පද පේළී - EK LYRICS THREAD PART 2

amila_90210

Member
Jul 5, 2008
17,444
436
0
෴පද පේළී෴
ලීශා
හිම කැට අතුරා
වීදි සරසළා
ඔබ මා නිසා
ලීශා..
ලෙනින්ග්‍රාදයේ
හිම කැටි අතරේ මා හා වෙලී

ශෙහාන් කෞශල්‍ය
 
  • Like
Reactions: DAMER

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
කාත් කවුරුවත් නැති බව දැන දැන
මාත් මගේ හිතත් රාත්‍රියක තියලා
නුඹත් ගියා නම්
හෙටක් තියේවිද
මටත් ඉරක් නැගෙනා

සාංකාව ඇහැරෙන ඝන අඳුරේ
ආත්මයම මගේ රාත්‍රියම වැන්නේ
ඈත් වෙන්න නම්
ඇයි තුරුලෙම උන්නේ

වේදනාව ඇවිලෙන දිවි කතරේ
දෑස් ඇරන් හිඳ තවත් පලක් නැත්තේ
ඒත් කියන්නම්
හමුවෙමු මතු භවයේ
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඔබ මා හමු වේ නම්
එකම කතාවක් එකම වතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමු වේ නම්.......

අතීතයට පිය මනිනු බැරි
ඒ පෙම් දැහැනේ නටඹුන් ද නැති
පිණි කඳුළක් සේ මැකී ගිහින්
සිතේ ඉතිරි වූ එකම කතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමු වේ නම්.....

සිනා පිරුණු නෙතු දකිනු බැරි
මා ඔබ හමු වූ මාවත වෙන් වී
මහ පවුරක් සේ නැඟී ඇවිත්
මුවේ පිපේ නම් එකම සිනාවක්
යළිත් දකින්නට
ඔබ මා හමු වේ නම්.......
 
  • Like
Reactions: DAMER

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
තරු කැට වැහි වහිනා වස්සානයේ...

තරු කැට වැහි වහිනා වස්සානයේ
ඔය ඇස්වල දිස්නය දැකලා
මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
ගැහෙනා හඬ යළි මට දැනුනා...

නිම්නැති පෙම් ගඟුලේ පවනේ වෙලී
දෝතින් ගෙන හදවත දීලා
ඔබ පමණක් හඳුනන ඒ හදවත පුරා
මම ආදරේ කෙරුවා...

තනිවෙන්නෑ අපි කවදාවත් ආයේ
හඬවන්නෑ කඳුලැලි හිමි නෑ ආයේ
වෙන්වෙන්නෑ මුලු දිවියේම සෙනෙහේ වෙලී
අපි ආදරේ කෙරුවා...

හීනෙන් වත් හිමිවී නැති ආදරේ
මගෙ ලෝකෙට ගෙනවිත් දීලා
තනිකම රජකම් කෙරු මගේ ජිවිතේ
ජිවිතේ දුන්නා..
පසුතැවෙනා තරවටු දඟකම් මගේ
ආදරෙන් ඉවසා ඔබ ආදරේ කෙරුවා...

-Himashel Alwis-
 

DAMER

Member
Aug 14, 2008
16,090
1,008
0
35
Ҝingdom oғ Ðragonzland
ලීශා
හිම කැට අතුරා
වීදි සරසළා
ඔබ මා නිසා
ලීශා..
ලෙනින්ග්‍රාදයේ
හිම කැටි අතරේ මා හා වෙලී

ශෙහාන් කෞශල්‍ය

ඔබ මා හමු වේ නම්
එකම කතාවක් එකම වතාවක්
යළිත් කියන්නට
ඔබ මා හමු වේ නම්.......

තරු කැට වැහි වහිනා වස්සානයේ
ඔය ඇස්වල දිස්නය දැකලා
මෙතුවක් කල් නිහඬව උන් හදවත මගේ
ගැහෙනා හඬ යළි මට දැනුනා...


-Himashel Alwis-

11.gif
11.gif
11.gif
 
  • Like
Reactions: IsuruP123

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
මොංගෝලියානුවනී කහවන් ආසියාවේ
කොකේසියානුවනී සුදුවන් යුරෝ දේශේ
නීග්‍රෝවරුනී කළුවන් අප්‍රිකාවේ
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

සිංහල ජනයිනි රුහුණු මායා පිහිටි රටේ
දමිල ජනයිනි යාපාපටුනේ මඩකලපුවෙ තිරිකුණාමලේ
මුස්ලිම් ජනයිනි බේරුවල හම්බන්තොට තිහාරියේ
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බොදුනුවනී දන් පින් හී යෙදෙන පංසලේ
කිතුණුවනි යදින යාතිකා දෙව්මැදුරේ
මුස්ලිමුනී කියන කුරාණය පල්ලියේ
උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු

බමුණනි වරෝ වෙල්ලාවට පූන නුලෙන් දිය ලණු බැඳගෙන
රජකයිනි ගනිව් සිහසුන වෙල්ලා හැලියෙන් සෝදා අතපය
සිහල ගිනි දණ්ඩේ - දමිල වෙඩි උණ්ඩේ
ගෝත්‍රවාදී ඉලක්ක වලකා සිහලුනේ යමව් යාපා පටුනට
දමිලයිනි වරෝ රුහුණට

උරය පලා සැතකින් බලන් රුහිරූ
එක රතු පැහැයෙන් ගලා හැලෙන අයුරු


~විශාරද නන්දා මාලනි~
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
සඳේ.. ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ
සිතේ දුක හිරු නිවා දැමුවේ
නැතුවද ඔබ දන්නේ
ගිනි හිරු පායා සොමි සඳ බැසලා
මගෙ ලොව එළිය වෙලා
සඳේ ..ඔබ ඇයිද මේ යාමේ
අහස කරා නැඟුණේ

ඔබ තරු වටකර හිනැහෙන යාමේ
ඈ දුර යහන් ගැබේ
රෑ නොනිදාගෙන වැලපෙන මා හට
ඔබගේ කිමද පලේ

සඳ දෙස බල බල මා පැතු පැතුමන්
මෙතෙකැයිකියන බෑ
හිරු මා දැව්වත් මා ලද උණුසුම
අමතක කරන්න බෑ

~රූකාන්ත ගුණතිලක~
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඔබෙන් තොර ලෝකයක්
කොයින්දෝ...
ඔබෙන් තොර හීනයක්
ඔබෙන් තොර මාවතක්
ඔබෙන් තොර ගීතයක්
කොයින් දෝ...

දකින හැම රූපය ම ඔබේ රුව සේ පෙනේ
අසන හැම ගීතයක ම ඔබේ කටහඬ ඇසේ
ඔබේ කටහඬ ඇසේ...

පියවරෙන් පියවරට ඔබයි සැරි සරන්නේ
ඇසිපියෙන් ඇසිපියට ඔබ පමණි සිටින්නේ
ඔබ පමණි සිටින්නේ...
 

IsuruP123

Member
Nov 21, 2014
3,305
440
0
Gampaha
ඔබට වරම් නැති මටද වරම් නැති
සෙනෙහස කොතැනද සැඟව ගියේ
ඉවත ගලා ගිය කඳුළක දියවී
ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ...//

ඔහුට පුදන්නට පූජාසනයේ
නොකිලිටි මල් පිපුණිද ළඳුනේ
පෙති ගිලිහී ගිය පරසතු කුසුමක
සුවඳ කොහේ කොතැනද රැඳුනේ

ආ මග වැරදී ඔහුද ඔබද මා
දෛවයෙ තුංමංසල හමුවේ
බලා හිඳිනු මිස හඬා වැටෙන්නට
කඳුළක්‌ නැහැ දෙනුවන පිපුණේ

~කරුණාරත්න දිවුල්ගනේ~
 

BEN TANNYSON

Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
    ඇයි ගොළු ගැහුණේ
    සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
    සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

    මහ පොළොව ඉතිං දෙකට තුනට බෙදී යාවි යාළුවෝ
    ගංගා මහ මුහුදු කලපු නොබෙදේවිද යාළුවෝ
    උඹලා කොයි දෙස කොයි රටකට යනවද මාළුවෝ

    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ...

    අපෙ උතුරු දකුණු සංගීතය දෙකට බෙදෙයි යාළුවෝ
    මෘදංග ගැට බෙර හදවත් පැලී යාවි යාළුවෝ
    උඹලාගේ සින්දු ඉතිං කොයි රටේද මාළුවෝ

    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ

    :love::love::love::love:
     
    • Like
    Reactions: DAMER

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    කල්ලඩි පාලම පාමුල සින්දු කිව්ව මාළුවෝ
    ඇයි ගොළු ගැහුණේ
    සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ
    සිතාරයට වෙඩි වැදුණද යාළුවෝ

    :love::love::love::love:

    11.gif
    සෑහෙන කාලෙකින්.. :D
     

    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    මගේ නාමලී බැඳී ආදරේ
    මනමාලියයි මැණිකේ ඔයා
    ඔරුවේ නැගී එහි පා වේවි
    අමනාපයෙන් පිට වී ගියේ
     

    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    පරණ මෙම්බර්ස්ලා දැන් කලාතුරකින් දකින්න හම්බවෙන්නේ මචෝ.. :dull:
    එළ එළ..ඔය එන යන වෙලාවට පදයක් දෙකක් කොටලා යන්න..
    :D

    aniwa Mchn :yes::yes:
     

    hawk24

    Active member
  • Mar 25, 2014
    622
    35
    28
    අළු පාට වළාකුළු
    කථාවක් නෑ
    තරු නිවී තරු නිවී
    රාත්රියේ
    සඳක් නැති අහසේ
    අරමුණක් නැතුව මං
    ගිනි අරන් ගිනි අරන්
    මොනවත් හොයන්
    උල්කාපාතයක් අහසේ ගිනි අරන්
    අළු වෙලා පොළවට වැටෙනා
    උල්කාපාතයක් //
    උල්කාපාතයක්
    අහස් කාන්තාරයේ
    නන්නාඳුනනා ජීවිතේ
    ආලෝක වර්ෂ ගෙවා
    ආදරේ අරමුණක් සොයා
    පොළවට වැටෙනා
    දේවතා එළියක්
    ගිනි ගත්ත
    තරු එළියක්
    උල්කාපාතයක් අහසේ ගිනි අරන්
    අළු වෙලා පොළවට වැටෙනා
    උල්කාපාතයක් //
    උල්කාපාතයක්

    ගායනය - ඉන්ද්රචාප ලියනගේ
    සංගීතය - ඉසුරු කුමාරසිංහ, ඉන්ද්රචාප ලියනගේ
    ගී පද - චින්තන ධර්මදාස
     
    • Like
    Reactions: rcccc and DAMER

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    ගායනය: අබේවර්ධන බාලසූරිය

    කල්පනා ලොව මල් වනේ
    සිහින රජදහනේ...
    ආදරේ... ආදරේ.......

    නීල අහසේ තාරකාසේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බදවා තබන්නී

    මා වටා සහසක් යුගත් පා
    ඈ රුවින් පිළිරු මැවිලා
    පාවයයි මුළු ජීවිතේ සුදු
    මීදුමින් දැවටී එතීලා
     
    Last edited:

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    කල්පනා ලොව මල් වනේ
    සිහින රජදහනේ...
    ආදරේ... ආදරේ.......

    නීල අහසේ තාරකාසේ
    ඈ නුවන් දල්වා බලන්නී
    ප්‍රේමයේ මායා දැලින් මා
    සිත් නුවන් බදවා තබන්නී

    මා වටා සහසක් යුගත් පා
    ඈ රුවින් පිළිරු මැවිලා
    පාවයයි මුළු ජීවිතේ සුදු
    මීදුමින් දැවටී එතීලා




    මගේ ආසම 1ක්