ජවිපෙ 88-89

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::lol:

    ඒක තමයි මටත් මුලින්ම කල්පනාවුනේ. එකපාර නින්දෙන් නැගිටල 88-89 ගැන දොඩවන්නෙ මොකද? ඇරත් මේ යකා කට්ට කාගෙන මේ ත්‍රෙඩ් එක ඌම බම්ප් කරගෙන. :lol:

    නැහැ මේක බම්ප් කරන එක හොදයි. දන්නේ නැති අයට උනත් අවබෝදයක් එනවා. මහින්ද පැරදවීමේ වේදනාව දරාගන්න බැරි බයියෝ ජේ වී පි එකටවත් බැනලා සැනසෙනවා
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    විප්ලාවක් කියන්නේ අරගලයක් කරනකොට මිනිස්සු මැරෙනවා. එක කොයිම යුද්දෙකදී උඅත් එකයි. අද උදහොසහ්නවලදිත් මිනිස්සු මරන්නේ. අනික වැඩි හරියක් මරුනේ ජේ වී පි කොල්ල. jvp එක ඉවක් බවක් නැතුව මිනිමරුවනම් ජේ වී පි එකේ විතරක් වැඩි පිරිසක් මැරෙන්නේ කොහොමද??
    ජේ වී පි කැරැල්ලට හේතුත් ඔය දන්නවා ඇති එහෙනම්
    එක අතකට ලංකාව වගෙ පිරිහෙච්ච රටක් හදන්න පුලුවන් ජවිපෙ වගෙ දැඩි ප්‍රතිපත්තිගරුක පක්ෂෙකට විතරයි.
     

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    ජවිපෙ කියන්නේ අද කාලේ නැගී එන, වංචා දූෂණ වෙනුවෙන් කතා කරන පක්ෂයක්.....අපේ රටේ දැනට අවශ්‍ය දේශපාලන හිස්තැනක් පුරවන පක්ෂයක්. ජවිපෙ දේශපාලනය ගැන මම කතා කරන්නේ නැ..හැබැයි 88-89 කාලේ රටේ වුනේ මොනවාද ජවිපෙ ඉතිහාසය දන්න අය අද අඩුයි......

    අපිට මතකයි 2012 මාතලෙන් සමූහ මිනී වළක් හොයා ගත්තා...ඒකෙන් මිනී ඇට සැකිළි 150 කට කිට්ටු ගාණක් ලැබුණා......හිස් කබල් විතරක් තියෙන හිස කඳින් වෙන් කරපු මළ සිරුරු ඒ අතර තිබ්බා....කොයි කවුරුත් කිව්වේ මේ තියෙන්නේ 88-89 කාලේ අතුරුදහන් වෙච්ච තරුණ පිරිසකගේ සොහොන් පිට්ටනියක් කියලා...88-89 දෙවන ජවිපෙ විප්ලවය මුළු ලංකාවම හොල්ලපු අස්ථාවර කරපු වකවානුවක් වුණා..........

    ඒ වගේ කාලෙක රටේ තත්ත්වය පාලනය කරන්න පැවති රජය ඉතා බිහිසුණු counter-insurgency (COIN) campaign එකක් කරන්න වුණා.

    ලංකාවේ COIN සොල්දාදුවෝ පිළිපැද්දේ Search, Interrogate and Destroy”කියන දරුණු, ලේ වැකුනු හැබැයි සාර්ථක සංකල්පය ! COIN මෙහෙයුම් වලදි අල්ලගන්න සැක කරුවන්ට මරණය හැර වෙන ඉරණමක් තිබ්බේ නැ......අවාසනාවකට වගේ වැරැද්දකට සම්බන්ධ නැති අයටත් මේ විදිහට මරණයෙන් වන්දි ගෙවන්න වුණා..


    ආණ්ඩුවේ හමුදාවේ death squads වල මිනී මැරුම් ගැන තමයි ගොඩාක් අහලා තියෙන්නේ...නමුත් ඇත්ත කතාව ම්ලේච්ඡ විදිහට ප්‍රචණ්ඩත්වය හමුදාවටත් සාමාන්‍ය ජනතාවටත් යොමු කරලා මුලින්ම මිනී මරන්න පටන් ගත්තේ ජවිපෙ වීමයි.....


    අපෝ අනුර කුමාරගේ මුඋන දැක්කහම බෙලි කපන අලුගෝසුවෝ බන් මතක් වෙන්නේ
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol::lol: දැන් කාටද රිදිලා තියෙන්නේ :lol:
    :lol::lol::lol:
    ඒක තමයි මාත් අහන්නේ
    විප්ලාවක් කියන්නේ අරගලයක් කරනකොට මිනිස්සු මැරෙනවා. එක කොයිම යුද්දෙකදී උඅත් එකයි. අද උදහොසහ්නවලදිත් මිනිස්සු මරන්නේ. අනික වැඩි හරියක් මරුනේ ජේ වී පි කොල්ල. jvp එක ඉවක් බවක් නැතුව මිනිමරුවනම් ජේ වී පි එකේ විතරක් වැඩි පිරිසක් මැරෙන්නේ කොහොමද??
    ජේ වී පි කැරැල්ලට හේතුත් ඔය දන්නවා ඇති එහෙනම්
    ඔච්චර පරමාදර්ෂී විප්ලවවාදී ජනතාහිතකාමී පක්සයක්නම්...
    ඇයි මෙච්චර කාලෙකට බලයට එන්න බැරි උනේ??
    මේ රටේ උන් ගොන්නු නෙමෙයි බොල
    කොච්චර මාධ්‍යට කෑ ගැහුවත් කොච්චර ආතල් දුන්නත් මිනිස්සු දන්නව ඒ කාලේ මොකද උනේ කියලා
    පනස් ගනන්වල වෙච්ච දේවල් ගිහින් ආච්චිගෙන් අහං වර කොලුවෝ:lol:
    එන්න කියපන්කෝ අාච්චිට :lol:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    :lol::lol::lol:
    ඒක තමයි මාත් අහන්නේ

    ඔච්චර පරමාදර්ෂී විප්ලවවාදී ජනතාහිතකාමී පක්සයක්නම්...
    ඇයි මෙච්චර කාලෙකට බලයට එන්න බැරි උනේ??
    මේ රටේ උන් ගොන්නු නෙමෙයි බොල
    කොච්චර මාධ්‍යට කෑ ගැහුවත් කොච්චර ආතල් දුන්නත් මිනිස්සු දන්නව ඒ කාලේ මොකද උනේ කියලා

    එන්න කියපන්කෝ අාච්චිට :lol:

    :lol: රටේ ඉන්නේ මොක්කුද කියලා ත්රෙනවා මහින්දගේ පස්සේ යන හැටි දක්කම.

    ඒ කලේ මොකද්ද උනේ ජේ වී පි එක ආතල එකට මිනි මැරුවද
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    නැහැ මේක බම්ප් කරන එක හොදයි. දන්නේ නැති අයට උනත් අවබෝදයක් එනවා. මහින්ද පැරදවීමේ වේදනාව දරාගන්න බැරි බයියෝ ජේ වී පි එකටවත් බැනලා සැනසෙනවා
    මේකගෙ භාෂා විලාශය බැලුවම මුගෙ අරමුන හිතාගන්න පුලුවන්:lol:. ඒ කොහොමවුනත් ජවිපෙ කරපු දේ ඇතුලෙ අඩුපාඩු තිබුනට ඒ දේ අනුමත කරන්න වෙනව. මොකද හැම හොඳ දෙයක්ම ලබාගන්න කැපකිරීම් කරන්න වෙනව. ඕනම දේකට ඒක අදාලයි
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :lol: රටේ ඉන්නේ මොක්කුද කියලා ත්රෙනවා මහින්දගේ පස්සේ යන හැටි දක්කම.

    ඒ කලේ මොකද්ද උනේ ජේ වී පි එක ආතල එකට මිනි මැරුවද

    ඒක ඇත්ත බං :lol::lol::lol::lol::lol::lol::lol:
    පිස්සෝ කොහොමත් කෑ ගහන්නේ මූ පිස්සා මූ පිස්සා කියල තමයි
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ඒක ඇත්ත බං :lol::lol::lol::lol::lol::lol::lol:
    පිස්සෝ කොහොමත් කෑ ගහන්නේ මූ පිස්සා මූ පිස්සා කියල තමයි
    අප්පච්චිගෙ මිනිය දැන් කුනුවෙලා:lol:
     

    waligamaya

    Well-known member
  • ඇයිබන් ලන්කවේ ශින්හල කොල්ලො කේල්ලො කැරලි ගැහුවේ.
    ඇයි බන් ලන්කවේ දෙමල කොල්ලො කෙල්ලො කැරලි ගැහුවේ

    මෙක දපු එක හොද්යි,
    බම්ප්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඔච්චර පරමාදර්ෂී විප්ලවවාදී ජනතාහිතකාමී පක්සයක්නම්...
    ඇයි මෙච්චර කාලෙකට බලයට එන්න බැරි උනේ??
    මේ රටේ උන් ගොන්නු නෙමෙයි බොල
    කොච්චර මාධ්‍යට කෑ ගැහුවත් කොච්චර ආතල් දුන්නත් මිනිස්සු දන්නව ඒ කාලේ මොකද උනේ කියලා

    උන්ට බලයට එන්න බැරි 88 89 දැකපු එවුං තමයි බහුතරයක් ලංකාවෙ චන්ද දායකයො වර්ථමානයෙත්. ඒක වෙනස් වෙනවා තව අවුරුදු 20ක් 30ක් යනකොට (නාකි ටික මලාම :lol:). :cool:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    බුම්ප්ජේ වී පි එකත් තරහෙන් හිටපු බත් බලයන්ට මාර ආතල්
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    පැටියා;17957904 said:
    බිංගු පුතා වයස ඩයල් එකක් වගේ. මම නම් JVP එකෙන් හරි හමුදාවෙන් මරපු එකෙක් වෙන්ට ඇති මම ඉපදුනේ 89 :(


    මාත් එහෙම එකෙක් වෙන්න ඇති බං... :) මාත් 89... මං තාම අලුත්.. අදයි රෙජිස්ටර් උනේ මචෝ...

     

    waligamaya

    Well-known member
  • පැටියා;17960226 said:
    උන්ට බලයට එන්න බැරි 88 89 දැකපු එවුං තමයි බහුතරයක් ලංකාවෙ චන්ද දායකයො වර්ථමානයෙත්. ඒක වෙනස් වෙනවා තව අවුරුදු 20ක් 30ක් යනකොට (නාකි ටික මලාම :lol:). :cool:
    ඊලග කැරැල්ල්න් උන්ටික මරනවා, එලකිරියේ බත් බැලයො ලිස්ට් එක තමයි ඉසෙල්ලම ගන්නේ.:lol::lol::lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan



    මාත් එහෙම එකෙක් වෙන්න ඇති බං... :) මාත් 89... මං තාම අලුත්.. අදයි රෙජිස්ටර් උනේ මචෝ...

    වෙල්කම් ටු එලකිරි
    11.gif

    ඊලග කැරැල්ල්න් උන්ටික මරනවා, එලකිරියේ බත් බැලයො ලිස්ට් එක තමයි ඉසෙල්ලම ගන්නේ.:lol::lol::lol::lol:

    :lol:
     

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,638
    2,427
    113
    ජනතා විමුක්ති පෙරමුණ ලාංකේය‍ දේශපාලන කේෂ්ත්‍රය තුළ සුවිශේෂී සටහන් තැබූ පක්ෂයකි. 1965 මැයි මස 14 වන වෙසක් පොහෝ දින ගාල්ල අක්මීමන දී පක්ෂය ආරම්භ කිරීමේ සාකච්ඡාව පවත්වන ලදී.පක්ෂයේ නිර්මාතෘ වූයේ රෝහණ විජේවීර මහතාය.අක්මීමන සාකච්ඡාව සඳහා හත්දෙනෙක් සහභාගී විය. ජවිපෙ ආරම්භ කිරීමේ අරමුණු වූයේ ලංකාවේ නිර්ධන පන්තියට රාජ්‍යබලය දිනා ගැනීමටය. ජවිපෙ බිහිවීම සදහා බලපාන ලද හේතූන් වූයේ පැරණි වමේ ව්‍යාපාරය සමසමාජ හා කොමියුනිස්ට් පක්ෂ ආණ්ඩුව සමග එකතුවීම, චීන සෝවියට් මතභේදය, රෝහණ විජෙවීරගේ මැදිහත්වීමද මේ සඳහා බලපාන ලදී. මේ කාල සීමාව තුළ ලංකා කොමියුනිස්ට් පක්ෂය චීන පිල හා රුසියානු පිල වශයෙන් දෙකට බෙදී තිබුනු අතර රෝහණ විජේවීර මහතා චීන පිලේ මතය පිළිගනිමින් එය නිවැරදිව ක්‍රියාත්මක කිරීමට උත්සාහ කරන ලදී.
    නමුත් එය අසාර්ථක වෙයි. 1967 කියුබානු විප්ලවවාදි චේගුවේරාගේ මරණින් පසු කියුබානු ආදර්ශය ජවිපෙට බලපාන ලද අතර සුප්‍රකට පන්ති පහ අරබමින් ඉන් අනතුරුව දේශපාලන කේෂ්ත්‍රයට ප්‍රවෙශ විය. 1969 දී ඇත්ත පත්‍රය විසින් “සමගි පෙරමුණට පහර දීම සදහා තරුණයින් බාගන්නා CIA කෙමනක්” ලෙස ජවිපෙ හදුන්වා දෙන ලදී.මේ තත්ත්වය තුළ 1970 මැයි 12 වන දා රෝහණ විජේවීර මහතා අත්අඩංගුවට ගන්නා ලදි. නමුත් පසුව ඔහු නිදහස්කරන ලෙස ඉල්ලා දිවයින පුරා පෝස්ටර් ව්‍යාපාරයක් ගෙන යන ලද අතර 1970 ජූලි 09 නිදහස් කර ඇත. 1970 ජූලි 14 දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ දි CIA කාරයෝ නම් දේශණය පවත්වා ඇත. 1970 අගෝස්තු 10 මංගල රැළිය කොළඹ හයිඩ් පිටියේදී පවත්වයි. මේ වනවිට ජවිපෙ ප්‍රචාරක කටයුතු සඳහා පත්‍ර කිහිපයක් මුද්‍රණයකර තිබිණ. රතුලංකා,රතුබලය,ජනතා විමුක්ති, දේශප්‍රේමී,රතු කැකුලු යන පත්‍රයි.
    71 කැරැල්ල
    1970 අගවන විට සමගි පෙරමුණු ආණ්ඩුව ජවිපෙ කෙරෙහි විශේෂ අවධානයකින් සිටින අතර 1970 අගෝස්තු 09 දින සමගි පෙරමුණු ආණ්ඩුවේ ලේකම්වරු තිදෙනා ජවිපෙ මර්දනය කිරීම සදහා ජනතා සහාය පතන ලදි. 1970 අගෝස්තු 12 ආරක්ෂක ලේකම් රත්නවේල් මහතා විසින් විශේෂ ප්‍රකාශයක් කරමින් චේ ව්‍යාපාර ආණ්ඩුවේ අංක එකේ සතුරා බවත් එය මුලිනුපුටා දැමිය යුතු බවත් ප්‍රකාශ කරයි. 1971මාර්තු 06 වන දින ඒවන විටත් ජවිපෙන් වෙන්ව සිටි ධර්මසේකර කණ්ඩායම විසින් ඇමරිකානු තානාපති කාර්යාලයට පහරදෙන ලදී. මේ සමග ආණ්ඩුව හදිසි නීතිය පනවන ලදී. 1971 මාර්තු 13 රෝහණ විජේවීර හා කෙලී සේනානායක අම්පාරේදී අත්අඩංගුවට ගෙන යාපනයේ රදවන ලදී. මේ තත්ත්වය තුළ ඒ වන විට ඉදිරිපෙළේ නායකයකුව සිටි පොඩි අතුල හෙවත් වික්ටර් අයිවන් කැරැල්ලට සූදානම් වෙයි. 1971 අප්‍රේල් 12 වන දින විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ සංඝාරාමයේ දී පහරදීම සදහා සාකච්ඡාවක් පවත්වන ලදී. ප්‍රථමයෙන් තීරණයකර තිබුනේ අප්‍රේල් 05 අළුයම පහර දීමටය.නමුත් පසුව එම තීරණය වෙනස් කරමින්.රාත්‍රී පහරදීමට තීරණය කෙරිණි.මේ පනිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස්කිරීමට නොහැකි විය. පණිවිඩය මොනරාගල දිස්ත්‍රික්කයට අදාලව වෙනස් කිරීමට නොහැකි විම නිසා වැල්ලවාය පොලීසියට පහරදීම අප්‍රේල් 05 අලුයම සිදුවිය.එනිසා කැරැල්ල අසාර්ථවීමට එය හේතුවිණි. එහිදී පොලිස් ස්ථාන 92 කට පහරදුන් අතර 57 කට අලාභහානි සිදුවිය. තරුණ තරුණියන් දස දහසක් දෙනා මරණයට පත් වූඅතර 20,000 ක් පමණ සිරගත කෙරිණි.සැකකරුවන්ට දඩුවම් කිරීමට විශේෂ නීතියක් යටතේ ආණ්ඩුව කොමිසමක් පත් කරන ලදි.එය අපරාධ විනිශ්චය කොමිෂන් සභාව ලෙස හඳුන්වන ලදී.කොමිසන් සභාව මගින් පක්ෂ නායකයන්ට දඩුවම් පනවන ලදී. එයින් අනතුරුව සිරගෙදර සිට පක්ෂය ගොඩනැගීමට කටයුතු කරන ලදී.
    1976-83 දක්වා කාලවකවානුව
    1976 හදිසි නීතිය ඉවත් කිරීමත් සමග පක්ෂය නීත්‍යානුකූල විය.නිදහස් වූ උපතිස්ස ගමනායක පක්ෂයේ වැඩකටයුතු ආරම්භ කරන ලදී. නියමුවා පුවත්පත
    ආරම්භ කරමින් නැවතත් ප්‍රචාරක රැලි ආරම්භ කරන ලදී.77 මැතිවරණයේ දී ආසන 4 කට ඉදිරිපත් වේ. තංගල්ල, බටහිර අනුරාධපුරය, හොරොව්පතාන හා හක්මන යන ආසන වලට සීනුව ලකුණින් ඉදිරිපත් විය.1977 දී අපරාධ විනිශ්චය කොමිසන් සභාව අහෝසි වීමත් සමඟ රෝහණ විජේවීර නිදහස් විය .78 පළමු සමුළුව ඉන්පසු පවත්වන ලදී. අනතුරුව 1978 නගර සභා මැතිවරණය සඳහා ස්වාධීනව තරග කර ඇත. 1981 දී දිස්ත්‍රික් සභා ඡන්දයෙන් නියෝජිතයන් 13 ක් පත්වී ඇත .1982 ජනාධිපතිවරණය සඳහා රෝහණ විජේවීර මහතා ඉදිරිපත් වී ලක්ෂ තුනකට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලබාගෙන ඇත .
    1983 සිට 1994 දක්වා කාලසීමාව
    1983 සුප්‍රසිද්ධ කළු ජූලිය ඇතිවෙයි. 1983 ජූලි 30 වනදා ජේ.ආර්. ජයවර්ධන රජය ජවිපෙ තහනම් කරයි. තහනම ඉවත්කර ගැනීම සඳහා කටයුතු කළද එය සාර්ථක නොවේ. ඉන්දු ලංකා ගිවිසුමත් සමග ඉන්දියන් හමුදාව පැමිණීම නිසා දේශප්‍රේමී සන්නද්ධ අරගලයක් ඇරබෙයි. මේ වකවානුව තුල ජවිපෙ තමන්ගේ සාම්ර්‍ප්‍රදායික ජනතා දැනුවත් කිරීම් තුලින් විශාල පිරිසක් මෙම 13 වන ව්‍යවස්ථා සංධශෝනයට එරෙහිව පෙලගැස්වීමට සමත් වීම නිසා එ.ජා.ප.ආණ්ඩුව 13 වන ව්‍යවස්ථා සංධශෝනයේ යෝජනා ක්‍රියාත්මක කිරීම පසෙක තබා මෙම අරගලය මර්දනය කිරීම අරඔයි. කෙසේ හෝ අවසානයේ බලයේ සිටි එ.ජා.ප.ආණ්ඩුව විසින් මෙම අරගලය මර්දනය කරයි. ‍රෝහණ විජේවීර, උපතිස්ස ගමනායක ඇතුළු නායකයින් මරණයට පත් වෙයි. පිරිසක් විදේශ ගතවෙයි.දස දහස් ගණනක් සිරගත වීමට සිදුවෙයි. ඉතා විශාල දේපල හානියක් සිදුකල මෙම අරගලය මගින් ලක්ෂයකට ආසන්න තරුණ තරුණියන් ඇතුළු බොහෝ දෙනෙකුගේ ජීවිත අහිමි වෙයි.දේශපාලන බලමණ්ඩලය තුළ මරණයට පත් නොවී ජීවිතය බේරාගත්තේ සෝමවංශ අමරසිංහ මහතා පමණි.
    1994 සිට 2005 ජනාධිපතිවරණය දක්වා
    1994 පොදුජන එක්සත් පෙරමුණ බලය ලැබීමත් සමග සිරගතව සිටි බොහෝ පිරිසකට නිදහස ලැබේ. 1994 මැතිවරණයට ජවිපෙ ලෙස තරඟ වැදීමට තීරණය කරයි. මහ මැතිවරණයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් එක් ආසනයක් හිමිවෙයි. නිහාල් ගලප්පත්ති මහතා පාර්ලිමේන්තුවට පත්වෙයි. ඉන් අනතු‍රුව ඉදිරිපත් වූ මැතිවරණ තුළ 1997 පලාත් පාලන ආසන 101 ක් දිනාගන්නා අතර 1998 පලාත් සභා ආසන 25 ක් දිනයි. 2000 මහා මැතිවරණයෙන් ආසන 10 ක් දිනාගන්නා අතර 2001 දී එය 16 දක්වා වර්ධනය කර ගැනීමට සමත්වෙයි. උතුරු නැගෙනහිර අර්බුදය සම්බන්ධයෙන් දැරූ මතය හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග එක්ව 2004 වර්ෂයේදී සන්ධානය ගොඩනගමින් එජාපය පරාජය කරයි. 2004 මහමැතිවරණයෙන් මන්ත්‍රීදූර 39 ක් දිනා ගැනීමට සමත්වෙයි. සුනාමි ව්‍යවසනය ඇති‍වීම තුළ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය L.T.T.E. සංවිධානය සමඟ සුනාමි සහන මණ්ඩල ගිවිසුමට අත්සන් කිරීමට සූදානම් වීමත් සමඟ සන්ධානයෙන් ඉවත්වෙයි. අධිකරණය හමුවට ගොස් සුනාමි සහන මණ්ඩලය අවලංගු කිරීමට සමත් වෙයි. නමුත් 2005 ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්කිරීම සඳහා විශාල වැඩකොටසක් ඉටු කරයි.
    2005 ජනාධිපතිවරණයේ සිට 2010 දක්වා
    1994 වර්ෂයෙන් පසු ජවිපෙ දිගින්දිගටම පෙනී සිටියේ උතුරු නැගෙනහිර ප්‍රශ්නය සම්බන්ධයෙන් දැඩි ස්ථාවරයක. ඒකීය රටක් හා ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජය කළ හැකිය යන්න ප්‍රකාශ කරන ලදී. එවකට පැවති ජනමතය අනුව එය වර්තමාන තත්ත්වය දක්වා වෙනස් කිරීම සඳහා ජවිපෙ මැදිහත්වීම අමුතුවෙන් කිව යුතු නැත. උතුර-නැගෙනහිර පළාත් වෙන් කිරීම, කුප්‍රකට ‘පීටොම්ස්‍‍‍්‍’ ගිවිසුම හකුලා ගැනීම සඳහා ජවිපෙ විසින් ගත් නීතිමය ක්‍රියාමාර්ග සඳහා එවකට අගවිනිසුරු සරත් එන්. සිල්වා මහතා අගනා මෙහෙයක් කළ අතර එවක යුධහමුදාපති ජනරාල් සරන් ‍ෆොන්සේකා මහතාට තම භටයන් සාර්ථකව මෙහෙයවීම සඳහා අවැසි පසුබිම ජවිපෙ විසින් දකුනේ ජනමතය සැකසීම මගින් පාදා දෙන ලදී. තවද මහින්ද රාජපක්ෂ මහතා බලයට පත්ව ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කිරීම සඳහා කටයුතු කළේය. මේ අතරතුර ජවිපෙ අභ්‍යන්තර අර්බුදය පැන නැගුණි. ඉතා තීරණාත්මක සන්ධිස්ථානයක් වූයේ විමල් වීරවංශ මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 11 දෙනෙක් පක්ෂය හැරගොස් ජාතික නිදහස් පෙරමුණ පිහිටුවීමයි. මේ තත්ත්වය තුළ පසුගිය වයඹ, මධ්‍යම හා සඹරගමු පලාත් සභා මැතිවරණ‍වලින් සැලකිය යුතු ප්‍රමාණයක් ඡන්ද අහිමිවීමක් සිදුව තිබේ. කෙසේ වෙතත් විමල් වීරවංශ සාධකයේ හැරයාම පිළිබඳ ජවිපෙ ඉතා නිහඬ පිළිවතක් අනුගමනය කරන බවක් පෙනේ.
    2010 ජනාධිපතිවරණය
    2010 ජනාධිපතිවරණයේදී තනිව පක්ෂයක් ලෙස තරඟ වැදීම වෙනුවට විපක්ෂයේ පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට ජ.වි.පෙ ඇතුලු විපක්ෂය තීරණය කරන ලදී. ඒ අනුව හිටපු යුධ හමුදාපති ( එවකට )ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් පිහිටවූ “ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය” නම් පක්ෂයට ජ.වි.පෙ සහය පල කල අතර පොදු අපේක්ෂකයා ලෙස සරත් ෆොන්සේකා මහතා ඉදිරිපත් විය. එක්සත් ජාතික පක්ෂය ඇතුලු විපක්ශයේ බොහෝ පක්ෂ මේ සන්ධානයට සහය පලකල අතර, ජනතා විමුක්ති පෙරමුණ එයට එක්වීම යම් තරමකට විවාදාත්මක විය. ඒ වන විට ජනතා ජ.වි.පෙ තුල සිටි සමහර පිරිස් පසු කාලයකදී ප්‍රකාශ කලේ පොදු අපේක්ෂකයාට සහය දීම සහ ඊට පෙර (2004 වසරේදී)එක්සත් ජනතා නිදහස් සන්ධානයට එක් වීම හරහා ජ.වි.පෙ තම පන්ති සටන අත්හැර පන්ති සහයෝගීතාවයකට එකඟ වී ඇති බවයි.
    කෙසේ වෙතත් ජනාධිපතිවරණයේදී ෆොන්සේකා මහතාට ලබාගත හැකි වූයේ ඡන්ද 4,173,185ක් (40.15%) පමණක් වන අතර ඡන්ද 6,015,934ක් (57.88%) ලබාගත් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ අපේක්ෂක මහින්ද රාජපක්ෂ නැවටත් වතාවක් ජනපති ධූරයට පත් විය. මැතිවරණය දූශිත බව ජ.වි.පෙ ඇතුලු විපක්ෂ කණ්ඩායම් චෝදනා කලද ඒ පිලිබඳව වූ පරීක්ෂණ වලදී චෝදනා ඔප්පු කරගත නොහැකි විය. පසුකාලීනව ෆොන්සේකා මහතාට මුහුණ පෑමට සිදුවූ දේශපාලන පලිගැනීම් ජ.වි.පෙ විසින් හෙලා දුටු නමුත් ඉදිරියේදී පක්ෂයක් ලෙස තනිව තම දේශපාලන ගමන සිදු කිරීමට තීරණය කරන ලදී.
     
    • Like
    Reactions: maxboysl