වාහනේ ලෙඩ නැතුව ගමනක් යන්න නම්

machan :D

Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    :cool:වචන නැත :love:, එළකිරි ත්‍රෙඩ් එකක් බන්:yes: , කමෙන්ට් කලාට ස්තූතී සහෝ :D කියන්න එපා සහෝ හරිය :P
     
    • Like
    Reactions: Mr.Tom

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,617
    2,122
    113
    Ela post ekak machan.
    mata poddak kiyapanko CVT gear oil eka hariyata check karala maru kara ganna hati poddak,KM kiyen witharada CVT gear oil eka maru karanna oni?
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වැදගත් පෝස්ට් එකක් මචන්. සෑහෙන්න වටිනවා.

    ස්තුතිය් මචන්!!
     
    hansaka

    Junior member
  • Mar 7, 2007
    159
    6
    18
    නියමයි මචෝ පට්ට පොස්ට් එකක් :love: .rep++ වාහනේ ලෙඩක් අවොත් සිරාවට ගරාජ් බස්ලට කලින් උබලව මතක් වෙන්නේ මොකද කරන්නේ ඕනෙ කියලා අහගන්න.මට පුළුවන් නම් මේකට උපදෙසක් දෙන්න.ලගදි සර්විස් එකට දැම්මහම පිටිපසේ රෝද 2කෙ break wosher වලින් පොඩි oil leak එකක් තියනව කියලා කිව්වා නිසා මම බසෙකුට දීල අලුතෙන් පිටිපස්සේ 2කෙම වොශේර් දාල මාරු කරගත්ත.මෙන්න්න බොලේ පහුවෙනිදා බලද්දී බ්රේක් oil ටික ගිහිල්ල අඩියටම:confused:.මාරු කරපු දෙකෙන් පිටිපස්සේ දකුණු අත පැත්තෙන් තමා oil ටික ගිහින් තිබුනේ.ඊට පස්සේ ආයේ අරන් ගියා බාසා ගාවට.:angry:ඌ කලේ ආයේ අර leak උන පැත්තට වොශේර් අලුතෙන් දාල හුලන් ඇරල oil පිරෙව්ව එක.එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි නත්තම් අයේ oil leak වෙලා තිබුනොත් සිලින්ඩරේ මාරු කරන්න වෙයි කියල, සිලින්ඩරෙන් වෙන්න ඕනෙ යනවා ඇත්තේ කියලා.දැන් වැඩේ කියන්නේ oil කොහෙන්වත් පේන්න leak වෙන්නෙත් නෑ.oil කෑන් එකෙන් oil අඩු වෙලත් නෑ.වාහනේ breakuth නෑ :baffled:(අර තිබ්බ විදිහම තමයි,අඩියටම පාගන්න ඕනේ) මම මොකද බන් කරන්න ඕනෙ.බාසා හරියට හුලන් ඇරල නැතුවද්ද? නැත්තම් ඌ කියන විදිහට සිලින්ඩරේන් පේන්නේ නැතිව oil leak වෙන්න පුලුවන්ද?
     
    sandunrulz.s

    Well-known member
  • Dec 2, 2011
    1,533
    508
    113
    34
    Haven

    pump එක අව්ල් ගහලද දන්නේ නැහැ ඒ පාර...pump එකේ අව්ලක් නම් සමහර වෙලාවට pump එක ලඟින් leak වෙනව.බලපන් එතන.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි:lol::lol::lol:

    වාහනේ හදල තියෙන්නේ බාසෙක් නෙමේ ගොන් බූරුවෙක්. තාම හුලන් තියෙනවා. එදා හරියට හුලන් ඇරලා නෑ

    වොශර් ගහනකොට බාසා දැනගන්න ඕනේ සිලින්ඩරේ කැපිලද බලන්න. යන්තම් ඉරක් ඇදිලනම් ඒ සිලින්ඩරේ වැඩක් නෑ. අනික වොශර් සෙට් එක දාන්න යන ගානට තව චුට්ටක් දැම්මනම් සිලින්ඩරේ සෙට් එක පිටින්ම ගත්ත හැකි (කම්පැනිදාන්න එපා, එලියෙන් ගනින් ඔරිජිනල් පාර්ට්ස්, කම්පැනියේ නමට ගනන්, විස්වාස කරනවනම් විස්වාස කරපන් අද වයිෆ්ගේ නංගිගෙන් car ටයර් එකකට 14800ක් ඉල්ලලා යුනයිටඩ් මෝටර්ස් එකෙන් මොකක්ද පිලිපීන් ටයර් එකකට. )

    තාම සිලින්ඩරේ ඇතුලේ හුලන්. ඔය මකබාස්ව අත ඇරලා ටෙක්නිකල් එකක ඉගෙනගත්ත තරුන කොල්ලෙක් සෙට් කරගනින් වැඩවලට
     
    Last edited:
    • Like
    Reactions: Mr.Tom

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    pump එක අව්ල් ගහලද දන්නේ නැහැ ඒ පාර...pump එකේ අව්ලක් නම් සමහර වෙලාවට pump එක ලඟින් leak වෙනව.බලපන් එතන.

    පම්ප් එක නෙමේ, මක බාසා ගම කාලා. වැඩේ කරපු හැටියෙන්ම පේනවා බාසගේ තරම

    ලංකාවේ බාස්ලා 10ක් වත් නෑ. ඉන්න සේරම හොරු. අපි දන්න චුට්ටවත් උන් දන්නේ නෑ. වාහන ගැන නොදන්න එකෙක් ගැරිජ් එකට ගියොත් වාහනෙත් කාලා අකෙත් පුරිනවා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ත්‍රෙඩ් එක එල...:yes::yes::yes: ඒත් පොඩි දේවල් ටිකක් එකතු කරන්න ඕනි...(මන් දන්න විදියට ):oo::oo:

    1. Timing Chain උනත් කාලයක් යනකොට මාරු කරන්න ඕනි... Tensioner එකේ Tension එක කාලයක් යද්දී අඩු වෙනවා.. පස්සේ Chain එක loose එකට දුවන්නේ.. ලූස් නිසා Chain එක පැනලා Timing වෙනස් උනොත් Sorry.com. :P:P අනික කාලයක් යනකොට Chain එකත් ඇදීමකට ලක් වෙනවා... එතකොටත් ඔය සිද්දියම වෙනවා.. එ නිසා ඔය Timing Chain තියෙන එන්ජින් සහිත වාහන පාවිච්චි කරන බුවාලා එන්ජිමේ සද්දේ ගැන අවදානෙන් ඉන්න ඕනි.. Milage වැඩිවෙන්න වෙන්න සද්දේ වැඩිවෙනවා නම් Timing Chain එකේ කාලේ හරි...

    2. Start කරන්න කලින් වගේම Start කරාට පස්සෙත් Oil ලෙවෙල් එක Check කරන එක හොඳයි... මොකද Start කරාට පස්සේ ඔයිල් engine එකේ හැමතැනටම pressure උනාම Oil Sump එකේ ඔයිල් ලෙවෙල් අඩු වෙනවා... Minimum level එකට වඩා අඩු උනොත් Pressure Drop වෙලා Engine එකට Sorry.com වෙනවා...:angry::angry::angry: (විශේෂයෙන් ඔය ටිකක් විශාල ප්‍රමාණයේ එන්ජින් තියෙන වාහන වල බලන්නම ඕනි..)

    3. Transmission Oil (Gearbox Oil) මාරු කරනකොට ඔය Automatic වාහන පාවිච්චි කරන ය සැලකිලිමත් වෙන්න ඕනි තමන්ගේ වාහනේ CVTද නැද්ද කියන එක ගැන... ගොඩක් CVT Gearbox වලට දාන Oil, Normal Automatic එකට දාන ඔයිල් එකට වඩා වෙනස්...:yes::yes:

    4. වැඩි ආරක්ෂාවට කියලා මුළු සිසිලන පද්ධතියටම Coolant දාන ගොන් වඩේ නම් කරන්න එපා.. Coolant දාන්න කලින් Coolant Bottle එකේ බලන්න ඒ Coolant වර්ගේ Pre Mixedද නැද්ද කියලා... Pre Mixed නම් අවුලක් නෑ සම්පුර්ණ පද්ධතියම Coolant දැම්මට.. නමුත් ගොඩක් Coolant වර්ග දාන්න කලින් ජලය එක්ක මිශ්‍ර කරන්න ඕනි (ප්‍රතිශතය අදාළ නිෂ්පාධකයා අනුව වෙනස් වේ.) මොකද නැත්තන් අදාළ Coolant එකට අවශ්‍ය කරන තාප ධාරිතාවය ගන්න බෑ....:eek::eek:

    5. ටයර් වල වායු පීඩනේ අනිවාර්යෙන්ම බලන්න ඕනි.. වැරදි වායු පීඩනයක් තියෙනවා කියන්නේ ටයර් ඉක්මනින් ගෙවෙන එකට අමතරව ලොකු අනතුරකට අතවැනීමක්... හ්ම්... High Speed Cornering, Braking වලදී ලොකු අනතුරක් වෙන්න පුළුවන්.. දැකල ඇතිනේ ඔය රේස් පදින අය්යල අන්තිම තත්පරෙත් ටයර් වල වායු පීඩනේ චෙක් කරනවා..:yes::yes:

    තව කෙනෙක් කියල තිබ්බ එයාගේ වාහනේ Brake සම්බන්ද ගැටළුවක්....
    අනේ කොල්ලෝ දවස් ගානක් කට්ට කාලා හරි , වැඩිපුර ගානක් වියදම් කරලා හරි කමක් නෑ වැඩ දන්න කෙනෙකුට වාහනේ පෙන්නපන්... Brake කියන්නේ උබයි මාරයයි එකට මුණ නොගස්සන්න ඉන්න පලවෙනි යාලුවා... මක බාස් කෙනෙක් හදපු Brake නිසා ලගින්ම ඇසුරු කරපු එල කොල්ලෙක් නැති උන නිසයි කියන්නේ... Brake අවුල් නම් වාහනේ ගෙදර තියලා බස් එකේ ගමන් බිමන් පලයන්...

    16. පිරිමියෙක් නම් රැචට් ටිකක්, සොකට් ටිකක්, අඩු මිටි ටිකක් ලග තියාගනිල්ලා. මාර ආතල් එකක් තියෙන්නේ යකඩ ගොඩක් අතගාද්දි.ඒකට ඉතින් ආසාවත් ඕනේ.

    දැන් ඉන්න කොල්ලෝ ඕව මොනාද කියල දන්නෙත් නෑ බන්... විශ්වාස කරපන් Peradeniya Engineering Faculty එකේ කොල්ලෙක් කාර් එකේ බැටරියේ බැහැලා කතා කරාම මන් කිව්වා ගලවලා Charge කරන්න දාපන් කියලා.. ආයේම විනාඩි 5කින් කෝල් කරලා මු අහනවා අයියා කරන්ට් වදීද කියලා... එහෙම උන් තමා දැන් ඉන්නේ...
    මට නම් දැන් ඕවා පේන්න බෑ :P:P කාපු කටුවල හැටියට .....
     
    • Like
    Reactions: SeriousGuy

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    නියමයි මචෝ පට්ට පොස්ට් එකක් :love: .rep++ වාහනේ ලෙඩක් අවොත් සිරාවට ගරාජ් බස්ලට කලින් උබලව මතක් වෙන්නේ මොකද කරන්නේ ඕනෙ කියලා අහගන්න.මට පුළුවන් නම් මේකට උපදෙසක් දෙන්න.ලගදි සර්විස් එකට දැම්මහම පිටිපසේ රෝද 2කෙ break wosher වලින් පොඩි oil leak එකක් තියනව කියලා කිව්වා නිසා මම බසෙකුට දීල අලුතෙන් පිටිපස්සේ 2කෙම වොශේර් දාල මාරු කරගත්ත.මෙන්න්න බොලේ පහුවෙනිදා බලද්දී බ්රේක් oil ටික ගිහිල්ල අඩියටම:confused:.මාරු කරපු දෙකෙන් පිටිපස්සේ දකුණු අත පැත්තෙන් තමා oil ටික ගිහින් තිබුනේ.ඊට පස්සේ ආයේ අරන් ගියා බාසා ගාවට.:angry:ඌ කලේ ආයේ අර leak උන පැත්තට වොශේර් අලුතෙන් දාල හුලන් ඇරල oil පිරෙව්ව එක.එත් ඒ වෙලාවේ බලනකොටත් break වදින්න අඩියටම පාගන්න ඕනෙ.ඌ කිව්වා ටිකක් පදිනකොට එක්කෝ හරියයි නත්තම් අයේ oil leak වෙලා තිබුනොත් සිලින්ඩරේ මාරු කරන්න වෙයි කියල, සිලින්ඩරෙන් වෙන්න ඕනෙ යනවා ඇත්තේ කියලා.දැන් වැඩේ කියන්නේ oil කොහෙන්වත් පේන්න leak වෙන්නෙත් නෑ.oil කෑන් එකෙන් oil අඩු වෙලත් නෑ.වාහනේ breakuth නෑ :baffled:(අර තිබ්බ විදිහම තමයි,අඩියටම පාගන්න ඕනේ) මම මොකද බන් කරන්න ඕනෙ.බාසා හරියට හුලන් ඇරල නැතුවද්ද? නැත්තම් ඌ කියන විදිහට සිලින්ඩරේන් පේන්නේ නැතිව oil leak වෙන්න පුලුවන්ද?

    1. යකෝ... දානකොට රෝද හතරේම Brake Washer එක පාර දාපන්... පස්සේ ඒවා මාරු කරාම ඉස්සරහ ඒවා පරණයි නම් ඒවා ඉක්මනටම සවුත්තු වෙනවා... පස්සේ සිලින්ඩර හොදට Pressure එක අල්ලන නිසා ඉස්සරහ තියෙන පරණ සීල් වලින් තම Pressure එක එලියට දාන්න හදන්නේ...

    2. වාහනේට නැගලා ස්ටාර්ට් කරන්නේ නැතුව පැඩල් එක දෙතුන් පාරක් පාගලා බලපන් පැඩල් එක ගල් එනවද කියලා.. නැත්තන් Master Cylinder එක චෙක් කර ගනින්... පැඩල් එක ගල් වෙනවා නම් ඇඟේ තියෙන මුළු ශක්තියම දාලා පැඩල් එක පාගගෙනම ස්ටාර්ට් කරපන් එන්ජිම.. පැඩල් එක බබා වගේ පහලට බහිනවා නම් Booster එකේ අවුලක් නෑ..

    3. වාහනේ යනකොට දෙතුන් පාර brake ගැහුවම ඊළඟ පාර පැඩල් එක පාගනකොට ස්පොන්ජ් එකක් පාගනකොට වගේ නම් ඕක හරි බාසෙක්ට දීල හරියට Bleed කරගනින්...
    (උබේ කේස් එක මේක වගේ...)

    4. රෝද වලින් ලීක් නැත්තන් එත් master Cylinder reservoir එකේ ඔයිල් අඩු වෙනවා නම් ගොඩක් විට Master Cylinder Rear Oil seal එකෙන් ඔයිල් ලීක් වෙනවා ඇති Booster එක ඇතුලට.. Booster එක ගලවලා බලපන් brake ඔයිල් තියෙනවද කියල ඇතුලේ.. ඔයිල් තිබේ නම් Booster එකයි pump එකයි දෙකම එකවැර දාපන්..

    උබලා brake ගැන මෙහෙම සරලව හිතනකොට මල පනිනවා බන්.. එකට හිටපු එකට බත් එක කාපු එකෙක් නැති උනා ඔහොම සිද්ධියක් නිසා.. එන්ජිම නැතත් කමක් නෑ brake තියෙනවද බලපන් ඉස්සර වෙලා...