මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මනුස්ස ජීවිතේට දැන්වත් සාධාරනයක් කරපං

    උඹල මේක කියවනව වෙන්න පුලුවන්, කියවන්නෙ නැතුව ඉන්නව වෙන්නත් පුලුවන්. ඒක ඉතිං උඹලගේ කැමැත්තනේ. ඒත් නිකං කාලේ කන වැඩ වලට ඇති තරම් වෙලාව නාස්ති කරන එකේ ජීවිතය ගැන ටිකක් හිතල බලන්නත් එක්ක ටොමා මේ මොනවද වෙසක් දවසේ ලියල තියන්නේ කියල පොඩ්ඩක් බලනව නම් පාඩුවක් වෙන්නෙ නෑ.
    sanctity_human_life_300.jpg

    මනුස්ස ජීවිතයක් ලැබෙනවා කින්නේ කන කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගේ දුර්ලභ දෙයක් කියනවනේ. උඹලා හිතන්න එපා කන කැස්බෑවෙක් ඇවිල්ලා විය ගහක සිදුරකින් අහස බලන එක උඹලා ඉදිකට්ටේ නූලෙන් එහා පැත්ත බලනවා වගේ වෙන දෙයක් කියලා. විය සිදුර තියන්නේ විය ගසකට, නගුල සම්බන්ධ වෙන්න.(බොලා අහලා ඇතිනේ කුඹුරු වැඩ වලට පාවිච්චි කරන නගුල) ඉතිං හිතන්න එහෙම සිදුර සහිත විය ගහක් ගොවියෙක් තමන්ගේ වැඩ වලින් අයින් කරලා, ඒක මුහුද වෙනකන් නොකැඩී ගලාගෙන යන එක කොච්චර දුර්ලභ සිදුවීමක්ද?
    මොකද ගොවියෙක් ලේසියෙන් විය ගහක් ගගකට විසි කරයි කියලා හිතනවද. ඉතිං එහෙම අයින් කරපු එකක් මුහුදට යන්නත් ඕනේ, මුහුදෙදී එක ඇසක් අන්ධ කැස්බෑවෙක් ඉතාම අහම්බෙන් අර සිදුරෙන් අහස දිහා බලන්නත් ඕනේ. ඉතිං හිතපල්ලකෝ මේ සිදුවීම කොච්චර නම් දුර්ලභද?
    ඉතිං මේ උඹලා පව් හෝ පිං කරන්නෙත්, මොකුත් නොකර ඉන්නෙත් එහෙම අමාරුවෙන් ලැබුන මනුස්ස ජීවිතේ. මේ මනුස්ස ජීවිතෙන් පස්සේ අපිට ආයි කොච්චර භව ගානක් යනකන් මනුස්ස ජීවිතයක් ලැබෙයිද කියලා කියන්න බෑ. ආයි මනුස්ස ජීවිතයක් ලැබෙනකන් මොනතරම් දුක් විදින්න වෙයිද, සතර අපායන් වල මොන තරම් කටු කන්න වෙයිද කියලා කාටවත් කියන්න බෑ. :sorry:
    hell_forever_and_ever.jpg

    ඉතිං හිතපල්ලා මේ ලැබුන මනුස්ස ජීවිතේ නිකං බුල කෙල කෙල ඉන්නවද දැන්වත් ජීවිතයට යමක් එක් කර ගන්නවද කියලා. වැඩිය ඕනෙ නෑ එලකිරියේ එක දවසක උදේ ඉදන් හවස් වෙනකන් යන ත්‍රෙඩ් ටික බලපංකෝ. වැඩි හරියක් යන්නේ මොන තරම් කාලකන්නි ත්‍රෙඩ් ද කියලා හිතෙනවා. නිකං කාටවත් වැඩකට නැති කාලේ කන දේශපාලන ත්‍රෙඩ් පිස්සුවෙන් වගේ දානවා. එක්කෝ බාගෙට ඇදුම් ඇදගෙන ඉන්න ගැනියේ ගැන කියවනවා ඉතිං හිතපල්ලකෝ මේවගේ වැඩවලට කන කාලෙන් උඹලා, උඹලගේ ජීවිතේට මොනවද එකතු කර ගන්නෙ කියලා. වටිනා කාලෙන් ජීවිතේට, මනුස්ස කමට, යමක් එකතු කර ගත්තනම් මේ ලැබුන මනුස්ස ජීවිතේ ප්‍රයෝජනය ටිකක් හරි ලැබෙනවා නේද?
    අනිත් එක අපි බෞද්ධයෝ නම් නිකම්ම නිකං ජීවිතේ ගෙවලා දාන්නේ නැතුව ලැබිල තියන ඔය බෞද්ධ කමින් වැඩක් ගන්න ඕනි නේද‍?. හිතපංකෝ වැඩිහරියක් අපේ බෞද්ධ අඩුම තරමේ චතුරාර්ය සත්‍ය කියන දේවත් දන්නවද කියලා?
    ඉතිං මොකක්ද මේ බෞද්ධ කම. අද දවසේ මේ ටික කියන්න හිතුවේ උඹලට බන දේශනාවක් කරන්න නෙවෙයි. මොකද බන කියන්න තරම් මම සුදුසුකම් තියන මිනිහෙක් නෙවෙයිනේ.‍ ඒත් මචං යාලුවෙක් හැටියටයි උඹට මේ ටික කිව්වේ.
    ලැබුන මනුස්ස ජීවිතෙන් ගන්න පුලුවන් උපරිම ඵලය තමයි නිවන. ඒත් එක ලොකු ඉලක්කයක්. අපිට ඒ ටාගට් එකට මේ මනුස්ස ජිවිතේ ගෙනිය ගන්න බැරිනම් අඩුම තරමේ ඒ මාවතටවත් අපි යොමු වෙන්න ඕනේ. එතකොට ඒ ඇති කරගන්න සංසාර පුරුද්ද අනිවාර්යෙන්ම අපිව යහපත කරා ගෙනියයි.

    Gstar සහෝදරයගේ 'නිවන් දකින්න ලේසිම ක්‍රමය[Step By Step] ' ත්‍රෙඩ් එක බලන්න. ජීවිතරයට ලොකු දෙයක් එක්කර ගන්න පලුවන්. ඒ ත්‍රෙඩ් එක බලලා අද ඉදලම වැඩේ පටන්ගන්න උඹලට වරදින්නෙ නෑ. උඹල හොද පාරේ යනකොට බුදු දහම ආරක්ෂා කරන දෙවි වරුන්ගේ ආශිර්වාදය උඹලට නොඅඩුව ලැබෙයි. ඒ නිසාම මේ ජීවිතේ හැම දෙයක්ම සාර්ථකව කරගන්න ලැබෙයි.

    උඹලා හැමෝටම තෙරුවන් සරණයි!
    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....​
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    උඹලා හැමෝටම තෙරුවන් සරණයි!
    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....​



     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹලා හැමෝටම තෙරුවන් සරණයි!
    සියලු දෙනා නිදුක් වෙත්වා!, නිරෝගී වෙත්වා!, සුවපත් වෙත්වා!, දුකෙන් මිදෙත්වා!....
     

    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    එලකිරියේ එක දවසක උදේ ඉදන් හවස් වෙනකන් යන ත්‍රෙඩ් ටික බලපංකෝ. වැඩි හරියක් යන්නේ මොන තරම් කාලකන්නි ත්‍රෙඩ් ද කියලා හිතෙනවා. නිකං කාටවත් වැඩකට නැති කාලේ කන දේශපාලන ත්‍රෙඩ් පිස්සුවෙන් වගේ දානවා. එක්කෝ බාගෙට ඇදුම් ඇදගෙන ඉන්න ගැනියේ ගැන කියවනවා ඉතිං හිතපල්ලකෝ මේවගේ වැඩවලට කන කාලෙන් උඹලා, උඹලගේ ජීවිතේට මොනවද එකතු කර ගන්නෙ කියලා. වටිනා කාලෙන් ජීවිතේට, මනුස්ස කමට, යමක් එකතු කර ගත්තනම් මේ ලැබුන මනුස්ස ජීවිතේ ප්‍රයෝජනය ටිකක් හරි ලැබෙනවා නේද?

    සහතික ඇත්ත මචන්. :yes::yes::yes:

    රෙප් දෙන්න බැහැලු :baffled::baffled:
     

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රේප් ++
    සල්ලි පස්සෙම දුවන්නේ නැතුව ආගම දහමටත් නැබුරු වෙලා ජිවත් උනානම් ගොඩක් වටිනවා
    මේ ලියලා තියෙන දේට වඩා ඒහා ගිය ලොකු තෙරුමක් මෙතන තියෙනවා කියලායි මට නම් හිතෙන්නේ මචන්