help- සත්තුන්ට ආදරේ අය උදව්වක්
යාළුවනේ!අපේ ගෙදර පූසා ඊයේ රෑ 8 ට විතර බත් කාලා එළියට බැස්සා තාම ගෙදර ආවේ නෑ.කළින් කවදාවත් මෙහෙම අතුරුදහන් වෙලා ඉදලා නෑ.මම වත්ත පුරා හැම තැනකම බැලුවා ඉන්නවද?කියලා.........නෑ....පුදුම දුකක් තියෙන්නේ.ඔයාලාගේ අත්දැකීම් තියෙනවද?මට කියන්නකෝ..එහෙම අතුරුදහන් වෙලා ඉදලා කාලයකින් ආය ගෙදරට ආපූ පූසන් ගැන.පොඩ්ඩක් කියන්නකෝ................

පස්සේ දවසක් මේකා ආවේ නෑ හෙව්වා හෙව්වා හම්බුනෙත් නෑ .. ඊට පස්සේ තමයි අර පාරෙන් එහා පැත්තේ ගෙදර අන්කල් කාරයා කිව්වා රෑ දැක්කා කබරයෙක් මොකක්ව හරි ඇදන් යනවා කළුවර නිසා දැක්කේ නෑ කියලා .. පස්සේ ඔහොම සතියක් 1 1/2 ක් විතර ගියා ගෙදර අයත් පට්ටෙට දුක් උනා
දවසක් පෝය දවසක අපේ අල්ලපු වැටේ තියෙන තේකොල ෆැක්ටරිය පැත්තෙන් පුසෙක් කෑගහනවා ඇහෙනවා ඒත් කොහෙන්ද සද්දේ එන්නේ කියලා හිතා ගන්න බෑ .. අම්මටසිරි පොඩ්ඩක් හොයලා බැලුවම අර පුසා මෙන්න අර ඇතුලේ තියෙන හුලං එලියට ඇදලා දාන ෆෑන් එකක් අස්සෙන් ඔලුව දාලා දෑල් එක කෑගහනවා.. ගෙදර උන්ට පට්ට හැපී ඉතින් මේකා මලා කියලානේ හිතුවේ
පස්සේ ෆැක්ටරියේ උන්ට කිව්වම අයිති කාරයෝ නැතුව සිකුරිටි එකේ උන්ට දොරවල් අරින්න බැලූ ගබඩාවල.. පහුවෙනිදට අරන් දෙන්නද අහලා ... ඉතින් හිටියා ...
මෙන්න මේකා කෑගහන සද්දේ වැඩි උනා විතරයි සිකුරිටි අය ලොකු ලොරියක් ගෙනල්ලා අර වා කවුළුව ගාව නවත්තලා ලොරියේ වහලේ උඩට නැගලා අරුව අරන් දුන්නා ..
හම්මේ මේකා තනිකරම තේකොල පාටයි ...
සතියකට විතර ඇතිවෙන්න තේ කොළ ඇඟේ .. මොනවා නැතත් සුද්දෝ පුස් ෆ්ලෙවර් එකෙන් තේ බොයි මාසෙකින් විතර
බයවෙන්න එපා උබලගේ එකාත් එයි කොහේ හරි ඉඳන්