අභිධර්ම සංගමය.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අභිධර්ම සංගමය.

    ░░▒▒Elakiri අභිධර්ම සංගමය.▒▒░░


    එලකිරියෙ ඉන්න අභිධර්මය ඉගෙන ගත්ත, ඉගෙන ගන්න, ඉගෙන ගන්න ඕන අය මෙතනට සෙට් වෙමු.

    අභිධර්මය ගැන සාකච්චා කරමු, ප්‍රශ්න නිරාකරණය කරගමු.



    a.jpg

    පටන් ගන්නකොටම කියන්නම්, මමනම් දහම්පාසලට කිහිප පාරක් වැස්සට ගොඩවෙලා තියනව ඇරෙන්න, පොඩිකාලෙ හරියට දහම්පාසලකට යන්න උනේ නෑ.:rofl: O/L වලට පස්සෙ, භාවනාවට පොඩ්ඩක් නැඹුරු වෙන්න පටන්ගත්තම බුද්ධ ධර්මය කියන එක කටපාඩම් කරපු ගාථා වලට හා හැම බණකදීම වගේ අහන්න ලැබෙන ජාතක කථා වලට එහා ගියා දෙයක් බව හිතෙන්න ගත්ත.

    ඊට පස්සේ අවුරුදු ගානක් තිස්සෙ, වෙන වෙන වැඩ අස්සෙ, පුළුවන් විදිහට, පිරිසිදු බුද්ධ ධර්මය කියන්නෙ මොකද්ද කියල තේරුම් ගන්න උත්සාහ කලා. මොකද මට තේරුම් ගිය දෙයක් තමයි එක එක අය බුද්ධ වචනය එක එක විදිහට අර්ථදක්වනවා. ඉතින් මම වගේ එකෙක් full අන්දුන්කුන්දුන්. එක්කෙනෙක් කියනව අහවල් දේවල් බොරු කතා කියල, තව කෙනෙක් කියනවා අහවල් දේ ඇත්ත කියල ඇත්ත කියල.:baffled:


    දුකෙන් උනත් කියන්න ඕන, මේ බෞද්ධ වෙච්ච රටේ, දහම්පාසැල් වල උනත්, හුඟක් වෙලාවට වෙන්නෙ, ළමයින්ට විභාග පාස් කරවන්න උගන්නනව මිසක්, ධර්මය අවබෝධ කරවන එක නෙමෙයි.:angry:


    ඕක නිසා අන්තිමට බුද්ධාගමට වැඩියෙන්ම ලකුණු ගන්න කෙනත් සමහර වෙලාවට මිත්‍යාදෘෂ්ටිකයි. හොඳම ආතල් එක තියෙන්නෙ, ඒ හැමෝම හිතන්නෙ එයා තමයි හරි කියල. සමහර වෙලාවට බුදුහාමුදුරැවොන්ගේ වැරදිත් පෙන්නනනව.:rofl:


    ඒ හරි අවබෝධයක් නැතිකම නිසා, මම ඕන තරම් දැකල තියනව, මේ එලකිරියේත්, උපරිමයට ශ්‍රද්ධාව තියන බෞද්ධයොත් වැරදි අදහස් දරණව, කල්ලි වලට බෙදිල රණ්ඩු කරනව.:no:

    දැන් අපි පොඩ්ඩක් හිතමුකො, මෙච්චර වටින ධර්මයක් තියෙද්දි, ගාථා ඔක්කොම කටපාඩම් කරලත්, පාලියෙන් රචනා ලියන්න පුළුවන් උනත්, ඇයි මේ බෞද්ධයින් අතර බෙදිලි, ගහගැනිලි ඇතිවෙන්නේ?:confused:

    උදාහරණයක් ගමුකො.

    පොඩි එවුන් සෙට් එකකට හතරෙ චක්කරේ උගන්නනව. ගුරුතුමා චක්කරේ කළු ලෑල්ලේ ලියල, ඒක කට පාඩම් කරගන්න කියනව. හැබැයි, චක්කරේ කියන්නෙ මොකද්ද, 4X2කට තව 4ක් එකතු කලාම 4X3 එනව කියන එකවත් කියල දෙන්නේ නෑ.(ඇත්තටම ඉස්කෝල වල ඉගැන්නුවෙත් මෙහෙම.:rofl::rolleyes:)

    ඔන්න ඉතින් ටික දවසක් යනකොට ළමයෙක් තව ළමයෙක්ගෙන් අහනව, "මචන් 4X4 කීයද" කියල. අනිත් එකා කල්පනා කරලා කියනවා, "15යි නේද?"
    ඉතින් ඉස්සෙල්ල අහපු ඒකත්, "ඔවු ඔවු" කියල ඒ විදිහට ගාන හදනව.
    ඔන්න ඉතින් ටිකක් දවස් යනකොට, මුන් කොපි කරන නිසා, 4X4=15 කියල හිතන් ඉන්න අය වැඩි වෙනව. තවත් සමහරුන්ට 4X4=17. දැන් 4X4=16 අයට අරුන් දෙගොල්ලොම සද්ද දානව.:growl:(ඇයි තමන් වැරදියි කියල පිළිගන්න කවුරුත් කැමති නෑනෙ.) ඉතින් පන්තියේ හෙන fight එක.​



    ඕක තමයි අපේ සමාජෙත් වෙන්නෙ.

    අර ළමයින්ට හරියට කියල දුන්නනම්, 4X4=4+4+4+4 කියල, කවදාවත් ඔය ගැටුම ඇති වෙන්නේ නෑනෙ. ඒ හරි අවබෝධය නැතුව, අරව කොච්චර කටපාඩම් කලත්, කොයි වෙලේ වරදියිද, කොයි වෙලේ රණ්ඩුවක් ඇති වෙයිද කියල දන්නෙ නෑ.

    ඕනෑම විෂයක, මුලික theory එක ඉගෙන ගත්තෙ නැත්නම්, ඒ විෂය හරියට අවබෝධ කරගන්න බෑ.(C එකක් දාගන්න පුළුවන් වෙයි, හැබැයි A එකක්නම් දාගන්න බෑ.)

    අන්න ඒ වගේ, බුද්ධ ධර්මයේ මූලික theory කොටස තමයි අභිධර්මය කියන්නෙ. හොද්දට ලුණු වගේ, අභිධර්මය නැතුව බුද්ධ ධර්මයේ නියම රසය විඳින්න බෑ.


    picture.php


    ධර්මය හරියට ඉගෙනගන්න ඕන කියල හිතුනට මමත් සැහෙන කාලයක් අතරමං වෙච්ච එකෙක් වගේ එක එක තැනින් ධර්ම කරුණු එකතු කරගත්ත. ඒ කරුණු සමහර වෙලාවට එකකට එකක් පරස්පර උනාම, "මේ මොන මගුලක්ද?" කියලත් හිතුන. ඒ අතරේ තමයි මේ අභිධර්මය කියන එක ගැන කුතුහලයක් ඇති උනේ.


    සමහරු කියනව අභිධර්මය වැඩක් නෑ කියල. සමහරු කියනව අභිධර්මය ගිහි මිනිස්සුන්ට ඕන නෑ කියල. සමහරු කියනව බුදු හාමුදුරුවො අභි ධර්මය දේශනා කලේ නෑ කියල. මට ඉතින් කියන්න තියෙන්නෙ එහෙම කියන අය අභිධර්මය ඉගෙන ගෙන නෑ කියල.


    picture.php


    මටනම් අභිධර්මය තරම් ලේසි කොටසක් බුද්ධ ධර්මයේ නෑ. කටපාඩම් කරන්න කිසි දෙයක් නෑ. ඔක්කොම අවබෝධයෙන් මතක හිටිනවා. අභිධර්මය ඉගෙන ගන්නකොට තමයි මට තේරුම් ගියේ මෙච්චරකල් මම දන්නව කියල හිතන් හිටපු ඒවා ගොඩක් වැරදියි කියල, ඒ වගේම තාමත් මම දන්න දේවල් වලට වඩා නොදන්න දේවල් වැඩියි කියල.


    මම හිතනව එලකිරියෙ ඉන්න අභිධර්මය ඉගෙන ගත්ත අයට මේව අමුතුවෙන් කියන්න ඕන නෑ කියල. මම මේ ටික කිව්වෙ, අභිධර්මය ඉගෙන ගෙන නැති අයට පෙළඹවීමක් කරන්න.



    මම වගේ, අභිධර්මය තාම ඉගෙන ගන්න අයට එන ප්‍රශ්න අහන්න කට්ටිය හොයාගන්න එක අමාරුයි. ඒක හින්ද දැන උගත් අය ඇවිල්ල, කරගන්න පුළුවන් උතුම්ම දානය වෙන ධර්ම දානය කරගන්න.


    අභිධර්මය මේ වගේ thread එකකින් උගන්නන්න අමාරුයි. හැබැයි, ප්‍රතිචාරය හොඳනම්, උනන්දු අය ඉන්නවනම්, මමත් පුළුවන් පුළුවන් විදිහට වැදගත් කරුණු එකතු කරන්නම්.;)




    අභිධර්මයේ එන වැදගත්ම ධර්මතාවය තමයි ත්‍රිලක්‍ෂණය.

    සරලවම කියනවනම්,

    අනිත්‍ය - සියලු දේ අනිත්‍ය බව.
    දුක්ඛ - සියලු දේ දුකට හා ජරාවට පත් වන බව.
    අනාත්ම- ඒ සියලු දේ වල අනිත්‍ය හා දුක්ඛ ස්වභාවය කාටවත් වෙනස් කරන්න, වසඟ කරන්න බෑ කියන එක.( එහෙම නැතුව ආත්මයක් නෑ කියන එක නෙමෙයි මෙතනින් කියවෙන්නෙ.)​


    චිත්තක්ෂණය

    බුදුදහමේ එන, කාලය මනින කුඩාම ඒකකය තමයි චිත්තක්ෂණය.

    චිත්තක්ෂණ 1ක් = එක සිතක් සිතේ පහල වී, එය නැති වී යාමට ගත වන කාලය.

    ඒ කාලය කොච්චර පොඩිද කියනවනම්, අපි එක ඇසි පිල්ලමක් ගහනකොට චිත්තක්ෂණ කෝටි ප්‍රකෝටි ගානක් ගිහින් ඉවරයි. බුදු වරුන්ට විතරයි, මේ එක චිත්තක්ෂනයකදී විශ්වය හැසිරෙන විදිහ බලන්න පුළුවන්. රහතන් වහන්සේලාත් විශ්වය දකින්නෙ මේ චිත්තක්ෂණ පරම්පරා විදිහට. නිවනේ හරි ස්වබාවය හා ඒක අත්කරගන්න පුළුවන් ක්‍රමය දකින්න මේ එක චිත්තක්ෂනයකදී සිතේ ස්වභාවය විශ්ලේෂණය කරන්න ඕන. බුදු හාමුදුරුවො දේශනා කර තියෙන්නේ මේක තමයි බුදුවරයෙක්ට කරන පුළුවන් අමාරුම කාර්යය කියල. මේ නිසා තමයි, බුදුවරයෙක්ට පමණක්, නිවන් මග සොයාගැනීමේ හැකියාව තියෙන්නේ; බුදුවරයෙක් අසමසම වෙන්නෙ.:yes:



    විශ්වය තුළ ඇති සියලුම දේ නිර්මාණය වී ඇත්තේ ස්‌වභාවික ශක්‌තීන් හෙවත් ධාතු හයකින් බව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත. එනම්,

    1. පඨවි - තද ස්‌වභාවය

    2. ආපෝ - වැගිරෙන ස්‌වභාවය

    3. තේජෝ - උෂ්ණ ස්‌වභාවය

    4. වායෝ - හමායන ස්‌වභාවය

    5. විඤ්ඤාන - සිත් සකස්‌කරන ශක්‌තිය

    6. ආකාස - හිස්‌ බව වේ


    මේවයින් අපේ දකින රූප හැදිලා තියෙන්නෙ සතර මහා ධාතු වෙන

    පඨවි, අපෝ, තේජෝ හා වායෝ වලින්.

    කොතැනක හරි මේ 4 හටගන්නවනම්, ඒ මොහොතේම ඒ 4 සමග තවත් 4ක් හටගන්නවා.
    වර්ණ- ආලෝකය
    ගන්ධ-සුවඳ
    රස-රසය
    ඕජා-සාරය, ආහාර

    මේ විශ්වයේ කොතැනක හරි රුපයක් උපදිනවානම්, ඒ රුපයේ අඩුම වශයෙන් මේ 8ම තියනව. ඒක නිසා මේ 8ට ශුද්ධාෂ්ටක කියල කියනවා. මේක තමයි විශ්වයේ කුඩාම building- block එක. මීට වඩා කුඩා දෙයක් නෑ. නවීන විද්‍යාවේ එන පරමාණුත් හැදිල තියෙන්නෙ මේ ශුද්ධාෂ්ටක කෝටි ප්‍රකෝටි ගණනක් එකතු වෙලා. හිතාගන්න පුලුවන්නෙ මේවයි සයිස් එක?

    ඉස්සෙල්ලම පොඩ්ඩක් පැටලෙන්න පුළුවන්. හැබැයි ටිකක් වෙලා හිතන කොට තේරුම් යනව මේකෙ ස්වාභාවය.

    හැම රුපයකම මේ 8ම තියනව, හැබැයි, වෙනස් අනුපාත වලින්. ඒ අනුපාත අනුව ඒ රුපයේ ස්වභාව වෙනස් වෙනව.

    උදාහරණ

    ගල්- පඨවි ස්වභාවය වැඩියි.

    ජලය- අපෝ ස්වභාවය වැඩියි, හැබැයි අනෙක් 7ත් එතන තියනව.(වතුර විදල ගල් කපන්න පුළුවන් වෙන්නෙ ඒකේ තියන පඨවි ගතිය නිසා.)

    ඉර එලිය - වර්ණ ස්වභාවය වැඩියි.(තේජෝ ස්වභාවයත් තියන නිසා තමයි ඒකෙ රස්නයක් දැනෙන්නෙ.)

    මි පැණි හා ජලය දෙකේම අපෝ ස්වභාවය ප්‍රකට උනත්, මි පැණි වල ඕජාව වැඩි නිසා, පොඩ්ඩක් කෑවත් ඇඟට ශක්තිය ලැබෙනව.​

    අනිත් interesting fact එක තමයි, මේ හැමදේම හැදිල තියන ශුද්ධාෂ්ටක වල ආයුෂ කාලය චිත්තක්ෂණ 17යි. මේක තමයි සියලු දේ අනිත්‍යයි කියල වටහාගන්න තියන දොර.

     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මොකක්ද අර ජවන සිත් 7ක් යන සීන් එක.

    ජවන කියන එකනම් තාම අහල නෑ. හැබැයි හැම සිතකම උපදින සිත් 7ක් තියනව සබ්බ චිත්ත සාධාරණ සිත් කියල. ඒවාද දන්නේ නෑ.

    ආ මෙන්න මේකෙ තියනව ජවන ගැන. හැබැයි 5 ක් ගැන.

    http://www.helabodhupiyuma.net/archives/604
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ජවන කියන එකනම් තාම අහල නෑ. හැබැයි හැම සිතකම උපදින සිත් 7ක් තියනව සබ්බ චිත්ත සාධාරණ සිත් කියල. ඒවාද දන්නේ නෑ.

    සිතුවිල්ලක් complete නෑ චිත්තක්ෂණ 17 ම ගියේ නැත්නම් කියලයි මම අහල තියෙන්නේ .

    1)අතීත භවාංග,
    2)භවාංග චලන,
    3)භවාංග උපච්ඡේද ලෙස චිත්ත වීථියක චිත්තක්‍ෂණ දාහතකින් තුනක් ක‍්‍රියාත්මක වෙලා, 4)පංචද්වාර ආවර්ජන,
    5)චක්ඛු විඤ්ඤාණ යන චිත්තක්‍ෂණවලට පසු
    6)සම්පටිච්චන,
    7)සන්තීරණ,
    8)වොත්තපන යන චිත්තක්‍ෂණ තුනක් පහළ වෙලා,
    9)ජවන
    10)ජවන
    11)ජවන
    12)ජවන
    13)ජවන
    ලෙස චිත්තක්‍ෂණ පහක් ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනතුරුව
    14)චුති,
    15)පටිසන්ධි,
    16)භවාංග,
    17)භවාංග ලෙස චිත්තක්‍ෂණ දාහතක් හටගන්නවා. මේ ආකාරයෙන් චිත්ත වීථියක් හටගැනීමට නම් ඒ චිත්තක්‍ෂණ දාහත අවසන් වන තෙක් තවත් චිත්ත වීථියක් හෙවත් සිතක් හටගන්නෙ නෑ.
     
    Last edited:

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,869
    1,317
    113
    ජවන කියන එකනම් තාම අහල නෑ. හැබැයි හැම සිතකම උපදින සිත් 7ක් තියනව සබ්බ චිත්ත සාධාරණ සිත් කියල. ඒවාද දන්නේ නෑ.

    ආ මෙන්න මේකෙ තියනව ජවන ගැන. හැබැයි 5 ක් ගැන.

    http://www.helabodhupiyuma.net/archives/604

    මමත් ඕකෙන් මයි ගත්තේ :cool:
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    සිතුවිල්ලක් complete නෑ චිත්තක්ෂණ 17 ම ගියේ නැත්නම් කියලයි මම අහල තියෙන්නේ .

    1)අතීත භවාංග,
    2)භවාංග චලන,
    3)භවාංග උපච්ඡේද ලෙස චිත්ත වීථියක චිත්තක්‍ෂණ දාහතකින් තුනක් ක‍්‍රියාත්මක වෙලා, 4)පංචද්වාර ආවර්ජන,
    5)චක්ඛු විඤ්ඤාණ යන චිත්තක්‍ෂණවලට පසු
    6)සම්පටිච්චන,
    7)සන්තීරණ,
    8)වොත්තපන යන චිත්තක්‍ෂණ තුනක් පහළ වෙලා,
    9)ජවන
    10)ජවන
    11)ජවන
    12)ජවන
    13)ජවන
    ලෙස චිත්තක්‍ෂණ පහක් ක‍්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. අනතුරුව
    14)චුති,
    15)පටිසන්ධි,
    16)භවාංග,
    17)භවාංග ලෙස චිත්තක්‍ෂණ දාහතක් හටගන්නවා. මේ ආකාරයෙන් චිත්ත වීථියක් හටගැනීමට නම් ඒ චිත්තක්‍ෂණ දාහත අවසන් වන තෙක් තවත් චිත්ත වීථියක් හෙවත් සිතක් හටගන්නෙ නෑ.

    එල එල. නොදන්න දෙයක් දැනගත්ත. චිත්තක්ෂණ 17 ගැන දන්නව. තාම ඒ 17 වෙන් කරන හරියට ඇවිත් නෑ.
     
    Last edited:
    • Like
    Reactions: ruwantheekshana

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,771
    1
    42,925
    113
    හොඳ වැඩක් කළොත් යහපත් විපාක ලැබෙන්නෙ කොහොමද ?
    ඒ වගේම තමා අනික් පැත්තත්, නරක වැඩ කළොත් අයහපත් විපාක ලැබෙන්නෙ කොහොමද ?

    වෙන්නෙ කොහොමද ?
    කතෝලික ආගමේ නං කියන්නෙ මේක දෙවියො තීරණය කරල, ඒ ඒ අයට සුදුසු දේ දෙනව කියල (මේක මම හරියි කියනව නෙමේ)

    බුද්ධාගමේ ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නෙ ?
    මට මේක ලොකු ප්‍රශ්නයක්
     

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    හොඳ වැඩක් කළොත් යහපත් විපාක ලැබෙන්නෙ කොහොමද ?
    ඒ වගේම තමා අනික් පැත්තත්, නරක වැඩ කළොත් අයහපත් විපාක ලැබෙන්නෙ කොහොමද ?

    වෙන්නෙ කොහොමද ?
    කතෝලික ආගමේ නං කියන්නෙ මේක දෙවියො තීරණය කරල, ඒ ඒ අයට සුදුසු දේ දෙනව කියල (මේක මම හරියි කියනව නෙමේ)

    බුද්ධාගමේ ඒ ක්‍රියාවලිය කොහොමද වෙන්නෙ ?
    මට මේක ලොකු ප්‍රශ්නයක්

    කෙටියෙන් ගත්තොත්, ඕකට තමයි කර්මය සකස් වෙනවා කියන්නේ.

    අපි හොඳ වැඩක් කරනකොට, අපේ හිතේ යහපත් සිතිවිල්ලක් ඇති වෙන්නේ. කෙනෙක් හොඳ දේවල් ගොඩක් කරලා හිතේ ඇති වන යහපත් සිතිවිලි ප්‍රමාණය වැඩි වෙනකොට, එයාට අනික් පැත්තට යහපත් දෙයක් සිදුවෙලා අර වගේම හොඳ සිතිවිලි ඇති වෙන්න පුළුවන් සම්භාවිතාවය වැඩි වෙනව. මේක තමයි සරල විදිහට ගත්තොත් පිං කිරීම හා පිනේ ආනිසංස ලැබීම.

    පවට ඕකෙ අනික් පැත්ත.
     

    sudu4u

    Active member
  • Aug 11, 2006
    378
    46
    28
    මෙක වටින වැඩක්.බොහොම පින්..
    ඒ වගේම මෙි ධර්මය කිසිම දෙන්නෙක් එක විදිහටම තේරැමි ගන්නැ
    එක තමා මෙකේ තියන සුවිශේෂ බව..
    තම තම නැණ පමණින් තේරැමිගන්නේ,එකට අධෙෙර්යය නොවි මෙික දිගටම ගෙනියන්න