වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
King of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්..... :D

King of tha road දැකල තමයි පිස්සුව හැදුනෙ ට්‍රක් ගේම් ගහන්න..... උඩ ටියන ගේම් එක මං ප්ලේ කලේ 512 වීජීඒ එකක් සෙපරේට් ගහගෙන Core2duo මැශින් එකක.....King of the road එකට පස්සෙ මට සෙට් උන සුපිරිම ට්‍රක් ගේම තමයි euro truck simulator2
:yes:
 

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
පෝය නිවාඩුව ගන්න තිබ්බ ඉතින් ලංකාවේ හිටියනම් .. :no::no::no: දුක තමයි බන්.. ආයෙ සතිය මැද නිවාඩුවක් ලැබෙන්නේ july 04th තමයි.. එතකම් දවස් 5 ම වැඩ..


ශෝක ජනකයි:no:
 

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    King of tha road දැකල තමයි පිස්සුව හැදුනෙ ට්‍රක් ගේම් ගහන්න..... උඩ ටියන ගේම් එක මං ප්ලේ කලේ 512 වීජීඒ එකක් සෙපරේට් ගහගෙන Core2duo මැශින් එකක.....King of the road එකට පස්සෙ මට සෙට් උන සුපිරිම ට්‍රක් ගේම තමයි euro truck simulator2
    :yes:
    me 2 macho :yes:
    + scania truck simulator මේක තමා මුලින්ම හම්බ උනේ
    මන් අර කියපු challenges තිබුනේ ඒකේ

    scania-truck-simulator-3.jpg


    scania-truck-simulator.jpg


    scania-truck-simulator-5.jpg


    මෙවගේ තැන් වලින් රිවස් කරන්න ඒහේම තියෙනවා මරු මුලදි මුලදි ඒක challenge ඒකක් ගහන්න දවස් 2-3ක් ගියා :rofl::rofl::nerd:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    මේ තියන පිස්සු මදිවට උඹල තවත් පිස්සු මේවයේ පොස්ට් කරලා නිදාගන්න පැය දෙක තුනවත් නිදාගන්න නැති කරන්න එපල්ල බාන්.. මෙව්වා දැක්කම ඉතින් ඇබ්බැහි වෙන්ට හිතෙනවා නෙව පුටේ ..


    ඕකට නම් පට්ට විදියට ඇබ්බැහි උනා මාමේ.... ඔය ගේම් එක ගහන්නම ඕන නිසා ඒ වෙනුවෙන්ම මං අළුතෙන් කොම්පීටර් එකක් ගත්ත....මාස තුන හතරක් එක දිගට ඕක ප්ලේ කරා නිදි මරාගෙන.... පස්සෙ ආසාව ගියාම කොම් එකත් වික්ක... ඕකෙ සෙටප් එක තාම මං තියගෙන ඉන්නව ආයෙ හිතුනොත් ප්ලේ කරන්න කියල :P
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    ඔන්න මාත් කතාවක් දාන්නං කෝ.

    මට තිබුනා ටවුන්එස් වෑන් එකක්. ඒක මම ගත්තු පළමුවෙනි වාහනේ. එතකොට මම උසස්පෙළ කරන කාලේ. ලයිසන් ගත්තෙන් එකෙන් ඉගෙන ගෙන.

    ඉතිං ඔය කාලේ මම ටියුෂන් එහෙම ගියේ ඔකේ. යාළුවෙක් හම්බවෙන්න යන්න,කඩේ ගිහින් පාන් ගෙන්න වගේ දේවල් තමයි ඕකෙන් කරේ.




    තැන්කූ මචෝ කට්ටක් දැම්මට...:yes:
     

    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    me 2 macho :yes:
    + scania truck simulator මේක තමා මුලින්ම හම්බ උනේ
    මන් අර කියපු challenges තිබුනේ ඒකේ

    scania-truck-simulator-3.jpg


    scania-truck-simulator.jpg


    scania-truck-simulator-5.jpg


    මෙවගේ තැන් වලින් රිවස් කරන්න ඒහේම තියෙනවා මරු මුලදි මුලදි ඒක challenge ඒකක් ගහන්න දවස් 2-3ක් ගියා :rofl::rofl::nerd:


    රිවස් එක තමා පට්ට... ටිකක් පුරුදු උනාම නම් එච්චර අවුලක් නෑ නේ...
    :yes:
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    රිවස් එක තමා පට්ට... ටිකක් පුරුදු උනාම නම් එච්චර අවුලක් නෑ නේ...
    :yes:

    මොකක්ද බං ඔය ගේම් එක? ආසාවක් ආව ප්ලේ කරන්න
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    රිවස් එක තමා පට්ට... ටිකක් පුරුදු උනාම නම් එච්චර අවුලක් නෑ නේ...
    :yes:
    ඹව් ඹව් මචන් ටික වෙලාවක් ගියාම පුලුවන් වෙනවා ඉටපස්සේ අව්ලක් නැ
    මොකක්ද බං ඔය ගේම් එක? ආසාවක් ආව ප්ලේ කරන්න
    Euro truck simulator 2 ඒක ගහපන් මචන්

    Euro_Truck_Simulator_2_cover.jpg



     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අයියෝ.. ටිකක් හිමීට යන්න බැරිදෝ..:dull:
    Mr.tom කිව්ව වගේ නිවාඩුවක්ම දාන්න වෙනවා අත ඇරිච්ච පිටු ටික කියවන්න...:baffled:

    :baffled::baffled:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔන්න මාත් කතාවක් දාන්නං කෝ.

    මට තිබුනා ටවුන්එස් වෑන් එකක්. ඒක මම ගත්තු පළමුවෙනි වාහනේ. එතකොට මම උසස්පෙළ කරන කාලේ. ලයිසන් ගත්තෙන් එකෙන් ඉගෙන ගෙන.

    ............................
    ............................
    ............................


    එල එල ඕක කියනකොට මටත් උසස්පෙළ කාලේ කාපු කට්ටක් මතක් වුනා. ඒක ලියලා දන්නම් :D
     

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    එල එල ඕක කියනකොට මටත් උසස්පෙළ කාලේ කාපු කට්ටක් මතක් වුනා. ඒක ලියලා දන්නම් :D

    :D:D

    මගේ කතාව නං මෙලෝ රහක් නැද්ද කොහෙද.:rolleyes::rolleyes: මට එච්චර හොදට ලියන්න බෑ.
    තව කතා ටිකක් තියෙනවා. වෙලාව අරන් ලියන්නන් කෝ.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D:D

    මගේ කතාව නං මෙලෝ රහක් නැද්ද කොහෙද.:rolleyes::rolleyes: මට එච්චර හොදට ලියන්න බෑ.
    තව කතා ටිකක් තියෙනවා. වෙලාව අරන් ලියන්නන් කෝ.

    නෑ නෑ ඒක හොදට ලියලා තියනවා.
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.
    මේ කට්ට මට දුන්නේ නිසාන් බී11 කාර් එකක්. මේ කට්ට දුන්නට අපරාදේ කියන්න බෑ මේ කාර් එක වෙන කට්ටක් නම් දීල නෑ. :love:
    1317629744910096508.jpg


    උසස්පෙළ කරන කාලේ අපි ක්ලාස් යන්නේ යාලුවෝ සෙට් එකක් එකතු වෙලා. ඒ කාලේ කම්පියුටර් තිබුනට දැන් වගේ ඉන්ටනෙට් හැමෝටම නෑ. ඒ නිසා ෆේස්බුක් යාලුවෝ, එලකිරියේ යාලුවෝ කියලා කියලා කව්රුවත් හිටියෙ නෑ. දුකට සැපට හිටියේ ඔන්න ඔය යාලුවෝ සෙට් එක තමයි. ඉතිං ඒ දවස්වල දැන් වගේ අතේ මොබයිල් ෆෝන් නෑ. ඉතිං කලින් කතා කරගත්තෙ නැති වෙලාවකට යාලුවෝ එකතු කරගන්න ඕනෙ වුනොත් එක එකාගේ ගෙවල් වලට ගිහින් ලාහට ගෙම්බො එකතු කරගන්නව වගේ එක එකාව එකතු කර ගන්න ඕනේ. හැබැයි ඒ කාලේ දැන් වගේ නෙවෙයි හරි ආතල්. හවසට අනිවාර්යෙන් කොල්ලො ටික ක්‍රිකට් ගහනවා. ෆුල් ජොලි ඈ.. හරි හරි ඒ ජාතකෙන් උඹලට වැඩක් නෑනේ. උඹල මේක කියවන්න පටන්ගත්තේ කට්ට ගැන අහන්නනේ.
    ඉතිං ඔය කාලේ අපේ ගෙදර තිබුනේ මම කියපු බී11 කථානායකයා තමයි. කථාව පටන්ගන්න වෙන්නේ නම් දුක හිතෙන තැනකින්. ඔන්න කට්ටිය පළවෙනි පාර උපෙළ කරලා ඉවර වෙලා රිසාල්ට් එහෙම ඇවිල්ලා බාගයකටම ආයි උපෙළ කරන්න වොලා :baffled: දුකහිතෙන කථාව ඒක නෙවෙයි බං. ඉතිං ඔය දෙවෙනි පාර කරන්න ඉතුරු වුන සෙට් එකේ ඕං මම නෑ. දැන් ටීම් එක දෙකට කැඩුනා. ඔය කාලෙම දෙවෙනි පාර උපෙළ කරන්න ගිය යාලුවෝ සෙට් එකෙන් එක කොල්ලෙක් කෙල්ලෙක්ව දාගෙන. මූ ඉතිං බොක්කෙන්ම ලව් කරන එකෙක්. ඒවගේම හිත හොද ගොඩක් අහිංසක කොල්ලෙක්. ඒ කාලේ අපි ඔක්කොම බායි මචං කියලා යනකොට මේ යාලුව විතරක් අපිට බුදුසරණයි කියල යන්නේ. දුක හිතෙන කාරණය පටන්ගන්නේ මේ යාලුවට සම්බන්ධව තමයි. මිනිහා යාලුවෙලා හිටපු කෙල්ල, මූට බූට් එක තියලා. :angry: ඒ දුක දවස් ගානක් තනියම විදලා අන්තිමට මූ ජීවිතේ නැති කරගත්තා. :(:( හැමදාම අනිත් අයට උපදෙස් දෙන ඌට උපදෙස් දෙන්න ඒ වෙලාවේ වෙන කව්රුවත් ඉදල නැති එක තමයි දුක.
    ඔන්න ඉතිං අපි ඒ කොල්ලගේ මළගෙදර යන්න කියලා බී11 කාර් එකේ ගමන පිටත් වුනා. යාලුවගේ ගෙවල් තිබුනේ ටිකක් දුර පළාතක. අපි ඉන්න පැත්තේ ඉස්කෝලේ යන්න තමයි ඌ බෝඩ් වෙලා හිටියේ. ඔන්න දෙයියනේ කියලා කිසි කරදරයක් නැතුව මළගෙදරට ගියා. ගියා තමයි ගිහින් බැහැලා ටික වෙලාවකින් කොල්ලෙක් දුවගෙන ඇවිත් කියපි අන්න උඹේ කාර් එකෙන් පැට්‍රල් යනවා කියලා. මට ඉතිං දෙලෝ රත්වෙලා දුවලා ගිහින් බැලින්නම් මෙන්න බොලේ ටැංකියෙන් තෙල් යනවා. :growl: මොකක් හරි නිසා ටැංකිය හිල් වෙලා. බොලේ දැන් මොනව කරන්නද, හිලේ චුයිංගම් අලවන්න කියලද :baffled:
    මුලින්ම කරේ බේසමක් තියලා යන පැට්‍රල් ටික එකතු කරගන්න එක. හැබැයි ඒ වෙනකොටත් වැඩිපුර පැට්‍රල් ගිහින් තිබුන නිසා බේසමට එකතු කරගන්න වැඩිය දෙයක් තිබුනේ නෑ. හැබැයි ලීටර් 5 ක් වත් එතක තියෙන්න ඇති. මම ඒ කාලේ කෝකටත් කියලා තව පැට්‍රල් ගැලුමක් කාර් එකේ තියාගන්නවා පුරුද්දට වගේ. ඒ නිසා පැට්‍රල් ගැන හිතට බයක් නෑ. ඒත් ඉති පැට්‍රල් දාන්න නම් ටැංකියේ හිල හදාගන්න එපැයි. මලගෙවල් අස්සේ කොහොමද මේ වැඩේ කර ගන්නේ කියන එක තමයි ලොකුම අව්ල. ටිකක් හිතනකොට තමයි ආවේ අයිඩියා එක.
    ඒ ගෙදර තිබුණ ෆුට් බයිසිකලයක් අරගෙන ගියා ටව්මෙ තිබුණ හාඩ්වෙයා ෂොප් එකකට. ඒකෙන් ගත්තා වැලි කඩදාසියක්, ඒවගේම පොඩි කැට්ලෝයි පේස්ට් ටින් එකක්.
    01-01.jpg

    ආපහු ඇවිත් සිදුර තියන තැන රෙදි කෑල්ලකින් හොදට පිහදාලා වැලි කඩදාසිය ඇල්ලුවා. දැන් ලස්සට පේනවා වෙලා තියන වැඩේ. ඉතිං ඊලගට කැට්ලෝ පේස්ට් එක කවලම් කරලා ටිකක් වැඩියෙන් හිටින්න ගෑවා.
    mini-filler-plastered.jpg

    ගාලා පැයක් දෙකක් විතර තියෙන්න ඇරලා ආයිත් රිංගලා බැලුවා හොදට වේලිලද කියලා. බැලින්නම් වැඩේ ෂේප් වගේ. ඕනෙ එකක කියලා බේසමේ තිබුන පැට්‍රල් ටික ටැංකියට දාලා බැලුවා. යන පාටක් නෑ. ඊට පස්සේ තව ටිකක් වෙලා තියල තමයි ගැලුමෙ තිබුන පැට්‍රල් ටික දාගත්තේ. කොහොම හරි ඔය වැඩෙන් පස්සේ ගෙදර එනකම්ම ආයි කිසිම වදයක් වාහනේ දුන්නෙ නෑ. ඕං ඔහොමයි හදිස්සියට මම වැඩේ ගොඩ දාගත්තේ :D
     
    • Like
    Reactions: MIB_srilanka

    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.
    මේ කට්ට මට දුන්නේ නිසාන් බී11 කාර් එකක්. මේ කට්ට දුන්නට අපරාදේ කියන්න බෑ මේ කාර් එක වෙන කට්ටක් නම් දීල නෑ. :love:

    පෙට්‍රල් ටැංකියේ ලීක්‌ වලට තාවකාලිකව,අඩු වියදමෙන් කරන්න පුළුවන් තවත් හොද ප්‍රතිකර්මයක් තමයි ටැංකියේ ලීක්‌ එක තියෙන සිදුර ගාව සන්ලයිට් වගේ සබන් කැටයක් තදින් අතුල්ලන එක. එතකොට සබන් නිසා අර සිදුර වැහිලා යනවා. මේක ඉතිං තාවකාලික පිලියමක්. අනික ඉතිං ඕනි වෙලාවකට සබන් පොත්තක් හොයාගන්න බැරි වෙන්නේ නෑනේ ගමේ ගොඩේ උනත් ඕනිම තැනක.
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට......

    ආහ්.. Polwaththacom ගේ කතා වගේම පින්තූරත් එක්කම කියවන්න ආස හිතෙන විදිහට ලස්සනට ලියලා....:D
    පොඩි කාලෙ කතන්දර අහන්න වැඩිහිටියෝ වටේට එකතු වෙන පොඩි උන් වගේ වෙලා අපිත් දැං..:P
    කොහොමත් පොඩි උන් තමයි ඉතින් අපි..:rofl:

     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    පෙට්‍රල් ටැංකියේ ලීක්‌ වලට තාවකාලිකව,අඩු වියදමෙන් කරන්න පුළුවන් තවත් හොද ප්‍රතිකර්මයක් තමයි ටැංකියේ ලීක්‌ එක තියෙන සිදුර ගාව සන්ලයිට් වගේ සබන් කැටයක් තදින් අතුල්ලන එක. එතකොට සබන් නිසා අර සිදුර වැහිලා යනවා. මේක ඉතිං තාවකාලික පිලියමක්. අනික ඉතිං ඕනි වෙලාවකට සබන් පොත්තක් හොයාගන්න බැරි වෙන්නේ නෑනේ ගමේ ගොඩේ උනත් ඕනිම තැනක.

    මේක නම් සබන් දාලා වහන්න බැරි හිලක් මචං. පොඩි කෑල්ලක් කඩාගෙනම ගිහින් තිබුනා.
     
    Status
    Not open for further replies.