පොල්වත්ත මාමටත් බේරුමක් නෑ.....
![]()
ආ...මාමි...සැපෙන් සනීපෙන් ඉන්නවද...

පොල්වත්ත මාමටත් බේරුමක් නෑ.....
![]()

ලංකාවේ බාස්ලා බහුතරයක් වැඩ දන්නේ නෑ බං... උන් කරන්නේ හදන්න එන වාහනෙන් වැඩ ඉගෙන ගන්න එකයි කනා පාරවල් ගහලා ටෙස්ට් කරන එකයි.. හරිගියොත් ගොඩ නැත්නම් සුං... උන් මොනවා කරත් බ්අයිලයක ගහලා බේරෙනවා.. හොඳම දේ අපිත් යමක් කමක් ඉගෙන ගෙන ඉන්න එක...![]()
ගෑස්කට් ගිහිල්ලද කියලා ඕනා වාහනේක චෙක් කරගන්න පුලුවන්ද ස්ටාර්ට් කරන්න කලින් වතුර පුරවපු මෙගා බෝතලයක් රේඩියේටර් එකට ගහලා.... ස්ටාර්ට් කරලා....??ඉතින් එහෙම ගැහුවහම වතුර උතුරලා යනවනේ....?? එහෙම වෙන්නේ නැද්ද....?? කරලා බලන්න ඕනා DX එකේ.......
![]()

ගෑස්කට් ගිහිල්ලද කියලා ඕනා වාහනේක චෙක් කරගන්න පුලුවන්ද ස්ටාර්ට් කරන්න කලින් වතුර පුරවපු මෙගා බෝතලයක් රේඩියේටර් එකට ගහලා.... ස්ටාර්ට් කරලා....??ඉතින් එහෙම ගැහුවහම වතුර උතුරලා යනවනේ....?? එහෙම වෙන්නේ නැද්ද....?? කරලා බලන්න ඕනා DX එකේ.......
![]()
අපේ ගමෙත් ඔය වගේ බාස් කෙනෙක් ඉන්නවා. ඌ වාහනයක් ගලවලා හයි කරොත් වාහනේ වෙන ලෙඩක් හරි එනවා. කොල්ලෙක් නිසා මම ඌට කිව්වා උඹ ටෙක් කෝස් එකක් වත් කරපං කියලා.
අනිවාර්යෙන්ම 90% මේ ක්‍රමය සාර්ථකයි.. මෙගා බෝතලේ රේඩියෙටරේ කටට තියල තද කරලා අල්ලගන්න. ඊට පස්සේ හොඳට බෝතලේ දිහා බලන් ඉන්න . සමහට පොඩිම පොඩි ලීක් පෙන්නන්නේ හීනි බුබුළු දැමීමකින්. හොඳට බැලුවොත් අල්ලගන්න පුළුවනි.. ලොකු ලීක් එකක් නම් හොඳට පේනවා...එත් උඹ ඕව කරන්න ගිහින් හොඳට තියන ගෑස්කට් එක කන්නනම් එපා මාමේ
ඔය වෑන් වල රේඩියේටර් එකේ කුලන්ට් එකක් නැද්ද? වතුර විතරද බන් දාන්නෙ?


) අපිට යන්න උනේ මේ කියන කැබ් (කැබ් කිව්වට මේක හර්ස් එකක් ඇත්තටම) එකේ තමා..

ඔන්න පැයක පමණ යුද්ධයකින් පසුව මදුරෝ සහ අහල පහල හිටපු යක්කු සේරම බයවෙලා දුවන විදියේ දුමක් එහෙම දාගෙන වාහනේ ස්ටාර්ට් උනා.. හැබැයි ඉතින් මේක ස්ටාර්ට් උනාට පස්සේ ඕනේ කන්දක යන්න පුළුවන් ඕනේ ලෝඩ් එකක් ගහන්..

පාර ටිකක් අබලන් උනත් කැබ් එකක් නිසා අවුලක් නැතුව යන්න පුළුවන් වෙයි කියල කිව්වා නිසා අපිත් මී හරක් වගේ නොදන්නා පාරක එන්න තීරණය කරා..

ඒ හන්දා අයිති මල්සරා ම තම ඩ්‍රයිවින් වැඩේ කරේ.. බීපු 3න් දෙනා එක උද එකා වැටිලා සීට් එකෙනුත් බිමට වැටිලා දොයි.. නොබීපු අනිත් එකා ඉස්සරහා මැද සීට් එකේ දොයි.. මන් වම් පැත්තේ කෙලවරේ දොයි.. හීනෙන් Type R එකෙක් පෙනේද්දීම මල්සරා කෑගහල මාව නැගිට්ටෙව්වා.. කරලා තියෙන්නේ... මේ මැට්ටා පත මඩ ගොඩකට වාහනේ දාලා.. දැන් 4 වීල් දාලත් ගොඩ එන්නේ නෑ.. ඒ කාලේ ඒවගේ හබ් ලොක් ආවේ වෙනම එළියෙන් නේ.. මන් නිකමට වගේ ශටර් එක පාත් කරලා ඔලුව එලියට දාල බැලුව.. අපෝ... මඩ වල අඩියක් විතර යටයි.. මල්සරා අපිට ශාප කර කර මඩේ බැහැල ගිහින් හබ් ලොක් දෙක දාලා ඇවිත් දන්න සෙල්ලන් ඔක්කොම දාලා යන්තන් වාහනේ අඩි 10ක් 12ක් ඉස්සරහට ගත්ත විතරයි ආයෙම ආගාධයක් වගේ වලකට වැටිලා නතර උනා.. මඩ මදිවට වලවල්.. දැන් මල්සරාට උපරිම මල පැනල.. ඕනේ රෙද්දක් කියලා මු 1st එකට දාලා වාහනෙත් උපරිම රේස් කරලා ගොඩ ගන්න ලැස්ති... විනාඩියක් ගියේ නෑ... මෙන්න එනවා Clutch Plate සුවඳ... 




අපෝ... ඔන්න මමත් ආවෝ...
මේක මන් කලින් දවසක කිව්වා හැත්තෑ ගණන් වල Isuzu Faster එක වගේම තවත් එක මරණයක් ගැන..
මේකත් ඉසුසු ම කැබ් එකක්...අසූ ගණන් වල රජයේ දෙපාර්තමේන්තුවල වැඩ වලට ගෙනාපු එකක් ලංකාවට.. මන් මේ කියන මගේ අතීසාර මැටි මොංගල් යාළුවගේ පියා තමයි වාහනේ දෙවැනි අයිතිකරු.. යාළුවගේ ගෙදරට ගිහින් පොරගේ අම්මගෙන්/ තාත්තාගෙන්/අක්කාගෙන් ඌ ගෙදර ඉන්නවද අහන්නෙත් "මල්සරා ඉන්නවද" කියලා හන්ද මේ කතාවේදීත් ඌව ඒ නමින්ම හඳුන්වලා දෙනවා...
ඔන්න ඉතින් අවුරුදු 3කට විතර කලින් මගේ යාළුවගේ අක්කගේ වෙඩිම තිබ්බ.. වෙඩිමේ සැරසිලි වලට ඕනේ කරන මල් සහ අතු හොයන්න නුවරඑළියේ යන්න අපේ සෙට් එක ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා.. යන්න වෙන වාහනයක් නැති කමට (නැත්තන් ඉතින් කව්ද කැමති ස්ටාර්ට් කරන්න පැය භාගයක් යන, බ්රේක් යන්තන් තියෙන යන ගමන් ස්ටීයරින් එක අතාරලා අත් දෙකින්ම ගියර් පොල්ල අල්ලන් හොයලා හොයලා ගියර් දාන්න ඕනි වාහනේක ට්‍රිප් යන්න...) අපිට යන්න උනේ මේ කියන කැබ් (කැබ් කිව්වට මේක හර්ස් එකක් ඇත්තටම) එකේ තමා..
ඔන්න ඉතින් අපේ සැලසුම් කිරීමේ දක්ෂතාවය සහ කාලය කළමනාකරණය කර ගැනීමේ විශිෂ්ට දක්ෂතාවය නිසා අපි වැඩේට යන්න සෙට් උනේ වෙඩිමට දවසකට කලින්..
අපි වෙඩිමට කලින් දවසේ උදේ 6ට නුවරින් පිටත් උනා නුවරඑළියට යන්න..6ට යන්න උදේ 5ට තමා වාහනේ ස්ටාර්ට් කරන්න පටන් ගත්තේ වාහනේ..ඔන්න පැයක පමණ යුද්ධයකින් පසුව මදුරෝ සහ අහල පහල හිටපු යක්කු සේරම බයවෙලා දුවන විදියේ දුමක් එහෙම දාගෙන වාහනේ ස්ටාර්ට් උනා.. හැබැයි ඉතින් මේක ස්ටාර්ට් උනාට පස්සේ ඕනේ කන්දක යන්න පුළුවන් ඕනේ ලෝඩ් එකක් ගහන්..
කොහොම හරි අපි 8 විතර වෙනකොට ආවා නුවරඑළියට... වහිනවා හෝ ගාලා.. ආවට පස්සේ ඔක්කොටම ආපු වැඩේ අමතකයි.. නටන්න පුළුවන් පිස්සු ඔක්කොම නටලා අරන් ගියපු මෙව්වා එහෙමත් බීලා වැඩි උනාට පස්සේ තම කට්ටියට මතක් උනේ හෙට වෙඩිමට බඩු අරන් යන්න ඕනි කියලා.. එතකොට හවස 4ත් පහුවෙලා.. ඔන්න බීපු ඈයොත් වාහනේට පටවාගෙන (බීපු එවුන් 3යි... හොඳ සිහියෙන් 3යි) ඔන්න ගියා මල් හොයන්න... ඒ ගිහිල්ලත් විකාර කර කර ඉඳලා අන්තිමට රෑ 8ත් පහුවෙලා තමා ඕනේ කරන දේවල් ඔක්කොම හොයා ගත්තේ... කොහොම හරි පහුවදා උදේ වෙන්න කලින් බඩු ටික හෝල් එකට ගිහින් දෙන්නත් ඕනේ නිසා වැස්සේම ආපු එන්න පිටත් උනා.. වැස්සේ සීතල හන්දා තේ එකක් බොමු කියලා කඩයක් ගාවින් නතර කරා වාහනේ.. ඔන්න එතැනදී තමා අපිට කෙල උනේ.. කඩේ හිටපු එවුන් අපිට නුවරට එන්න කෙටි මාර්ගයක් කිව්වා.. රෙද්ද..පාර ටිකක් අබලන් උනත් කැබ් එකක් නිසා අවුලක් නැතුව යන්න පුළුවන් වෙයි කියල කිව්වා නිසා අපිත් මී හරක් වගේ නොදන්නා පාරක එන්න තීරණය කරා..
රෑට මේ වාහනේ අපිට එලවන්න බෑ.. පාර පෙන්නේ නැති ගානට හෙඩ් ලයිට් එළියයි..ඒ හන්දා අයිති මල්සරා ම තම ඩ්‍රයිවින් වැඩේ කරේ.. බීපු 3න් දෙනා එක උද එකා වැටිලා සීට් එකෙනුත් බිමට වැටිලා දොයි.. නොබීපු අනිත් එකා ඉස්සරහා මැද සීට් එකේ දොයි.. මන් වම් පැත්තේ කෙලවරේ දොයි.. හීනෙන් Type R එකෙක් පෙනේද්දීම මල්සරා කෑගහල මාව නැගිට්ටෙව්වා.. කරලා තියෙන්නේ... මේ මැට්ටා පත මඩ ගොඩකට වාහනේ දාලා.. දැන් 4 වීල් දාලත් ගොඩ එන්නේ නෑ.. ඒ කාලේ ඒවගේ හබ් ලොක් ආවේ වෙනම එළියෙන් නේ.. මන් නිකමට වගේ ශටර් එක පාත් කරලා ඔලුව එලියට දාල බැලුව.. අපෝ... මඩ වල අඩියක් විතර යටයි.. මල්සරා අපිට ශාප කර කර මඩේ බැහැල ගිහින් හබ් ලොක් දෙක දාලා ඇවිත් දන්න සෙල්ලන් ඔක්කොම දාලා යන්තන් වාහනේ අඩි 10ක් 12ක් ඉස්සරහට ගත්ත විතරයි ආයෙම ආගාධයක් වගේ වලකට වැටිලා නතර උනා.. මඩ මදිවට වලවල්.. දැන් මල්සරාට උපරිම මල පැනල.. ඕනේ රෙද්දක් කියලා මු 1st එකට දාලා වාහනෙත් උපරිම රේස් කරලා ගොඩ ගන්න ලැස්ති... විනාඩියක් ගියේ නෑ... මෙන්න එනවා Clutch Plate සුවඳ...
![]()
මන් අරුට වැඳලා කිව්වා ඔහොම තියා ගනින් වාහනේ මමයි අනිකයි ගිහින් වෙන වාහනයක් හොයන් එන්නම් මේක ඇදලා ගොඩ ගන්න කියලා.. එහෙම කියලා මමයි අනිකයි කිලෝමීටර් 2ක් විතර ගියා පයින් කුඩේකුත් අරන් වැස්සේම උදව් හොයන්න.. යකෝ ආසාවට මේ පාරේ කුපාඩි සනියක්වත් නෑ.. සනියක් තියා ගෙවලුත් අඩුයි.. අන්තිමට ඔන්න ගෙයක් තිබුන ලයිට් එහෙම දාලා.. පස්සේ ඕනේ එකක් කියල ගිහින් කතා කරා.. ගෙදර හිටියේ කලින් Station එකේ වැඩ කරපු අංකල් කෙනෙක් සහ එයාගේ නෝනයි විතරයි.. ඒ අන්කල්ගේ ගෙදර තිබ්බ එකම වාහනෙත් තැපැල් 90යක්.. පස්සේ අපේ සිද්දිය ඇහුවට පස්සේ ඒ අන්කල් කිව්වා දැන්නම් මේ පාරේ වාහනයක් හොයා ගන්න වෙන්නේ නෑ, කැමති නම් ටවුමට ගිහින් දාන්නම්, බඩු ටික අරන් වෙන වාහනේක යන්න, හෙට උදේට අපේ වාහනේ ගොඩ ගන්න වෙන වාහනයක් හොයලා දෙන්නම් කියලා.. ඒ වෙලාවේ වෙන කරන්න දෙයක් නැති නිසා අපිත් කැමති උනා වැඩේට.. අන්කල්ගේ මනුස්සකම කියන්නේ මහා රෑ සීතලේ වැස්සේ අපේ උන් ඉන්නවනේ කියලා තේ එකකුත් හදාගෙන උණු වතුර බෝතලේක දාගෙන අපිවත් බයික් එකේ දාගෙන ආවා වාහනේ ගාවට ... ඒ වෙනකොට අපේ ^*(&%#(*^*$ මල්සරා වාහනේ පරෙස්සමට බලන් ඉඳලා.. පලාතම Clutch Plate සුවඳයි.. මූ අපි ගිය අතරේ වාහනේ ගොඩ ගන්න හදලා.. Clutch Plate වලට බායි බායි කරලා.. වාහනේ දැන් හෙලවෙන්නේවත් නෑ Clutch එක දුන්නට.. රෑ 11.35යි වෙලාව.. ඒ මදිවට මූ වැලහින්න වගේ අඬනවා... බඩු තොගේ දැක්කම අන්කල් කියපි පුතේ මේ ටික ගෙනියන්න 3 වීල් 3ක් වත් ඕනේ වෙයි කියලා.. අපි කොහොම හරි බඩු ටික යවන විදියක් කල්පනා කරද්දී මල්සරා අඬනවා වාහනේ දාල යන්න බෑ කියලා.. ඔන්න ඒ අතරේ අංකල් වාහනේ වටේ ඇවිදලා ඇවිත් තවත් විෂබීජයක් දැම්ම.. මේ වගේම වාහනයක් කෑලි ගලවලා දාලා Station එකේ තියෙනවා.. කැමති නම් එකේ Clutch Plate එක අරන් දෙන්නම් කියල.. ඒත් ඉතින් කොහෙන්ද ඕක මාරු කරන්න මේ මහ රෑ මැකනික් කෙනෙක් හොයන්නේ..
අන්කල් කිව්වා එක්කෙනෙක් ඉන්නවා අපි ගිහින් බලමු කියලා.. ඔන්න ආයෙම අන්කල්ගේ තැපැල් 90යේ මමයි, මල්සරයි දාගෙන ආව මැකනික් ගේ ගෙවල් ගාවට.. අන්කල් ගිහින් කතා කරලා බලල ඇවිත් කිව්වා මිනිහ වැඩේ කරලා දෙයි කියලා.. පස්සේ අනකල්ගේ බයික් එකේම අපි ගියා Station එකක් ගාවට.. කොහොම හරි එතන හිටපු මහත්වරුත් අපිට Clutch Plate එක නොමිලේම දුන්න මාරු කරගන්න කියලා.. pressure plate එකේ නම් Fingers කැඩිලා..ඒක දාන්න බෑ.. පස්සේ ඔන්න අන්කල් අපිව ආයෙම වාහනේ ගාවට ගෙනත් දාලා ගියා මැකනික් එක්ක එන්න.. ටික වෙලාවකට පස්සේ මැකනික් ආවා අන්කල් එක්කම ලොකු ටූල් බෑග් එකකුත් අරන්... කාලා වරෙන්කො... මූ කොහොමද Clutch Plate කාරු කරන්නේ.. කෙලින් ඉන්න බැරි ගානට බීලා මේ යකා.. මඩ ගොඩේ 2 පාරක්ම ලිස්සල වැටුනා මේකා..
පස්සේ ඉතින් මල්සරාට තවත් ආත්ම 7කට ම ශාප කරන් ගමන් ඌත් එක්කම ඩෙනිමයි, T shirt එකයි පිටින් මඩේ බැහැලා මමයි ඌයි කොහොම හරි ක්ලච් ප්ලේට් එක ඔබා ගත්ත වාහනේට.. වෙලාව 3.15යි මඩ නාගෙන හින්දා දැන් නම් සීතල දැනෙන්නෙත් නෑ.. මැකනික් අන්කල් ලයිට් කණුවකට හේත්තුවක් දාගෙන දොයි.. කොහොම හරි ගියර් පෙට්ටියේ ඇන ටික දානකොටම තව කැබ් එකක් ආව එතනට.. වෙන කවුරුත් නෙමෙයි... Station එකේ හිටපු මහත්වරු ටික.. අනේ ඉතින් ඒ මහත්වරුන්ගෙයි, අන්කල්ගෙයි, මැකනික් අන්කල්ගේ ටුල් වල පිහිටෙනුයි 3.30 වෙනකොට වාහනේ ආයෙම පාරට ඇදලා ගත්තා...උදව් කරපු හැමෝටම පින් දෙනගමන් මැකනික් අන්කල්ගේ සාක්කුවටත් පොඩි ගානක් දාලා අපි එතනින් එන්න පිටත් උනා.. කොහොම හරි පාන්දර 5.45 වෙනකොට බඩු ටික සැරසිලි කරන එවුන්ට ගෙනත් දෙන්න පුළුවන් උනා අපිට..
එහෙමම මල්සරාගේ ගෙදර ගිහින් නාලා උන්ගේ ගෙදරම පොඩි නින්දක් දැම්ම.. 9ට විතර ඇහැරිලා මමත් ගෙදර එන්න ලෑස්ති වෙනකොට තමා දැක්කේ අපේ බේබද්දෝ 3 දෙනාත් ඇහැරිලා වාහනේ වටේ කැරකි කැරකි මැජික් බලනවා කියලා.. උන් ඒ වෙනකොටත් දන්නේ නෑ රෑ සිද්ධ වෙච්ච නස්පැත්තිය ගැන..
කොහොම හරි වෙඩිම ඉවර වෙලා පස්සේ දවසක මල්සරාගේ අක්ක අපිට Lunch එකකට ඉන්වයිට් කරා එදා කාපු කට්ටට ස්තුති කරන්න. එදා අපිත් එක්ක ගහපු ෆොටෝ එකක් එයාගේ වෙඩින් ඇල්බම් එකේ අන්තිම පිටුවේ තියෙනවා... ෆොටෝ එකට උඩින් එයාගේ අත් අකුරින් අපි ගැන වචන ටිකක් ලියල තියෙනවා.. ඒ වචන ටික දැක්කම අපිට අපි ගැන මාර විදියට ආඩම්බර හිතුනා...
පස්සේ දවසක නුවර එළියේ ගියපු වෙලාවක අර අන්කල්ගේ ගෙදරට ගිහින් ආයෙම ස්තුති කරලා ආවා.. එදාම Station එකේ මහත්වරුන්ටත් ගිහින් ස්තූති කරලා ආවා.. එදා ඒ මිනිස්සු උදව්වට ආවේ නැත්තන් මල්සරාගේ අක්කගේ වෙඩිම මළගෙයක් වගේ කිසිම සැරසිල්ලක් නැති එකක් වෙනවා...


ඒ වගේම අත්දැකීම සුපිරි කටුවක්... උඹල ගේම අතෑරියේ නැති එක ගැන ආඩම්බරයි... බෑ ......... කියාගත්තු ටෙක්ලා පඳුරු ගානේ ඉන්න රටකට උඹ වගේ එවුන් වාසනාවන්... මම උඹට කලිනුත් කිව්වා පිට රටකට පල හොඳ තැනකට එන්න පුළුවන් කියල උඹට.. මම නැවතත් කියනවා... පිටරටකට ගිහින් වැඩ පෙන්නපන්... ගෞරවය... සම්මාන සහතික... සල්ලි... ඔක්කොම එකට එන්නේ උඹේ කකුල් දෙක ගාවට.. මම ඒ ටික අත්දැකීමෙන් දැනගත්තු නිසයි මෙහෙම කියන්නේ...


උඹ ඒ පාර අහිංසක ඩීඑක්ස් එක පරීක්ෂනාගාර මීයෙක් කරන්නද යන්නේ![]()
ඒක දැන් ජෙට් එක වගේ යනවා.... ගියර් හතරනේ...... 3ට දානකොට 50 පැනලා..... 4ට දැම්මහම පිස්සුවෙන් වගේ යන්නේ..... බ්රේක් තමා මදි..... ඒක ගොඩ දාගන්න විදිහක් කියහන්කෝ....... ඩිස්ක් හොදා..... ලයිනර් පොල් කටු ලයිනර් තිබුනේ.... ඒක අයින් කරලා..... හොද ලයිනර් එකක් ගැහුවා..... පිටිපස්සේ බ්රේක් වොෂර් දැම්මා..... බ්රේක් පොම්පේ වොෂර් සෙට් එකත් දැම්මොත් ගොඩ යයිද....?? නැත්නම් වෙන විසදුමක් තියේද.....?? 
මම ගිහින් බලනකොට....... මාකොළ හන්දියේ තියෙනවා පිටසක්වල එකෙක් මරලා දාලා වගේ පාර පුරා කොල පාටට..... හයියෝ සල්ලි තමා...... 
අනිවාර්යෙන්ම 90% මේ ක්‍රමය සාර්ථකයි.. මෙගා බෝතලේ රේඩියෙටරේ කටට තියල තද කරලා අල්ලගන්න. ඊට පස්සේ හොඳට බෝතලේ දිහා බලන් ඉන්න . සමහට පොඩිම පොඩි ලීක් පෙන්නන්නේ හීනි බුබුළු දැමීමකින්. හොඳට බැලුවොත් අල්ලගන්න පුළුවනි.. ලොකු ලීක් එකක් නම් හොඳට පේනවා...එත් උඹ ඕව කරන්න ගිහින් හොඳට තියන ගෑස්කට් එක කන්නනම් එපා මාමේ
ඒ කියන්නේ ඕක කරලා බලන්න ගියොත් ගෑස්කට් යනවද.....?? 
ඒක දැන් ජෙට් එක වගේ යනවා.... ගියර් හතරනේ...... 3ට දානකොට 50 පැනලා..... 4ට දැම්මහම පිස්සුවෙන් වගේ යන්නේ..... බ්රේක් තමා මදි..... ඒක ගොඩ දාගන්න විදිහක් කියහන්කෝ....... ඩිස්ක් හොදා..... ලයිනර් පොල් කටු ලයිනර් තිබුනේ.... ඒක අයින් කරලා..... හොද ලයිනර් එකක් ගැහුවා..... පිටිපස්සේ බ්රේක් වොෂර් දැම්මා..... බ්රේක් පොම්පේ වොෂර් සෙට් එකත් දැම්මොත් ගොඩ යයිද....?? නැත්නම් වෙන විසදුමක් තියේද.....??
![]()


? හෑන්ඩ් බ්රේක් එක ඇද්දාම අංශක 90 ට කෙලින් වෙනවද??? නෑ නෑ ඒක නෙවෙයි බන්..

මම ඇහුවේ හෑන්ඩ් බ්රේක් ලීවර් එක අංශක කීයක් විතර ඉස්සෙනවද තද වෙන්න..ඒ කියන්නේ ඕක කරලා බලන්න ගියොත් ගෑස්කට් යනවද.....??
![]()



නෑ කොහෙත්ම නැහැ. එත් වාහනේ හීට් නගින්නේ නැත්තම්, වතුර අඩු වෙන්නේ නැත්තම්, හෝර්ස් යන්නේ නැත්තම් උඹ අහවල් එකටද මෙගා බෝතල් අටවන්නේ රේඩියේටර් කටට..![]()
දීපංකො බඩා ඉතිං උත්තර 
නෑ කොහෙත්ම නැහැ. එත් වාහනේ හීට් නගින්නේ නැත්තම්, වතුර අඩු වෙන්නේ නැත්තම්, හෝර්ස් යන්නේ නැත්තම් උඹ අහවල් එකටද මෙගා බෝතල් අටවන්නේ රේඩියේටර් කටට..![]()
අපේ එකෙක් පල්සරේක බ්රේක් වොෂර් දාලා මාමට එදා ඉඳන් බ්රේක් වොෂර් දාන්න ඕනේ පල්සරේ...
අපේ අනිත් කුකුල්ලු ටික සාක්කි සපයයි ඔය ගැන..
ඒවගේමද කොහෙද ඕකත්..

මාමට තියනවා ලෙඩක්..අපේ එකෙක් පල්සරේක බ්රේක් වොෂර් දාලා මාමට එදා ඉඳන් බ්රේක් වොෂර් දාන්න ඕනේ පල්සරේ...
අපේ අනිත් කුකුල්ලු ටික සාක්කි සපයයි ඔය ගැන..
ඒවගේමද කොහෙද ඕකත්..
දැන් රිදිලා මරු කියෝගෙන එයි...![]()


.