මේවගේ ත්‍රෙඩ් එකකට කමෙන්ට් කරපු ඔයාල හැමෝටම පිං. ගොඩක් මිනිස්සු ජීවිතේ කියන්නේ මොකක්ද කියලා හිතන්නෙ නැතුව ඔහේ ඉන්නං වාලේ ඉන්නවා.
අපි ගොඩක් දුර ගමනක් යනවා. ඒ ගමනෙදි ඉතාම අලංකාර සැපපහසු මංමාවත් වගේම කටුක, දුෂ්කර මංමාවත් හමුවෙනවා. අර අලංකාර මංමාවත් වල ලස්සන නාම පූවරු, ගස්වැල් වගේ දේවල් විතරක් නෙවෙයි අපිට ගෙනියන්න පුලුවන් රන් රිදී මුතු මැනික් එහෙමත් බහුලව තියනවා. ඒත් රන් රිදී මුතු මැනික් නොදකින මිනිස්සු ඒ පාරේ තියන ගස්වැල් ලස්සනයි, බෝඩ් ලස්සනයි කියලා ඒවා අතගාමින් යනවා. ඒ ලස්සන පාර ඉවර වෙන තැන ඊලගට පටන් ගන්නේ කටුක පාරක් වෙන්න පුලුවන්. ඒත් අර ගස්වැල් අතගාමින් ආපු මිනිස්සුන්ට කටුක පාරෙදී තමන්ට කියලා කිසිම වටින දෙයක් නෑ. කටුක විදිහටම ඉතාම දුක්ඛිත ලෙස දිවි ගෙවන්න වෙනවා. ඒත් අර රන් රිදී මුතු මැනික් ගත්තු බුද්ධිමතුන් තමන් ලග තියන ඒ දනයෙන් කටුක පාරෙන් හැකි ඉක්මනින් එතෙර වෙලා නැවත සුන්දර පාරකට යොමු වෙලා ගමනාන්තය දක්වා යනවා.
අපේ සංසාර ගමනත් ඔය වගෙතමයි මචංලා. දැන් මේ අපි යන්නේ අර ලස්සන සැප පහසු පාරේ තමයි. මේකෙදි අපි කුසල්, දර්මය වගේ මැනික් අපේ ලගට ගත්තෙ නැත්තං ඊලග දුෂ්කර පාරෙදි නොසෑහෙන්න දුක් විදින්න වෙනවා. ගමනාන්තය තමයි නිවන. නිවනට යන මග කෙටි කර ගන්න නම් ඒ මග පහසු කර ගන්න නම් නොපමාව කුසල් රැස් කරන්න ඕනේ. ඒ විතරක් නෙවෙයි භාවනාව, ධර්මයට අනුව ජීවත් වීම පුරුද්දක් කර ගන්න ඕනේ.
මතක තියාගන්න අපගේ බුදුන්ගේ ශාසනය අවසන් වුනාට පස්සේ චතුරාර්ය සත්‍ය කියන වචනෙවත් අහන්න ලැබෙන්නෙ නෑ. එහෙම එලඹෙන අබුද්දස්ස කාලේ කොයි තරම් දිගු වෙයිද දන්නෙ නෑ. ඒ නිසා ධර්මය අවබෝධ කර ගන්න එක නාකි වෙනකන් වත්, ලබන භවය වෙනකන් වත් කල් දාන්න එපා.



8+ ~♥~