පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි

    පාවිච්චි කරපු වෑන් එකක් ගන්නේ මෙහෙමයි
    800px-Toyota_Liteace_Van_001.JPG

    යාලුවෝ කීප දෙනෙක්ම කිව්වනේ වැන් ගැන නූලක් දාන්න කියලා. ඔන්න ඉතින් අද එකක් දැම්මා. ත්‍රෙඩ් දෙකක, පලවෙනි කොටස විදිහට තමයි මේක දාන්නේ.
    මුලින්ම හිතන්න ඕනේ වෑන් එකක් ගන්නේ ඇයි කියලා. වෑන් එකක් ගන්න එක හේතුවක් තමයි ස්කූල් සර්විස් එකක් කරන්න, හයර් යන්න, ඩිලිවරි යන්න, හෝ වෙනත් බිස්නස් එකක් පටන්ගන්න වගේ හේතුවක්. අනිත් උවමනාව තමයි ගෙදර කට්ටියටම යන්න පුලුවන් වාහනයක් උවමනා වීම.

    ඕකෙන් පළවෙනි ඛාන්ඩයට ඕනි වෙන්නේ ලොකු වෑන් එකක්. දෙවෙනි කට්ටියට නම් පොඩි වෑන් එකක් ඇති. එහෙනම් මුලින්ම උවමනාව මත ලොකු වෑන් එකක්ද පොඩි වෑන් එකක්ද කියන එක තීරණය කරන්න ඕනේ. හැබැයි ඉතිං පව්ලේ 12 ක් විතර :growl: ඉන්නව නම් ගෙදර කට්ටියට එහෙ මෙහෙ යන්නත් පොඩි වෑන් එකක් හරි යන්නෙ නැ. ඔන්න ඔය තෝරා ගැනීමෙන් පස්සේ ගන්න ඉන්න වෑන් එක ගැන අනිත් කරුණු හිතන්න ඕනේ. ඒවා මම අංක පිලිවෙලින් දාන්නම්.

    1) ඩීසල් වෑන් එකක් ම වෙන්න ඕනේ - මොකද පැට්‍රල් ගහලා වැන් පාවිච්චි කරන්න අමාරුයි. ඒ නිසා ඩීසල් වෑන් විතරක් ගන්න.

    2) jeslow (කාගෝ වෑන්) වැන් එකක් ගන්නවද - මිනිස්සු ගෙනියන්න නම් jeslow වැන් හරි යන්නෙ නෑ. එව්නාට මේවා ගනං අගඩුයි. ඒ නිසා බඩු ගෙනියන වගේ බිස්නස් වැඩකට නම් මේකක් හොයල ගන්න එක ලාබයි. මේවගේ පිටිපස්සේ එක සීට් එකකට විතරයි ඉඩ තියන්නේ. එතනින් පිටිපස්සේ කොටස ටිකක් උසයි. මොකද එතනින් පිටිපස්සේ කොටස හදලා තියන්නේ මඩ්ගාඩ් එකට උඩින් තියන විදිහට. ඉතිං ඔතන සීට් ගැහුවොත් ඒවා උස වැඩි.
    ඒ නිසා අපේ අයියලා කරන වැඩේ තමයි ඔය තට්ටුව පහත් කරනවා. ඒ කිව්වේ කපලා පහලින් වෑල්ඩින් කරනවා. ඊට පස්සේ නොදන්න බයියන්ට ජෙස්ලෝ එකක් කියන්නේ නැතුව වැඩි මිලට විකුණනවා. අන්න ඒ නිසා බලන්න jeslow පහත් කරලද තියන්නේ කියලා. මොකද නැත්තං ලක්ෂයක් හෝ ඊට වැඩි ගණනක් ඔයාලා නිකරුනේ ගෙවයි. ආයි ඒක විකුණන්න ගියහම දෙන්න වෙන්නේ jeslow එකක මිලට තමයි.

    3) දිරුම් - පරණ වෑන් එකක් ගන්නව නම් දිරුම් ගැන හිතන්න ඕනේ. අපේ අයියලා දිරුම් වහන්න හරි රුසියෝ. කැට්ලෝ වලින් පුරවලා දිරුම් වහලා දෙනවා. ටික කාලෙකින් බඩු බනිස්. මුලින්ම බලන්න උඩ දෙපැත්තේ පීලි දිරලද කියලා. දිරල නම් ගන්න එපා. මොකද ඕවා කෙලින් හිටින්න පාස්ස ගන්න අමාරුයි. අනිත් එක පීල්ල දිරල නම් ඊට උඩින්, වගේම යටිනුත් දිරුම් ඇවිල්ලා ඇති. එතකොට වැඩ ගොඩයි. දිරල කියලා පේන්න නැත්තං ඒවා කෙලින් තියනවද කියලා ඇහැ තියලා බලන්න ඇදයි නම් ඒක දිරලා හදපු එකක් වෙන්න පුලුවන්. ඇද නැත්තම් පීල්ල දිගේ අතගාලා බලන්න කැට්ලෝ වලින් පුරවපු තැන් අහුවෙනවද කියලා. එහෙම අහු වෙනව නම් හිතාගන්න පුලුවන්නේ කරල තියන වැඩේ.
    අනිත් කාරණය තමයි වීදුරු අතර තියන කණු. ඕව දිරල නම් ඒත් හදාගන්න කරදරයි. ඒ නිසා ඒවත් අතඅරින්න. අනිත් තැන් වල සුලු සුලු මළකඩ කෑම් හෝ සුලු දිරුම් තියනව නම් එච්චර ගැටලුවක් නැ. නමුත් ඒවා පුරවලා හදපු නැති තැන් කියලා තහවුරු කර ගන්න ඕනේ. යට පැත්තේ සාමාන්‍ය දිරුම් තියනව නම් ඒවා හදාගන්න පුලුවන්. ඒ නිසා ඒවා පෙන්නලා ගාන තව 20 කින් 30 කින් වත් අඩු කර ගන්න.

    4) තට්ටු කරන්න ඕනෙද - ඔව් තට්ටු කරලා බලන්නේ කැට්ලෝ වලින් පුරවලද කියලා. එහෙම පුරවල නම් කාඩ් බෝඩ් පෙට්ටියකට ඇගිල්ලකින් තට්ටු කරහම වගේ ඩොග් ඩොග් ගාලා සද්දයක් එනවා. තව වැඩි විස්තර ඕනෙ නම් රත්තරංගේ මෙන්න මේ නූල බලන්න. http://www.elakiri.com/forum/showthread.php?t=1489574 ඒත් වෑන් එක පරණ නම් හැමදේම නිවැරදි එකක් හොයාගන්න අමාරුයි. ගත්තට පස්සේ පොඩි පොඩි වැඩ ටිකක් තියෙන්න පුලුවන්. අපි බලන්න ඕනේ අඩුම වැඩ තියන වාහනයක් ගන්න.

    5) කිලෝමීටර් ගාන බලන්න ඕනෙද - අව්රුදු 10 කට වඩා පරණ වාහනයක නම් කිලෝමීටර් ගාන බලන එක අමුම අමු බොරු වැඩක්. මොකද ඕවා අපේ අයියලා වෙනස් කරලයි තියන්නේ.

    6) එන්ජිම බලන්නෙ කොහොමද - මෙන්න ඒ ගැන අපේ රත්තරං ලොක්කා දාපු නූල http://www.elakiri.com/forum/showthread.php?t=1561575 මේක බලන්න. තව දෙපැත්ත ෆුල් කපලා බලන්න ටක ටක ගාලා සද්දයක් එනවද කියලා. එහෙම එන්නේ සීවී ජොයින්ට් වලින්. සමහර විට ඒවගේ කාලෙ හරි වෙන්න පුලුවන්. තව ස්ටාට් කරලා ක්ලච් එක දීලා බලන්න. එතකොට ක්ලච් ප්ලේට් එකේ කාලෙ හරි නම් දැනගන්න පුලුවන් වෙන්න ඕනේ. පොඩි කන්දක යන්න පුලුවන් නම් ගිහින් බලන්න. එතකොට අඩු ගියර් එකකදී ක්ලච් එක ස්ලිප් කරනවා දැනෙනවා. එහෙනම් ක්ලච් ප්ලේට් දාන්න වෙනවා. තව පැදල බලන්න ගියර් පණිනවද කියලා. එහෙම නම් ගියර් බොක්ස් එක හදන්න වෙනවා.

    7) තව මොනවද බලන්නේ - තරමක් මිල වැඩි එකක් නම් ඒසී, පවර් ස්ටීරියන් වැඩද බලන්න ඕනේ. තව පවර් ශටර් තියනව නම් ඒව වැඩ කරනවද කියලා බලන්න ඕනේ.

    8) කලින් ෆිනෑන්ස් එකකින් උස්සපු එකක්ද - ඒක දැන ගන්න එක නම් ඒ හැටි වැදගත් නැති වෙන්න පුලුවන්. නමුත් ෆිනෑන්ස් වලින් උස්සලා යාඩ් වල තියනකොට කෑලි උස්සන වැඩ, වගේම වැඩකරන ස්විච් වලට එහෙම වැඩ නැති බඩු හයි කරන අවස්ථා වැඩී. අනික බැටරි මාරු කරලා සව්ත්තු බැටරි දාලා තියනවා.

    9) වහලය බලන්න ඕනෙද - අනිවාර්යෙන්ම. පුටුවක් තියල නැගලා වහලෙ බලන්න. නැත්තං ෆුට්බෝඩ් එකේ නැගලා වහලේ බලන්න, එතනදි දිරලද, ඇද ගහලද කියලා බලන්න ඕනේ.

    10)ටයර් ගැන බලනවද - ඔව් ඒත් ඒවා බලන්නේ අන්තිමට. වාහනේ හිතට වැදුනනම් ටයර් ගෙවිලද කියලා බලනවා. බලලා තට්ටෙ වෙන්න ලගයි නම් ඒකට ගානක් සාධාරණ විදිහට අඩු කරලා ගන්න බලනවා.

    එහෙනම් අදට ඔච්චරයි. ගන්න පුලුවන් හොද වෑන් ජාති ගැන කියලා තව නූලක් දාන්නම්. ඒකෙදී බිස්නස් එකක් පටන් ගන්න ලක්ෂ 2 හෝ 3 කට ගන්න පුලුවන් වෑන් වල ඉදලා ඉස්සරහට තියන වෑන් ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් ආයුබෝවන්!

    කලින් මම වාහන ගැන දාපු නුල්.
    ලක්ෂ 10 ට අඩුවෙන් වාහන හොයන අයට
    වාහන පිස්සංට සර්විස් මැනුවල් ඕනෙ නම්
    කාබන් ෆයිබර් කාර්
     
    Last edited:

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    වැදගත් පොස්ටුවක් මචන්.. මගෙත් අදහසක් තියෙනවා ඩොල්පින් කෑල්ලක් ගන්න.. මේ පොස්ටුවෙන් වැදගත් දෙයක් දැන ගත්තා.. දැන් ඩොල්පින් එකක් කීයක් විතර වෙනවද බන්? REP+6
     
    • Like
    Reactions: Mr.Tom

    Sry.com

    Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    වැදගත් පොස්ටුවක් මචන්.. මගෙත් අදහසක් තියෙනවා ඩොල්පින් කෑල්ලක් ගන්න.. මේ පොස්ටුවෙන් වැදගත් දෙයක් දැන ගත්තා.. දැන් ඩොල්පින් එකක් කීයක් විතර වෙනවද බන්? REP+6

    16-23 wage maye hithe bolan
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වැදගත් පොස්ටුවක් මචන්.. මගෙත් අදහසක් තියෙනවා ඩොල්පින් කෑල්ලක් ගන්න.. මේ පොස්ටුවෙන් වැදගත් දෙයක් දැන ගත්තා.. දැන් ඩොල්පින් එකක් කීයක් විතර වෙනවද බන්? REP+6

    16-23 wage maye hithe bolan


    තවම අඩුවක් වෙලා නැද්ද මචන්
    ...:eek:

    KDH එක අඩු වුන නිසා තව අඩු වෙන්න ඕනෙ මචං 1990 එකක් පහලවාමාරකට වත් ඉල්ලන්න ඕනේ. ඉස්සරහට ඊටත් අඩුවෙන් යයි මගේ හිතේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    එල එල මචං උබ දිගටම පාවිච්චි කරපුවා ගැන දාලා ......... පාවිච්චි කරපු ගනු ගන්න නම් කියන්න එපා අපිට
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල එල මචං උබ දිගටම පාවිච්චි කරපුවා ගැන දාලා ......... පාවිච්චි කරපු ගනු ගන්න නම් කියන්න එපා අපිට

    :lol::lol: නෑ මචෝ පාවිච්චි කරපු ටූත් බ්‍රෂ් එකක් ගන්න කිව්වත් ගෑනියෙක් නම් ගන්න කියන්නෙ නෑ. ගැනූ නම් ඉතිං බ්‍රෑන් නිව්ම තමයි.
     

    hector@troy

    Well-known member
  • Apr 29, 2013
    6,723
    530
    113
    තුසර පුරය
    :lol::lol: නෑ මචෝ පාවිච්චි කරපු ටූත් බ්‍රෂ් එකක් ගන්න කිව්වත් ගෑනියෙක් නම් ගන්න කියන්නෙ නෑ. ගැනූ නම් ඉතිං බ්‍රෑන් නිව්ම තමයි.

    පිස්සුද යකෝ පාවිච්චි කරපුවා තමා හොද.:yes:එන්ජින් පදම් කර කර ඉන්න ඕනේත් නෑනේ:P...ගත්ත වෙලාවේ ඉදන් පදින්න තියෙන්නේ...;)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    පිස්සුද යකෝ පාවිච්චි කරපුවා තමා හොද.:yes:එන්ජිම් පදම් කර කර ඉන්න ඕනේත් නෑනේ:P...ගත්ත වෙලාවේ ඉදන් පදින්න තියෙන්නේ...;)
    :shocked::shocked::shocked::eek:
     

    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :cool: ඇති යන්තන් දේශපාලු නුලක් නැතුව වැදගත් දෙයක්