වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    :P ආ මුල් පාර පෑගුවට පස්සේ ආයේ යටටම පාගන්න ඕනා නෑ මාමේ....... බාගයක් පෑගුවහම ගියර් එකට වැටෙනවා....... :yes: :love:

    ඔය කියලා තියෙන්නේ :P:P
     

    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හරි බන් කව්ද කිව්වේ ක්ලච් එක ඕන නෑ කියල. එත් උඹල පාන්නේ භාගේටනේ .. අන්න එතනයි ප්‍රශ්නේ..:no::no::no:

    Half clutch technique. . . අපි නම් එහෙම කරන්නෙ රේස් පදිනකොට විතරයි . . . .
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    Half clutch technique. . . අපි නම් එහෙම කරන්නෙ රේස් පදිනකොට විතරයි . . . .

    half clutch technique එක බස් වලටත් පාවිච්චි කරනවද දැන්??

    :yes: ඈයි බස් රේස් යනවා දැකලා නැද්ද.....?? :P
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    පොල්වත්තයෝ.... කට්ටක් නැද්දෝ..... :rofl:

    මමත් ලබන සතියේ විතර කට්ටක් ගැන දාන්නම්.. දැනට මාස 4ක් විතර තිස්සේ කන කට්ටක් ගැන... :baffled:
     

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    පොල්වත්තයෝ මේ...හොඳින් කියන්නේ...සෙනසුරාද කට්ට දානවද නැද්ද:frown:
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    half clutch technique එක බස් වලටත් පාවිච්චි කරනවද දැන්??

    bus karayo sahena half cluth gahanava ban...:yes::yes::yes: ehema baladdi api oka koranne sahena aduwen.. oya dura duwana ekak pickup karaddi balan inna asai... aula tiyenne ohoma pickup karan avilla speed wenakotama apahu nattanava kaata hari.......:no::no::no:..
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Pol aiyeeeee........................ (uncle kiyala bahaneee...)) katu damuuuuuu...........
     

    Harsh7046

    Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන්ල, මට අන්තිමට :no: 13 :no: එන Ford Escort MK2 එකක් හම්බුනා :love:. වාහනේ හොදයි :love::P. ගන්නද එපාද :rolleyes::baffled:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    සෙනසුරාද පහු වෙනකොට කට්ටිය හොඳටම කුලප්පු වෙනව...:rofl:
    කිව්වත් වගේ තාම කට්ට දාල නෑ නේද..?:no:
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඔන්න මේකත් සුපුරි කට්ටක් නොවුනට සාක්කුවට කෙලවෙච්ච පරුප්පු ගෝනියක්

    ඒ කාලේ තිබ්බේ මෙන්න මෙයින් එකක්.

    864436dsc01286jpg.jpg


    ගත්තු එකෙක් වික්කේ නැහැ ලේසියට මේ මොඩල් එක. ඒ කාලේ අං තිබ්බ කාලේ නිසා ඉතින් අඩුවට ලැබුනාම ඕන මගුලක් කියල ගන්නවා.

    ඔන්න මමත් ගත්ත කැලිෆෝර්නියා එකක්. දැන් ඉතින් සියලුම ගමන් බිමන් මේකෙන් තමයි. අන්තිමේ මේක වැලි ගල් අදින තත්වෙටම වැටුන යුරාජ් මාමිගේ DX එක වගේම. පසුකාලීනව දිව්වේ pocket friendly fuel වලින්. ඒ කිව්වේ මචන්ලා භූමිතෙල් වලින්.. වටේ ලාභයි.. හැබැයි ගම පුරාම ගඳ ගහනවා.. හොරකමක් කරලා පැනල ගියත් භූමිතෙල් වලින් දුවන වාහනේ හොයන්න දවස් දෙකකට පස්සෙත් පොලිස් බල්ලෝ නොදාම පුළුවනි සයිලන්සරෙන් එලියට එන සුපිරි භූමිතෙල් ගඳ නිසා..

    මෙයින් එකක් ගත්තු ගානට වඩා වැඩියෙන් වික්ක ලංකාවේ ඉන්න එකම එකා මම වෙන්න ඇති. මම ගත්තේ 125 000 ට. වික්කේ 155 000 ට.

    ඔන්න දවසක් මමත් මගේ මැන්ගෝ යාළුවෙකුයි අඳුර වැටෙන යාමේ ටිකක් අනුමත වෙන්න යන්න කියල කතා උනා දවාලියේ ඉඳන්ම. හැබැයි එදා දවසේ තිබ්බ වැඩ රාජකාරි වලට අනුව අපි මේ ගමන යා යුත්තේ මගේ ෂොප් එක වහල. ඒ කියන්නේ අවම රාත්‍රී 8 පහු වෙලා.

    ඔන්න සියල්ල නුලට ප්ලෑන් කරලා මමත් ෂොප් එකේ ඩියුටි භාරගන්න යන්න ලැහැස්ති උනා නාගෙන කරගෙන. මෙන්න බොලේ ඉස්සරහ දකුණු පැත්තේ රෝදේ හුලන් නැහැ. රෝදේ මාරු කරන්න ගියොත් ෂොප් එකේ වැඩ කරන ළමයින්ව වෙලාවට ගෙදර යවන්න බැරිවෙන නිසා පියාණන් වහන්සේගේ මෝටර් සයිකලෙන් වහාම ෂොප් එකට වාර්තා කරා. ඔන්න රෑ 7 වගේ වෙද්දී මගේ මැන්ගෝ යාළුවා ආව නාල එහෙම සුවඳ ගගහ ෂොප් එකට. දැන් තියෙන්නේ 8 වෙද්දී කඩේ වහල මාරු වෙන්න. එත් ඊට කලින් ඉස්සරහ හුලන් ගිය රෝදේ මාරු කරගන්න ඕන නිසා මැන්ගෝ අමතල කිව්වා උඹ හොඳ පුතා වගේ ගිහින් ෆොර්නියගේ ඉස්සරහ රෝදේ මාරු කරගෙන අරන් වරෙන් කියල. මගේ මිත්‍ර සමාගම මුලින් මුලින් කැලිෆෝර්නියා කියල හඳුන්වපු මගේ අනර්ග මින්ට් කන්ඩිෂන් රථය පසු කාලීනව නිකම්ම ෆොර්නියා උනා කොල්ලනේ. ඔන්න ඉතින් සුපුරුදු විදිහටම දන්නා කියන කුණුහරුප සියල්ලෙන්ම අමතමින් මගේ මැන්ගෝ යාළුවා මගේ පියාණන්ගේ මොටෝවෙන් අපේ ගෙදර බලා ඉගිල්ලුනා.

    ඔන්න දැන් කඩේ වහන වෙලාවත් ලං උනා මැන්ගෝ නැහැ ෆොර්නිය අරන් එන පාටක්. රහමෙර බොන තිබහ මට වඩා තදින් තිබ්බේ මගේ මැන්ගොට නිසා ෆොර්නියව වීල්බැරෝ එකක තියාගෙන හරි දැන් එන්න වෙලාව හරි නිසා නිකමට වගේ ගැහුවා බලන්න කෝල් එකක්..

    මෙන් අමතනවා අමු තිත්ත සිංහලෙන්.. තිත්ත සිංහල සංස්කෘත වචන සියල්ලම ඉවත් කරලා කතා සාරාංශය ගත්තාම මු කියන්නේ තොගේ ජැක් එක වදින්නේ නැහැ කියලයි.. ඒ කියන්නේ මගේ කාර් එකේ තියන ජැක් එක .. ඒ කියන්නේ මෙන්න මේක

    hydraulic-car-jack_FF_Model_ID13045_1_CarJack_10_00.jpg


    වැඩකරන්නේ නැහැල්ලු.. ගහනවා ගහනවා වාහනේ ඉස්සෙන්නේ නැහැල්ලු.. හැබැයි පොතේ හැටියට එහෙම වෙන්න විදිහක් නැහැ.. මොකද ජැක් එකේ කියන්න තරම් දෝෂයක් තිබුනේ නැහැ..නැවතත් මගේ මැන්ගෝ යාලුවගෙන් ලැබුන දුරකථන ඇමතුමෙන් කියවුනේ වැඩේ හරියන්නේ නැහැ කියලයි.. මගේ මැන්ගොට වාහනේ එලවන්න පුළුවන් උනාට ඊට එහා ඇනයක් තද කරන්න උනත් කරකවන්න ඕන පැත්ත කියන්න ඕන ජාතියේ බුවෙක්.. ලාම්පුව අල්ලන්න , ටෝච් එක අල්ලන්න කියාපු බුවා.. ඕන දේකට එවරෙඩි උනාට කාර්මික දැනුම ඍණ මට්ටමක තමයි තියෙන්නේ ..

    ඔන්න මම කඩේ වහල හානි හනිකට ත්‍රීවීල් එකක නැගල ගෙදරට වාර්තා කරද්දී මැන්ගෝ ඉන්නවා යක්සය වගේ ඇස් දෙක ලොකු කරගෙන අසු හාරදාහට මල පැනල රහමෙර වැඩේ පරක්කු වෙන හින්ද. මමත් හනිකට ලං උනා රෝදේ මාරු කරන්න.. ටිකක් ලංවෙලා බැලුවාම තමයි තේරුනේ අතිජාත මිත්‍ර වොට්සන් ෂර්ලොක් හෝම්ස්ගේ ෆොර්නියට බලහත්කාර කමක් කරලා කියල.. වෙලා තියන අකරතැබ්බේ දැක්කාම මට අඬ අඬා ගම වටේ දුවන්න තරම් දුකයි .. පොල්ලක් අරන් මගේ ඔලුවටම තඩිබාන්න තරම් කේන්තියි..

    crazy-baby-faces20.jpg



    මැන්ගෝ අඩ අඳුරේ තව ටිකකින් උගුරෙන් පහලට යන මීවිත ගැන හිතාගෙන සොමිය වැඩි වෙලා ජැක් එක හේත්තු කරලා තියෙන්නේ ෆ්ලෝර් බෝර්ඩ් එකට කියහල්ලකෝ... ඒකට ඉතින් ඌ මරන් කාල වැඩක් නැහැ.. ඇනයක් තද කරන පැත්ත දන්නේ නැති එකෙක් කොහොමද හත් දෙයියනේ වාහනේක ජැක් එක ගහන්න ඕන තැන දන්නේ.

    මින්ට් කන්ඩිෂන් මගේ ෆොර්නිය එළියෙන් මින්ට් උනාට ඇතුලෙන් කචල් කියල මම දැනන් උන්නත් මේ තරම් කචල් කියල දැනගත්තේ එදා තමයි.. දිරුම් සහිත ෆ්ලෝර් බෝර්ඩ් එකට ගහපු ජැක් එක වාහනේ උස්සන්නෙම නැතුව ෆ්ලෝර් බෝර්ඩ් එක කඩාගෙන ඇතුලට ඇවිත් අක්සිලේටර් එක කුඩු පට්ටම් කරගෙන ෆියුස් බොක්ස් එකත් චාකර් බ්ලාස් කරගෙන ගිහින් වාහනේ ඇතුලේ ජයට කෙලින් වෙලා කියහල්ලකෝ.. දැන් ඉතින් කාට කියන්නද දෙයියෝ මේ අවනඩුව..

    වෙච්චි අකරතැබ්බෙට අමතරව දැන් මැන්ගෝ නාහෙන් අඬන එක ඉවරයක් නෑ .. මට අරුන් එක්ක සෙට් වෙන්න තිබ්බලු... තව එකෙක් කතා කරාලු... උඹ කතා කරපු නිසාලු කාව්රුත් එක්ක නොගිහින් අපි දෙන්න සෙට් වෙන්න හිතුවේ.. දැන් ඉතින් එකක්වත් නෑලු .. වගේ දාහක් නාහෙන් අඬන කතා එමටයි...හවස යස අගේට තිබ්බ මගේ ෆොර්නිය හීල් කරලා අක්සිලේටර් කුඩු පට්ටම් කරාට මුට වගක්වත් නෑ ...

    දැන් ඉතින් මුව බොන්න එක්කම් නොගියොත් අවුරුදු ගානක් යනකම් මුගේ අවලාද අහන්න වෙන නිසා තීරණය කරා කොහොමහරි යන්න සෙට් උන ගමන යන්න. ටිකක් දුර තැනක් නිසා මොටෝවෙන් යන්න බැරි තරම් . දෙකේ දෙකේ ලීයක් අරන් ඇතුලෙන් තඩිබාලා ජැකාව එලියට ගන්න ලොකු ගේමක් දෙන්න උනා ..ෆියුස් බොක්ස් එක ඇඹරිලා කැඩිලා ගියාට වයර් කැඩිලා නැති නිසා වාහනේ ස්ටාර්ට් වෙනවා. එත් ප්‍රශ්නේ අක්සිලේටර් එක පාගන්න තියා හොලවන්නවත් බැහැ .. හරි තැනට ජැක් එක තියල දුන්න මැන්ගොට රෝදේ මාරු කරපිය කියල.. කාර්බ් එකෙන් අක්සිලේටර් කේබල් එක පන්නල දිග වයර් කෑල්ලක අක්සිලේටර් එකට ගැටගහල වටෙන් වටෙන් ඇදල ජැක මල්ලි හිල් කරපු හිලෙන්ම ඇදල ගත්ත වාහනේ ඇතුලට , වයර් එක අතින් ඇතුලෙන් ඇද්දාම කාර්බ් එකන් සිද්දවෙන්න ඕන වැඩේ කෙරෙනවා අපුරුවට.. මෙන්න මැන්ගොට සන්තෝසේ කියාගන්න වචන නැහැ..

    මේන් මටත් කලින් නැගල යන්නත් ලැස්ති වෙලා

    photo-male_in_car.jpg


    ඒ ගමන ඉතින් කරත්තෙ දක්කනවා වගේ නුලෙන් ඇදගෙන ගිහින් බීල කාල මැන්ගෝ එක්කම ගෙදර ආවට ඉතින් කාපු බීපුව මට හරියට දිරෙව්වෙ නැහැ මැන්ගෝ මගේ ෆොර්නියව abuse කරපු නිසා.. පහුවදා ඉතින් ටින්කරෙක් අල්ලාගෙන අක්සිලේටර් එක ගලෝල ෆලෝ බෝර්ඩ් එක ටින්කර් කරලා ෆුයුස් බොක්ස් එක ප්ලාස්ටික් හදන එකෙකුට කියල හදවල වැඩේ තිබ්බ තැනට පත් වෙද්දී අතින් තුන්දාහක් වගේ වියදම්..

    මම උඹලට මේකෙන් කියන්නේ කවදාවත් හදිසිය නිසා නුසුදුස්සෙක් වැඩකට යවන්න එපා.. ඒ වැඩේ ප්‍රමාද වෙලා කරනවට වඩා ලොකු පාඩුවක් වෙනවා යවන එකා මී හරක් වැඩක් කරොත්.. මට එදා කඩේ වහල ගෙදර ගිහින් රෝදේ මාරුකරගත්ත නම් උපරිම 8.30 වෙද්දී ගෙදරින් පිටත් වෙන්න තිබ්බ. එත් අන්තිමේ උනේ අතින් තුන්දාහක් කෙල උනා.. ගමන පිටත් වෙද්දී 9.15යි. එත් කරත්තේ දක්කනවා වගේ ලණුවකින් අක්සිලේටර් එක ඇදගෙන...

    අනික් කාරණේ වාහනේකට ඔරිජිනල් එන ජැක් එක වෙනුවට ආදේශක පාවිච්චි කරනවානම් වාහනේට ගැලපෙන ජැක් එකක් තෝරාගන්න. මගේ ෆොර්නියට ඔරිජිනල් එන ජැක් එක තිබ්බනම් මැන්ගොට ෆොර්නියව abuse කරන්න බෑ , මොකද ඒක මෙන්න මේ ජාතියේ ජැක් එකක්.

    gtr-acc-lg-chrome-jack.jpg


    මේක ජාතියේ එකක් තිබනම් මැන්ගෝ කරපු හානිය මීට වඩා අඩු වෙන්න තිබ්බ. දැන් නම් පොල්වත්තේ එහෙම ගොන් වැඩ කරන්නේ නැතිම තරම්.. ඒ මැන්ගෝ අදත් ඉතින් මැන්ගෝම තමයි..හැබැයි අදත් මේ වගේ වැඩකට සහය ගන්නවානම් A -Z සියලුම උපදෙස් දීල තමයි යවන්නේ..
     
    Status
    Not open for further replies.