මම ඉස්සෙල්ලම කියන්න ඕන අම්මට තාත්තට බැරිවෙනකොට සලකන්නෙ නැතුව පාරට ඇදල දාන වේස බල්ලොන්ගෙන් 90% ක්ම අමු සිංහලු.
ඔවු... රිදිච්ච බල්ලො rep කපපන්.



උබල ඇත්තට උබලගෙ වයස ගියපු දෙමවුපියන්ට සලකනවද?
හරි සලකනවනම් ඇයි මේ වයසක අම්මල තාත්තල මහපාරෙ හිගාකන්නෙ?

මම දන්නවා හිගාකන එක ගොඩක් උන් කරන්නෙ රස්සාවට කියල. උන් උදේට එනව හවසට යනවා. හරියට day job එක වගේ. උන්ට යන්න තැනුත් තියෙනවා. ඒත් කරගන්න දෙයක් නැතුව ඉන්න අසරන මිනිස්සු කඩවල් අයිනෙ, පදික වේදිකාවෙ තමයි නිදා ගන්නෙ.
මම ඉන්නෙ දෙහිල. මම ස්මාන්යෙයන් gym යන්නෙ ගොඩක් හවස්වෙලා වෙලා. සමහවිට රෑ වෙනවා. මම දකිනවා හවස්වෙනකොට ගොඩක් යාචකයො එයාල හිටපු තැන් වලින් බඩුත් pack කරන් යනවා. සමහර අය රෑ වෙනකන් එතනමයි.
අද මම ටිකක් රෑ වෙලා gym එකට ගියේ. මම හොදට දන්නවා මේ වෙලාවට හිගන්නො හිගාකන්නෙ නෑ කියල. මට දෙහිවල හන්දිය කිට්ටුව කඩයක් අයිනෙ වයසක ආච්චි කෙනෙක් අත දික්කරන් හිගාකනව දැක්ක. මම යනගමන් ආච්චිට Rs 20ක් දෙන්න හදනකොට තමයි මම ඒ අච්චි හරියට දැක්කෙ. මට කෙලින්ම මතක් උනේ අපේ ආච්චිව. ඒ ආච්චි සුදුයි, අවුවට පිච්චිච් මූනක් නෙවේ තිබ්බෙ. ගොඩක් දුර්වලයි පේන විදිහට. ඒ ආච්චි කකුල් දෙක පෙරවන රෙද්දකින් වහගෙන තිබුනෙ. ලග පොඩි රෙදි බෑක්කුත් තිබ්බ. මට ඒක දැකල හරි upset. මම එනකොටත් ඒ ආච්චි එතන හිගාකනවා.







මේ මිනිස්සු හිකා කන්නෙ එක්කො අතේ පයේ හයිය නැති උනාම කරගන්න දෙයක් නැතිනිසා, නැත්නම් අමාරුවෙන් උස්මහත් කරපු ලමයි බැරිවෙනකොට පාරට ඇදල දාල යන්න තැනක් නැතිවෙනකොට.
ඒත් ගොඩක් ඒව වෙන්නෙ ලමයිගෙ වරදින්. බලන්න පාරෙ යනකොට කොච්චර වයසක මිනිස්සු තොගයක් හිගාකනවද කියල.
මට කියන්න ඕන මෙච්චරයි.
මොන වැරද්ද තිබ්බත් අම්මලට තාත්තලට සලකන්න. ඔයාල දෙමවුපියන්ට සලකන හැටි ඔයාලගෙ ලමයින්ටත් පේනවා.
කවදහරි ඔයාලට බැරිවෙනාකොට ඔයාගෙ ලමයිත් සලකන්නෙ ඔයාට,
ඔයා ඔයාගෙ දෙමවුපියන්ට සලකපු විදිහට.



