බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)
බුදුන් දහම් සඟ තෙරුවණ වැඳ අවසර රුගෙන සියල්
අසන් මහතුනේ අනාථ රටක ගැයෙන විරිදු සුරල්
(කේන්තියට කියන විරිඳු)
මේ අනාථ රට ඉස්සර සකල සිරින් පිරුණු රටක්
බුදුන් පවා පය තිබ්බා උතුම් හිතින් දෙතුන් විටක්
(බුදුන් උන්නෙ එහා රටේ)
රට රටවල මහ ඇත්තන් පතල මහා කරුණාවට
ඇවිත් එ’රට කළ කොඩිවින කපන්න බැහැ මේ කපේට
(කාගෙත් ඇස් යොමු වුනු රට)
ගෙරි හංකඩ එලා ගන්ට කොළඹට ආ පරංගියා
අපේ රටම හූරාගෙන උගේ රටට අරන් ගියා
(කොයි පරයත් එහෙම තමයි)
ඉඟුරු දීලා මිරිස් ගත්ත
මෝඩ අපේ රජ දරුවෝ ලන්දේසින් ඉංග්රීසින්
කැන්දාගෙන වින කොටුවෝ
(ඒක සැබැයි සැබැයි සැබැයි)
බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)
එදත් අදත් හෙටත් මිතුරු වෙස් අරගෙන පරයි එනව
දළදා මාළිගෙත් අරන් උන් දවසක යන්න යනව
(හෙටත් වෙන්න ඉඩ තියෙනවා)
කා ගන්නා අතර එකම රටේ ඉන්න සිංහයො කොටි
කෙළ හලනව තළු මරනව අල්ලපු රටවල හොටබරි
(උකස් කරල රන් දූපත)
පරෙයියන්ගෙ වෙස් ගත්තත් පරයො ඇහැකි අඳුනගන්ට
තමුන්ගෙ වාසියට මිසක් උන් ඒවිද පිහිට වෙන්ට
(පෙරුම් පුරන බෝසත්වරු)
පෘතුගීසි ලන්දේසී ඉංග්රීසි කාලෙ වගේ
කල දවසක් ආයෙ එතොත් මොකටද ලක් මෑණි මගේ
(ඒ පව අප පිට වැටේවි)
රට වටකර වැට බඳින්ට කැති මන්නා ගන්ට වෙනව
වැටට උඩින් පනින උන්ට මන්න පහර දෙන්ට වෙනව
(සාධාරණ පහරදීම)
සිහළු අපේ දෙමළු අපේ මුස්ලිම් මිනිසුනුත් අපේ
උන් කඳවරු බඳින දිනේ පරයන්ගේ බොටුව කැපේ
(අනාථ රට සනාථ වෙයි)
පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න.
සංගීතය - සරත් දසනායක.


ඕන නැති එකක නැහැ .......![]()

එහෙම අපේ කිඹුලට Attack කරන්න දෙන්න පුලුවන්ද? ඇඩෝව්........![]()





බේරගන්ට පුළුවන් නම් රජ දරුවන් හට ඔටුන්න
සූදානම් මහතුනි උන් පරයි එක්ක නිදි වදින්න
(රජ පුටුවේ මළත් සැපයි)




තිතක් තියන්න . oyalage pette pradharshanaya kare nedda??


මේක මොකක්ද ....අදමයි ඇහුවේ
ඒක පට්ට සිංදුවක් අෆ්ෆා. වැඩය පරණ නෑ ඔයා අහල නැති එකයි පුදුමේ
ෆට්ට කියන්නේ.... ෆට්ට .......
ඒක පට්ට සිංදුවක් අෆ්ෆා. වැඩය පරණ නෑ ඔයා අහල නැති එකයි පුදුමේ