හදේ කොතැනක හෝ හිඳී ඔබ!

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    හදේ කොතැනක හෝ හිඳී ඔබ!

    හදෙ කොතැනක හෝ හිදී ඔබ




    මතකයන් අපව ජිවත් කරවයි. විටක ආශ්වාදයෙන්ද විටෙක කලකිරිමකින්ද තවත්විටක විදවමින්ද මතකයන් අනේකවිද අයුරින් සිත් තුල තැන්පත්ව ඇත. එහෙව් දියෙහි ලූ රබර් බෝලයක් වන් මතකයන් වරින් වර මතුවන්නේ නිතැනිනි. එවැනි මතකයන් කෙතරම් ජිවිතයට බැදී පවතීද ?? හදවතේ කොතැනක හෝ හිඳිමින් සිතට වේදනා ගෙනදෙන ප්‍රේමණීය සිතුවිල්ලක අරුමය පිළිබඳ කියැවෙන මෙම ගීතය කුමාරදාස සපුතන්ත්‍රිගේ අපූරු පද බැදුම් හැකියාව හා එතුල සිටින සුන්දර මිනිසා පිලිබදව මානව කියාපායි. ප්‍රේමයේ විරහව ඉතා සියුම් ලෙස ගෙන හැර පායි

    හදේ කොතැනක හෝ හිඳී ඔබ
    නිදා නොනිදා මෙන්
    බලා අවසර සොයා කල් දැන
    වෙළා හස රැහැනින්
    පෙළයි මා මුදා සුව දැහැනින්


    මෙමෙ ගීතය මා සිතන ආකාරයට වියෝවූ බිරිදක් ගැන කියවෙන ගීතයක් නොවේ. මෙහි රචකයා තමාගේ මතකයට නැගෙන අතීතයේවූ ආලය පිළිබද ප්‍රස්තුතයකි. අතීත ප්‍රේමයට හදෙ වෙන්වූ ඉඩ තවමත් තමාගේ සිතේ ඇති බව රචකය විටෙක් අමතක කරයි. ඒ අමතක කිරීම ඇත්තෙන්ම උඩුසිත රවටා ගැනීමක් වැන්න. මෙයින් හැඟන්නේ ඒ හදේ කොනක තම අතීත ආදරය කැටි වෙලා ඇති බව ය. නින්දක් නොනින්දත් අතරේ ඇය තාමත් හදවතේ සිටිනවාම ය. ඇය හදෙ කොතනකෝ නිදා නොනිදා හෝ ජිවත් වෙම බව ඔහු පවසන්න එබැවිනි. නින්දත් නොනින්දත් අතර සිටිනා තරුණිය ඇගේ සිනා මතකයන්ගෙන් ඔහු වෙලා වේදනාවෙන් පෙලන්නිය. ඔහුගේ සුව දැහැන බිඳින්නීය. පෙරදා සතුට ගෙනා සිනාව මෙදා රැහැනක් ලෙසින් ඔහු වටා එතී ඔහු රිදවයි. ඔහුගේ මතයක් තුලින් අයව නැවත ජීවමාන කරයි. නිරන්තරයෙන් ගැහැණු කරන්නේ හොදම වෙලාව බලා රිදෙන්නට තියන උපරිම තැන රිදවීමය. එය මෙයින් මනාව කියාපායි ඇයගේ ආලය මුවට මදහසක් නගන්න්ක් උවත් ඇගේ මතකය ඔහුගේ සන්සුන් සතුටු සිතුවිලි බිද දමන්නකි. ආලය සිතේ දැවටී එතුනාක් මෙන් අයගේ මතකයෙන් ලැබෙන වේදනාවද සිතේ එතේමීන් පවතී. ඇත්තෙන්ම මෙහි තරුණිය නොසිටි. ඇත්තේ ඔහුගේ සිත තුල තිබෙන ඇගේ මතකයන් පමණි. ඔහු මතකය පදනම් කොට පෙම්වතියව ජීවමාන කරවයි. එම ජීවමාන පෙම්වතියට පවසන්නක් මෙන් තමාටම පවසා ගනී

    සයුරු ඉම රත් සිතිජ රේඛාවේ
    මියෙන හිරු සේ ගිලී බිම් අඳුරේ
    තළා මා සිත පලා ගිය ඔබ
    දවලයි මා - අද
    තනි වෙනා මොහොතින්


    ක්ෂිතිජයදී අහස මුහුද එක්වන්නේ සේ පෙනුනත් එය සැබෑවක් නොවේ. එවන් සැබෑවක් නොවූ අලයකට හසුව වේදනා ගෙන රිදුම් දෙන හද රත්වුණු ක්ෂිජ රේඛාවේ ළය පැලී මිය යන හිරු සේම ඔහුට සංවේදනය වේ. පියම්බිකාවගේ වියෝහයෙන් දුක් වන්නාවූ සිත මෙහි රචකයා දක්වා ඇත්තේ තලා මාසිත පලා ගිය ඔබ. ඔහුගේ සිත දැවී ගිය පඩරැලක් මෙන් ජිවය නැතිවී ගොස් අත. ඔහුගේ සිත ඈ තලා පෙළා නික්ම ගොස් ඇත. නමුදු ඇය සිත තුල ජීවත්වෙයි. තනිවෙන විටකදී මතයක් ඔස්සේ පැමිණ සිත් රිදවයි යනුවෙන් කවියා පවසයි.

    උතුම් පිවිතුරු පේ‍්‍රමයේ නාමෙන්
    සහස් සුවහස් පැතුම් බල මහිමෙන්
    ඉනූ කඳුළ ද සිඳෙන්නට පෙර
    යදින්නම් - ඔබ
    මැකී යනු මතකින්


    ප්‍රමයේ සැබෑ අයිතිකරුවෝ පිරිමිහුය. එය එසේ වන්නේ වැඩිමනක් ප්‍රේම කරන්නේ පිරිමින් නිසා යයි කිව හැකිය. එය ආලය කල ඔබ දන්නවා ඇත. මනුෂ්‍ය ප්‍රානින්ගේ හදෙ හටගන්නා සංකීර්ණ භාවාත්මක හැගීමක් වන ආදරය සිතින් නෙරපා දමන්නේ කෙසේද?? " මට ඔබ මුණ නොගසුනනම් " මෙතරම් වේදනාවක් ලැබෙන්නේ නැහැ යන අර්ථයක් ගීතයෙන් විදහා පායි. ඔහු පුදකළ ආදරය ඔහුට උතුම්ය. ඔහු ආලෙන් මුසපත් වී පැතු පැතුම් ඔහුට මහමෙරක්ය. එම සියල්ල පරදුවට තබා ඔහු ඉල්ලනේ කුමක්ද?? පිවිතුරු ප්‍රේමයේ නාමයෙන් අතීත ප්‍රාර්ථනා බල මහිමයෙන් ඔහු ඇගෙන් ඉල්ලා සිටින්නේ එකම එක දෙයකි. ඒ ඉනූ කඳුළ සිදෙන්නට පෙර වහාම මතකයෙන් නික්මී යන ලෙස ය. ජිවිත මතකයන් මැකී යන ලෙසයි. සැබවින්ම මෙහි මතකයන් මැකීයන ලෙස පැවසෙන්නේ ඔහු, ඔහුගේම මතකයෙන් කරන්නාවූ ඉල්ලීමකි. එවැනින්නක් කෙතරම් අසිරුදැයි එළකිරියේ ඉන්න අත්දැකීම් ඇත්තෝ පවසත්වා. එය රචකයා පෙම්වතියගෙන් ඉල්ලන ඉල්ලීමක්සේ ගෙනහැර පායි. එය ඔහුගේ කවිත්වයේ අපුර්වත්වයයි.

    මේ සියලු විඳවීම් මනා ලෙස පෙළ සිතට සියුම්ව කාවද්දන මෙම ගීතයේ පොහොසත්කම සිතට දෙන වින්දනය නොහිම්ය. සපුතන්ත්‍රි රචකයාණන් හා සුනිල් එදිරිසිංහයන්ගේ හැදෙ විශිෂ්ටත්වයට සමානවම ගීතයේ සාර්ථකත්වයේ පදනම වී ඇත්තේ රෝහණ විරසිංහයන්ගේ සංගීතයයි. රෝහණ වීරසිංහ මේ සඳහා ඉන්දීය රාගධාරි සංගීතයේ යමන් හා කළ්‍යාණ රාගවලට ගසල් ගීත ශෛලිය උපයෝගී කරගත් බව රුපවාහිනී වැඩසටහනකදී කිවුබව මා හට මතකැ තිබේ. සමහර් විශේෂ ස්ථානවලදී වාදනය නවත්වා ගායකයාගේ හඬ වැඩත් උස වන විට මතුවන ශෝකමය රසය සිතට කාවද්දන හැගීම ආස්චර්යාත්මකය


    පද රචනය - කුමාරදාස සපුතන්ත්‍රී
    සංගීතය - රෝහණ වීරසිංහ
    ගායනය - සුනිල් එදිරිසිංහ


    මම බොහොම ආස කරන ගීතයක්. කාලෙකින් කිරියට දෙයක් දාන්න බැරිඋන නිසා ලියලා ලියලා දැම්ම. ඔයාලටත් දැනේනේ හැගීම කොමෙන්ට් එකක් දාන්න. මේක කියවල දැන් මම පට්ට බුට් එකක් කළා නහයෙන් අඩ අඩඉන්නව කියා හිතන්න එපා. බාහිරින් රසවිදින ආකාරය මගේ සිතෙන් බැදෙන ස්තුවිලි වචන කිරීමක් පමණයි
     
    Last edited:

    hichchi malli

    Member
    Feb 17, 2011
    1,265
    133
    0
    තාම හොයනවා
    නොසලන්න කදුලක් දෑසින් ඔබ මා කෙරේ
    රිදවන්න සැමදා හඩනා හද මේ වගේ ..

    මා හා මේ මල් මාවතේ
    ආවා ඔබ සිතු සේ ..

    පායා ඈතට පා වුනේ ..
    මයා සිහිනයසේ
     

    Fox Mulder89

    Well-known member
  • Dec 31, 2012
    2,460
    942
    113
    gampaha
    ප්‍රේමය සැමටම හමු වෙලා ඇති නමුත් ප්‍රේමය හදුනා ගත් කිසි කෙනෙකු නැති

    sherlock-holmes-o.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මමත් බොහෝම ආස සිංදුවක් මචං. :)
    මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මමත් බොහෝම ආස සිංදුවක් මචං. :)
    මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.

    මම කාලත් නැහැ බන් :lol::lol:
     

    LoriyaK

    Well-known member
  • Sep 21, 2014
    2,543
    226
    63
    In My Mind
    :)

    ජිවිතයට ගොඩක් ලංවෙන මතකයන් කවදාවත් අමතක කරන්න බැ .. එය සුන්දර මතකයක්ද අසුන්දරද ,දුකද ,සැපද අදාළ නැ එය ජිවිතයට ගොඩක් ලංවූ සිදුවීමක් නම් අනිවරියෙන්ම අපේ පසු පසුන් හෙවනැල්ලටත් වඩා ඉක්මනින් පැමිණෙනවා ..
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    එදා මෙදා තුර බිහිඋනු අතිශය සංවේදනාත්මක හිත කොනිත්තන පද පෙළක්. ඔයා සාධාරණ විචාරයක් කරලා තියනවා මල්ලි...
     

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ සින්දුව ලියල තියෙන කෙනාගේ නම දැක්කාම මේ කතාව මතක් උනා..මීට අවුරුදු 18 කට වගේ කලින් අපි හික්කඩුවේ හෝටලේක වෙඩින් එකක් ප්ලේ කරා... එක මනුස්සයෙක් ඇවිල්ල ඇහුව band leader ගෙන් ඇහුව නදීශානී සින්දුව ගහන්න පුලුවනිද කියල.. ලොක්ක ඒ මනුස්සයව මා ගාවට එව්වා.. අපි සින්දුව බලල තිබ්බේ නැහැ.. එත් මම කිව්වා පුළුවන් විදිහට ගහන්නම් කියල.. අපි සින්දුව ගැහුවා අපේ උපරිමයෙන්.. ගහල ඉවර උනාම කලින් ආපු මනුස්සයම අයෙත් ස්ටේජ් එකට ඇවිත් මට පුද්ගලිකව ස්තුති කරලා එයාව හඳුන්වල දුන්න. එයා තමයි කුමාරදාස සපුතන්ත්‍රී කියන නිහතමානී මනුස්සය.. හරිම සරල මනුස්සයෙක්..

     
    • Like
    Reactions: maxboysl

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මේ සින්දුව ලියල තියෙන කෙනාගේ නම දැක්කාම මේ කතාව මතක් උනා..මීට අවුරුදු 18 කට වගේ කලින් අපි හික්කඩුවේ හෝටලේක වෙඩින් එකක් ප්ලේ කරා... එක මනුස්සයෙක් ඇවිල්ල ඇහුව band leader ගෙන් ඇහුව නදීශානී සින්දුව ගහන්න පුලුවනිද කියල.. ලොක්ක ඒ මනුස්සයව මා ගාවට එව්වා.. අපි සින්දුව බලල තිබ්බේ නැහැ.. එත් මම කිව්වා පුළුවන් විදිහට ගහන්නම් කියල.. අපි සින්දුව ගැහුවා අපේ උපරිමයෙන්.. ගහල ඉවර උනාම කලින් ආපු මනුස්සයම අයෙත් ස්ටේජ් එකට ඇවිත් මට පුද්ගලිකව ස්තුති කරලා එයාව හඳුන්වල දුන්න. එයා තමයි කුමාරදාස සපුතන්ත්‍රී කියන නිහතමානී මනුස්සය.. හරිම සරල මනුස්සයෙක්..


    දක්ෂයෙක්
     

    paththa

    Well-known member
  • Oct 11, 2007
    585
    28
    48
    මමත් බොහෝම ආස සිංදුවක් මචං. :)
    මම ජීවිතේට බූට් එකක් කාලා නෑ. ඒත් සිංදුවක් රස විදින්න ජීවන අත්දැකීම් තියෙන්නම ඕනෙ නෑනේ.

    මම කාලත් නැහැ බන් :lol::lol:


    boot kannama one na ban..wena onema deyak nisa kenekgen wen unath oya wedanawa danenawa...
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම බොහොම ආස කරන ගීතයක්.
    කාලෙකින් කිරියට දෙයක් දාන්න බැරිඋන නිසා ලියලා ලියලා දැම්ම.
    ඔයාලටත් දැනේනේ හැගීම කොමෙන්ට් එකක් දාන්න.
    මේක කියවල දැන් මම පට්ට බුට් එකක් කළා නහයෙන් අඩ අඩඉන්නව කියා හිතන්න එපා.
    බාහිරින් රසවිදින ආකාරය මගේ සිතෙන් බැදෙන ස්තුවිලි වචන කිරීමක් පමණයි


    MHgzGNT.gif


    උබට මොන බූට් ද බං මේ නහින දෙහින කාලෙ..
    කොල්ල වෙන්න යනව නාකි හුටනෙ