වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    break වල හුලං බන් හුලං යැව්වාම හරියයි ඒත් නැත්තම් මාස්ටර් පොම්පේ රබර් ගිහින්

    වයර් short ඒකක් තියෙනවා පුතේ ටිකක් බලවගනින් බැට්රියට කෙලවෙයි

    :dull: දැන් කී පාරක් නම් හුලං යවන්න දැම්මද....?? ඌට වැඩේ බෑද කොහෙද.... හෙට දානවා ලේලන්ඩ් හදන එකා ගාවට..... ඌ හදයි ලේලන්ඩ් වගේ වෙන්න බ්‍රේක්..... :yes:
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    http://ikman.lk/en/17-inch-enkei-alloy-wheels-for-sale-colombo

    ගාන නම් සැරයි ඒ උනාට බඩු නම් හොදයි;)

    ස්තුතිය් මචන්.. මම හොයන්නෙ 13 වගේ ...ටිකක් බොකු වෙන්නත් ඕනෙ. අර පින්තූරෙ තිබුන වගෙ.. හැම තැනම තියෙන මැලෙසියන් එක හරියන්නෙ නෑ මචන්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ස්තුතිය් මචන්.. මම හොයන්නෙ 13 වගේ ...ටිකක් බොකු වෙන්නත් ඕනෙ. අර පින්තූරෙ තිබුන වගෙ.. හැම තැනම තියෙන මැලෙසියන් එක හරියන්නෙ නෑ මචන්
    ඒව්වා පට්ට ගණන් බන් කියන්නේ ඇලො විල්ම ගෙන්න තැන් තියෙනවා මචන් අන්න ඒකකින් නම් හොය‍ාගන්න පුලුවන් වෙයි
    මැලෙසියන් ඒව්වා නම් දාන්න ඒපා හැමතැනම තියෙන්නේ ඒවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :dull: දැන් කී පාරක් නම් හුලං යවන්න දැම්මද....?? ඌට වැඩේ බෑද කොහෙද.... හෙට දානවා ලේලන්ඩ් හදන එකා ගාවට..... ඌ හදයි ලේලන්ඩ් වගේ වෙන්න බ්‍රේක්..... :yes:
    කියන්න බැ බන් අර දිනුෂ අයියාගේ ඒකේ වගේ කොහෙන් හරි බටයක් වත් දිරලද දන්නේ නැ ඒහේම උනාම හොයාගන්න බැනේ
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    DX 72 වැගන් එක මම මාර ආස වාහනයක්.... කවද හරි පරන එකක් අරන් එළට හදල ආසාව යනකන් පදින්න අදහසක් තියේ....

    හොඳ වාහන ඕන තරම් තියෙනවා..හදිස්සි වෙන්නෙ නැතුව හොඳට නඩත්තු කරපු වාහනයක් ගන්න.. කිසිම අවුලක් වෙන්නෙ නෑ
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගෙ වාහනෙ මචන් උඹෙ එකටත් වඩා අවුරුදු 10කට වඩා පරණයි..ඇත්තටම සැප පහසුයි..(පොඩි පොඩි සද්ද ටිකක් ආවට )ලඟදිම ඒ,සී ත් හයි කරන්න තමයි හිතාගෙන ඉන්නෙ..

    හොඳ තැනකට දීලා අලුතෙන් කුෂන් කරගත්ත්හ නම් හරිනෙ.. බස්වල කරන තැන් එහෙම අඳුරනවා ඇතිනෙ
    ගාන සැරයි ටිකක් හැබැයි සුපිරිටම කරනවා මහර නයිම් කුෂන්
    මොකද්ද උබ ගත්තේ Ke20 ද? පොටො ටිකක් දාපන්කො බලන්න
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ගාන සැරයි ටිකක් හැබැයි සුපිරිටම කරනවා මහර නයිම් කුෂන්
    මොකද්ද උබ ගත්තේ Ke20 ද? පොටො ටිකක් දාපන්කො බලන්න

    yes KE 20
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: නොදකින්.... යකෝ අපි පවර් ස්ටියරින් නැතුව ලේලන්ඩ් එලවපු උන් හරිය...... :yes: හම්මේ සැප දවසක් වැඩ කරහම..... පවර් ස්ටියරින් නෑ...... සින්ක්‍රෝමැක්ස් ගියර් පෙට්ටි නෑ..... දෙපාරක් පාගලා (ඩබල් ක්ලච්) ගියර් දාන්න ඕනා..... කොහොමද ආතල් එක...... :P

    :D ඔන්න එලවනව නම් බඩු
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මගෙ වාහනෙ මචන් උඹෙ එකටත් වඩා අවුරුදු 10කට වඩා පරණයි..ඇත්තටම සැප පහසුයි..(පොඩි පොඩි සද්ද ටිකක් ආවට )ලඟදිම ඒ,සී ත් හයි කරන්න තමයි හිතාගෙන ඉන්නෙ..

    හොඳ තැනකට දීලා අලුතෙන් කුෂන් කරගත්ත්හ නම් හරිනෙ.. බස්වල කරන තැන් එහෙම අඳුරනවා ඇතිනෙ

    :cool:

    :oo: බස් වල කරන එකාට පෙන්නුවහම ඌ කියනවා මේක හදනවට ලාභයි ජපන් සීට් දෙකක් දාගන්න එක කියලා...... :yes:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :dull: කතා කරලා වැඩක් නෑ...... :no:

    අපි ඉස්සර ලේලන්ඩ් හදන තැනක් තිබ්බා..... එක බස් එකක බ්‍රේක් වල හුලං බහිනවා විනාඩි පහක් නවත්තලා තිබ්බත්..... ඉස්සරහා පැඩල් එකේ ඉදන්..... පිටිපස්සේ බ්‍රේක් ගෙඩි ටිකට වෙනකම් ඔක්කොම රෙපයාර් කිට් දැම්මා....... ඒත් හරි ගියේ නෑ....... :no:

    අන්තිමට මට එපාම වෙලා..... වෙන බාස් කෙනෙක් ගාවට දැම්මා...... අයියෝ කහවණු...... පැඩල් එක ගාව ‍Y හැඩයේ ගැජට් එකක් තියෙනවා...... ඒකේ පොඩි පැල්මක්..... එතනින් හුලං ලීක් වෙන්නේ...... රු. 250/= න් වැඩේ ගොඩ..... ඕකට මම රු. 15000/= කට වඩා වියදම් කරා..... අන්න බාස් ලා..... එදා ඉදන් ඉතින් ඒ බාස් නැත්නම්...... බස් එක බ්‍රේක් කට්ටයක් වත් දාන්න යවන්නේ නෑ..... දවස් ගණන් ගෙදර තිබ්බත් හදවන්නේ අපේ බුවාට කියලම තමා..... ඕනා රෑක ඕනා වෙලාවක..... අපේ වාහනයක් නම් පොර එනවා ඈදගෙන හරි එන්න....... :yes:

    එක දවසක් ගියර් බොක්ස් එක හිර වෙලා...... රෑ 8.30 ඉදන් පාන්දර 3.30 වෙනකම් අනිත් බස් එකෙන් ඈදන් ආවා පොරත් එක්ක...... :yes:

    මොකක් හරි සීන් එකක් වෙලා..... මෙන්න මෙහෙම සද්දයක් එනවා... මෙන්න මෙහෙම කේස් එකක් තියෙනවා කියලා කිව්ව ගමන්.... මෑන් ගානට කියනවා..... මෙන්න මේ බඩු ටිකත් අරන් එන්න කියලා...... ආයේ ඉතින් කිව්ව බඩු ටිකම තමා ඕනා කරන්නේ වැඩේට...... :cool:

    කිසිම බාසෙක් ඔය ගලවන කෑල්ලක් හොදට හෝදන්නේ නෑ නේ..... ඒකට අපේ එකා..... ආයේ කම්පැණියෙන් ගෙනාවා වගේ වෙනකම් භූමිතෙල් දාලා හෝදලා..... සුපිරියටම හයි කරනවා...... :D

    එන්ජිමක්ම බෑවත් මෑන් තනියම තමා...... :yes:
    ඔන්න නියම බාස්ලා බං.උන්ට වෙන මහන්සියට වඩා කීයක් හරි වැඩිය දුන්නත් කමක් නෑ බං.මේ සමහර මක බාස්ලා අපේ වාහන වලින්නෙ අත්හදා බලන්නෙ.එතකොට අපිට කෙල වෙලා ඉවරයි
     
    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    :cool:

    :oo: බස් වල කරන එකාට පෙන්නුවහම ඌ කියනවා මේක හදනවට ලාභයි ජපන් සීට් දෙකක් දාගන්න එක කියලා...... :yes:

    :lol::shocked::confused::dull::lol:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    80% k ma elakiiri eke inne uncle la .:frown::frown::frown::frown::baffled:
    සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්‍රෙඩ් වැටෙන්නෙ:yes:පේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්‍රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic:D:D:D:D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ත්‍රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ....... :P

    අපේ ලේලන්ඩ් හදන එකාට මේ කාර් කටු හදන්නේ නෑ නේ අම්මපා...... :dull:

    මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ...... :no: ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ..... :P දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ....... :no: මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ..... :P බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා..... :angry:

    ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්‍රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්‍රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්‍රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා....... :dull:

    හෙට මේක ගිහින් දානවා අපේ බස් හදන එකා ගාවට..... දාලා එනවා..... හවස් වෙනකොට වෙන බාස් කෙනෙක් ලව්වා හරි හදලා තියන්න ආයේ ලේලන්ඩ් වගේ බ්‍රේක් තියෙන්න කියලා....... :yes:

    ඇයි මචං බ්ලෝවර් එක නතර වෙන්නෙ නැත්තං බොනට් එක ඇරලා බැට්‍රියේ වයර් එක ගලවල යන්න එපැයි‍. ඒකට මහ වෙලාවක් යන එකක්යෑ. උඹනම් මාර පොරක් තමයි. යකෝ ඒසි වැඩ නැත්තං ශටර් ඇරගෙන යන්න එපැයි :P
    බ්‍රේක් වැඩේ නම් බලාගනිං. හරියට හුලං ඇරල නැති සීන් එකක් තමයි ඇත්තේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹේ පලවෙනි කාර් එකේ විස්තරේ කියවල හරිම හිතට අමාරුයි බන්... මගේ බලවත් කනගාටුව උඹේ love එක brake උන එකට..:sorry::sorry::sorry:

    ඉස්සෙල්ලම උඹට හද පුරා ස්තුතියි මේක ලියල දැම්මට.. මේකේ ඉන්න එවුන් බදාදා පනිනකොට මාව කන්න හදනවා කතා දාපන් කතා දාපන් කියල.. සති අන්තෙ වෙද්දී කොහොමහරි කටුවක් කාපු සීන් එකක් ලියල දානවා. එත් මේ සති අන්තය සිකුරාදා රෑ ඉඳන්ම බුක් වෙලා .. කොහොම හරි වෙලාවක් හදාගෙන ලියන්න ඕන...

    මේ මගුලක් කතා කරන්න එපා පොල් අංකල් :dull: කතාවක් දැම්මේ නැත්තම් එනවා ඇමරිකාවට හොයාගෙන :frown:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ත්‍රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ....... :P

    අපේ ලේලන්ඩ් හදන එකාට මේ කාර් කටු හදන්නේ නෑ නේ අම්මපා...... :dull:

    මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ...... :no: ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ..... :P දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ....... :no: මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ..... :P බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා..... :angry:

    ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්‍රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්‍රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්‍රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා....... :dull:

    හෙට මේක ගිහින් දානවා අපේ බස් හදන එකා ගාවට..... දාලා එනවා..... හවස් වෙනකොට වෙන බාස් කෙනෙක් ලව්වා හරි හදලා තියන්න ආයේ ලේලන්ඩ් වගේ බ්‍රේක් තියෙන්න කියලා....... :yes:

    ඒයි...මාර කේ එක මචං...උඹ හෙට යනකොට උඹේ බස් හදන බාසා ඕකට ලේලන්ඩ් බ්‍රේක් සිස්ටම් එකක්වත් අටවලා තියයිද දන්නෑ:rofl::rofl::rofl::D:D:D
     
    Status
    Not open for further replies.