වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්‍රෙඩ් වැටෙන්නෙ:yes:පේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්‍රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic:D:D:D:D

    :yes: :cool: :D
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    Honda Vazel . . . . :lol::lol::lol::lol: :P වෙසල් ගැන කතා කරලා ලිඳේ වැටෙන්නයි යන්නේ. .
    ඇත්තටම බං මොකක්ද මේ වෙසල් වලට තියන පිස්සුව..මට ඒක ගෙම්බෙක් වගේ පේන්නෙ
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    හැමදාම එනවා බන්. . . කොටන්න හිතෙන්නෙ නෑ ෆෝන් කට්ටෙන්

    අඩේ ලැපක් ගනිංකෝ

    ඔව් බං ලැපක් ගත්තනම් හරි...

    Honda Vazel . . . . :lol::lol::lol::lol: :P වෙසල් ගැන කතා කරලා ලිඳේ වැටෙන්නයි යන්නේ. .

    වෙසල් ගැන කතාකරොත් ඉතිං :lol::lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඇයි මචං බ්ලෝවර් එක නතර වෙන්නෙ නැත්තං බොනට් එක ඇරලා බැට්‍රියේ වයර් එක ගලවල යන්න එපැයි‍. ඒකට මහ වෙලාවක් යන එකක්යෑ. උඹනම් මාර පොරක් තමයි. යකෝ ඒසි වැඩ නැත්තං ශටර් ඇරගෙන යන්න එපැයි :P
    බ්‍රේක් වැඩේ නම් බලාගනිං. හරියට හුලං ඇරල නැති සීන් එකක් තමයි ඇත්තේ.

    :baffled: ඔක්කොම ආයුධ ටික FB15 එක ඈතුලේ....... DX එකේ අඩුවක්වත් තිබ්බේ නෑ....... :dull:

    :D ශටර් ඈරන් තමා ගියේ..... ඒ උනාට පට්ට රස්නයක්නේ තිබ්බේ...... :baffled:

    :yes: ඔව් එදා පිටිපස්සේ ලයිනර් ගහන ගමන් බ්‍රේක් වොෂර් දාලා හුලන් ඈරලා නෑ හරියට..... ඌ හරියන්නේ නෑ.... දානවා හෙට ලේලන්ඩ් හදන පොර ලගට...... :D
     

    janaka5130

    Well-known member
  • Apr 2, 2012
    2,331
    291
    83
    අපේ රටේ තමයි
    ඒ මගෙ ගෑනු ලමයත් අද වෙන කෙනෙක් බැඳලා
    උඹත් ඊට වඩා හොඳ කෙල්ලෙක් බැඳල ඇති මගේ හිතේ
    umba VOG kenekda... dokek :rolleyes:

    ඇත්තමද කියහං මං දන්න VOG ලට මේවගේ එනවා තියා ගෙදර ගෑණි එක්ක ඉන්න වත් වෙලාවක් නෑ
    බුදු අම්මෝ ලේලන්ඩ් බස් එකයි කතරගම ගමනයි මතක් වෙනකොට කලන්තේ වගේ බන්. මම අවුරුදු 5ක් ඔය ලබ්බේ තමයි කතරගම රස්සාවට ගියේ.. උඹල වන්දනාවේ යන යෑම නෙවෙයි බන් උන් යන්නේ.. වමට තියන වංගු ගන්නේ පාරේ වම පැත්තේ අයිනෙන්.. දකුණට තියන වංගු...:shocked::shocked::shocked: ඒවා ගන්නේ පාරේ දකුණු පැත්තේ අයිනෙන්... ඉස්සර මට වාහනේක යද්දී නින්ද යන්නේ නැහැ , එත් කතරගම ලේලන්ඩ් කාරයින්ට පින් සිද්ද වෙන්න දැන් මරුව අතේ තියන් උනත් නින්ද යනවා මලා වගේ..වේගය 120 පැනල යන බස් එකේ... බීට් සයිලන්සරෙන් එක අලි පිඹින සද්දෙයි.. කැසට් මරාලෙන් එන නොනවතින ත්‍රිබල් සද්දෙයි.. එන්ජින් මොලේ සද්දෙයි , ජොයින්ට් ගැලවෙන්න තරම් එන vibration එකයි, රැයක් දවාලක් නැතුව ගහන හොර්න් එකයි එක්ක ලේලන්ඩ් එකේ නිදාගන්න පුළුවන් එකෙකුට ඕන තැනක සුව නින්දක් යනවා කිසිම ප්‍රශ්නයක් නැහැ.
    :lol::lol::lol:
    ත්‍රාසජනක DX Wagon සවාරියකින් පසු..... දැන් ගොඩ බැස්සේ....... :P

    අපේ ලේලන්ඩ් හදන එකාට මේ කාර් කටු හදන්නේ නෑ නේ අම්මපා...... :dull:

    මේ DX එක මට කොච්චර ආදරේද කියනවා නම්..... AC බ්ලෝවර් එක වැඩ කරේ නෑ...... :no: ඕන් අද උදේ ගිහින් නුගේගොඩ කස්ටමර් සයිට්...... මේන් එන්ජිම නතර කරත් බ්ලෝවර් එක වැඩ ඔටෝම..... AC ත් වැඩ..... :P දැන් මේ හුයන බ්ලෝවර් එක නතර වෙන්නේම නෑ....... :no: මොනවා කරන්නද කස්ටමර්ගේ වැඩේ ඉවර වෙලා එනකොට බැටරිය සෙත්ත පෝච්චි වෙලා තිබ්බොත් තල්ලු කරන්න කියලෑ..... :P බැරිම තැන දැම්මා ගෙනිච්ච බඩු ටික බාලා...... කන්දක් උඩට..... දාලා පල්ලමේ නතර කරලා වැඩේ කරලා පැය දෙකකින් විතර එනකොට ඉබේම බ්ලෝවරේ නතර වෙලා...... දැන් ඈතුලේ බිත්තර තම්බන්න රස්නේ...... ආයේ බැලුවා AC වැඩද කියලා...... ම්හු...... වැඩ නෑ..... .තැම්බි.... තැම්බි ආවා..... :angry:

    ඊයෙත් ගැරේජ් එකට දාලා.... ඌ නම් කිව්වේ තවම ලයිනර් සීට් වෙලා නෑ කියලා..... ඒත් මොන තවමත් විකාරෙන් වගේ බ්‍රේක් තියෙන්න්න..... වෙලාවකට අඩියටම පෑගුවහම..... යට අඩියෙම බ්‍රේක් තියෙනවා ලේලන්ඩ් එකක වගේ...... වෙලාවකට නෑ පොඩ්ඩක්වත්...... මොන මගුලක් වෙලාද මන්දා මේකට...... බ්‍රේක් එක පාගද්දි පැඩල් එක හරියෙන් හුස් හුස් ගාලා හුලන් බහිනවා වගේ සද්දෙකුත් වෙනවා....... :dull:

    හෙට මේක ගිහින් දානවා අපේ බස් හදන එකා ගාවට..... දාලා එනවා..... හවස් වෙනකොට වෙන බාස් කෙනෙක් ලව්වා හරි හදලා තියන්න ආයේ ලේලන්ඩ් වගේ බ්‍රේක් තියෙන්න කියලා....... :yes:
    ඇයි බං බැට්රි වයර් එක ගලවන්න තිබුණනෙ
    ෂා මරු කාර් එක
    :lol::lol: ලිඳේ වැටෙන සද්දයක් ඇහුනා
    සුදු පුතේ.. අංකල්ල නිසා තමයි එලකිරියෙ සුපිරි ත්‍රෙඩ් වැටෙන්නෙ:yes:පේනවනෙ අපේ තූති මල්ලි බබාල දාන ත්‍රෙඩ්.... රෑම් එකක් තියන්නෙ කොතනද..... ...කෙල්ල එක්ක අරක කරන්නෙ කොහොමද....දැන් බබා හම්බවෙයිද....ඔන්න උන්ට thread දාන්න තියන topic:D:D:D:D
    නියම කතාව :yes::yes::yes:
    ගිය සතියේ සිකුරාදා හිපාටුවෙක් නවාරා එකක් පටවන් අරන් අාවා. . ඩිප් එකෙන් සද්දයක් එනවා කිව්වා. . ගිය සතියට කලින් සතියේ නම ගිය තැනකට දාල සර්විස් කරලා වාහනේ. . . ඩිප් එක ගලෝල බැලුවම පීනියන් එකටයි ක්‍රවුන් වීල් එකටයි අබ සරණ වෙලා. . LSD oil වෙනුවට නෝමල් ඔයිල් දාලා. . . බොහොම අමාරුවෙන් ඩිප් එකක් හොයලා දාල දුන්නා. . .බිල දෙලක්ෂ විසිදාහයි . . .එ් කත් අපිට ඩිප් එක අඩුවට ලැබුනු නිසා. . .නැත්තම් ඩිප් එකක්ම 2.50 පනිනවා. .

    සෙනසුරාදාට ජායාරූප බලා පොරොත්තු වන්න.
    :no::shocked:
    Honda Vazel . . . . :lol::lol::lol::lol: :P වෙසල් ගැන කතා කරලා ලිඳේ වැටෙන්නයි යන්නේ. .
    මේකට පැය 24ක් නාවොත් ඉවරයි. පැයක් කියවන්න දේවල් ගොඩ වෙලා
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඒයි...මාර කේ එක මචං...උඹ හෙට යනකොට උඹේ බස් හදන බාසා ඕකට ලේලන්ඩ් බ්‍රේක් සිස්ටම් එකක්වත් අටවලා තියයිද දන්නෑ:rofl::rofl::rofl::D:D:D

    :yes: ඌ නම් වැඩ කරු.... අවුල ඌ මේවා හදන්නේ නෑ...... :no: හෙට ගිහින් කියනවා පුරුදු වෙන්න හරි හදපිය මේක කියලා..... :P

    DX එකේ බ්‍රේක් කොච්චර එලද කියනවා නම්..... ලාවට පාගගෙන යනකොට..... එක පාරට පැඩල් එක යටටම ගිහින්.... එක තැන බ්‍රේක් වෙනවා..... තව පොඩ්ඩෙන් කොස්වත්ත හන්දියේදී පිටිපස්සෙන් ආව N16 එක DX එක ඈතුලේ...... :P
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :yes: ඌ නම් වැඩ කරු.... අවුල ඌ මේවා හදන්නේ නෑ...... :no: හෙට ගිහින් කියනවා පුරුදු වෙන්න හරි හදපිය මේක කියලා..... :P

    DX එකේ බ්‍රේක් කොච්චර එලද කියනවා නම්..... ලාවට පාගගෙන යනකොට..... එක පාරට පැඩල් එක යටටම ගිහින්.... එක තැන බ්‍රේක් වෙනවා..... තව පොඩ්ඩෙන් කොස්වත්ත හන්දියේදී පිටිපස්සෙන් ආව N16 එක DX එක ඈතුලේ...... :P
    :D:D:DN16 එක DX එක ඈතුලේ ඉදියි උඹ ඉස්සරහ windscreen එක කඩාගෙන බොනට් එක උඩ ඉඳියි.පරිස්සමෙන් පල;););)
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: ඌ නම් වැඩ කරු.... අවුල ඌ මේවා හදන්නේ නෑ...... :no: හෙට ගිහින් කියනවා පුරුදු වෙන්න හරි හදපිය මේක කියලා..... :P

    DX එකේ බ්‍රේක් කොච්චර එලද කියනවා නම්..... ලාවට පාගගෙන යනකොට..... එක පාරට පැඩල් එක යටටම ගිහින්.... එක තැන බ්‍රේක් වෙනවා..... තව පොඩ්ඩෙන් කොස්වත්ත හන්දියේදී පිටිපස්සෙන් ආව N16 එක DX එක ඈතුලේ...... :P

    N16 එක DX එක ඈතුලට නම් එන්නෙ නෑ බං. ඕනෙ නම් N16 එක ඇතුලට DX කේ පස්ස යයි. :rofl:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    warranty තියනවා මචන්.. එත් දවස් ගණන් වාහනේ දාල තියන්න විදියක් නැහැ. සිකුරාදා ගිහින් දාල සඳුදා ගත්තේ. එත් කරලා තිබ්බේ යතුර කපපු එක විතරයි... අයෙත් ගිහින් දාන්නේ නැහැ. පාරේ නවතිනකම් දුවනවා... ඊට පස්සේ උඹලට කතාව ලියල දාන්නම්..:lol::lol::lol::lol:

    :rofl::rofl:
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    තවත් කතාවක් මතක් වුනා..
    ඒකත් වසර 10කට පෙර.. කලින් කී මගෙ සුරතල් වාහනේම තමයි..

    ඒ කාලෙ මචන් කොල්ලා කාර් එක පදින්නෙ බුදු බයෙන්.. සාමාන්‍යයෙන් ගමනක් යනවානම් සියලුම නෑදෑ පිරිවර යාලු මිත්‍ර ආදින් දැනුවත් කරලා තමයි යන්නෙ..හේතුව මගේ තියෙන හිත හොඳකමට වඩා මගෙ අර කෙහෙල්මල කොහෙ කැඩෙයිද කියලා කියන්න බැරි නිසා.
    සාමාන්‍යයෙන් ඒක සතියකට සරයක්වත් තල්ලු කරන්න වෙනවාමයි..
    ඉතින් මට මේක කරන්නම බැරි නිසා හිතුන වාහනෙ විකුනන්න ඕන කියලා..
    ඒ කාලෙ අද වගෙ ඉන්ටර්නෙට් එකට දාල විකුනන්න බෑනෙ.. පත්තරේම තමයි දාන්න ඕන. ඔන්න ඉතින් දැම්ම පත්තරේට මේක විකුණන්න..

    කැම්පස් එකෙ තියෙනව කියලා තමයි දැම්මෙ. තව දැම්මා "ලොකුවට වෛද්‍ය ශිෂ්‍යයෙක් පාවිච්චි කල" කියලත්. හැමෝම දන්නවනෙ පත්තරෙ සෙනසුරාදා උදේට එනවනෙ.ඉතින් මම සිකුරාදා හවසට වාහනෙ හෝදලා සුද්ද කරලා නිකන් බබා වගෙ තිබ්බා..

    සෙනසුරාදා උදෙන්ම කෝල් එකක් ආවා එකෙක් බලන්න එනවා කියලා.. මමත් ඉතින් කෝකටත් කියල උදෙ වාහනෙ ස්ටාර්ට් කරලා බැලුවා.
    මලා තමයි මේක වී මෝල වගෙ.. බැලින්නම් සිලින්ඩර් 3 යි වැඩ කරන්නෙ.එකක් වැඩ කරන්නෙ නෑ. දන්නවනෙ එහෙම වුනාම සද්දෙ..අනිත් එක වාහනෙ දෙදරනවා.
    බලන්න ආපු එකා ස්ටාර්ට් කලා විතරයි ආපහු යන්න ගියා.
    මම කරපු වැඩේ අරන් ගියා ලග ගරාජ් එකකට ..ගිහින් වාහනෙ දාලා ආපහු ආවා මට නොකරම බැරි වැඩ වගයක් තිබුන නිසා..කෝල් එන ඒවට කියුවා හෙට (ඉරිදා) තමයි වාහනෙ බලන්න පුලුවන් වෙන්නෙ කියලා.

    හවසට ගියා වාහනෙ අරන් එන්න මේ ගෝතයා ගලවල දාල නිකන් ඉඳල.මට කියනවා අනේ මහත්තය වෙන හදිස්සි වැඩක් ආවා ඒක හිතුවට වඩා වෙලා ගියා හෙට උදෙන්ම හදලා දෙන්නම් කියලා..මට දෙලොව රත්වුනා..
    හෙට උදේ එන එවුන්ට මම මොකද කියන්නෙ කියල. පස්සෙ ඉතින් පොඩි නොගැලපෙන වැඩක් කලා..ෆෝන් එක ඕෆ් කරලා නිකන් හිටියා. පස්සෙ ගිහින් වාහනෙ අරන් ඇවිත් ගෙදරට ගිහින් දැම්ම.
    ඊට පස්සෙ ආයෙම සති 2කට පස්සෙ වාහනෙ විකුණනනවාමයි කියලා අයෙත් පත්තරේට දැම්මා ගෙදර ඇඩ්‍රස් එකෙන්..
    සිකුරාදා හවස වාහනෙ හෝදන්න ඕනෙ කියල පොඩ්ඩක් ඉස්සරහට ගත්ත විතරයි වාහනෙ එක පාරටම හෙල්ලෙන්නෙවත් නැතුව ගියා.. මටත් හිතාගන්න බැරි වුනා මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා .. ඉස්සරහට ගන්නත් බෑ පස්සට ගන්නත් බෑ. බැලින්නම් ගියර් බොක්ස් එක හිර වෙලා..
    ඒට පස්සෙ ආයෙම ගේ ගාව බාසෙක් එක්කරගෙන ඇවිත් රෝද 2 පන්නලා ඇද ගෙන ගියා ගරාජ් එකට.
    පහුවෙනිදා සෙනසුරාදා දැන් මට අයෙම හෝ ගාලා කෝල්ස් එනවා. මම ඉතින් ඇත්තම කියුවා.. වාහනෙ පොඩි ප්‍රශන්යක් වෙලා ගරාජ් එකෙ කියලා . එතැනට ඇවිත් බලන්න කියලා.. කට්ටිය එනවා .. වටෙ බලනවා..ආපහු යනවා.. ඒ විකිණීමත් එතැනින් ඉවරයි..

    මට වාහනෙ එපාම වුනා ඒ සිද්ධි 2න් පස්සෙ. වාහනෙ ඇල්ලුවෙවත් නෑ මාස 3ක් විතර.

    පස්සෙ ගෙදර වාහනෙ පැද පැද හිටියා.. ඔහොම ඉන්නකොට ආයෙම උණක් ආවා කාර් එකක් ගන්න ඕන කියලා..ඉතින් අයෙම මේක විකුණන්න ඕන කියලා හිතලා පරන බැටරියක් එහෙම ගෙනත් හයි කරලා ආයෙම පොඩ්ඩක් දුවලා ඇඩ් එකක් දාල ගත්තට වඩා යන්තම් රුපියල් 20000ක් වැඩි පුර විකිනුවා.. හැබැයි ඒ වෙනකොට මම බාස්ලට විතරක් ගෙවලා තියෙන්න ඇති වාහනෙ වටිනාකමට වැඩිය..
    මොනවා වුනත් ඒ වාහනේ හින්දා ඉගෙන ගත්ත දේවල් නම් මිලියන ගානක් වටිනවා.මොකද අපි ගැරෙජ් එකකට ගිහින් නිකන් ඉන්නෙත් නෑනෙ. කොහොමහරි මොනවා හරි ඉගෙන ගන්නවනෙ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මොකද යකුනේ වෙලා තියෙන්නෙ.. උඹලට අදහස් නැද්ද? එකෙක් ඉන්නව අඳුරන.. ඌ කිව්ව ඔක්කොම එලටම හදල දෙන්නම් කියල. ඉන්ගිරිසි නොම්බරයක්නෙ එතකොට

    මොකද්ද බං දැන් තියෙන වාහනේ..?
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුළු එළකිරියම ඔබතුමාට මාමි යන වදනින් අමතන නිසා මාත් එහෙම ඇමතුවෙ.... "මං හිතුවෙ ඒක නික් නේම් එක කියල.." සොරි හොඳේ

    :rofl::rofl:මේකනම් වහ කන සීන් එක...:rofl::rofl:

    ඔයා ආපු ගමන් රෙප් වලට ඇර ගත්ත නේද...? :P මටත් අද හවස කලින්ම අනතුරු ඇඟෙව්ව අනං මනං කිව්වොත් - රෙප් දෙනව කියලා...:oo:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මටත් එකක් දාන්න හිතුනා කාපු සුපිරිම කට්ටක්..

    මේ කියන කතාව දැන් අවුරුදු 10කට විතර කලින් වුන එකක්..
    ඒ කාලෙ මම විශ්ව විද්‍යාල ශිෂ්‍යයා..
    මගෙ තිබුනා එක්තරා ජපන් කාර් එකක් ටිකක් විතර පරන..ඒ කියුවෙ ඒ කාලෙත් අවුරුදු 20ක් විතර පරනයි.. (වර්ගෙ සහ නොම්මරෙ දැමීමට නොහැක..ඒක මගෙ නමට වඩා අපේ යාලුවෝ නෑදෑයො දන්නවා ඒකාලෙ..නිකන් එක්ස්පෝස් වෙන්න ඕනෙ නෑනේ )
    ඇත්තටම ඒකාලෙ මට ඒ වාහනෙ ටිකක් අඩුවට හම්බවුනෙ..හැබැයි කලින් අයිති කාරයා මහ සවුත්තු විදියට තමයි පාවිච්චි කරලා තිබුනෙ.මට පුලුවන්නම් තව ආත්ම 7 ක් යනකල් ඌට වාහන පාවිච්චි කරන්න තහනම් කරනවා ඒ කාරෙකට කරල තිබුන දේවල් වලට ඇත්තමයි..

    මම ගන්න කාලෙ මිනිහා කාර් එක ඇතුලෙ කෑන් එකක් තියාගෙන ඒකට පෙට්‍රල් දාල තමයි දුව දුව හිටියෙ..ඉතින් මම කරපු වැඩෙ ගරාජ් එකකට ගිහින් පෙට්‍රොල් ටැංකිය ගලවලා හයි ප්‍රෙෂර් වතුර අල්ලලා වේලෙන්න තියලා ආයෙම ලාම්පු තෙලෙන් හෝදලා හයි කරලා පෙට්‍රල් ලයින් එක හයි කරලා ගෙදර අරන් ආවා..

    පහුවෙනිදා නිවාඩු දවස ..මම කරපු වැඩෙ උදෙන්ම මගෙ ගෑනු ලමයගෙ ගෙදර ගියා කාර් එකෙන්.එයත් මගෙ බැච් එකේමයි.එයාට නංගිලා දෙන්නෙකුත් හිටියා..චූටි නංගිට ඒ කාලෙ අවුරුදු 14ක් විතර ඇති..මේ නංගිට කිතුල්ගල යන්න දොලදුකක් ඇවිල්ලා ගෙදර අයට වද දිදී ඉඳලා තියෙන්නෙ. මම උදෙන්ම ගියා විතරයි අපේ නැන්දම්මා මගෙන් ඇහුවෙ නැද්ද පුතා කාර් එකෙන් කිතුල්ගල යන්න බැරිද කියලා.. මගෙ හිතෙ අරූ පාවිච්චි කරපු විදිය ගැන මතක්වෙලා පොඩි චකිතයක් ආවට වෙන්ඩ නැන්දම්මයි,මාමයි නෑනල දෙන්නයි ඉස්සරහ සෙකන්ඩ් වෙන්නත් බෑනෙ..මමත් ඉතින් හා යමු කියුවා..

    ඔන්න ඉතින් ගමන පිටත් වෙලා දැන් යනවා..වාහනෙත් කිසි අවුලක් නෑ..කරවනැල්ලත් පහුකරලා දැන් හැටන් පාරෙ යනවා. මටත් ඉතින් හෙන හැපී..මගේ වෙන්ඩ නෝනටයි නෑනලා දෙන්නටත් ඉතින් ෆුල් සතුටුයි..
    ටික දුරක් ඔහොම ගියා විතරයි එක පාරටම මිස් කරන්න පටන් ගෙන නැවතුනෙ නැද්ද එක පාරටම..විනාඩ්යක් විතර ස්ටාර්ට් කරන්න ට්‍රයි කලාම ස්ටාර්ට් වුනා..දැන් ඉතින් බයෙන් බයෙන් ආයෙම ගමන පිටත් වුනා.ඒ වෙද්දි මටනම් හොඳටම දාඩිය දාල තිබුනෙ බයටම. කොහොම හරි තවත් කිලෝමීටර් 2ක් විතර ගියා විතරයි අයෙම හිටියා..ට්‍රයි කලා ට්‍රයි කලා ස්ටාර්ට් උනේම නෑ..
    දැන් ඉතින් මොකද කරන්නෙ . වාහනෙ ඉඩ කඩ ඇති තැනකට අයින් කරගන්න්නත් එපාය..ඔන්න ඉතින් දැන් ගෙඩර කට්ටියම වෙන්ඩ බෑණගෙ වාහනෙ තල්ලු කරනවා.. මීටර් 100ක් විතර තල්ලු කරලා ඉඩ කඩ ඇති අයිනකට දාගත්තා.

    ඒ වෙලාවෙ ලඟ ගෙදරක අය්යා කෙනෙකුත් ඇවිත් සෑහෙන්න උදව් කලා..එයත් වාහන ගැන ටිකක් දන්න කෙනෙක්.හැබැයි මිනිහ ගාව ආයුධ තිබුනෙ නෑ
    දැන් ඉතින් බාස් කෙනෙක් හොයාගන්නත් එපාය..අර අය්ය කියපු තොරතුරුවලට අනුව ලඟ පොරක් ඉන්නව කියලා කෝල් එකක් දුන්නා. ටික වෙලාවකින් බාස් ආවා ගෝලයත් එක්ක ත්‍රීවීල් එකකින්..බැලින්නම් මුන් දෙන්න බොන පාර්ටියකට සෙට් වෙල ඉදලා පණිවිඩෙ ලැබුණ ගමන් ඇවිල්ල තියෙන්න.. දෙන්නටම ගානට වැදිලා..
    දැන් ඉතින් මොකද කරන්නෙ..හැබැයි මුන් ආයුධ අරන් ඇවිල්ල තිබුනෙ.දැන් මුන් දෙන්න එක එක විකාර කරනව.. පස්සෙ අර මම කලින් කියුව අය්ය පටන්ගත්ත කාර්බ් එක ගලවන්න.. බැලින්නම් කාර්බ් එක සම්පූර්නයෙන්ම බ්ලොක් වෙලා..
    හේතුව මම අර කලින් දවසෙ කෙලින්ම පෙට්‍රල් ටැන්කියෙන් දුන්නනෙ..පෙට්‍රල් ෆිල්ටරෙ දාන්න අමතක වුනා..හදපු ගරජ් එකෙ බාස කියුවෙත් නෑ.ඉතින් ටැන්කියත් හරියටම සුද්ද වෙලා තිබිලත් නෑ..ඉතින් ටැන්කියෙ තිබුන රොඩු බොඩු ඔක්කොම කෙලින්ම කාර්බ් එකට ඇවිල්ලා බ්ලොක් වෙලා. ඊට පස්සෙ ඔක්කොම සුද්ද කරලා ෆිල්ටර් එකකුත් හයි කරලා ඉවර වෙනකොට හවස 5.30ට විතර ඇති ..
    බාස්ල දෙන්න ගියා යන්න ගානකුත් කපාගෙන..ඇත්තටම වැඩෙ ගොඩක් කලේ අර අය්ය තමයි..ඊට පස්සෙ අර අය්යටත් ස්තුති කරලා පින් දීල යන්න පිටත් වුනා.
    දැන් කලුවර වැටෙන්නත් ඔන්න මෙන්න.. ලයිට් දැම්මා කාර් එකෙ.. හුටා තමයි ලයිට් පත්තු වෙන්නෙ නෑ..දැන් ඉතින් මොකද කරන්නෙ කියල කල්පනා කර කර යනකොට ගරාජ් එකක් තියෙනවා.පස්සෙ බැලින්නම් අර මුලින් කියුවා බාසගෙ ගරාජ් එක. පොරවල් 2 ඉන්නවා..මම ගිහින් ප්‍රශ්නෙ කියුවාට පස්සෙ මුන් දැන් වෙරි මර ගාතෙ ලයිට් හදනව.
    කොහොමහරි පත්තු කරලා පෙන්නුවා.දැන් ඉතින් එන්නත් හදිස්සියනෙ.මම ත් ඉතින් හරි කියල හිතල එන්න පිටත් වෙලා ටිකක් කලුවර වෙනකල් ඉඳල ලයිට් දැම්ම..ලයිට එක කණා මැදිරි එලියක් වාගෙ.. පාර පොඩ්ඩක්වත් පේන්නෙ නෑ.හැබැයි බ්‍රේක් ගහන්කොට ලයිට් හොඳට එනවා. කකුල ගත්ත ගමන් කණාමැදිරි එලිය... බැලින්නම් අර මකබාසා වෙරිමරගාතෙ බ්‍රේක් ලයිට් එකෙ වයර එකක් කොහොම්ද මන්ද හෙඩ් ලයිට් වලට අටවලා.. මොනව කරන්නද ටෝර්ච් එකක් පිහිටෙන් අමාරුවෙන් ඉතිරි දුර ගෙවල ගෙදර ආවා..වාහනෙ එනකල් සහ ඇවිත් පැයක් විතර යනකල් ගෙදර කවුරුත් කතා කලෙත් නෑ..පොඩි නෑනට කිතුල්ගල ගැන කියද්දිත් තරහ යනව ඊට පස්සෙ
    එදායින් පස්සෙනම් කවදාවත් ලග හන්දියට යන්නවත් මට කතා කලෙ නෑ . වාහනේ දිහා බැලුවෙවත් නෑ ඊට පස්සෙ.
    පස්සෙ කාලෙක ඒ වාහනෙ දුන්න මට හොඳටම එපා වෙලා.. ඒ මගෙ ගෑනු ලමයත් අද වෙන කෙනෙක් බැඳලා

    කෙල්ලට වාහනෙන්ම උඹව එපා වුනාද දන්නෙ නෑ.... :P
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :rofl::rofl:මේකනම් වහ කන සීන් එක...:rofl::rofl:

    ඔයා ආපු ගමන් රෙප් වලට ඇර ගත්ත නේද...? :P මටත් අද හවස කලින්ම අනතුරු ඇඟෙව්ව අනං මනං කිව්වොත් - රෙප් දෙනව කියලා...:oo:

    වයසට යනකොට වයර් එහෙ මෙහෙ වෙනවා...මාමි තරුණ වැඩියි
     

    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම

    මොකද්ද බං දැන් තියෙන වාහනේ..?

    a0j815.jpg


    BIGHORN එකක් බං
     
    Last edited:

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ඔව් බං ලැපක් ගත්තනම් හරි...]

    laptop එකක් ගැනීමට මුදල් ප්‍රතිපාදන වෙන්කල නෙහැක. ෆෝඩ් එස්කෝටයක් මා එනතුරු මග බලා සිටී. ගෙදර ඉන්න සිවික් ගෑනිගේ එන්ජිම මොඩිෆයි කල යුතුව අැත. තවද අලුත් හොන්ඩා රෝද දෙකේ මනමාලියට HRC CDI, Adjustable Rear sets අැතුලු කෙටස් කීපයක් අානයනය කල යුතුය. එ් නිසා මේ දිනවල පාන් කියා ගත නොහැකි තත්වයකට පත්ව අැත.
     

    VOG

    Member
    Sep 24, 2013
    627
    41
    0
    Colombo
    ayye don't misunderstand me.;);)

    oya doctor kenek nam(VOG kenek kiwwane.)doctors lata hodata hamba karannath puluwan eke.ai oya me parana wahana katu badagena inne.

    godak doctors la kamathi aluth hybrid ekak wage aragena tikak posh pita yannane.

    ai oya me parana wahana allagena dagalanne.

    mage sahodarayekuth innawa doctor kenek.(MBBS + MSc.)(aurudu 37 k withara wenawa.)monthly over 4lak hoyanawa.:dull::dull:

    uge lagath thiyenne honda vezel ekak and thawa aluthma car ekak thiyenawa kadeta yanna.:confused::oo:

    ai oya private practice karenne nadda?.........​
    සහෝදරයා,
    මම කියලා නෑනෙ.. මට තියෙන්නෙ පරණ කාර් එක විතරයි කියලා..නමුත් මම ගොඩක් පරණ ඒවට ආසයි. මට මගේ කියලා වාහන 3ක් තියෙනවා..මේ දවස්වල දවසෙ එදිනෙදා කටයුතුවලත් පාවිච්චි කරන්නෙ ඇලියොන් එකක්.


    අනිත් එක මනුස්සයෙක්ව කවදාවත් පාවිච්චි කරන වාහනෙන් මනින්න එපා..

     
    • Like
    Reactions: KingCM
    Status
    Not open for further replies.