ගායනය: අමරසිරි පීරිස්
සංගීතය : ආචාර්ය ප්‍රේමසිරි කේමදාස
වනමල්ය වනමල්ය තැන තැන ගිනි වැදි දැවෙනා වනමල්ය
මරු වැල්ය මරු වැල්ය නෙක නෙක රකුසු දත් නිය වැදි මරුවැල්ය
සිත සිත දවාගෙන නැගෙන නැගෙනා ගිනිදැල්ය
නෙත නෙත පැලී ගලනා උණු කඳුලැල්ය
සිරිලක් දෙරණ මත කදවුරු ලාගත්තු
පදක්කම් පැළදී නොපැළදී අලි ඇත්තු
කිරි වදිනා ගොයම් කෙත වැනසූ ඇත්තු
ලේ වැදි සිල්වතින් සැරසුණු බෝසත්තු
වනමල්ය වනමල්ය.......
කරුවල සඳ තරු කඩෙන කෑ මහ රෑට
ගිනිමල් පිපීලා හඬ දෙයි විටින් විට
කඳු කව්ලුවෙන් ලාහිරු එබෙනා පැයට
දැකගත් යෞවනය ගිනිගත් ටයර යට
වනමල්ය වනමල්ය.....
පුරන් කෙත මැදින් ගලනා පවනැල්ල
හැපි හැපි හඬයි තුරු හිස ඝන වන නිල්ල
යක්කු පිසස් රැල විත් කෑ මංකොල්ල
දෙවියනි බුදුනි පාළුයි සිරිලක් දෙරණ
වනමල්ය වනමල්ය.......