ඕපාදූප නෙවෙයි බං මේව අපිටත් හොඳ පාඩම් අයියේ..ස්තුතියි මගේ ඕපාදුප කියවල ගුණාගුණ කියනවට..
පොල්වත්ත අංකල් කිව්වා වගේ කොච්චර අලුත් හොඳ වාහනයක් උනත් Tools ටිකක්, Jump Start Wire එකක්, හෑන්ඩ් ලයිට් එකක්, Silicone Glue, Super glue, Insulation Tape, Thread Seal, Cable Ties වගේ දේවල් ටිකක් නැතුව කොහේ හරි දුර ගමනක් යන්න මට අවුල් වගේ බන්.. උබලටත් එහෙම මානසික ලෙඩක් තියෙනවද?



ලියන්න හිටියේ වෙන කටුවක් ගැන උනත් වැනට් එක සදා අමරණීය නිසා ඒ ගැනම මේකත් කියන්න හදන්නේ.
මේකත් 13 අංකය සහිත මගේ අතිජාත මිත්‍ර වැනට් එක ගැනයි..
එදා මගේ ලඟම ඥාතියෙක් පිටරට යන ගමනකට මේ කියන සහෝදරයව ගුවන්තොටුපොළට ඇරලවන්න උනේ මට. එකට හේතුව මුන් මගේ වාහනේ එයාර්පෝර්ට් ගියාට ඩීසල් ගහන්න වෙන්නෙත් මටම සහ හයර් එකක් මලාට ලැබෙන්නේ නැහැ. ඒ හින්ද රියදුරෙක් යවල තවත් පාඩු කනවට වඩා ඒ වගේ පරිප්පු නැව් බාන්න එකෙන්ම රියදුරා ලෙස ඉදිරිපත් වෙන්නේ මම.
මේ කියන දවසෙත් රට යන එකාවයි තනියට තවත් සහෝදරයෙකුයිත් දාගෙන ඔන්න එයාපෝර්ට් යන්න පිටත් උනා . ගුවන් යානය තිබ්බේ උදේ 5 ට. ඒ කියන්නේ අවම අපි එළිවෙන්න 3 ට වත් ගුවන් තොටුපොළට යා යුතුයි. කිසිම කරදරයක් නැතුව මගේ වැනට් එක ගුවන් තොටුපොලටම අපිව අරන් ආව වැඩි සද්දයක් බද්දයක් නැතුව.
ඉස්සර කොටි කලබල තිබ්බ නිසා ගුවන් තොටුපොළට අතුල්වෙද්දීම සියලුම වාහන නවත්තල රියදුරාගේ සහ වාහනයේ සියලු විස්තර සටහන් කරගන්නවා . ඉතින් මමත් වාහන පෝලිමේ ඇවිත් හෙමින් සීරුවට වාහනේ පරික්ෂා කරන නිලධාරියා ළඟ නැවැත්තුව විතරයි යමක් පුපුරන සද්දයක් එක්ක වාහනේ යටින් වතුර පාරක් ගලාගෙන යන්න ගතපි. අත්දැකීමෙන්ම ඉතින් වෙලා තියෙන්නේ රේඩියේටර් හෝස් එකක් ගියා වගේ කියල මම දැනගත්ත. එතන වාහනේ නවත්තන්න විදිහක් නැති නිසාම හීට් ගේජ් එක මුදුනටම කෙලින් වෙද්දී හැකි ඉක්මනින් වාහනේ ගෙනිහින් ඇතුලේ පාර්ක් එකටම ගාල් කරේ දැන් ඉතින් පරිප්පු නැව බාන්න විදිහක් කල්පනා කරමින්ම තමයි.
රට යන එකා ඉතින් අපි එක්ක වාහනේ හදන්න ඉන්න බැරි නිසා අපිට සමුදීල ඌ යන්න ගියා. දැන් ගේම තියෙන්නේ මේ එළිවෙන ජාමේ මේක හදාගෙන ගෙදර අරන් යන්නේ කොහොමද කියන එක. සාමාන්යෙන් මගේ හැම වාහනේකම අත්‍යවශ්‍ය tools ටිකක් , යකඩ කපන කියත් තලයක් වගේ එව්වා මෙව්වා ටිකක් සහ මා විසින්ම නිර්මාණය කරපු බැටරියට ඇමිණිය හැකි hand light එකක් තැබීම මගේ සාමාන්‍ය පුරුද්දක්. මොකද අතරමග කරදරෙකදී මොකක්හරි තාවකාලික ගැටයක් ගහගෙන වාහනේ ගමට අරන් එන්න ඒවා හරිම ප්‍රයෝජනවත්. විශේෂයෙන් මගේ වාහන අද ගාල්ලේ තිබ්බොත් හෙට තියෙන්නේ අනුරාධපුරේ , පොළොන්නරුවේ වගේ . සාමාන්යෙන් හැම වාහනෙම මාසෙට කිලෝමීටර 3000 ට එහා දුවනවාමයි.. තමන් නොදන්නා ගරාජ් එකක වාහනේ වැලුත්වැඩියාවක් කරනවා කියන්නේ එක පැත්තකින් ඉහල ගාස්තුවකට යටත් වීමට සිද්දවෙන වගේම වගකීමක් නැති කටයුත්තක් නිසා අතරමග කඩෙන වාහන තමුන් දාන්න කියන විශ්වාසදායී ගරාජ් එකට රැගෙන යාම හැම අතින්ම වාසි සහගතයි.
උදේ 8 වෙද්දී වාහනය වෙනද දුවන chocolate delivery hire එකකට දිය යුතුම නිසා රේඩියේටර් හෝස් එක හදාගෙන හැකි ඉක්මනින් නැවත ගමට යා යුතුයි.. නැත්තම් dual ac තියන වෙන වාහනයක් එම කාර්ය සඳහා යවන්න ඕන. එත් ඒ දවසේ හැටියට එතනට යවන්න free වාහනයක් මා ගාව තිබ්බේ නැහැ. ඒ හින්ද යැවිය යුත්තේ vanette එකමයි. ප්රශ්නය බරපතල නිසා මම කාලය නාස්ති නොකර වැඩේට අත ගැහුවා.
බොනට් එක ඇරලා බැලුවට හියපු හෝස් එක ඇහැට පෙන්නේ නැහැ. යටින් ගිහින් බැලුව එත් පෙන්නේ නැහැ. එත් වතුර දැම්මම දිය ඇල්ල වගේ ඔක්කොම යටින් වැක්කෙරෙනවා. වැනට් එකේ ඉස්සරහ සීට් දෙක ගලවන්න තියෙන්නේ මිලිමීටර් 13 ඇන 8ක්. වහාම ක්‍රියාත්මක වෙන විදිහට සීට් දෙක ගලෝල එළියෙන් තියල බොනට් එකත් ගලවල දැම්ම එක විනාඩියෙන්..
hand light එකක් ලං කරලා බැලුවාම අඟල් 3 ක් වගේ හෝර්ස් එකක් දෙකට මැද්දෙන් පැලිලා. හරියටම මේ පින්තුරේ මම ඊ තලෙන් පෙන්නලා තියෙන්නේ ඒ හෝර්ස් කෑල්ල.
[/URL][/IMG]![]()
දැන් වටේම ඉන්න රියදුරු මහත්තුරු වටවෙලා උපදෙස් ගොඩයි. උදේ 9 වෙනකම් ඉඳල පාර්ට්ස් කඩයක් ඇරියාම හෝර්ස් එක අරගෙන දාගෙන යන්නලු.. බාස් කෙනෙක් හොයාගෙන ඇවිත් මාරු කරගන්නලු.. ගෑස්කට් ගිහිල්ලලු...නානාප්‍රකාර අවවාද ගොඩයි.. ඒ මදිවට ගමේ දන්නා කියන හයර් ගිය වාහන දෙක තුනක රියදුරු මහත්තුරුත් ඉන්නවා වටේ . උන්ට නම් හෙන සන්තෝසයි වැඩේට. මොකද මම කිලෝමීටර් ගානට හයර් දුවන එකට ගෙඩියට හයර් දුවන එවුන් ටිකක් මලෙන් උන්නේ මා එක්ක.
වාහනේ හදන්නනම් හෝර්ස් කෑල්ලක් අලුතෙන් දාන්න වෙනවා. එත් උදේ 8 ට වාහනේ යවන්නත් ඕන. මා එක්ක ආපු සහෝදරයා ඔලුවේ අත ගහගෙන බලන් ඉන්නවා කියන්න දෙයක් නැතුව. මමත් විනාඩි 5ක් ටිකක් එන්ජිම දිහා බලාගෙන කල්පනා කරා මොකද කරන්නේ කියල. ආව මසුරන් අදහසක්..
වාහනේ එහෙම තියෙද්දී පාර්ක් එකේ ටිකක් එහෙට මෙහෙට ඇවිදලා හොයාගත්ත ලනු කෑල්ලක්. ලනු කෑල්ලෙන් මැනලා බැලුව රේඩියෙටරේ උඩ හෝර්ස් එක සහ යට හෝර්ස් එකේ දිග සහ ඒ ඒ හෝර්ස් අවශ්‍ය තැන් වලට හයි වෙන්න අවශ්‍ය අවම දිග. එහෙම බැලුවාම උඩ හෝස් එකෙන් අඟල් 3ක් කැපුවට ඒ තරම් අවුලක් නැහැ. අයෙත් හරියටම මැන්න . ඊට පස්සේ ගැලෙව්වා උඩ හෝස් එක. ගලවලත් අඟල් 3 කපුනයින් පස්සේ හයිවෙනකොට දිග ඇතිද කියල නැවතත් මැන්න . සියල්ල අකුරට නිවැරදියි. එත් වැඩේ වැරදුනොත් හෝර්ස් දෙකක් ගේන්න වෙනවා උදේ කඩයක් ඇරියාම. ඒ හින්ද ඉතාමත් හොඳින් කල්පනා කරලා නිවැරදිව ගත යුතු තීරණයක්..ඒ හින්ද අයෙත් ටිකක් කල්පනා කරලා ආයෙත් හෝර්ස් එක නිකම් තියල බැලුව අඟල 3 කපුනාම දිග ඇතිද කියල.. වැඩේ සාර්ථකයි. වටේ ටිකට් නැතුව ෂෝ එක බලන එවුන් දැන් හිතන්නේ මට පිස්සු කියල. ගිහින් තියන හෝර්ස් එක එහෙමම තියෙද්දී ලනුවක් අරන් එන්ජිම වටේ මනින එකෙක් දිහා ඉතින් මිනිස්සු පිස්සෙක් දිහා බලන විදිහට බැලුවාම ඒක ඒ තරම් අසාධාරණ නැහැ.
කැපුවා අඟල් 3 විතර කොටසක් මහා හෝර්ස් එකෙන්. කපල ඉවර වෙලා ඉස්සෙල්ලම උඩ හෝර්ස් එක ක්ලිප් දෙක දාල හයි කරා.. වැඩේ සාර්ථකයි. කැපුන අඟල් 3 කෑල්ල හයි කරා පුපුරපු හෝර්ස් එක වෙනුවට. පාර්ක් එකෙක් තියන රෙස්ට් රූම් එකේ ටැප් එකෙන් වතුර ගෙනල්ල පිරෙව්වා.. වැඩේ අති සාර්ථකයි.. හනික හයි කරා බොනට් එක.. සීට් දෙක හයි කරා.. කාර් වොෂ් liquid එකත් අරන් ගිහින් රෙස්ට් රූම් එකෙන්ම අත් දෙක සොදගත්ත.. වටේ හිනා වෙවී බලන් උන්නු රියදුරු පිරිසට මෙහෙම කිව්වා.
![]()
ඇහෙන්න කිව්වේ නෑ . හිතෙන් එහෙම කිව්වා...
වාහනේ සියල්ල හොඳින් තිබ්බට රේඩියේටර් මුඩිය භාගෙට තද කරේ.. ඒකට හේතුව ටෙක්නිකලි කියනවනම් බොහෝදුරට වාහනේක රේඩියේටර් හෝර්ස් එකක් පුපුරලා යන්නේ වතුර ලයින් එක ඇතුලේ හෝර්ස් වලට දරාගත නොහැකි අනවශ්‍ය pressure එකක් ඇතිවෙනකොට. ඒ අනවශ්‍ය pressure එක නිදහස් වෙනවා රේඩියෙටරේ මුඩිය භාගෙට වැහුවාම . හැබැයි හරියටම තහවුරු කරලා දැනගන්නකම් හෝ සුපුරුදු ගරාජයට ගෙනියනකම් වාහනේ හීට් ගේජ් එක ගැන වඩා සැලකිලිමත් වෙනවා වගේම සැරින් සැරේට අඩුවෙන වතුර රේඩියෙටරේට පුරවන්න ඕන. නැත්තම් එන්ජිමට හානි වෙන්න පුළුවන්. සියල්ල යහපත් ආකාරයෙන් තිබ්බ නිසා ගෙදර ඇවිත් පුපුරපු හෝර්ස් එක හොඳින් ඇතුලෙන් පරික්ෂා කරලා බලල තීරණය කරා ඒක පුපුරලා තියෙන්නේ පරණ වීම නිසා කියල. වතුර බෝතලයක් රේඩියේටර් කටට තියල ගෑස්කට් එක ලීක් ද කියලත් හොඳින් බලල රේඩියෙටරේ මුඩිය තද කරලා වාහනේ delivery එකට යැව්වා. පස්සේ සර්විස් කරපු වෙලාවක පොඩි හෝර්ස් කෑල්ල ඔරිජිනල් එක අරන් දැම්ම.
අනේ ඉවරයි කියල හිතුවට ඉවර නෑ ..13 වැනට් එක ගැන තව කතන්දර ගොඩයි..

උඹලගේ වයසේ එවුන් අපිට අන්කල් කියල වයසට යවන්න හදන්නේ මොකද දන්නවද. උඹල දත කාගෙන ට්‍රයි කරන කෙල්ලෝ අපේ වයසේ එවුන්ට හෙන ඉන්ට්‍රෙස්ට් හින්ද උඹලට තදින් ඉරිසියාව.![]()



පට්ටයි මචං උඹගේ අත්දැකීම් වලින් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝමයි. උඹනම් මිනිහෙක් නෙවෙයි යකෙක් බං.![]()



උඹලගේ වයසේ එවුන් අපිට අන්කල් කියල වයසට යවන්න හදන්නේ මොකද දන්නවද. උඹල දත කාගෙන ට්‍රයි කරන කෙල්ලෝ අපේ වයසේ එවුන්ට හෙන ඉන්ට්‍රෙස්ට් හින්ද උඹලට තදින් ඉරිසියාව.![]()


සල්ලි හින්ද මිසක් වෙන හේතුවක් හින්ද නෙමෙයි අංකල් , ඔබතුම පස්සෙන් කෙල්ලෝ එන්නේ.. 

ඔව් ඉතින් කෙල්ලෝ අපි පස්සෙන් එද්දීත්, අපි ගණන් උස්සනකොට උන්ට සෙට් වෙන්න වෙන්නේ අංකල්ලා එක්ක තමයි.. අනික අපි මේ ලඟදි ජොබ් වලට එන්ටර් උන එවුන්නේ.. අපි තාම දුප්පත් කොල්ලෝ.. අංකල්ලා වගේ අවුරුදු ගණන් වැඩ කරපු අය ගාව හොඳට සල්ලි තියෙන හන්දා දැන් ඉන්න කෙල්ලෝ අන්කල්ලට කැමති..සල්ලි හින්ද මිසක් වෙන හේතුවක් හින්ද නෙමෙයි අංකල් , ඔබතුම පස්සෙන් කෙල්ලෝ එන්නේ..
![]()












පට්ටයි මචං උඹගේ අත්දැකීම් වලින් අපිට ඉගෙන ගන්න දේවල් බොහෝමයි. උඹනම් මිනිහෙක් නෙවෙයි යකෙක් බං.![]()
වර්තමාන සමාජයේ ජීවත් වෙන්නනම් යක්කු වගේ වෙන්න වෙනවා බන්. නැත්තම් නිකම්ම අපි හාවෝ වෙනවා.


නිසාන් ටීඩා එකක් පර්මිට් එකට ආපු එකක් අඩුවට ගත්තා අරන් විකුනන්න. වාහනේ ගත්තේ ඕපන් පේපර්ස්. කොහොම හරි හොද කුට්ටියකුත් කඩාන වාහනේ ට්‍රාන්සර් කරගන්න පොරොන්දුව මත තව අංකල් ඩයල් එකකට ඕක තල්ලු කරලා දැම්මා. සියල්ලෝම සුවෙන් සතුටින් ඔන්න අව්රුදු 5කටත් එහා ජීවත් උනා. දවසක් හවස ගොම්මන් වැටෙන වෙලාවක ඩිෆෙන්ඩර් එකක් ඇවිත් මිදුල මැද්දේ නවත්තලා 5ක් විතර බැස්සලු සට සට ගාලා. මෙන්න බොලේ ඒක ඇතුලේ ඉන්නවා අර ටීඩා එකේ මුල් අයිතිකාරයා නිකන් අස්සයා මැරිච්ච කව් බෝයි වගේ. ඌ අර අරන් විකුනපු බුවා දැක්ක ගමන් එක පාටම කියපි මූ තමයි කියල. ඔන්න ඉතින් ඌටත් කක්ක බරයි චූ බයයි එකපාර ෆෝම් උනාලු. බැලින්නම් ඒ සෙටෑර් එකම අපරාද විමර්ශන එකෙන්. පර්මිට් කාර් එකක් අරගෙන මොන ලබ්බක් වෙන්නද ගියලා හිතාගෙන මම ඉහත කියපු බුවා ගුටිකන මූන දාන් ඉන්නවලු. පොලිස් මාමා ඇහුවලු කෝ කාර් එක කියලා. හොද වෙලාවට අව්රුදු 5ක් ගිහිනුත් වික්ක බුවාගේ විස්තර සහ "ලියා අත්සන් කරදෙන කුවිතාන්සිය" තිබ්බ. පස්සේ මුල් අයිතිකාරයයි. මම කියන බුවයි ඩිෆෙන්ඩර් ටුවර් එකක් ගියාලු අලුත් අයිතිකාරයා හොයාන. යනකොට ටහිකෙයි කියන්නේ ඌත් කාර් එක විකුනලලු උගේ ඔෆිස් එකේ බුවෙක්ට. තාමත් පොලිසියෙන් කටක් හොල්ලන්නේ නෑලු මොකද උනේ කියල. අනේ ඉතින් අවසන් වතාවට ඇට දෙකට තට්ටුවක් එහෙම දාලා බයවෙන්න එපා කිය කියා බුවා ඉන්නවලු වාහනේ. කොහොමහරි දැන් තුන් දෙනෙක් පටෝගෙන ගියාලු අලුත් බුවා හොයාගෙන. යනකොට අන්කල් ඩයල් එකක් ඉන්නවලු. කාර් එකත් බැබලි බැබලි තියෙනවලු.රත්තරං;17834477 said:
මෙන්න තව කතාවක්
ඕපන් පේපර්ස් වාහන විකුනලා ටිංකිරි ගා ගැනීම
මේ කතාව 2005 (2006ද මන්ද ) ටීඩා එකක් විකුනලා වෙච්ච සන්තෑසියක්. ඔන්න එක බුවෙක්නිසාන් ටීඩා එකක් පර්මිට් එකට ආපු එකක් අඩුවට ගත්තා අරන් විකුනන්න. වාහනේ ගත්තේ ඕපන් පේපර්ස්. කොහොම හරි හොද කුට්ටියකුත් කඩාන වාහනේ ට්‍රාන්සර් කරගන්න පොරොන්දුව මත තව අංකල් ඩයල් එකකට ඕක තල්ලු කරලා දැම්මා. සියල්ලෝම සුවෙන් සතුටින් ඔන්න අව්රුදු 5කටත් එහා ජීවත් උනා. දවසක් හවස ගොම්මන් වැටෙන වෙලාවක ඩිෆෙන්ඩර් එකක් ඇවිත් මිදුල මැද්දේ නවත්තලා 5ක් විතර බැස්සලු සට සට ගාලා. මෙන්න බොලේ ඒක ඇතුලේ ඉන්නවා අර ටීඩා එකේ මුල් අයිතිකාරයා නිකන් අස්සයා මැරිච්ච කව් බෝයි වගේ. ඌ අර අරන් විකුනපු බුවා දැක්ක ගමන් එක පාටම කියපි මූ තමයි කියල. ඔන්න ඉතින් ඌටත් කක්ක බරයි චූ බයයි එකපාර ෆෝම් උනාලු. බැලින්නම් ඒ සෙටෑර් එකම අපරාද විමර්ශන එකෙන්. පර්මිට් කාර් එකක් අරගෙන මොන ලබ්බක් වෙන්නද ගියලා හිතාගෙන මම ඉහත කියපු බුවා ගුටිකන මූන දාන් ඉන්නවලු. පොලිස් මාමා ඇහුවලු කෝ කාර් එක කියලා. හොද වෙලාවට අව්රුදු 5ක් ගිහිනුත් වික්ක බුවාගේ විස්තර සහ "ලියා අත්සන් කරදෙන කුවිතාන්සිය" තිබ්බ. පස්සේ මුල් අයිතිකාරයයි. මම කියන බුවයි ඩිෆෙන්ඩර් ටුවර් එකක් ගියාලු අලුත් අයිතිකාරයා හොයාන. යනකොට ටහිකෙයි කියන්නේ ඌත් කාර් එක විකුනලලු උගේ ඔෆිස් එකේ බුවෙක්ට. තාමත් පොලිසියෙන් කටක් හොල්ලන්නේ නෑලු මොකද උනේ කියල. අනේ ඉතින් අවසන් වතාවට ඇට දෙකට තට්ටුවක් එහෙම දාලා බයවෙන්න එපා කිය කියා බුවා ඉන්නවලු වාහනේ. කොහොමහරි දැන් තුන් දෙනෙක් පටෝගෙන ගියාලු අලුත් බුවා හොයාගෙන. යනකොට අන්කල් ඩයල් එකක් ඉන්නවලු. කාර් එකත් බැබලි බැබලි තියෙනවලු.
ඔන්න දැන් සියල්ලෝම එකට තියල පොලිස් මාමා කතාව කිව්වලු
එදා දවල් ඉස්කෝලේ වෙලාව ඉවරවෙන්න කලින් ට්‍රැෆ්ක් එකේ තිබ්බ කාර් එකක පිටිපස්සේ සීට් එකේ කෙල්ලෙක් හරහට වැටිල ඉදල තියෙනවා දැකල තියෙනවා ඒ ට්‍රැෆික් එකේම එහා පේලියේ තිබ්බ වාහනේක කෙනෙක්. කෙල්ලගේ කොන්ඩෙත් අවුල් වෙලා ගව්මත් ටිකක් ඉස්සිලා තිබිල තියෙන්නේ. අව්රුදු 17ක කෙල්ලෙක්. කොහොම හරි මේ දිහා ඌ බලනකොටම කාර් එක විදල ගිහින්, මූ 119 ගහලා සිද්දිය කියලා. පොලිසිය හිතලා තියෙන්නේ කෙල්ල උස්සලා කියලා. වෙලා තියෙන්නේ මේ අංකල් කාරයගේ දුව ඉස්කෝලෙදි අසනීප වෙලා මූ ගිහින් එක්ක ඇවිත්. එනකොට මේකිට තියෙන කුලප්පුවට සීට් එකේ හරහට නිදියන් ඇවිත්. කෙල්ල දිහා බලනකොට අංකල් හිතලා තියෙන්නේ අරූ බෑනා වෙන්න බලනවා කියල
අංකල් කාරයා උගුර එහෙම පාදලා දුවේ කියපි.. මේ වැස්සි අගේට ගේ ඇතුලේ ඉදන් ආවාලු එලියල. අනේ ඉතින් අපේ බුවා වාහනේ ගත්ත එකාගේ ජාතිය ඇමතුවලු ගෙදර ආපු ගමන්ම දුරකතන මාර්ගෙන්
ඔහොම සීන් එකක් නිසා හොදයි. මර්ඩර් එකක් එහෙම දීලා වාහනේ තමන්ගේ නමට තිබ්බොත් ඉතින් ඌට අපේ අල්ලා දෙවියන්ගේ පිහිටයි
මේක දැකලා මටත් දෙයක් කියන්න හිතුනා. ස්ථානය හා ඊවෙන්ට් එක කියන්නේ නැතුව ඉන්නම්. මොකද තාම පොලෝසියෙන් මේක ගැන හොයනවා. හැබැයි එළකිරියේ සමහර අය දන්නවා ඊවෙන්ට් එක මොකක්ද කියලා..
ඔන්න ඉතින් එදා අපි කට්ටියම සෙට්වෙලා ඒ තැනට යන්න පිටත් වුනා. අපි කොහේ ගියන් ඉතින් බයික් වලින් තමයි යන්නේ. කිසි කරදරයක් නැතුව කොළඹ වටේම ගිහින් අන්තිමට විහාරමහාදේවී පාක් එක ගාව කට්ටියම හිටියේ. එක පාරටම කොහේන්ද මන්දා අාපු KDH VAN එකක් DRIFT කරා කියපන්කෝ මහ පාරේ. මල හු*** කියන්නේ කුරුදුවත්ත පොලෝසියේ ලොක්කා පාර එහා පැත්තේ හිටියා. මෙන්න මේකා මැසේජ් එකක් දුන්නා කියපන්කෝ.. මගෙත් එක්ක අනිත් බයික් එකේ හිටපු එකාට අනිත් ඔක්කොම ලයිසන් තියනවා බයික් ලයිසන් නෑ. හැබැයි පොර කලින් ආණ්ඩුවේ ලොකුම එකාගේ පුතාව අදුරනවා. ඒ නිසා බයක් නැතුව බයික් එක පදිනවා. අපිත් පොලිස් අවුලක් නැහැ කියලා එන්න පිටත් වුනා. ඉස්සරහට ගියා විතරයි 119 කාර් 2 ඇවිත් පාර හරස් කරලා නැවැත්තුවා. ඊට පස්සේ පොලිස් මාමලා තරගෙට බයික් වල යතුරැ ගලවන්න ගත්තා. අපි මේක දැක්කා විතරයි පුක කැඩිච්ච කඩි වගේ ඇරලා ගියා. ගිහින් ගිහින් කලර් ලයිට් එකක් ගාව නැවතුනා. ඉන්නවා ඉන්නවා මේක කොළ පාට වෙන්නේ නෑ. පිටිපස්ස හැරිලා බැලින්නම් 119 කාර් එක පිටිපස්සෙන් විදලා එනවා. මොන මාර්ග නිීතිද, ඇරියා රෙඩ් එකේම. ගිහින් ගිහින් අදුරන කොල්ලෙක්ගෙ ගෙයක් අස්සට බයික් ටික දාලා අපිත් එකක් ආපු එවුන් ටික ගනන් කරා. හුටා එතකොටයි දන්නේ 3 දෙනෙක් අඩුයි කියලා. දන්න දන්න එවුන්ට කතා කරලා බැලුවා එතකොටයි දැනගන්නේ 3 දෙනාම පොලිසියෙ කියලා. අර ලයිසන් නැති එකත් අහු වෙලා. ඒකනම් කමක් නෑ කියමු අනිත් ඩබල ආපු 400 එකයි 600 එකයි පොලිසියෙන් අරන් ගිහින්. ටිකක් රෑ වෙනකං ඉදලා ගියා පොලිසියට කොහොම හරි තුන්දෙනාව එලියට ගත්තා. හැබැයි බයික් දෙක දෙන්න නම් අදාල ලියකිවිලි ගේන්න කිවුවා. දෙකම 250 රෙජිස්ටර් කරලා තියෙන්නේ. දුක තමයි ඉතින්
අදටත් බයික් දෙක පොලිසියේ වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා....
මේක දැකලා මටත් දෙයක් කියන්න හිතුනා. ස්ථානය හා ඊවෙන්ට් එක කියන්නේ නැතුව ඉන්නම්. මොකද තාම පොලෝසියෙන් මේක ගැන හොයනවා. හැබැයි එළකිරියේ සමහර අය දන්නවා ඊවෙන්ට් එක මොකක්ද කියලා..
ඔන්න ඉතින් එදා අපි කට්ටියම සෙට්වෙලා ඒ තැනට යන්න පිටත් වුනා. අපි කොහේ ගියන් ඉතින් බයික් වලින් තමයි යන්නේ. කිසි කරදරයක් නැතුව කොළඹ වටේම ගිහින් අන්තිමට විහාරමහාදේවී පාක් එක ගාව කට්ටියම හිටියේ. එක පාරටම කොහේන්ද මන්දා අාපු KDH VAN එකක් DRIFT කරා කියපන්කෝ මහ පාරේ. මල හු*** කියන්නේ කුරුදුවත්ත පොලෝසියේ ලොක්කා පාර එහා පැත්තේ හිටියා. මෙන්න මේකා මැසේජ් එකක් දුන්නා කියපන්කෝ.. මගෙත් එක්ක අනිත් බයික් එකේ හිටපු එකාට අනිත් ඔක්කොම ලයිසන් තියනවා බයික් ලයිසන් නෑ. හැබැයි පොර කලින් ආණ්ඩුවේ ලොකුම එකාගේ පුතාව අදුරනවා. ඒ නිසා බයක් නැතුව බයික් එක පදිනවා. අපිත් පොලිස් අවුලක් නැහැ කියලා එන්න පිටත් වුනා. ඉස්සරහට ගියා විතරයි 119 කාර් 2 ඇවිත් පාර හරස් කරලා නැවැත්තුවා. ඊට පස්සේ පොලිස් මාමලා තරගෙට බයික් වල යතුරැ ගලවන්න ගත්තා. අපි මේක දැක්කා විතරයි පුක කැඩිච්ච කඩි වගේ ඇරලා ගියා. ගිහින් ගිහින් කලර් ලයිට් එකක් ගාව නැවතුනා. ඉන්නවා ඉන්නවා මේක කොළ පාට වෙන්නේ නෑ. පිටිපස්ස හැරිලා බැලින්නම් 119 කාර් එක පිටිපස්සෙන් විදලා එනවා. මොන මාර්ග නිීතිද, ඇරියා රෙඩ් එකේම. ගිහින් ගිහින් අදුරන කොල්ලෙක්ගෙ ගෙයක් අස්සට බයික් ටික දාලා අපිත් එකක් ආපු එවුන් ටික ගනන් කරා. හුටා එතකොටයි දන්නේ 3 දෙනෙක් අඩුයි කියලා. දන්න දන්න එවුන්ට කතා කරලා බැලුවා එතකොටයි දැනගන්නේ 3 දෙනාම පොලිසියෙ කියලා. අර ලයිසන් නැති එකත් අහු වෙලා. ඒකනම් කමක් නෑ කියමු අනිත් ඩබල ආපු 400 එකයි 600 එකයි පොලිසියෙන් අරන් ගිහින්. ටිකක් රෑ වෙනකං ඉදලා ගියා පොලිසියට කොහොම හරි තුන්දෙනාව එලියට ගත්තා. හැබැයි බයික් දෙක දෙන්න නම් අදාල ලියකිවිලි ගේන්න කිවුවා. දෙකම 250 රෙජිස්ටර් කරලා තියෙන්නේ. දුක තමයි ඉතින්
අදටත් බයික් දෙක පොලිසියේ වැස්සට තෙමෙනවා අවුවට වේලෙනවා....
