ජවිපෙ 88-89

LoriyaK

Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    අතීතය කාගේවත් සුන්දර නැ ..... මල් මාවත් වලින් අපු දේශපාලන පක්‍ෂ නැ හැමෝම අඩූ වැඩි වශයෙන් ලේ තවරගෙන ඉන්නේ .. නමුත් ඒ අතීතයේ ... වර්තමානයේ ඒ ඒ පක්‍ෂ ප්‍රජාත්‍රන්තවාදී ප්‍රවාහයට පිවිසිලා තියෙන නිසා වර්තමාන තත්ත්වය ගැන සිතා බැලීමයි වැදගත් වෙන්නේ ගල් යුගයට යෑමෙන් රට සෙතක් වෙන්නේ නැ ..අතීතයේ දේශපාලන මිනීමරුවෝ බහුතරයක් දැන් වැලිගම ගිහින් තියෙන්නේ එක නිසා නිකං ගල්යුගයේ කුණු අවුස්සලා ඇති තේරුමක් නැ අපිත් අපේ පවුල් පවා ඔය දහදුර්යන් දේශපාලනෙන් බැට කැවා නමුත් දැන් ඕවා කතා කරලා වැඩක් නැ වැරදි කරුවන් ජිවතුන් අතර සොයාගන්නත් නැ ...:yes:
    විජේ වීර මිනිමරුවෙක් වෙන්නත් බලපෑ සමාජ කරුණු තියෙනවා .. විජේ වීර කියන්නේ උගත් බුද්දිමත් පොරක් නමුත් සමාජය විසින් කෙලෙසුවා එතනින් එහාට මිනිහා වැරදි මාර්ගයක ගිහින් වැඩේ අනාගත්තා .. මිනිස්සු මිනීමරුවෝ වෙන්න සමාජයේ යම්කිසි බලපෑමක් හේතු වෙනවා මම විජේවීර සුද්ද කරන්නේ නැ අපේ ගුණතියෝ පවා අමු අමුවේ මැරුම් කැවා උන්ප් කරපු නිසා ඒවා ඉතින් හොදයි කියන්න බැ නමුත් දැන් ඒ අතීතය වැඩක් නැ කතා කරලා

     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    පැටියා;17957904 said:
    බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89 :(

    umbath 89yeda ela ela. :D
     

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    මාත් ඔය වගේ වයසේ තමයි 39

    අපෝ මම වයසයි (අපේ දක කිබුලගේ වගේ)

    බොහොම සන්තෝශයි අත්දැකීම් වලින් මුහුකුරා ගිය දෙපලක් දැකීම. 89 ජවිපෙ කලබල කාලේ මට යන්තම් 12යි.ඒත් අදටත් ඒ අඳුරු අතීතෙ මතක් වෙනකොට ඇඟ හිරි වැටෙනවා. අම්මලා අපිව හන්ගගෙන වගේ හිටියේ. ගෙයින් එලියට බැස්සේ ලග තිබ්බ කඩේට යන්න විතරයි. රෑට දොරට තට්ටු කරලා යටින් තුන්ඩුවක් දාල යනවා.
     

    supun44

    Active member
  • May 18, 2012
    267
    44
    28
    40
    Comoros
    boc-branch-closed-dec-88.jpg

    මේ නම් මචන් දෙවිනුවර ලංකා බැංකුව
    මගේ ලාබාලම මතකය තියෙන්නේ ඔය කාලයේ එතකොට මට වයස අවුරුදු 4යි
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මොකෝ කියහල්ලකෝ JVP එක සන්නදද අරගලයකට ගියේ ....සන්නද්ද අරගලයකදී මිනිස්සු මැරෙනවා තමයි මොකෝ කොට්ට පොරයක් නෙමේනේ යන්නේ
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ නම් මචන් දෙවිනුවර ලංකා බැංකුව
    මගේ ලාබාලම මතකය තියෙන්නේ ඔය කාලයේ එතකොට මට වයස අවුරුදු 4යි

    යකෝ මගේ වයසත් 88 දී 4යි....මට මතක නැහැ ඔච්චර කෙස් එකක් :shocked::shocked:
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මොකෝ කියහල්ලකෝ JVP එක සන්නදද අරගලයකට ගියේ ....සන්නද්ද අරගලයකදී මිනිස්සු මැරෙනවා තමයි මොකෝ කොට්ට පොරයක් නෙමේනේ යන්නේ
    ඒ කියන්නේ ජවිපෙ කරපු දේ හරි (සන්නන්ද අරගලයක් නිසා)?:baffled:
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,819
    3,851
    113
    Delaware
    කාටවත් මතක නැද්ද ඒ කාලේ බිල්ලා ඔලුව හොල්ලන සීන් එක මට යන්තම් වගේ
    මතකයි.
    අල්ලගත්ත JVP කාරයෙක්ව මුණ ඔක්කොම වහලා ඇස් විතරක් ඇරලා තියනවා
    ගමෙන් අල්ල ගත්ත ඔක්කොම කොල්ලෝ (සමහර කෙල්ලෝ) ටික හමුදාවෙන් පෝලිමට අරු ඉස්සරහින් ගෙනියනවා.
    JVP කරානම් අරු ඔලුව හොල්ලන්ඩ ඕන.

    එකට කියන්නේ බිල්ලා හොල්ලනවා කියලා. එක සැරයක් හෙල්ලුවොත් ඒ පෝරාවට random
    වගේ අයෙත් පෝලිමේ යනවා. වරද්දුවොත් අරුට ගුටි හම්බෙනවා හරි නම් අහුවෙච්ච පොරව සෙත්ත පෝච්චි කරනවා.
    මම දැක්කා එහෙම අහුවෙච්ච අපි දන්නා අයියා කෙනෙක්ව jeep එකේ ගැට ගහලා බොරුලු පාරේ ඇදන් ගියා.

    මම හිතන හැටියට ඒ කාලේ ආණ්ඩුව කරේ කරන්ඩ තියන හොදම දේ නැත්තම් ඒ භිෂණය නවත්තවඩ බැරි වෙනඩ ඉඩ තිබ්බා.