වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    පොඩිකාලේ ඉදලා වාහන කටු වලට මූන දීලා තිබුනට මේක තමයි මම තනියම කාපු පළවෙනි කට්ට.
    මේ කට්ට මට දුන්නේ නිසාන් බී11 කාර් එකක්. මේ කට්ට දුන්නට අපරාදේ කියන්න බෑ මේ කාර් එක වෙන කට්ටක් නම් දීල නෑ. :love:
    :D
    මරු වැඩේ වෙලා තියෙන්නේ හැබැයි කරපු දේ නම් කාලයක් අල්ලලා තියෙන්න ඇති නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආහ්.. Polwaththacom ගේ කතා වගේම පින්තූරත් එක්කම කියවන්න ආස හිතෙන විදිහට ලස්සනට ලියලා....:D
    පොඩි කාලෙ කතන්දර අහන්න වැඩිහිටියෝ වටේට එකතු වෙන පොඩි උන් වගේ වෙලා අපිත් දැං..:P
    කොහොමත් පොඩි උන් තමයි ඉතින් අපි..:rofl:

    මාර පොඩි උන් :P කොහෙද දන්නෙ නෑ පොඩි :rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මරු වැඩේ වෙලා තියෙන්නේ හැබැයි කරපු දේ නම් කාලයක් අල්ලලා තියෙන්න ඇති නේ

    ඔව් මචං ආයි විකුණන කන්ම මොකුත් අව්ලක් වුනේ නෑ.
    මචං පැට්‍රල් ටැංකියක් වෑල්ඩින් කරන්න නම් ඇතුලට කලින් වතුර දාන්න ඕනෙද?
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    ඔව් මචං ආයි විකුණන කන්ම මොකුත් අව්ලක් වුනේ නෑ.
    මචං පැට්‍රල් ටැංකියක් වෑල්ඩින් කරන්න නම් ඇතුලට කලින් වතුර දාන්න ඕනෙද?

    මම කලින් කතාවක දාලා තියෙන ටවුන්එස් වැන් එකෙත් ඩිසල් ටැංකිය හිල් වෙලා සැහෙන්න අත්දැකීම් ඉගෙන ගත්තා එකෙන්. ඒක නං වැල්ඩින් කරේ ටැංකියේ තියෙන ඩිසල් ටික බාලා, ටැංකිය ගලවලා.

    වැඩේ කියන්නේ දවසක් විතර මහන්සි වෙලා ටැංකිය වැල්ඩින් කරලා ගෙදර ගිහින් බලද්දී ආයේ වෙන තැනකින් හිල් වෙලා. පරණ නිසා, වැල්ඩින් කරද්දී රත්වෙලා ආයේ හිල් හැදෙනවා. මෙහෙම දෙතුන් පාරක් කරලා හරි යන්නේ නැති නිසා වෙන ඩිසල් ටැංකියක් ගෙනත් තිබ්බා.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඔව් මචං ආයි විකුණන කන්ම මොකුත් අව්ලක් වුනේ නෑ.
    මචං පැට්‍රල් ටැංකියක් වෑල්ඩින් කරන්න නම් ඇතුලට කලින් වතුර දාන්න ඕනෙද?
    ආපො මතක් කරන්න ඒපා
    වතුර දාලා තියන්න ඹනේ දවස් 2-3ක් වත් මරු කර කර ඉටපස්සේ පාස්සන්න පුලුවන් ඒත බයෙන් බයෙන් කරන්නේ පුපුරන සුලුයි ඇතුලේ ගැස් ඒක වගේ දුම පිරුණත් :no::no:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මම කලින් කතාවක දාලා තියෙන ටවුන්එස් වැන් එකෙත් ඩිසල් ටැංකිය හිල් වෙලා සැහෙන්න අත්දැකීම් ඉගෙන ගත්තා එකෙන්. ඒක නං වැල්ඩින් කරේ ටැංකියේ තියෙන ඩිසල් ටික බාලා, ටැංකිය ගලවලා.

    වැඩේ කියන්නේ දවසක් විතර මහන්සි වෙලා ටැංකිය වැල්ඩින් කරලා ගෙදර ගිහින් බලද්දී ආයේ වෙන තැනකින් හිල් වෙලා. පරණ නිසා, වැල්ඩින් කරද්දී රත්වෙලා ආයේ හිල් හැදෙනවා. මෙහෙම දෙතුන් පාරක් කරලා හරි යන්නේ නැති නිසා වෙන ඩිසල් ටැංකියක් ගෙනත් තිබ්බා.

    අඩේ එහෙම වුනහම මල පණිනව නේද.
    ඩීසල් නම් එහෙම හරි ෂේප් මචං. ඒත් පැට්‍රල් ටැංකියක් වෑල්ඩින් කරනව කියන්නේ හෙන අවදානමක්නේ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මම කලින් කතාවක දාලා තියෙන ටවුන්එස් වැන් එකෙත් ඩිසල් ටැංකිය හිල් වෙලා සැහෙන්න අත්දැකීම් ඉගෙන ගත්තා එකෙන්. ඒක නං වැල්ඩින් කරේ ටැංකියේ තියෙන ඩිසල් ටික බාලා, ටැංකිය ගලවලා.

    වැඩේ කියන්නේ දවසක් විතර මහන්සි වෙලා ටැංකිය වැල්ඩින් කරලා ගෙදර ගිහින් බලද්දී ආයේ වෙන තැනකින් හිල් වෙලා. පරණ නිසා, වැල්ඩින් කරද්දී රත්වෙලා ආයේ හිල් හැදෙනවා. මෙහෙම දෙතුන් පාරක් කරලා හරි යන්නේ නැති නිසා වෙන ඩිසල් ටැංකියක් ගෙනත් තිබ්බා.
    ටැංකි යකඩ වලින් පාස්සන්නේ නැ මචන් පිත්තල තියන්නේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ආපො මතක් කරන්න ඒපා
    වතුර දාලා තියන්න ඹනේ දවස් 2-3ක් වත් මරු කර කර ඉටපස්සේ පාස්සන්න පුලුවන් ඒත බයෙන් බයෙන් කරන්නේ පුපුරන සුලුයි ඇතුලේ ගැස් ඒක වගේ දුම පිරුණත් :no::no:

    :baffled: හෆොයි එහෙම සීන් එකක්ද. එහෙනම් ඒ වගේ සීන් එකකට වෑල්ඩින් නොකර ගොඩදාගන්න එක තමයි නුවනට හුරු. තව මචං තියනව නේද කළුපාට ගම් එකක්. ඒක ඔය බයික් වල එහෙම සයිලන්සර් වල හිල් වලටත් දාන්න පුලුවන්ලු.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :baffled: හෆොයි එහෙම සීන් එකක්ද. එහෙනම් ඒ වගේ සීන් එකකට වෑල්ඩින් නොකර ගොඩදාගන්න එක තමයි නුවනට හුරු. තව මචං තියනව නේද කළුපාට ගම් එකක්. ඒක ඔය බයික් වල එහෙම සයිලන්සර් වල හිල් වලටත් දාන්න පුලුවන්ලු.
    ඹව් මමත් අහලා තියෙනවා
    araldite දැම්මත් හරි
    araldite_adhesive1.jpg
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඹය ලෙලන්ඩ් බස් වල break ගහනකොට ඇහෙන විසිල් ඒකේ කතන්දරේ

    මෙකයි කතන්දරේ
    ඹය බස් වල break තියෙන්නේ හුලං වලින් වදින්නනේ ඉතින් break පාරක් ගහන්න ඹන උනාම ඒ හුලං ටැංකි වල ස්ටොක් කරගෙන ඉන්නවා ඒ ටැංකි වලට හුලං පිරෙන්නේ ඒන්ජිමේට හයි කරලා තියෙන air compressor ඒකකින් ඒක ඒක දිගටම හුලං පිඩනය නිපදවලා ටැංකියට ලබ‍ා දෙනවා
    ඉතින් ටැංකියට දරන්න පුලුවන් පිඩනයක් තියෙනවා ඒ පිඩනයට වඩා හලං පිරුනාම ඒ වැඩි ටික අයින් කරන්න වැල් ඒකක් හයි කරලා තියෙන්නේ ටැංකියට අන්න ඒ වැල් ඒකට අපේ අයියලා විසිල් ඒකක් හයි කරා සද්දේ ඒන්න
    ඹය දේම තමා turbo වාහන වල blow off valve ඒකෙන් වෙන්නේ ඒකටත් විසිල් ඒකක් වගේ හයි කරනවනේ මේ තියෙන්නේ ඒ සද්දේ

    ඹය වගේ ලොකු pressure ඒකක් නැති නිසා තාමා දිගටම ඇදිලා යන සද්දයක් වගේ ඒන්නේ

    ඹක මුලින්ම හයි කරේ hand break ඒකට පස්සේ ඒක break unit ඒක ගාව තියෙන වැල් ඒකටත් හයි කරන්න ගත්තා
    :rolleyes::rolleyes:

    මෙන්න මේකේ තියෙනවා සද්දේ හරියටම ඹය ඹයිල් කැප් ඒක ගලවනකොට ඒන සද්දේ

    අදුරන ඒකෙක්ගේ බස් ඒකක් තියෙනවා වෙලාවක සෙට් උනොත් පොටො අරගෙන දාන්නම්

    දැන් මෙතන ඉන්න මැකැනික් මහත්තුරු ටික තව වැරදි ඒහේම තියෙනවානම් හරිගැස්සුවට කමක් නැ ඹන් :rolleyes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83

    මචං බස් වල වැකුම් බ්රේක් නේද තියෙන්නේ? ඒ කියන්නේ ටැංකියේ ගබඩා කරගන්නේ අවපීඩනයක් නේද?
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මචං බස් වල වැකුම් බ්රේක් නේද තියෙන්නේ? ඒ කියන්නේ ටැංකියේ ගබඩා කරගන්නේ අවපීඩනයක් නේද?
    මම දන්න තරමින් පිඩනය මචන් තියෙන්නේ (compressed air)
    ඒතකොටනේ සිලිංඩර් ඒක දෙපැත්තේ තියෙන පිස්ටන් 2 පැත්තට යවන්න පුලුවන්
    :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :no: අපෝ ඔන්න අපේ උන්ටත් ඔය ලෙඩේ බෝ වෙලා..... හයි කරගෙන..... බ්‍රේක් ගහනකොට / හෑන්ඩ් බ්‍රේක් දාද්දි තමා එන්නේ....... හිටු වෙලාවක හයි කරලා තියෙන හැටි ෆොටෝ දාන්නම්...... :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඹය ලෙලන්ඩ් බස් වල break ගහනකොට ඇහෙන විසිල් ඒකේ කතන්දරේ

    ......................
    ......................

    දැන් මෙතන ඉන්න මැකැනික් මහත්තුරු ටික තව වැරදි ඒහේම තියෙනවානම් හරිගැස්සුවට කමක් නැ ඹන් :rolleyes:

    අද තමයි සීන් එක දන්නේ :cool:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මාත් කතාවක් දාන්නං කෝ.

    මට තිබුනා ටවුන්එස් වෑන් එකක්. ඒක මම ගත්තු පළමුවෙනි වාහනේ. එතකොට මම උසස්පෙළ කරන කාලේ. ලයිසන් ගත්තෙන් එකෙන් ඉගෙන ගෙන.

    ඉතිං ඔය කාලේ මම ටියුෂන් එහෙම ගියේ ඔකේ. යාළුවෙක් හම්බවෙන්න යන්න,කඩේ ගිහින් පාන් ගෙන්න වගේ දේවල් තමයි ඕකෙන් කරේ.

    ඉතිං ඔහොම ඉන්නකොට මට හිතුනා මේ වෑන් එකේ තියෙන සුදු පාට වෙනුවට, අලුතින් පේන්ට් එකක් ගැහැව්වොත් හොදයි කියලා. ඉතිං මම අදුරන ගරාජ් එකකට දැම්මා පේන්ට් කරන්න. ඉතිං ගරාජ්එකේ පොරත් මාසයක් දෙකක් විතර අතගගා ඉදලා වෑන් එක පේන්ට් කරලා දුන්නා. මම ඉතිං හවසක ගිහින් වෑන් එක අරන් ආවා. ඒ එනකොට බලද්දී හෙඩ් ලයිට් දෙකෙන් එකයි පත්තු වෙන්නේ. බ්රේක් ලයිට් පත්තු වෙන්නෙත් නෑ.

    මාත් ඉතිං හිමින් සැරේ ගෙදර ගෙනත් නැවැත්තුවා. පහුවදා උදේ පන්ති ගියාම මට යාළුවෙක් කිවවා උන්ගේ අක්කා කෙනෙක්ගේ වෙඩින් එකක් තියෙනවා නුගේගොඩ,ඒකට උන්ගේ ගෙදර යනවා කියලා. ඉතිං මට කිව්වා වෑන් එක අරන් වරෙන් උන්ට යන්න,උබට කියක් හරි දෙන්නන් කියල. මම ඉතිං හයර් යන්නේ නැති උනත්,යාලුවා නිසා සහ වෙඩින් එකට එන කෙල්ලෝ බලන්න පුළුවන් නිසා මාත් කිව්වා හරි මම එන්නං කියලා.

    ඒත් හැබැයි වෑන් එකේ බ්රේක් ලයිට් පත්තු වෙන්නේ නැති අවුල එහෙම එහෙම්ම තිබුනා. වෑන් එක පේන්ට් කරන් ආවත්,වයරින්බාස් කෙනෙක් හම්බ වෙන්න වෙලාවත් තිබුනේ නෑ. ඉතිං මම වෙඩින් එක දවසේ උදේ(වෑන් එක පේන්ට් කරලා ගෙනල්ල දවසකට පස්සේ උදේ) නැගිටලා වෑන් එකේ බ්රේක් ලයිට් එක ගලවලා වයර් එහෙට මෙහෙට අමුණ අමුණ බලද්දී බ්රේක් ලයිට් පත්තු උනා. මම ඉතිං හොදට කිට එහෙම ගහලා,ටයි එකකුත් දලා එහෙම්ම වෑන් එක අරන් යාළුවගේ ගෙදරට ගියා. එතකොට වෙලාව උදේ 8 ට විතර ඇති. ඊට පස්සේ යාළුවගේ කට්ටිය ඇදගෙන එනකන් මම ටිකක් වෙලා හිටියා.

    පස්සේ උන්ගේ ගෙදර එවුන් ඇවිත් වෑන් එකට නැගලා දොර වැහැව්වාම පස්සේ මම වෑන් එක ස්ටාර්ට් කරා. දෙයියනේ.... වෑන් එක ස්ටාර්ට් වෙන්නේ නෑ. බැටරිය බැහැලා ගිහින් කියලා මීටරේ පෙන්නවා. මට ඉතිං දාඩිය දල විලිලජ්ජ්වේ බැරුවා. යාළුවගේ නංගි සහ අක්කත් මගේ දිහා බලං, ඉන්නවා. උන් අනං මනං මේකප් ද්ලානේ හිටියේ. ඒ අස්සේ උන්ට දාඩිය දන්වා කියලා කුණු කුණු ගනවාත් එක්ක.

    මටත් හිතා ගන්න බෑ මොනාද කරන්න ඕනි කියලා. මොකද එතකොට මම ඒ ලෙවෙල් කරන කෙනෙක්. වාහන ගැන දන්නෙම නැති තරං. පස්සේ මම කිව්වා යාලුවට පොඩි තල්ලුවක් දාන්න ස්ටාර්ට් කරන්න කියලා. ඇත්තම කිව්වොත් මම ඒ වෙනකොට කිසිම දවසක වාහනයක් තල්ලු ස්ටාර්ට් කරලා තිබුනේ නෑ. මම ඉතිං ගියර් එක ෆස්ට් එකට දාලා ක්ලච් එක පාගාගෙන, යාළුවගේ කට්ටියට කිව්වා තල්ලු කරන්න කියලා, ටික දුරක් තල්ලු කරාම පස්සේ මම ක්ලච් එක අතඇරලා ආයේ පගුවා. ඒත් වහනේ ස්ටාර්ට් නෑ. ටයර් කෑගහගෙන එහෙම්ම නතර වෙනවා. මෙහෙම දෙතුන් පාරක් කළා. ඒත් වාහනේ ස්ටාර්ට් වෙන්නේ නෑ.

    මේ උදේ ඔෆිස් ටයිම් එක, ඔෆිස් යන අක්කලා එහෙම අපි දිහා කින්ඩියට බල බලා යනවා. ඇයි ඉතිං වෙඩින් එකකට යන්න හොදට ඇදගෙන,මේකප් එහෙම දාගෙන, ඒ අස්සේ දාඩිය පෙරාගෙන වෑන් කට්ටක් තල්ලු කරනවා දැක්කම කාටද හිනා නොයන්නේ?

    කොහොම හරි සැහෙන වෙලාවක් වාහනේ පාරේ එහෙට මෙහට තල්ලු කරා, ඒත් ස්ටාර්ට් නෑ. බැරිම තැන යාළුවගේ අක්කා කිව්වා අපි කැබ් එකක් අරන් යමු කියලා. ඊට පස්සේ යාලුවා කැබ් එකකට කෝල් කරලා, ඒක විනාඩි 20 කට විතර පස්සේ ආවා. මම කිව්වා යාලුවටත් ඔය වෙඩින් එකට යන්න මම මේක හදාගෙන එන්නං කියලා.

    පස්සේ ඒ අය යනකන් ඉදලා මම හිමින් සැරේ ටයි එකත් ගලවලා, ෂර්ට් එකේ ඇත දෙකත් නමලා වෑන් එකේ තිබුන අඩුව අරන් බැටරි එක ගැලෙව්වා. ඊට පස්සේ ත්‍රිවිල් එකක් දාගෙන බැටරිය අරන් ගියා චාර්ජ් කරන තැනකට. ඊට පස්සේ එක චාර්ජ් කරන්, ආයේ ත්‍රිවිල් එකක් දාගෙන ගෙනල්ලා එක හයි කරන් වෙඩින් එක තියෙන හෝල් එකට ගියා.

    මම යනකොට ඉතිං දවල්ට කාලාත් ඉවරයි. මම ඉතිං ඊට පස්සේ ආයේ අඩුව අරන් බැටරි වයර් දෙක ගලවලා දැම්මා. මොකද මට සැකයි වයර් ෂොට් එකක් නිසාද මේ බැටරි බැස්සේ කියලා.

    ඊට පස්සේ ඉතිං ඔය තිබුන කෑම එකක් කළා, මම යාළුවගේ කට්ටියත් උන්ගේ ගෙදර බස්සලා අපේ ගෙදර අවා.

    මම පස්සේ ගරාජ් එකට ගිහින් බලද්දී වෑන් එකේ ඔල්ටනේටරේ සවුත්තු වෙලා, ඒකයි අර වගේ ඉක්මනට බැටරි බැහැලා තියෙන්නේ. පස්සේ ඒකත් ඔතාගෙන ගෙදර අවා.

    මෙතන ඉන්න පොල්වත්ත යාලුවා වගේ අය මුහුණ දුන්න අත්දැකීම් බලද්දී මේක නිකන් ගණන් ගන්නවත් බැරි දෙයක් තමයි. ඒත් මේක තමයි මගේම වාහනයක් නිසා මම කාපු මුල්ම කට්ට.

    Mid Week කටු කතාව දැම්මට හුඟක් ස්තුතියි.. තව ලියමු හොඳේ..
     
    Status
    Not open for further replies.