වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

polwattacom

Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    බම්ප් තාමත් හිමද මචො
    මේ හිම ඒක්කලා ගෙතුන කාතාවක් ඒහේම නැතෙයි

    හිමනම් දැන් පාරවල් වල නැහැ බන්. එත් සීතල සෙල්සියස් -10 . ආයෙත් හෙට හිම වැස්සක් වටෙනවලු.. හිම අඩි දහයක් වැටුනත් කමක් නැහැ බන් සීතල නැත්තම්. සීතල වැඩි කමටද මන්ද අද වාහනේ ABS ලයිට් එක ඔන් උනා. ඒ මදිවට D එකට දාල දුවද්දී උදේ ගියර් ඔටෝ මාරුවෙන්නෙත් නැතුව ගියා බන්. ඒ ගමන ගිහින් ඩීලර් සර්විස් එකට දාල ආව චෙක් කරන්න කියල. හිම එක්කල කතා ගෙතෙන්න එපා කියල ප්‍රාර්ථනා කරනවා මචන්. හිමත් එක්ක වාහන කට්ටක් කන්න උනොත් ඉතින් දෙයියන්ගේම පිහිටයි ..ගිය අවුරුද්දෙත් මේ කාලේ කාර් එක අයිස් ගොඩක් උඩ රවුමක් කරකැවිල අනු නමෙන් බේරුනා තාප්පේ වැදිලා කුඩු පට්ටම් නොවී.
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    http://www.elakiri.com/forum/showpost.php?p=17932978&postcount=3002

    ඒච්චර රහට නම් නැ නිකන් ඉන්න වෙලාවක කියවලා බලපල්ලා

    වැඩ කාරයොන්ට බොරු බෑ මචන්.. මේ ලෝකේ යම් ප්‍රශ්නයක් තියනවද එකට හරියන්න උත්තරත් කොතන හරි තියනවා මචන්. හම්බුකරන් කන වාහනේ ගියර් බොක්ස් එක ගලෝල දෙන මිනිස්සු මේ කලේ නෙවෙයි ඒ කාලෙත් හරි හිඟයි මචන්. ඒ වගේ මිනිස්සු අදහන්න වටිනවා. ඒ උතුම් මනුස්සයට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු..
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    වැඩ කාරයොන්ට බොරු බෑ මචන්.. මේ ලෝකේ යම් ප්‍රශ්නයක් තියනවද එකට හරියන්න උත්තරත් කොතන හරි තියනවා මචන්. හම්බුකරන් කන වාහනේ ගියර් බොක්ස් එක ගලෝල දෙන මිනිස්සු මේ කලේ නෙවෙයි ඒ කාලෙත් හරි හිඟයි මචන්. ඒ වගේ මිනිස්සු අදහන්න වටිනවා. ඒ උතුම් මනුස්සයට නිවන් සැප ලැබේවා කියල ප්‍රාර්ථනා කරමු..

    ඒක ඇත්ත මචන්.. සහ IDGගෙ තාත්තා ගොඩනගාගෙන තියෙන මනුස්සකම කොහොමද කියලා තේරෙනවා.ඒ නිසා තමයි එහෙම දේවල ලැබෙන්නෙ
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දැන් මාර සින් එකයි කොල්ලංට කුඩු ගැහුවා වගේ තමයි. තව තව ඕනෙ. දැන් ඉතිං කට්ටියම එක කතාවක් කියවලා ඊලග කතාව දානකන් බලාගෙන ඉන්නේ හරියට පොඩිකාලේ රොබින්හුඩ් යනකන් බලාගෙන හිටිය වගේ.:D
     

    DAstoner

    Well-known member
  • Jun 4, 2009
    1,587
    333
    83
    මේ ලෝකේ
    දැන් මාර සින් එකයි කොල්ලංට කුඩු ගැහුවා වගේ තමයි. තව තව ඕනෙ. දැන් ඉතිං කට්ටියම එක කතාවක් කියවලා ඊලග කතාව දානකන් බලාගෙන ඉන්නේ හරියට පොඩිකාලේ රොබින්හුඩ් යනකන් බලාගෙන හිටිය වගේ.:D

    ආයෙත් අහලා.. ඔන්න නවත්තන්න එහෙම හැදුවොත් හොයාගෙන ඇවිත් හිමේ ඔබනවා..අම්මපා..සහතිකයි.. :angry: :yes: :rofl: :P
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    images



    ලියන්න යන සිද්දිය උනේ 2007 අවුරුද්දේ මතක විදිහට. ඒ කාලේ මම රැකියාව කරේ කතරගම. දෙයියනේ කියල කතරගම දෙවියන්ගේ පිහිට ආරක්ෂාවෙන් ජීවත් වෙලා ආණ්ඩුවෙන් නිකම් ඉන්නවට දෙන පඩියෙන් කාල බීල සතියකට සැරයක් තමයි මේ කියන කාලේ ගෙදර ආවේ. ඉරිදා රෑ බස් එකේ කතරගම යන කොල්ල සිකුරාදා හවස බස් එකේ තමයි ගෙදර එන්නේ. නිල නිවාසයේ ජීවිතය සහ දුකට සැපට පනට පන සේ හිටපු ගෝල තැන උයන බත් එක මතක් වෙද්දී දැනුත් කටට කෙල උනන තරම්.:love::love::love::love:

    මේ කාලේ ඉතින් ගමේ කොයි එකාටත් කතරගම යන්න ඕන උන ගමන් කතරගම දෙවියන්ටත් කලින් මතක් වෙන්නේ මාව. ඒ ඉතින් නොමිලේ නවාතැන් සපයාගන්න ඕන නිසා. නිකමට උන්නද මැරිලද කියල හොයල බලන්න කෝල් එකක් දෙන්නේ නැති යාළුවො, හිතවතුන්, නෑදෑයෝ , යාළුවොන්ගේ යාළුවො, නෑයින්ගේ නෑයො ඇතුළු එකී මෙකි හැම එකාටම මාව එකාම කතරගම එන්න සෙට් උන ගමන් මා එක්ක මිතුරු දම්, නෑකම් අලුත් කරගන්න තත්පරයක්වත් ප්‍රමාද කරන්නේ නම් නැහැ. වැඩේට විතරක් කෝල් කරන සමහරක් එවුන් කතරගම එනවා කියල ආරංචි උන ගමන් නිල නිවාසයේ ගේට්ටුවත් ලොක් කරලා ඇතුලේ ලයිටුත් නිවාගෙන හිටපු අවස්ථා එමටයි. ඒවාට මගේ බාසාවෙන් කියන්නේ බලුකම කියල නෙවෙයි.. ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල් ගෙඩි කියලයි..

    ඔන්න ඉතින් මගේ ලඟම බොක්කෙම යාලුවෙක්.. ඒ කියන්නේ යාලු බනිස් ගෙඩියක් දවසක් හදිසියේ දුරකතනයෙන් කියාපි .. මචන් අපි හෙට කතරගම එනවා කියල.. මට වැඩේ ටිකක් අවුල්.. හේතුව මගේ බොක්කෙ යාලු බනිස් ගෙඩිගේ සෙරීන එක ඒ වෙද්දී ඇඩ්රස් නැතිවෙන්න හංගල තිබ්බේ ජුලියස් සීසර්ලගෙන් තිබුණු අදික ඉල්ලුම නිසා.

    පේදුරු තුඩුවේ ඉඳන් දෙවුන්දර තුදුවටම ඉන්න ජුලියස් සීසර්ගේ පරම්පරාවේ එවුන් පිස්සු බල්ලෝ වගේ අපේ එකාගේ සෙරීන එක අවුරුද්දකට වැඩි කාලයක් හෙව්වත් උන් ජිම් පප්පා ඉස්සරහ පරාද වෙච්ච සීසර්ගේ ගෝලයි වගේ හැමදාමත් පරාදයි..මගේ බොක්කේ යාලුවත් ඉතින් ජිම් පප්පට වඩා ටිකාක් විතර තඩි එකෙක්. දුරකතනයෙන් ඇහුනු විස්තර වලට අනුව සෙරීන එකේ ෆිනෑන්ස් ඇරියස් එක අන්තිම සතේටම ගෙවා දැමු සන්තෝසයට මාගේ බොක්කේ මිතුරාගේ සේරීනාව සහ ඔහුගේ ලඟම ඥාතියෙකුගේ ලොරි රථයක්ද පිරිවරින් පුරවාගෙන කතරගම දෙවිඳුන් බැහැ දැක්මට එන්නෙලු..:yes::yes::yes:

    කෝකටත් කියල මම කිව්වා අවරුද්දකට වැඩි කාලයක් දුවපු නැති වාහනේ එක පාරටම කතරගම එන්න හදන එකනම් නුවනට හුරු වැඩක් නෙවෙයි නේද කියල.. එත් මගේ මිතුරු තැන එව්වා පිළිගත්තේ නැති..:no::no::no:

    ලඟම හිතවත් මිතුරන් කතරගම එනවනම් එයාල මගේ නිල නිවාසය පාවිච්චි කරේ නිදහසේ අඩියක් ගහන්න විතරයි. අඹු දරු සියල්ලටම නවාතැන් සැපයුනේ මම දන්නා කියන ලැගුම්හල් වලින් පහසු මිලට. ඒ හා සමානවම මේ පිරිසටත් සියලු පහසුකම් සහිතව කාමර වෙන් කරපු මම දවල් කෑම එකත් වළඳලා නිල නිවාසයට වෙලා ඉද්දි හවස 3ට වගේ මිතුරාගෙන් දුරකථන ඇමතුමක් ආපි. නිකම් ඇමතුමක් නෙවෙයි..:growl::growl::growl::growl: ඇඟ සීතල වෙන ඇමතුමක්.. ඇමතුමට අනුව සෙරීනාවේ රේඩියේටර් ටැංකිය පිපිරී වතුර ගලනවාලු... අහවල් එක කෙලින් වෙලාලු.. ඒ කිව්ව් temp gauge එක H අකුර ගාවටම මුදුන් වෙලාලු.. දුම් ජාලාවයිලු.. සෙනග වටවෙලාලු... ඉන්නේ හම්බන්තොට පහු කරලලු..:no::no::no::no:

    දැන් යාලු තැන මගෙන් අහන්නේ මොකද මේකට කොරන්නේ කියල.. මොකක් කරන්නත් තියෙන්නේ විසඳුම් දෙකයි.. ඉන්නේ ගමන් ආරම්භයෙන් කිලෝමීටර් 150 ක් දුරින්.. ගමනාන්තයට කිලෝමීටර් 50ක් 60ක් දුරින්. විසඳුම් දෙකම මම යාලු තැනට දුන්න.. ලොරිය තියන නිසා එක්කෝ නඩේම දාගෙන ගෙදර ඇදන් පල.. නැත්තම් නඩේම දාගෙන මගේ නිල නිවාසයට ඇදන් වර ..

    ලේසිම දේ අඩු දුර ඇදන් එන එක නිසාත් වාහනේට හෙන ගැහුවත් ගෑනුන්ට කතරගම යන්න ඕන නිසාත් මුන් කිසිම භයක් නැතුව සේරීනාව මගේ නිල නිවාසයට ඇදන් එන්න තීරණය කරේ මම මොකක් හරිම එදා වේලක් අටවල ඕක ස්ටාර්ට් කරලා ගෙදර යවන බව මගේ මිතුරු තුමා ඒකාන්තයෙන්ම දන්නා නිසා..

    වැඩේ බරපතල කම දන්නා නිසා මම කඩ වහන්න කලින් ටවුමට ගිහින් පාර්ට්ස් කඩේකින් පැයෙන් වේලෙන හොඳම අපොක්සි ටියුබ් දෙකක්, වැලි කඩදාසියක්, අඟල් දෙක පළල පැකින් ටේප් රෝලක් එහෙම ගෙනල්ල වැඩේට ලැහැස්ති උනා.. හවස 7 වගේ වෙද්දී 20ක් 30ක් සෙනග පටෝගත්තු සේරීනාව වලිගය වගේ එල්ලගත්තු Toyoace ට්‍රක් රථය මගේ නිල නිවාසයට සැපත් වෙච්චි.. බොක්කේ යාළුවා ඇතුළු නඩයට නැව ගිලුනත් බෑන් චූං .. දැන් සේරීනාව මගේ මිදුලේ.. :growl::growl::growl:

    සෙරීනාව මට භාරදීපු අපේ කට්ටිය මැණික් ගඟෙන් නාකියාගෙන දෙවියන් වඳින්නට ගියේ රෑ බෝවෙන්න කලින් ඇවිත් සෙට් වෙන්න ඕන නිසා. උන් ගිය ගමන්ම මම වැඩේ පටාන් ගත්ත. මොකද ඇපොක්සි දාල පැය 24ක් වේලෙන්න තියන්න පුලුවනිනම් වැඩේ හුඟක් සාර්ථක නිසා..

    රේඩියෙටරේට ලං වෙලා බැලුවාම තමයි තේරුනේ උඩ ටැංකිය තැන් තුනකින් පැලිලා කියල.. :growl::growl::growl:

    මේ තියෙන කලුපාට ප්ලාස්ටික් කොටස් දෙක තමයි උඩ සහ යට ටැංකි දෙක

    serena_radiator_1_4.jpg



    පැලිච්ච තැන් වලට ගම් දාන්න කලින් කෝකටත් කියල වතුර හෝර්ස් එක අරන් රේඩියේටර් එක ඇතුලට දාල ටැප් එක ටිකක් සැරට ඇරියාම කට පිරෙන්න දුඹුරු පාටින් වතුර එනවා එලියට. ඒ කියන්නේ ලෝකයේ විශාලතම මලකඩ නිධිය සොයාගත් ලොව පළමු පුද්ගලයා මම කියන එකයි. :yes::yes::yes:

    රේඩියේටර් එකේ යට හෝර්ස් එකත් රේඩියේටර් කටින් පන්නල වතුර හෝර්ස් එක දැම්ම රේඩියේටර් හෝර්ස් එක ඇතුලට. වතුර හොඳට පිහදාල ටේප් රෝල අරගෙන වතුර හෝර්ස් එක රේඩියේටර් හෝර්ස් එකටම තියල ටේප් කරා ටැප් එක ඇරියාම වතුර එලියට නොඑන විදිහට.. ඊට පස්සේ රේඩියේටර් එකේ උඩ හෝර්ස් පන්නල එන්ජිමෙන් එලියට එන වතුර රේඩියෙටරේට ඇතුල් නොවෙන විදිහට පහලට හරවල ටැප් එක ඇරලා වාහනේ ස්ටාර්ට් කරා.. මෙන්න වැක්කෙරෙනවා දුඹුරු පාටට මලකඩ ගුලි ගුලි.. අවුරුද්දකට වැඩි කාලයක් එක තැනකට වෙලා සීසර්ලාගෙන් හැංගිලා හිටපු සේරීනාව අවුරුද්දක් පුරා එකතු කරගත්තු සියලු මලකඩ වතුර ලයින් වලින් එලියට ගිහින් ඉවර වෙන්න පැයක් විතර කාලයක් ගියා. ඒ සම්පුර්ණ කාලෙම වාහනේ Temp Gauge එක දිහා ඇහැ ගහගෙන ඉන්න උනා ඉතින්. ටැප් එකෙන් එක දිගට වතුර එනකම් වාහනේ එන්ජිමට හානියක් වෙන්නේ නැහැ යටින් ඇතුල්වෙන සීතල වතුර එන්ජිමේ රස්නය උරාගෙන උඩ හෝර්ස් එකෙන් එලියට වැක්කෙරෙන නිසා.. උඩ හෝර්ස් එකෙන් එලියට එන වතුරේ වර්ණය පිරිසිදු ජලයේ වර්ණයට සමාන වෙනකම් එන්ජිම දුවවල ලයින් ඇතුලේ තවත් මලකඩ නැහැ කියල තහවුරු උනායින් පස්සේ එන්ජිම නවත්තල විනාඩි දහයක් විතර වතුර ඒ විදිහටම යන්න ඇරලා ටැප් එක වැහුව.

    ඊළඟට තියෙන්නේ රේඩියේටර් රාජයා සුද්ද පවිත්‍ර කිරීම.. රේඩියෙටරේ ගලවල එලියට ගන්න තරම් අවශ්‍ය tools නැති නිසා පෙර සේම රේඩියෙටරේ යට කටෙන් වතුර හෝර්ස් එක ඇතුලට ඔබල ටේප් එකෙන් පුළුවන් තරම් සීල් කරලා රේඩියේටර් මුඩිය අයින් කරලා ටැප් එක මුලින් හෙමින් ඇරලා ටිකෙන් ටික වැඩි කරා. එහෙම කරාම රේඩියෙටරේ කටෙන් වතුර උතුරනවා.. ඒ උතුරන වතුර එක්ක යම් පමණකට රේඩියෙටරේ ඇතුලේ රැඳිල තියන මලකඩ එලියට යනවා. දැන් කව්රුහරි අහන්න පුළුවන් ඇයි ලේසියෙන්ම රේඩියෙටරේ උඩ කටෙන් වතුර හෝර්ස් එක දාල ප්‍රෙෂර් කරන්නේ නැත්තේ කියල.:yes::yes::yes::yes: එහෙම කරොත් වැඩේ ලෙඩේ වෙනවා. සාමාන්‍ය වාහනේක රේඩියේටර් එකේ වතුර ගමන් කරන්නේ උඩ සිට පහලට.. ඒ කියන්නේ එන්ජිමේ මලකඩ සියල්ලම ඇවිත් රේඩියේටර් එකට ඇතුල් වෙන්නේ උඩ පැත්තෙන්.. ඒ මලකඩ තවත් උඩින් පීඩනයක් දීල ප්‍රෙෂර් කරොත් තවත් වෙන්නේ රේඩියේටර් එක බ්ලොක් වෙන එක විතරයි. මදක් හරි සහනයක් ගන්නනම් කල යුත්තේ යටින් උඩට වතුර පාරක් යැවීමයි. හරිම ක්‍රමයනම් රේඩියේටර් එක ගලවල අරගෙන උඩ සහ යට ටැංකි දෙකම ගලවල core එක සුද්ද කිරීමයි. ඒක සංකීර්ණ වැඩක්. එත් එහෙම කරන්න ඕන උඩ ටැංකියේ වතුර යට ටැංකියට ගමන් කරන්නේ නැහැ කියල දැනුනොත් විතරයි. එන්ජිමෙන් ගිය මලකඩ ප්‍රමාණය අනුව රේඩියේටර් එකෙත් මලකඩ තියෙන්න ඕන කියල අනුමානයෙන් දන්නා නිසා තමයි මම රේඩියේටර් එකත් සුද්ද කරේ පුළුවන් තරමක්.

    extra tank එකත් සුද්ද කරලා ගලවපු බට එහෙමම තියෙද්දී මම ටැංකියේ පුපුරපු තැන් තුනම වැලි කොලෙන් කපල රළු කරලා ඇපොක්සි දැම්ම . ගම් දාල ඉවර වෙද්දීම උපාසක මහත්තරු ටික නිල නිවාසයට සැපත් උනා වැඩ අල්ලන්න.. එතන ඉඳන් ඉතින් පහුවදා උදේ වෙනකම් බ්ලා ... බ්ලා ...බ්ලා ... සමහරුන්ට ජීවිතේ හිස් තැන් .. ඒ කියන්නේ කරපුව කියපුව මතක නෑලු... රස්සාවත් බේරාගෙන .. හිතවතුන්ටත් සලකාගෙන...ඔලුවත් බේරගන්න ඕන නිසා කතරගම එන නඩ සමග අඹ යාළුකම් තිබුනත් මම ඉතින් බීමට පසු පාදයේ තමයි... එකට මගේ ගෝල තැන.. එක ෂොට් එකක් අසෝක වීදුරුවෙන් එකයි.... අල්ලපු ඉඩමේ ඉන්න මගේ හිතවත් වයසක මනුස්සයෙක් හිටිය.. එයත් මම මේ වගේ වෙලාවල් වලදී සහභාගී කරවගන්නවා... එයත් ෂොට් එකක අසෝක වීදුරුවෙන් එකයි.. මුන් දෙන්න ෂොට් දෙකක් දැම්මාම අපේ එවුන්ගේ බෝතල් සීග්‍රගාමී රුහුණු කුමාරිය වගේ අඩිය බලා ධාවනය වේ කිව්වලු..:lol::lol::lol::lol::lol::lol:

    (මේ කියපු අල්ලපු ඉඩමේ හිතවතා පසු කාලයක මිය ගියා.. අවුරුදු දෙකකට වැඩි කාලයක් පුළුවන් උපරිමයෙන් ආහාර පාන දීල ඒ කාත් කව්රුවත් නැති මනුස්සය බලාකියාගත්තු පින කවදාහරි සංසාරේ මටත් මගේ ගෝල තැනටත් ලැබේවි .. ඒ මනුස්සයාගේ අභාවය ගැන අදත් දැනෙන්නේ හරිම සංවේගයක්)

    උදෑසන අවදි වූ මිතුරු නඩය කතරගම අනෙකුත් සිද්ධස්ථාන වන්දනා කරන එනකම් මට භාර උන රාජකාරිය සෙරීනාව ගොඩ දැමීම.. රස්සාව කරනවට අමතරව පාර්ට් ටයිම් ගරාජ් ...:no::no::no:

    හැමදාම උදේ ආහාරය වෙන පොඩි එවුන්ගේ වචනයෙන් පොල් පම්බෝලෙයි.. බටුයි .. ( දැනුත් කෙල බේරෙනවා මචන්ලා ඒ පොල් සම්බෝල පාර මතක් වෙද්දී ) බඩ පැලෙන්න කාල නැවතත් ලං උනා සෙරීනාව ලඟට.. හයි කරා උඩ හෝර්ස් එක ඇරෙන්න රෑ ගලවපු අනික් ඔක්කොම හෝර්ස්.. දාපු ගම් හයි වෙලා තාර දැම්ම වගේ...පිරෙව්වා වතුර .. ස්ටාර්ට් කරා එන්ජිම.. උඩ හෝර්ස් එකෙන් හරි විදිහට හොඳට වතුර එන්න පටන් ගන්නකම් සෙරීන වල වතුර සිස්ටම් එක අවුල්.. රේඩියෙටරේට වතුර පුරවල මුඩිය වහල වාහනේ දිව්වාම තමයි සෙරීන වලට කෙල වෙන්නේ. උඩ හෝර්ස් එක ගලවල බටවල තියන හුලන් වතුරත් එක්කම එලියට එනකම් වතුර නිදහසේ යන්න ඇරියාම තමයි ඇතුලේ තියන හුලන් සියල්ල ඉවත් වෙලා ලයින් එක සම්පුර්ණ වතුරෙන් පිරෙන්නේ.. සෙරීන එකේ උන්ජිම තියෙන්නේ මැද සහ රේඩියේටර් එක තියෙන්නේ ඉස්සරහ නිසා වතුර ලයින් එකේ දිග ප්‍රමාණය අනික් වාහන වලට වඩා වැඩියි.. ඒ නිසා cooling system එක සෙරීන එකේ ටිකක් ඇඩ්වාන්ස්.. ඒ හින්ද තමයි සෙරීන එක නොදන්නා කෙනෙක් cooling system එකට අත තිබ්බොත් ගෑස්කට් ගිහින්ම තමයි වැඩේ කෙලවර වෙන්නේ.

    දැන් තියෙන්නේ ගෑස්කට් හොඳද කියල පරික්ෂා කිරීම... හිස් මෙගා බෝතලයක් වතුර පුරවල අරන් රේඩියේටර් කටට ඔබල ස්ටාර්ට් කරා සේරීනාව... එක දිගට හුලන් බෝල මතු වෙලා මෙගා බෝතලේ ඇතුලට පිරෙනවා. ඒ කියන්නේ පාන් කෑල්ලේ වැලි දාගෙන මගේ බොක්කේ මිත්‍රය.. ඒ කියන්නේ ගෑස්කට් එක ගිහින්.. අවුරුද්දක් එක තැන තිබ්බ වාහනෙන් එපා කියද්දී කතරගම ආපු පින් පලදීල මගේ මිත්‍රයට .. ඒ කියන්නේ රේඩියෙටරේට අමතරව ගෑස්කට් එකත් දාන්න වෙනව ..

    කතරගම වන්දනා කරලා වැඩිහිටි කන්ද නැගල සියලුම සිද්ධස්ථාන වන්දනා කරලා ගමේ යන්න ලැහැස්ති වෙන්න නිල නිවාසයට ආපු මගේ මිත්‍රයට හීන් දාඩිය දැම්ම ගෑස්කට් එක ලීක් කිව්වම.. රේඩියේටර් එක වහල එන්ජිම ස්ටාර්ට් එකේ තිබ්බොත් උපරිම පැයක් යන්න කලින් රේඩියේටර් හෝර්ස් එකක් හෝ ගම් දාපු ටැංකිය පුපුරනවාමයි ..

    දැන් මගේ මිත්‍රයාගේ ඉල්ලීම අනේ මේක කොහොම හරි ගෙදර අරන් යන්න විදිහක් හදල දීපන් කියල. වැලි කෙලියේ හිටන් එකට ඉස්කෝලේ ඉගෙනගත්තු එකාට පිටුපාන්නත් බැරි නිසා පහුවදා නිවාඩු දාන්න හිතාගෙන ලොකු කෑන් දෙකකට වතුර පුරවාගෙන මම සේරීනාව පදවගෙනම එන්න පිටත් උනා... ලොරියට කිව්වා පස්සෙන් වර .. අපි පුළුවන් ඉක්මනින් යනවා කියල... ඉස්සෙල්ලම රේඩියේටර් මුඩිය ගලවල සාක්කුවේ දාගත්ත.. කතරගමින් පිටත් උනා රෑ 8 විතර.. තංගල්ලට එද්දී temp එක නැග්ග.. නවත්තල විනාඩි 10 ක් තියල වතුර පිරෙව්වා... නැවතත් ධාවනයේ..අතරමග කඩයකින් හිස් කෑන් වතුරෙන් පිරෙව්වා.. ආයෙත් temp එක නැග්ග හබරාදුවේදී.. නැවතත් පෙරසේම විනාඩි දහයක් විවේක... එන්ජිමට බොන්නට වතුර ඇති තරම්... ආයෙත් ගෙදර එනකම් temp එක නැග්ගේ නැහැ.. අපි ඇවිත් පැය තුනකට පස්සේ ලොරිය ගමට ආවේ.. පහුවදා බාසෙක් අල්ලලා head face කරලා ගෑස්කට් දැම්ම..

    මේකෙන් මම උඹලාට දෙන අවවාදය කාලයක් එක තැන තිබ්බ වාහන වලින් දුර ගමන් යන්න එපා එක පාරටම...ගෑස්කට් එක ලීක් කියල දැනෙනවානම් රේඩියෙටරේ මුඩිය වහල ධාවනය කරොත් හෝර්ස් එකක් යනවාමයි...මේකෙන් සෙරීන එකේ cooling system එක ගැන අවබෝධයක් එන්න ඇති කියල හිතනවා..:love::love::love::love:

    තව සුපිරි රේඩියේටර් වැඩකාරයෙක් දීපු පරිප්පුවක් මීළඟට...
     
    • Like
    Reactions: Eranga.B

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    දැන් මාර සින් එකයි කොල්ලංට කුඩු ගැහුවා වගේ තමයි. තව තව ඕනෙ. දැන් ඉතිං කට්ටියම එක කතාවක් කියවලා ඊලග කතාව දානකන් බලාගෙන ඉන්නේ හරියට පොඩිකාලේ රොබින්හුඩ් යනකන් බලාගෙන හිටිය වගේ.:D

    240 රොබට්, රොබින් හුඩ් , ටාර්සන්, ගලිවර්, දොස්තර හොඳ හිත, දිය රකුස්,ඔෂින්, මැගයිවර් , කුන්ෆු, එයාර් වුල්ෆ්, ස්ට්‍රීට් හෝක් , මැනිමල් , නයිට් රයිඩර්, රෝඩ් රනර් ෂෝ.. වුඩ් පෙකර්, you just wait චරිත අපේ හිත් ඇතුලේ තාමත් ජීවමානයි මචන්..:love::love::love:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    .ඹන්න මචන් මම ඒදා වගේම දාන්කන් ඉදලා කියවනවා ......

    එදා උඹ නිදි නෑ .. මම අද නිදි නෑ .. වෙලාව රෑ 1.15යි. ඔන්න මම දොයි..
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    පට්ටයි...:D වෙනදා වගේම සෑහෙන දෙයක් ඉගෙන ගත්තා..:yes: දැන් තියන සෙරීනා ඒවනම් ඔක්කොම රේඩියේටර් මාරු කරල තියෙන්නේ හීට් වෙනවා කිය කියා..:dull:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එදා උඹ නිදි නෑ .. මම අද නිදි නෑ .. වෙලාව රෑ 1.15යි. ඔන්න මම දොයි..
    ඊයේ මමත් වැල්ලවාය ගැන ගමන ලියලා ඉවර වෙනකොට 2යි මචන්
    සුභ රාත්රියක් ඒහෙනම් සිතලේ ගුලි වෙලා තමා නේද ?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මම නං මේ දැනුයි කියෙව්වේ...:dull:

    හැබැයි ඉතින් මේ පාර වැඩිය කාර්මික දේවල් නොතේරුනත්:baffled: කතාවනං හොඳට රස වින්ඳා...:yes:

    අර කිව්ව ගලිවර්, රොබින් හුඩ් වගේ චරිත අපි ටී.වී. එකෙන් දැක්කත්, ඔයාගෙ කතාවල තියෙන චරිත අපිම මවා ගන්න නිසා මේ හැම කතාවක්ම ජීවමාන විදිහටම දැනෙනවා...:)
    වෙලා තියෙන විදිහට තව දාමු.. අපි දිග ඉන්නවා...
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් මාර සින් එකයි කොල්ලංට කුඩු ගැහුවා වගේ තමයි. තව තව ඕනෙ. දැන් ඉතිං කට්ටියම එක කතාවක් කියවලා ඊලග කතාව දානකන් බලාගෙන ඉන්නේ හරියට පොඩිකාලේ රොබින්හුඩ් යනකන් බලාගෙන හිටිය වගේ.:D

    :yes: කොකනට්වත්ත මාමා කතාවක් දාලා..... හුරේ........ :love:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආයෙත් අහලා.. ඔන්න නවත්තන්න එහෙම හැදුවොත් හොයාගෙන ඇවිත් හිමේ ඔබනවා..අම්මපා..සහතිකයි.. :angry: :yes: :rofl: :P

    :frown: මේ මගුලක් කරන්න එපා..... පොල්වත්ත අංකල් හීතලට ඔරොත්තු දෙන්නේ නෑ.... ඔය තරුණ කාලේ දාපු සෙල්ලම් තමා අපිට රස කතා හදලා කියන්නේ...... :yes:
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    ලංකාවෙ තියන සෙරීනා 60% ක්ම කෙලවිලා තියෙන්නෙ නොදන්න එවුන් හදන්න ගිහින්.... :angry::angry::angry:
    කථාව එලට ලියල තියනව බං.. තව එකක් දාපන්කො
     
    Status
    Not open for further replies.