන්' එකතු වුනා පහුගිය කාලය ඇතුලත. ඒත් ඉතින් අපේ කට්ටියට ඕන 'ඉක්මනින් මුදල් හෙවීමේ උණ'ට සාර්ථක පිලිතුරක් නොවීම නිසා සහ එම site එක තුල නිමක් නැතුව spam කිරීම නිසා දැන් ගොඩක් ලාංකිකයන් එක්කෝ ban වෙල නැත්නම් tsu තුල කාලය ගතකිරීම නවත්තලා ඇති බව පෙනවා..
කොහොම වුනත් ලංකාව මුලින්ම tsu.co තුල සිටින සාමාජිකයින් ගණනින් 3 වන ස්ථානයේ සිට දැන් වෙනකොට 5 වෙන තැනට වැටී තියනවා.. අනික් රටවල ඉන්න කට්ටිය tsu.co ඉදිරීයේදී කරන්න යන විප්ලවය ගැන තේරුම් ගෙන තව තවත් කාලය එහි ගත කරමින් දිගුකාලීන ලාභයක් බලාපොරොතුවෙන් වැඩ කරද්දී අපේ කට්ටිය පුරුදු ලෙස 'කෙටි දුර' බලා ලාභයක් නැති නිසා පසු බැස ඇති බවයි මට හිතෙන්නේ... (මේ හිතන විදිහ වෙනස් කරගන්න බැරිනම් ලංකාවේ බහුතරයකට කවදාවත් ගොඩ යන්නනම් වෙන්නේ නැහැ... ඕනම දෙයක උපරිම ඵල නෙලාගන්න පුලුවන් තරම් කාලයක් ඒ සමග රැදී ඉන්න ඕන... දියුණු වෙන්න shortcuts නැති බවත් ඒ සදහා කාලයක් යන බවත්ට් තේරුම් ගන්න ඕන...)
කොහොම වුනත් tsu.co official launch එක වෙලා මාසයක් ඇතුලට ලෝකේ site rank වලින් 5000 ගානකට ඇවිත් තියනවා.. සාමාජිකයන් මිලියනයක් එකතු කරගන්න facebook සමාජජාලයට මාස 10 කට වඩා ගත වුනත්, tsu.co එය මාසයක් ඇතුලත සිදුකරගෙන තියනවා..
කොහොම හරි tsu.co වල මුල්ම Payment Proof එක ඊයේ තමා ලැබුනේ.. ඒ 'කෙවින් හින්කල්' කියන සාමාජිකයට කරපු ගෙවීම' ඔහු මුල් $$100 දවස් 29ක් ඇතුලත උපයාගෙන තිබුනු අතර, මේ වනකොටත් දෙවනි $100 දවස් 9ක් ඇතුලත උපයාගෙන තියනවා...
මම හිතුවා එයා කරපු video එක share කරන්න. මොකද මගේ මුල් thread වලින් මම පොරොන්දුවුනා payment proof තිබ්බොත් දානවා කියලා... ඉතින් ඒකට පහත video එක බලන්න...
අන්තිමට හැමෝටම එක දෙයක් කියන්න හිතුනා.. ඕනම දෙයක් සාර්ථක කරගන්න කාලය යෙදවීම හා කැපවීම අවශ්‍යයි... ඉවසිලිවන්තව තම අරමුණ කරා දීර්ගකාලීනව වැඩ කරන අය තමා අන්තිමටම ජයග්‍රහණය කරන්නේ...
හැමෝටම ජය ප්‍රාර්ථනා කරනවා..
Previous Threads on tsu:
~ What is tsu.co ~
~ tsu Guide ~
Last edited:





