අභිධර්ම සංගමය.

mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මම කලින් කිව්වනෙ ශුද්ධාෂ්ටකයක ආයුෂ චිත්තක්ෂණ 17 යි කියල. ශුද්ධෂ්ටකයක් නැති වෙනකොට තවත් ශුද්ධෂ්ටකයක් ඇති වෙන්න අවශ්‍ය ශක්තිය දීල යන්නේ.එතකොට සමහරුන්ට හිතෙන්න පුලුවන්නෙ අපි නිකන් tubelight වගේ වේගයෙන් ඇති වෙනව නැති වෙනවා කියල. එහෙම වෙන එක ධර්මයට පටහැනියි. මොකද එතකොට ඒ නැති වෙන වෙලාවේදී අපේ සිතට ඉන්න තැනක් නැති වෙනවා.

    ඇත්තටම වෙන්නේ මේකයි. අපි කියමුකෝ අපේ ශරීරය හැදිල තියන ශුද්ධාෂ්ටක වලින් එකක්, චිත්තක්ෂණ 17 කාලයක් තිබිල නැති වෙනවා කියල. ඒක ඒ වෙලාවේ නැති උනත්, ඒක වටේ තියන අනික් ශුද්ධාෂ්ටක වල කාලය 17ට ඇවිත් නෑ. සමහර ඒවා, තාම 10යෙ, සමහර ඒවා තාම 12 හේ වගේ. ඉතින් අපේ ඇඟේ පරමාණුවක උනත් ශුද්ධාෂ්ටක කොටි ප්‍රකෝටි ගණනක් තියන නිසා, සමස්ථයක් විදිහට, රූපය විනාශ වෙන්නේ නෑ.

    ඒක ලං වෙලා බැලුවොත් හරිට අර TV එකේ සිග්නල් නැති චැනල් වල static පේනවා වගේ. රුපය කියන දේ ඇත්තෙත් නෑ, නැත්තෙත් නෑ.​
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,461
    5,562
    113
    මෙන්න ත්‍රෙඩ් :yes: ... තිත්ත ගල්ලේ හාමුදුරුවන්ගෙ සහ රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගෙ (මහරහතුන් වැඩි මග ඔස්සේ) අභිධර්ම ධර්ම දේශනා සහ අනෙකුත් දේශනා ගොඩක් වැදගත් වෙයි හැමෝටම .. එක පාරක් ඇහුවොත් දිගටම අහනවා ෂුවර් :yes:
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මෙන්න ත්‍රෙඩ් :yes: ... තිත්ත ගල්ලේ හාමුදුරුවන්ගෙ සහ රාජගිරියේ අරියඤාණ හාමුදුරුවන්ගෙ (මහරහතුන් වැඩි මග ඔස්සේ) අභිධර්ම ධර්ම දේශනා සහ අනෙකුත් දේශනා ගොඩක් වැදගත් වෙයි හැමෝටම .. එක පාරක් ඇහුවොත් දිගටම අහනවා ෂුවර් :yes:

    සිරාවට බන්. මම නිකමට තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ දේශනාවක් ඇහුවට පස්සෙ Addict වෙලා වගේ අභිධර්මය ඉගෙනගත්තෙ.:rofl:
     
    • Like
    Reactions: chinmak

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    වටිනවා මචං. මාත් ත්‍රෙඩ් එකේ දිගටම රැදිලා ඉන්නවා.
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    බොහොම අගේ ඇති වැඩක් මචං
    දිගටම කරගෙන යමු
    :yes:
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,356
    939
    113
    Godric's Hollow
    සිරාවට බන්. මම නිකමට තිත්තගල්ලේ හාමුදුරුවන්ගේ දේශනාවක් ඇහුවට පස්සෙ Addict වෙලා වගේ අභිධර්මය ඉගෙනගත්තෙ.:rofl:

    මාත් දැන් ඒකට addict වෙලා... තාම සේරම බලල ඉවර නෑ... තිත්තගල්ලේ හාමුදුරුවන් කියල දෙන දේ නියමෙට තේරෙනවා.....

    You must spread some Reputation around before giving it to mmaxx again.
     
    Last edited:

    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    අභි-ධර්මය මෙනෙහි කලේ 4 වෙනි සතියෙ, ඒක දේශනාකලේ අවුරුදු 7 කට පස්සෙ.

    :yes:

    බුදුහාමුරුවෝ, අභිධර්මය දේශනා කලේ තවුතිසාවෙ. ඒ නිසා තමයි අවුරුදු 7 ක් යනකන් අභිධර්මය දේශනා කලේ නැත්තෙ. ඒකට හේතු 2 ක් තිබ්බ.

    1.මනුස්ස ලෝකයේ අභිධර්මය සම්පුර්ණයෙන් දේශනා කරන්න ගියොත්, මාස 3ක් ගතවෙනවා. ඉතින් කිසිම සාමාන්‍ය මනුස්සයෙක්ට මාස 3ක් ඒකාග්‍රතාවය තියාගෙන බණ අගන්න බෑ. මනුස්ස ලෝකෙයි දිව්‍යලෝක වලයි, වෙලාව ගතවෙන්නෙයි, වෙලාව තමන්ට ග්‍රහණය කරගන්නෙයි වෙනස් විදිහට. උදාහරණයක් විදිහට, මනුස්ස ලෝකයේ දින 100ක් තවුතිසාවේදී දින 1යි. හැබැයි ඒ කියන්නේ දිව්‍යලෝකයේ වැඩ වෙන්නේ මනුස්ස ලෝකයට වඩා හෙමින් කියන එක නෙමෙයි. දෙවි වරු මිනිස්සුන්ටත් වැඩිය ඉක්මනට කාලය ග්‍රහණය කරගන්නව.

    ඉතින් තවුතිසාවේදී අභිධර්මය දේශනාකරන්න ගතවෙන්නේ විනාඩි 9ක් වගේ කාලයක්. දෙවිවරුන්ට විනාඩි 9 ක් බණ අහනව කියන එක මහ දෙයක් නෙමෙයි.

    2. දිව්‍යලෝක 6ක් තියෙද්දි, තවුතිසාව තෝරාගන්න හේතු උනේ, මහමාය දේවිය කලුරිය කරලා, මාතෘ දිව්‍ය රාජයා ලෙස තවුතිසාවේ උපත ලබා සිටීමයි. කෘතගුණ දැක්වීමක් විදිහට තමයි බුදුහාමුදුරුවෝ තවුතිසාව තෝරාගත්තේ.
     
    Last edited:

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha

    මිනිස්සුන්ට අභිධර්මය තේරුම්ගන්න ඒක ඉස්සෙල්ල පාසල් විශය ධාරාවට ඇතුලත් කරන්න ඕනෙ, එහෙම නැත්තං ඕක වෙනම විශයක් කියල හිතන කොටසක් ඉන්නව.
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මිනිස්සුන්ට අභිධර්මය තේරුම්ගන්න ඒක ඉස්සෙල්ල පාසල් විශය ධාරාවට ඇතුලත් කරන්න ඕනෙ, එහෙම නැත්තං ඕක වෙනම විශයක් කියල හිතන කොටසක් ඉන්නව.

    ඔවු. අඩුම තරමින් O/L බුද්ධාගමටවත් අභිධර්මය මූලික සංකල්ප ටික එකතු කරන්න ඕන.