ත්රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ.......
අපේ ලේලන්ඩ් හදන එකාට මේ කාර් කටු හදන්නේ නෑ නේ අම්මපා......
මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ......

ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ.....

දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ.......

මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ.....

බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා.....
ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා.......
හෙට මේක ගිහින් දානවා අපේ බස් හදන එකා ගාවට..... දාලා එනවා..... හවස් වෙනකොට වෙන බාස් කෙනෙක් ලව්වා හරි හදලා තියන්න ආයේ ලේලන්ඩ් වගේ බ්රේක් තියෙන්න කියලා.......