එක එකාගේ රහ වෙනස්... මම කෝච්චියේ ගමන විඳින එකෙක්. ඒ මගේ හැටි. ට්‍රැක් එකෙන් ට්‍රෑක් එක පරිසරයත් වෙනස්. කෝස්ටල් එකේ එක පරිසරයක්.. බැටී ලයින් එක තවත් එකක්. ට්‍රින්කෝ තව විදියක්, පුත්තලම තවත් විදියක්. ඔය හතරෙම මුහුද සෙට් උනාට මිනිස්සු වෙනස්. වටපිටාව වෙනස්. ජීවන රටාව වෙනස්. කෑම බීම වෙනස්.. උඹට කෝස්ටල් එකේ යනකොට කවදාවත් අතේ ගුලිකරපු අලුත්ම අලුත් තල ගුලි (සවුකොලේ ඔතපු, පරණ වෙච්ච,පැකට් කරපුවා නෙමෙයි.) විකුණන්න එන්නේ නෑ නේව. ඒවා තියෙන්නේ බැටී යනකොට. බීෆ්, මට්න් සමෝසා එන්නේ නෑ නෙව. ඒවා එන්නේ පුත්තලම් යනකොට. ඔය ඔක්කොටම වඩා වෙනස් පරිසරයක් මේන් ලයින් එකේ තියෙන්නේ. මේන් ලයින් එකේ ඉස්සෝ වඩේකාරයෙක් සෙට් වෙන්නේ බොහෝම කලාතුරකින්. උන් සෑහෙන්න ඉන්නවා කෝස්ටල් එකේ. මේන් ලයින් එකේ උදේ හවස ඔෆිස් යන එකාටත් ග්‍රේට් වෙස්ටර්න්, නානුඔය, අඹේවෙල, පට්ටිපොල, ඔහිය ඔවුවා වල මෙලෝ රහක් නෑ. ඌ හැමදාම යන එන පාර නේ. අපි තමා හූල්ල හූල්ල බලාගෙන යන්නේ..