2015 Jan 02 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    හිට්ලර්ගේ ඇමති මණ්ඩලය


    මැති ඇමතිවරු ඇමතිවරු - සීරුවෙන් සීරුවෙන්
    පෙන්වා දෙති වැසියනට - ලෙහෙසි නැති පහසු නැති
    කාරියක් බව රට පාලනය - රට පාලනය
    මැති ඇමති වරු සීරුවෙන් පෙන්වා දෙති
    වැසියනට ලෙහෙසි නැති පහසු නැති
    කාරියක් බව පාලනය රට පාලනය රට
    පාලනය රට පාලනය රට

    අපේ ගරු ඇමතිවරු නොමැති නම් දෙරණ මත
    ගොයම් බීජ අංකුර උඩ අතට නොව - මඩ යටට
    ඇදෙනවා සිකුරුයි
    දෙයියනේ
    සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි
    සත්තයි සත්තයි සිකුරුයි සිකුරුයි

    බල ශක්ති පාලනයටත්
    නොසිටින්න
    ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක් ලොක්කෙක්
    එන්නේ නැහැ එක අඟුරු කැටයක්
    මේ පොළෝ ගැබ තුලින් ඉහළට
    ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්
    ලොක්කෙක් නැත්නම්; නැත්නම් ලොක්කෙක්

    ආගමට සදාචාරෙට වගකියන උතුමන්
    ආයු බෝ නොවේ නම්
    නිසි කලට කිසි ලඳක් වෙයි ද ගැබ්බර සැකයි
    (කට කට කට)

    නොසිටින්න යුද ඇමති යුදයක්වත් පුළුවන් ද කෙරුමට
    නොසිටින්න යුද ඇමති යුදයාක්වත් කොරාවි ද
    ඔය අතර මේ ටිකත් සිතා බැලුවොත් හොඳයි
    මහ ඇමති ගේ අවසරය- මහ ඇමති ගේ අවසරය
    නොලැබුනෝත් නම් ඉතින්
    කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
    පායයි ද හිරු දෙවියෝ
    කුකුලා ගෙන අතින් පායයි ද හිරු දෙවියෝ
    පායයි ද හිරු දෙවියෝ
    එහෙම වුනොත් නැහැ කිසි සැකයක්
    පායාවි හිරු දෙවියෝ
    බටහිර අහසින් අගේට
    බටහිර අහසින් අගේට
    පායාවි හිරු දෙවියෝ
    බටහිර අහසින් අගේට

    මහ ඇමතිගෙ අවසරය නොලැබුනොත්
    ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
    ලෙහෙසි නැහැ පහසු නැහැ කම්හලක පාලනය
    නොමැති නම් කොටස් හිමියන්- බිත්ති පුපුරා බිම වැටී
    මළ බැඳී දිරා යාවී මැෂින්
    වදාරතී නිලදරුවෝ දරුවෝ
    නිලදරුවෝ දරුවෝ

    භක්තියෙන් වගකීමෙන්
    දේව බැල්මක් මහා අසිරියක්
    දේව බැල්මක් මහා අසිරියක්
    මිනිසා තවමත් නගුල් හැදුවත්
    මිනිසා තවමත් නගුල් හැදුවත්
    ගොවියෝ නොදනී- කිසිම හසරක්
    කිසිම හසරක්
    එහෙවු එකේ කැපවී මුළු හදින්
    ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
    නගුල දෙනවට ගොවියගේ ඔළුවට
    නගුල දෙනවට ගොවියගේ ඔළුවට
    ප්‍රචාරය දෙන කොම්පැනි වලට පිං
    කොම්පැනි වලට පිං

    නොසිටින්න කුඹුරු හිමියෝ කුමක් වෙයිදෝ කුඹුරු යායට
    අනේ දෙවියනි හෙලනු මැන නෙත් වී ඉහින කුඹුරු වල
    පොල් ගසුත් හිටවාවි ගොවියෝ
    රට පාලනය කිරීමත් ඒ තරම් සුළු වැඩක් නම්
    කෙස් පැලෙන මත ගෙනෙන
    ඔළුගෙඩි මොකට කෙරුමන්ට?

    යන්තරය දුවවන්න දුවවන්න
    දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
    යන්තරය දුවවන්න දුවවන්න
    දන්නවා නම් කම්කරුවෝ කම්කරුවෝ
    කුඹුරුක පිඟානක වෙනස තෝරා දෙන්න
    දන්නවා නම් ගොවියෝ - ගොවියෝ
    කොටස් හිමියන් ඉඩම් හිමියන් මිහිමතට තවත් මොකට ද?
    අපි හැමෝම තකතීරුවෝ
    අන්න ඒක නිසා තමයි
    කෙස් පැලෙනා මොළකාරයෝ
    අතළොස්සක් ඔන අපට
    කෙස් පැලෙනා මොළකාරයෝ
    අතළොස්සක් ඕන අපට

    සිතිය යුතුයි යළි යළි මේ ගැන අපිම
    ඇයි රට පාලනය මේ තරමට අසීරු
    සූරාකමින් බොරු කියමින් වැජඹෙන්න
    යංතම් හරි උගත්කමක් ඕනැ නිසාම ද?
    අපි හැමෝම තකතීරුවෝ
    අන්න ඒක නිසා තමයි
    කෙස් පැලෙනා මොළකාරයෝ
    අතළොස්සක් ඕන අපට

    අපි හැමෝම තකතීරුවෝ
    අන්න ඒක නිසා තමයි
    කෙස් පැලෙනා මොළකාරයෝ
    අතළොස්සක් ඕන අපට​
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මේ ගීතයනම් අද ලංකාවට නියමෙටම ගැලපෙනවා
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එසේනම් අදට සමුගන්නට අවසරයි මට...... සුභ රාත්‍රියක් වේවා සැමට.... මෙවර ඡන්දය වසර ගනනාවකට පරම්පරා ගනනාවකට බලපාන ඡන්දයක් හදවතට නොව බුද්ධියට ඉඩ දෙන්න. ප්‍රජාතන්ත්‍ර වාදය නැති රටක කිසි දිනක සාමයක් තිබුනේ නැත. ඔබ රට නැවත යුද්ධයකට යනවා දකින්නට අකමැතිනම් ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න..
    මෛත්‍රීය පෙරදැරි වූ යුගයක් ඇරඹේවා.. මේ රට මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු තැනක් වේවා!
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අපි හැමෝම තකතීරුවෝ
    අන්න ඒක නිසා තමයි
    කෙස් පැලෙනා මොළකාරයෝ
    අතළොස්සක් ඕන අපට
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    උපත 1945 ( එකදු කෙස් ගසක් සුදුවී නැත :- නිහතමානි කමේ නාමෙන් ):- ජනාධිපති 2005 ආරක්ෂක අමාත්‍යවරයා , මුදල් සහ ක්ර්මසම්පාදනය අමාත්‍යවරයා ,මහාමාර්ග අමාත්‍ය , වරාය සහ ගුවන් අමාත්‍ය 2010 වරාය සහ මහාමාර්ග අමාත්‍ය ,2010 නිතිය සහ සාමය පිළිබද අමාත්‍ය ,

    මිට වඩා තව මොන එකාධිපතිවාදයක්ද ?
    මෙතරම් අමාත්‍ය අංශ ප්‍රමාණයක් එක් ප්‍රද්ගලයෙක් තම සන්තකේ තියාගෙන බලලොබි පිස්සුවෙන් මත් විසිටින මෙම පවුල් ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි .....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    "ඇත්තෝ සහ නැත්තෝ"
    ඇත්තෝ
    කති බොති
    රගපාති
    උඩ පනිති
    දගලති
    රවට්ටති
    ගසා කති
    ඡන්දෙ ඉල්ලති
    ඉල්ලා පත්වෙති
    නැත්තෝ
    ලෙවකති
    හිගාකති
    හූල්ලති
    වදිති
    ඡන්දෙ දෙති
    නැවත
    හිගා කති
    උන් පස්සෙන් යති
    උන්ම පුදති
    බලා සැනසෙති.
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    නැකැත් රාල;17663700 said:
    එසේනම් අදට සමුගන්නට අවසරයි මට...... සුභ රාත්‍රියක් වේවා සැමට.... මෙවර ඡන්දය වසර ගනනාවකට පරම්පරා ගනනාවකට බලපාන ඡන්දයක් හදවතට නොව බුද්ධියට ඉඩ දෙන්න. ප්‍රජාතන්ත්‍ර වාදය නැති රටක කිසි දිනක සාමයක් තිබුනේ නැත. ඔබ රට නැවත යුද්ධයකට යනවා දකින්නට අකමැතිනම් ප්‍රජාතන්ත්‍ර වාදය වෙනුවෙන් ඡන්දය භාවිතා කරන්න..
    මෛත්‍රීය පෙරදැරි වූ යුගයක් ඇරඹේවා.. මේ රට මිනිසුන්ට ජීවත් වෙන්න සුදුසු තැනක් වේවා!

    කලින්ම...සුභ රැයක්...බුදුසරණයි!!!! :):)
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    උපත 1945 ( එකදු කෙස් ගසක් සුදුවී නැත :- නිහතමානි කමේ නාමෙන් ):- ජනාධිපති 2005 ආරක්ෂක අමාත්‍යවරයා , මුදල් සහ ක්ර්මසම්පාදනය අමාත්‍යවරයා ,මහාමාර්ග අමාත්‍ය , වරාය සහ ගුවන් අමාත්‍ය 2010 වරාය සහ මහාමාර්ග අමාත්‍ය ,2010 නිතිය සහ සාමය පිළිබද අමාත්‍ය ,

    මිට වඩා තව මොන එකාධිපතිවාදයක්ද ?
    මෙතරම් අමාත්‍ය අංශ ප්‍රමාණයක් එක් ප්‍රද්ගලයෙක් තම සන්තකේ තියාගෙන බලලොබි පිස්සුවෙන් මත් විසිටින මෙම පවුල් ආණ්ඩුව ගෙදර යැවිය යුතුයි .....

    :yes::yes: