වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    උගතයුතු පාඩම නම් ඕපන් පේපර්ස් වික්කොත් වෘෂණ කෝෂ දෙකට හුඟාක් අගුනයි කියන එකයි.. ඊයෙත් ඉක්මන් එකේ තිබ්බ වන්ඩියකට කෝල් කරා බන්.. ඌ දාල තිබ්බ ගානේ හැටියට ගෙනල්ල මාසයක් යන්න කලින් ලක්ෂයක් තියන් දෙන්න තිබ්බ.. එත් මෑන්ස් ලෝයර් කෙනෙක් ..ජාතකේ එලි කරද්දී බැලුවාම අවුරුදු එකහමාරක් වාහනේ ඕපන් පේපර්ස්..අයිතිකාරයා කුරුනෑගල..වාහනේ දැන් තියෙන්නේ කළුතර.. වාහනේ එයා අරගෙන පාවිච්චි කරාලු අවුරුදු එකහමාරක්.. රතු ලයිට් එක පත්තු වෙද්දී ඕක ගෙනල්ල විකුණලා ලෙඩ දාගන්න බැරි නිසා අතෑරලා දැම්ම..


    ඕපන් පේපර්ස් තිබ්බත් ‍ක්ලොස්ඩ් තිබ්බත් කේස් එකක් නන් කොහොමත් කෙල වෙනව‍ා නේද? ඕපන් පේපර්ස් තිබ්බාම විශේශයෙන් අවුල් යන්නෙ ඇයි?
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    අලුත් වාහන වල පෙනුම විතරයි බන්, speed කරපු ගමන් හරි එක දිගට කන්දක් ඇදපු ගමන් හරි බොයිල් කරනවා. පරණ වාහන එහෙම නෙවෙයි, තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ඕන දුරක් , ඕන කන්දක් ධාවනය කරන්න පුළුවන් බන්. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :P:P:P අංකල් අලුත් වාහනයක් පැදලා නෑ එහෙනම්... අර අයිතිකාරයෙක් නැති GTR එක ඉල්ලගෙන වත් පැදලා බලන්නකෝ...:P:P:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හිතට හරි අමාරුයි බයික් දෙක තාම පොලිසියේ කිව්වම.. ඔව්ව එලියට ගන්න ඉතින් ක්‍රම සහ විදි නැතිවෙන්න විදිහක් නැහැ ඉතින් අපේ ආශ්චර්යමත් රටේ..

    :P:P:P:P:P එලියට අරන් දෙන්න තිබ්බ කලින් ආණ්ඩුව තිබ්බ නම්... හැබැයි සිද්දිය උන දවස් වලම කරගන්න ඕනි වැඩේ... :P:P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඕපන් පේපර්ස් තිබ්බත් ‍ක්ලොස්ඩ් තිබ්බත් කේස් එකක් නන් කොහොමත් කෙල වෙනව‍ා නේද? ඕපන් පේපර්ස් තිබ්බාම විශේශයෙන් අවුල් යන්නෙ ඇයි?

    කේස් තිබ්බොත් කොහොමත් කෙළවෙන්න තියෙන චාන්ස් එක වැඩියි.. එත් ඕපන් පේපර්ස් තියන වාහන ගත්තාම ගන්න එකා නීත්‍යානුකුලව ගත්ත වෙන්නේ පොතේ නම තියන එකාගෙන්. එත් විකුනන්නේ වෙන එකෙක්. ඒ හින්ද අපි දන්නේ නැහැ වාහනේ අයිතිකාරයා මෙයාට විකුනලද නැත්තම් උගස් තියලද එහෙමත් නැත්තම් කුලියට දීලද කියල . අපි ඉස්සරහ හඳුනුම්පතවත් බලල කොපියක් අරගෙන ට්‍රාන්සර් පේපර් එකට අත්සන් කරන තරම් විශ්වාසයක් තියන්න බැහැ නියම අයිතිකාරයා නොවෙන තුන්වෙනි පාර්ශවයකින් විකුණන වාහනේකට.
     
    • Like
    Reactions: GuneBhai

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    කේස් තිබ්බොත් කොහොමත් කෙළවෙන්න තියෙන චාන්ස් එක වැඩියි.. එත් ඕපන් පේපර්ස් තියන වාහන ගත්තාම ගන්න එකා නීත්‍යානුකුලව ගත්ත වෙන්නේ පොතේ නම තියන එකාගෙන්. එත් විකුනන්නේ වෙන එකෙක්. ඒ හින්ද අපි දන්නේ නැහැ වාහනේ අයිතිකාරයා මෙයාට විකුනලද නැත්තම් උගස් තියලද එහෙමත් නැත්තම් කුලියට දීලද කියල . අපි ඉස්සරහ හඳුනුම්පතවත් බලල කොපියක් අරගෙන ට්‍රාන්සර් පේපර් එකට අත්සන් කරන තරම් විශ්වාසයක් තියන්න බැහැ නියම අයිතිකාරයා නොවෙන තුන්වෙනි පාර්ශවයකින් විකුණන වාහනේකට.

    :):):)
     

    asankadinesg

    Well-known member
  • Mar 25, 2008
    5,084
    1
    1,278
    113
    බොරලැස්ගමුව
    උබල පනින්න හැදුවෙ නැත්තන් ඔය සීන් එක වෙන්නෙ නෑ බන්. පොලිසිය නැවැත්තුවොත් නවත්තපල්ල හොදට කතා කරපල්ල අපරාදෙ බන් :no:

    නෑ බං ‍කොල්ලෝ දෙන්නම මුස්ලිම්. OIC කාරය කිවුව සිංහල කොල්ලෝ දෙන්නෙක් නම් එදාම බයික් දෙකම රිලීස් කරනවා කියලා. මොනව කරන්නද ඒ දවස්වල මුස්ලිම් කේස් එක වැඩි දවස්නේ...
     

    name-X

    Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    ස්තුතියි මචෝ අද්දැකීම් බෙදාගත්තට !! වාහනය මාරුකරන්න වෙනවා කියනඑකනම් හිසරදයක් තමා !! අනික අද වෙනකොට පොත් හදනවා කියන්නම් සුලුදෙයක් වෙලා ! වාහනයක් ගන්නකොට information check කරන්න ඕනේ කොහොමද කියනඑක ගැන ඔයාලගේ අද්දැකීම් පොඩ්ඩක් විස්තර කරන්නකෝ .. අලුතින් නූ ලක් පටන් ගන්නකො , එක හැමෝටම වැදගත්වෙයි !!
     

    ishwick

    Member
    Aug 1, 2012
    1,555
    219
    0
    අලුත් වාහන වල පෙනුම විතරයි බන්, speed කරපු ගමන් හරි එක දිගට කන්දක් ඇදපු ගමන් හරි බොයිල් කරනවා. පරණ වාහන එහෙම නෙවෙයි, තල්ලුවක් දාල ස්ටාර්ට් කරගත්තාම ඕන දුරක් , ඕන කන්දක් ධාවනය කරන්න පුළුවන් බන්. :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol:
    කැත කට් එක
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පෙබරවාරි මාසේ වැඩකරන දවස් 20 යි තියෙන්නේ. දවස් 30ක් හෝ 31 ක් තියන මාස වල තියන work load එකම මේ දවස් 20 න් අදින්න ඕන. ඒ හින්ද පට්ට බිසී වෙලා ඉන්නේ මේ දවස් වල. ඔන්න ඊළඟ සිද්දිය මගේ සෙරීන එකක් ගැන.. වෙලාව රෑ 11.45 යි. එත් මේක දැන් නොලිව්වොත් තවත් කටු සිද්දියක් ලියන්න ඊළඟ සතිය වෙනකම් ඉන්න වෙනාවෝ...

    nissan_serena_5.jpg


    සිද්දිය උන අවුරුද්ද 2005 -2006 වගේ මතක විදිහට. ඒ වෙද්දී මගේ සෙරීන එකක් දුවන්න දාල තිබ්බ රජයේ ආයතනයකට. වාහනේ රෑට වෙනත් හයර් දුවල උදේට පර්මනන්ට් contract එකට යනවා. මේ කියන සෙරීන එක මාසෙට කිලෝමීටර් 4000- 5000 අතරේ දුවනවාමයි. එන්ජිම සීතල වෙන්න දෙන්නෙම නැහැ. දවල්ට පර්මනන්ට් රියදුරා දවල්ට දුවනවා, රෑට දුවන්නේ ටෙම්පරි රියදුරු මහත්තුරු. මේ සිද්දිය ලිව්වාම සමහර උදවිය කියාවි සෙරීන හොඳ නැහැ කියන්නේ ඕක තමයි කියල. එත් මම කියන්නේ සෙරීන සල්ලි හම්බුකරන්න සුපිරි වාහනයක් කියලයි. මොකද නඩත්තුවට යන්නේ මොහොම සුළු මුදලක් . අලුත්වැඩියා කරන්න ගියත් සෙරීන අමතර කොටස් අනෙකුත් ඒවාට වඩා මිලෙන් අඩුයි. රීකන්ඩිෂන් බඩුත් ඒ වගේම අනෙකුත් වාහන වලට සාපේක්ෂව ගණන් අඩුයි.

    එන්ජිම උණු වෙලා වැක්කෙරෙන්න දුවන සෙරීන එක මෙහෙම ලෙඩක් මට දෙන්නේ බොහොම කලාතුරකින්
    මේ කියන දවසේ ත්‍රීකුණාමලේ ඉන්න මගේ ලඟම ඥාතියෙකු අසනීප වෙලා ලෙඩා එක්කගෙන එන්න යන්න සිද්ද උනේ මට. රෙන්ට් එකට ගත්තු ලයිට් ඒස් එකක් contract hire එකට යවල මම කට්ටියත් දාගෙන Trinco යන්න පිටත් උනා. කිසිම කරදරයක් නැතුව හවස් වෙද්දී ට්‍රින්කෝ වලට ආපු අපි ලෙඩාවත් අරගෙන දකුණු පලාතට එන්න තීරණය උනේ පහුවදා. ඒ කියන්නේ අපිට එදා ට්‍රින්කෝ වල නවතින්න සිද්ද උනා. වාහනේ මේ වගේ ගමනක් මට යන්න සිද්ද උනොත් මම හැම වෙලාවේම රැය එලි කරන්න උත්සහ කරන්නේ වාහනේ ඇතුලේ. නැත්තම් කොහෙහරි කාමර කුලියට දෙන තැනක කාමරයක් ගන්නවා . වාහන මගේ උනාට මම යන්නේ රියදුරා විදිහටනම් මම ඒ චරිතය මනාව රඟපාන්න ඕන. ගමන යන එවුන්ට නැත්තම් රියදුරාට ගෙදර එකාටත් වඩා සලකන්න වෙනවනම් ඒ රියදුරා ඒ මිනිස්සුන්ට වදයක් විතරයි. මම මා ගාව වැඩකරපු සියලුම රියදුරන්ට දෙන පළමු අවවාදය නම් ගමනක් යන මනුස්සයෙකුගෙන් තේ එකක්වත් බලාපොරොත්තු වෙන්න එපා..අතින් වියදම් කරලා කාපල්ලා.. බීපල්ලා.. මම ඒ සියල්ල ගෙවනවා යන්නයි. ඒ හින්ද මේ කියන දවසෙත් හිතවතෙකුගේ බෝඩිමකින් වොෂ් එකක් දාගෙන හෝටලේකින් කොත්තුවකුත් බඩට දාගෙන ගමන ගිහිපු උදවිය ඉන්න ගෙදර පාර අයිනේ වාහනේ පාර්ක් කරලා මම වාහනෙම ඇලර්ට් එකක් දාන්න සෙට් උනා.

    දවස ටිකක් රස්නේ දවසක් නිසා නින්ද සනීපෙට එන පොටක් තිබ්බේ නැහැ. වෙනද වගේම මේ වගේ පරිප්පු නැව් වල නිදාගන්නේ AC එක දාගෙන නිසා වාහනේ ස්ටාර්ට් කරා AC දාගෙන නිදාගන්න . මෙන්න බොලේ ස්ටාටර් මොටරේ දුවන්නේ අමුතු සද්දයක් එක්ක. එත් හෙමින් ඇදී ඇදී ගිහින් ස්ටාර්ට් උන සෙරීන එක අමුතු සද්දයක් එනවා නිකම් බෙල්ට් එකක් හිරවෙලා වගේ. මම හනික එන්ජිම නැවැත්තුව. සුපුරුදු සද්දය නැත්තම් පළමුව කල යුත්තේ එන්ජිම ක්‍රියා විරහිත කිරීමයි. නැත්තම් එන්ජිමට යම් හානියක් වෙනවනම් ඒක උපරිම වෙනවා අසාමාන්‍ය තත්ත්ව යටතේ එන්ජිම ක්‍රියාත්මක වීමෙන්. මගේ නිදිමත වාෂ්ප උනේ දාඩිය දාගෙන. ඉන්නේ දුරු කතරක. උදේ යන්න තියෙන්නේ ලෙඩෙක් අරගෙන. ඒ මදිවට මෙන්න වාහනේ ලෙඩක් .

    මම වහාම සුපුරුදු විදිහට මගේ tools ටික එහෙම ලං කරගෙන මගේ hand light එකත් ගහගෙන වාහනේ ඉස්සරහ සීට් එක උස්සල සෙට් උනා scan පාරක් දාන්න. සෙරීන එකේ ඉස්සරහ සීට් දෙකම උස්සන්න පුළුවන් නිසා මේ වගේ අලුත්වැඩියා කටයුත්තකදී එන්ජිම නිකම් මෙසේ උඩ තිබ්බ වගේ.

    එන්ජිමට ආලෝකය සපයල ස්ටාටර් මොටරේ ගහල බැලුවාම තේරුනා පවර් ස්ටියරින් පම්ප් එක හිරවෙලා කියල. එන්ජිම දුවන්නේ පවර් ස්ටියරින් පම්ප් එකේ පුලිය කැරකෙන්නේ නැතුව. ඒ කියන්නේ එහෙම දිව්වොත් වැඩි වෙලාවක් යන්නේ නැතුව බෙල්ට් එක කැඩෙනවා. බෙල්ට් එක නැතුව පවර් ස්ටියරින් නැතුව ලෝකේ එහා කොනට උනත් එලෝන එක මහා කජ්ජක් නොවුනට සෙරීන එකේ එහෙම බැහැ . ප්‍රශ්නය තමයි සෙරීන එකේ වෝටර් පම්ප් එකත් දුවන්නේ පවර් සිටියරින් බෙල්ට් එකෙන්මයි. ඒ කියන්නේ පවර් ස්ටියරින් බෙල්ට් එක කැඩුනොත් වෝටර් පම්ප් එකත් නවතිනවා. ඊට පස්සේ ඕවර් හීට් වෙලා දුම දාල හෙඩ් ගෑස්කට් ගිහල්ල වැඩේ මහා ගහේම යන හැටි මට මැවිලා පෙනුන..

    782207-Car0038.gif


    මහා රෑ 12 ට නාදුනන ටවුමක පාරක් අයිනේ මට දැන් තඩි ප්‍රශනයක්.. මේක නිකම් තණකොළ මිටියයි , එලුවයි , කෝටියයි එක්ක ගඟෙන් එගොඩ උන කතාව වගේ ප්‍රශනයක්. හිර වෙච්ච පවර් ස්ටියරින් පම්ප් එක එක්ක දිව්වොත් වැඩිම උනොත් කිලෝමීටර 5ක් 10ක් යන්න පුළුවනි. ඊට පස්සේ බෙල්ට් එක කැඩිලා යන එක බුදු ෂුවර්.. පවර් ස්ටියරින් එක නැතුව බෙල්ට් එක පන්නල දිව්වත් උපරිම කිලෝමීටර 5ක් 10ක් යන්න පුළුවනි.. වෝටර් පම්ප් එක වැඩ කරන්නේ නැති නිසා ඊට පස්සේ බොයිල් කරලා කෙලින් වෙනකොට ගෑස්කට් එක බේරගන්න ගමන නවත්තන්න වෙනවාමයි...:P:P:P:P කෙලින් වෙනකොට කිව්වේ heat gauge එක යකුනේ..

    532d7b684046387201cc5d23147f36f6.jpg


    මේ සියලු තත්වයන් යටතේ උදේට ගම රට බලා යා යුතුමයි. සහයට අහසේ තිබ්බේ හඳ විතරයි. ඔලුව කම්මල වගේ.. එදත් එන්ජිම දිහා බලාගෙන ටිකක් වෙලා කල්පනා කරා..ගමන යන්නනම් පවර් ස්ටියරින් පම්ප් එකේ පුලිය අනිවාර්යෙන් එන්ජිමට සවිවී තිබිය යුතුමයි. පුලිය එන්ජිමට සවිවී තිබෙන්නට අවශ්‍යනම් පවර් ස්ටියරින් පම්ප් එක එන්ජිමට සවිවී තිබිය යුතුයි.. එත් හිරවෙච්ච පවර් ස්ටියරින් පම්ප් එකකින් මගේ කාර්ය සිද්ද වෙන්නේ නැහැ. ආව මසුරන් අදහසක්. ඉස්සෙල්ලම කරේ වෙනද වගේම කිසිම ලැජ්ජාවක් බයක් සැකක් විචිකිච්චාවක් නැතුව වාහනේ යටට ගිහින් පවර් ස්ටියරින් බෙල්ට් එක පන්නලා දැමීම

    මේ තියෙන්නේ සෙරීන එන්ජින් එකක්. කහ පාටින් පෙන්නලා තියෙන්නේ පවර් ස්ටියරින් පම්ප් එකේ පුලිය. පම්ප් එක තියෙන්නේ පුලියට පිටිපස්සෙන්. රතු පාටින් පෙන්නලා තියෙන්නේ වෝටර් පම්ප් එක. දෙකම දුවන්නේ එකම බෙල්ට් එකෙන්.

    cd%2020_zpsipnl9hex.jpg


    ට්‍රින්කෝ මිෂන් එකේ ඊළඟ පියවර උනේ බෙල්ට් එක නැතුව පවර් ස්ටියරින් පම්ප් එක අතින් කරකවා බැලීම . වැඩේ අනාතයි.. හෙමින් කරකවද්දී හිර නොවුනට හයියෙන් කරකවද්දී හිර වෙනවා. ඊළඟ පියවර හිතාගෙනම තමයි මම වැඩේට අත තිබ්බේ. පවර් ස්ටියරින් හෝර්ස් දෙක ගලවල පවර් ස්ටියරින් පම්ප් එකත් ගලවල ගත්ත අතට.

    මේ තියෙන්නේ එම භාණ්ඩය වගේ වෙන එකක්..

    images


    ඉන් පස්සේ පවර් ස්ටියරින් පොම්පයේ පිටිපස්සේ තියන ඇන සියල්ල ගලවල පවර් ස්ටියරින් පම්ප් එක පලු කරා..
    පවර් ස්ටියරින් පම්ප් එකක ඔයිල් ප්‍රෙෂර් වෙන්නේ කරකැවෙන රොටර් එකට සම්භන්ධ කරපු සුදුයකඩ හෝ විශේෂ මිශ්‍ර යකඩ වර්ග වලින් නිපදවූ යකඩ පතුරු කිහිපයකින්. නිරන්තරයෙන් කරකැවෙන මේ යකඩ පතුරු කාලයත් එක්ක ගෙවීමට ලක් උනාම තමයි පම්ප් එක හිර වෙන්න ගන්නේ. මට තිබ්බ එකම විසඳුම උනේ මේ පතුරු ටික අයින් කරලා පම්ප් එක තිබ්බ විදිහටම එන්ජිමට හයි කරන එක. එතකොට පවර් ස්ටියරින් නැතුව උනත් පුලිය කරකැවෙන නිසා වෝටර් පම්ප් එක ප්‍රයෝජනයට ගන්න පුළුවනි.

    මේ තියෙන්නේ ගලවපු වෙනත් වර්ගයක පවර් ස්ටියරින් පම්ප් එකක්.

    19.JPG


    පවර් ස්ටියරින් පම්ප් එකේ බ්ලේඩ් සියල්ලම ගලවල ඉවත් කරලා පම්ප් එක තිබ්බ වගේම එන්ජිමට හයි කරා.. පවර් ස්ටියරින් හෝර්ස් දෙකත් අමිනුව.. බෙල්ට් සියල්ල තිබ්බ තැන වලටම දාල තද කරා.. සියල්ල නිවැරදිද කියල නැවතත් හොඳින් පරික්ෂා කරලා වාහනේ ස්ටාර්ට් කරා. සියලු ලෙඩ සුවයි.. එත් ගමේ යන්නේ වෙන්නේ අතේ පවර් එකෙන් තමයි.. රෑ 12 ට උනත් සුටියට මොලේ යන්තම් කලඳක් වගේ තිබ්බ නිසා උදේ 4.30 වෙද්දී වැඩේ මුකුත් උනේ නැති ගානට ගොඩ. එත් අත් දෙකේ මජන්... අම්මියෝ ඒ ගැන නම් කියල වැඩක් නැහැ.. මම ඉතින් කාර් වොෂ් liquid එකෙන් වැඩි හරියක් කරන්නේ වාහන හෝදනවට වඩා අත හෝදන එක හින්ද එදත් ආපු ගෙදරම ටැප් එකක් ගාවට ගිහින් හෙමින් සීරුවට කාටවත් නොන්ඩි නොවී මජන් හෝදගෙන ඇවිත් AC එකත් දාගෙන පැය දෙකක් විතර සුපිරි නින්දක් දැම්ම.

    උදේ දෙයියනේ කියල කට්ටියත් දාගෙන ගම රට ඇවිත් පවර් ස්ටියරි නැතුවම තවත් සති දෙකක් වාහනේ දුවවල 4500ක් දීල recondition පම්ප් එකක් ගෙනල්ල දැම්ම වාහනේට.. පවර් නැතුව දුවපු සති දෙකට මගේ රියදුරාගේ අත් දෙක නිකම් ජෝන් සීනගේ අත්දෙක වගේ හැදිලා ආව. පවර් ස්ටියරින් වාහනයක් පවර් ස්ටියරින් නැතුව එලවන්න තියන අමාරුව දන්නේ ඉතින් එහෙම එලවපු උන්දැලාම තමා ඉතින්..

    මේකෙන් දෙන අවවාදය ...

    සමහර බාස්ල පවර් ස්ටියරින් පම්ප් එක හිර උනාම බ්ලේඩ්ස් ටික ගලවල අනෙක් පැත්ත දාල හයි කරලා දෙනවා ටික දවසක් දුවන්න පුළුවනි කියල. එව්වා බොරු වැඩ විතරයි හොඳේ.. හරිම විසඳුම නම් අලුතෙන් පවර් ස්ටියරින් පොම්පයක් දැමීමයි.. අමතක කරන්න එපා වාහනේ ආයුද කට්ටලයක් :growl:(කඩු කිනිසි , ගල් කටස් , T 56 ඒවා සහ 9mm නෙවෙයි හොඳේ ) සහ හෑන්ඩ් ලයිට් එකක් වගේම ඔටෝනම් ජම්ප් ස්ටාර්ට් කරන්න වයර් දෙකකුත් අරන් යන්න නිතරම..

    වෙලාව රෑ 1.40 යි මචන්ලා.. මම දොයි එහෙනම්..:love::love::love::love:


     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    අමතක කරන්න එපා වාහනේ ආයුද කට්ටලයක් :growl:(කඩු කිනිසි , ගල් කටස් , T 56 ඒවා සහ 9mm නෙවෙයි හොඳේ ) සහ හෑන්ඩ් ලයිට් එකක් වගේම ඔටෝනම් ජම්ප් ස්ටාර්ට් කරන්න වයර් දෙකකුත් අරන් යන්න නිතරම..

    කතාවනන් ඇත්ත. අවුල තියෙන්නේ ටූල් ටික තිබ්බත් වැඩේ කරගන්න මිකැනික් පැත්ත දන්නේ නැති එකනේ. :dull:
    +7
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile


    මේකෙන් දෙන අවවාදය ...

    සමහර බාස්ල පවර් ස්ටියරින් පම්ප් එක හිර උනාම බ්ලේඩ්ස් ටික ගලවල අනෙක් පැත්ත දාල හයි කරලා දෙනවා ටික දවසක් දුවන්න පුළුවනි කියල. එව්වා බොරු වැඩ විතරයි හොඳේ.. හරිම විසඳුම නම් අලුතෙන් පවර් ස්ටියරින් පොම්පයක් දැමීමයි.. අමතක කරන්න එපා වාහනේ ආයුද කට්ටලයක් :growl:(කඩු කිනිසි , ගල් කටස් , T 56 ඒවා සහ 9mm නෙවෙයි හොඳේ ) සහ හෑන්ඩ් ලයිට් එකක් වගේම ඔටෝනම් ජම්ප් ස්ටාර්ට් කරන්න වයර් දෙකකුත් අරන් යන්න නිතරම..

    වෙලාව රෑ 1.40 යි මචන්ලා.. මම දොයි එහෙනම්..:love::love::love::love:



    Thanks මචං. වෙනද වගේම උඹගේ අත්දැකීම් වලින් ඉගෙනගන්න දේවල් බොහෝමයි. :love:
     
    Status
    Not open for further replies.