චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

amaz

Banned
Apr 10, 2009
889
94
0
චෛත්‍යයකට මහා පලතුරු නාස්තියක්

11150741_699980680148069_6887643382957695786_n.jpg

මහමෙව්නාව විසින් සේරුවාවිල චෛත්‍යය ට මහා පලතුරු පූජාවක්..
මහා පලතුරු ගොඩක් පූජා කළා යයි කියා ලළාට ධාතුන් වහන්සේ ඒවා වළඳන්නේ නැත.
මේ ලක්ෂ ගණනක පළතුරු කෑමට බිමට නැති මිනිසුන්ට බෙදා දුන්නේ නම් එයම වටින්නේ නොවේද?
මෙවැනි මෝඩ ක්‍රියා බුදුරජාණන්වහන්සේ දුටුවා නම්, උන්වහන්සේ ධාතුන් කිසිවක් ඉතුරු නොකරම පිරිනිවෙනවා නිසැකය. නාස්තිය බුදුවරු අනුදැන වදාරන්නේ නැත. මේ දානය මහා සංඝයා වෙනුවෙන් පූජා කලේ නම් වරදක් නැත. එවිට අපතේ නොයා වලඳීමට උන්වහන්සේලා සිටිනා නිසාය. ප්‍රශ්නය වන්නේ මෙලෙස ඕනෑවටත් වඩා පලතුරු ධාතුන්වහන්සේ නම හට පූජා කිරිමය. දානයක් දෙනවා යයි කියා බුදුරජාණන් වහන්සේ ජීවමාන සිටියදීත් උන්වහන්සේ වටා මෙලෙස පලතුරු ගොඩ ගහන්න ගත්තොත් උන්වහන්සේ එයට ඉඩ දී බලා සිටිනු ඇතැයි ඔබ සිතනවාද???

"යමෙක් තථාගතයන්වහන්සේ හට ගරු කිරීමට, පූජා කිරීමට අවැසි නම්, මා වදාළ දහම වඩා අවසන් කොට රහත් පසක් කල යුතුය. එයම සැබෑම පූජාව වන්නේය." තථාගතයන් වහන්සේ, මහා පරිනිබ්බාන සුත්‍රය.

:lol::lol::lol::lol:
 

amaz

Banned
Apr 10, 2009
889
94
0
මෙම ඡායාරූපවල දැක්වෙන්නේ කිරිබත‍්ගොඩ ඥානානන්ද නම් ජනප්‍රිය රැල්ලේ අසපුවාසී භික්ෂුව විසින් සංවිධානය කරන ලද දානයකි. බුදුන්‍ගේ ලලාට ධාතුව තැන්පත් කර ඉදි කළ බව කියන සේරුවාවිල චෛත්‍යයට කරන ලද මෙම පලතුරු පූජාව වැනි ක්‍රියා තව දුරටත් සිදු වන්නට ඉඩ නො දිය යුතු ය. බෞද්ධයෝ මෙවැනි ක්‍රියාවලට විරුද්ධ විය යුතු ය.

පලතුරු හරි ගණන්. මිළ වැඩි නිසා දුප්පත් මිනිස්සු පලතුරු කන්නෙ නැහැ. පසුගිය වෙසක් එකට විවිධ දන්සැල් තිබුණට පලතුරු දන්සැල් නො තිබුණේ ඒ නිසායි. මේ පලතුරු නාස්තිය ජාතික අපරාධයක්.

පසුගිය වසරේ ආණ්ඩුව ජනතාව දිනකට වර්ග කීපයකින් පලතුරු ග්‍රෑම් 200ක් කෑ යුතු බව ප්‍රචාරය කරමින් පලතුරු ප්‍රදර්ශනයකුත් පැවැත්වූවා. එහෙත්, පහළ මධ්‍යම පංතියට අයත් අපටවත් හැමදාම වර්ග කීපයක පලතුරු ග්‍රෑම් 200ක් කන්නට ලැබෙන්නේ නැහැ.

මේ පලතුරු පසුව කාට හෝ කන්න දෙන්න ඇති. ඒත්, එහෙම කියලා මෙතන නාස්තියක් වුණේ නැහැ කියන්න එපා. අවශ්‍ය ප්‍රමාණයට වඩා පලතුරු කෑමෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. මෙවැනි පින්කම් නිසා පලතුරු වෙළඳපොළේ ක්ෂණික මිළ උච්චාවචන වෙනවා. ඒවා ජනතාවගේ පෝෂණයට බලපානවා.

කතරගම වැනි ස්ථානවලත් මෙවැනි නාස්ති සිදු වෙනවා. මෙවැනි ආහාර නාස්තිවලට දැඩි විරෝධය පළ කළ යුතුයි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
 
  • Like
Reactions: gcj

signshop

Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    අනේ මන් දන්නේ නෑ බන්. ඇත්තටම දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් තේරුම් ගන්න සෑහෙන්න අමාරුයි. මේ පලතුරු ඔක්කොම කන්න නැති දුප්පත් මිනිස්සුන්ට හරි බුදුන් උපන් දේශයේ නේපාල් වල භූමිකම්පාවෙන් අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට ලබා දුන්නා නම් ඒක මහා ආනිසංස ලබන දෙයක් වෙනවා ඒකාන්තයි. කලින් හාමුදුරුවො කෙනෙක් ඌරු මස් එක්ක දානයක් දුන්නා. දැන් තව මේ හාමුදුරුවො. මේවා හරිද වැරදිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි බන් :sorry:
     
    Last edited:

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අද උදේ ඇඳේ වැරදි පැත්තෙන්ද බං නැගිට්ටේ ඇමසියෝ? කාලෙකට පස්සේ මොලේ තියෙන පෝස්ට් එකක් දැම්මමයි. කිරිබත්ගොඩ හාමුදුරුවෝ ටිකක් අන්තගාමී පැත්තකට යන්නේ ධර්මය දේශනා කරද්දි පවා.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මේව මොනවද බන්.මහින්ද මහත්තය ගෝලයො රොත්තත් එක්ක අරලියගහ මන්දිරේ ඉදන් දවසකට ලක්ශ 5 ක පලතුරු කෑවෙ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113

    සිරා බන් උබ දන්නෙ නැද්ද.නාල බීල කාල පුක හේදුවත් තව ලක්ශෙක විතර ඉතුරු වෙනව.උන් පලතුරු වලට මොනව කරාද දන්නෙ නෑ.ඔය පූජාවටත් ඕන නම් ලක්ශ පහක් යන්න ඇති.10ක් ගියත් මහින්දයගෙ දවස් දෙකක වියදම නෙ.
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    අනේ මන් දන්නේ නෑ බන්. ඇත්තටම දැන් ඉන්න හාමුදුරුවරු කරන දේවල් තේරුම් ගන්න සෑහෙන්න අමාරුයි. මේ පලතුරු ඔක්කොම කන්න නැති දුප්පත් මිනිස්සුන්ට හරි බුදුන් උපන් දේශයේ නේපාල් වල භූමිකම්පාවෙන් අසරන වෙලා ඉන්න මිනිස්සුන්ට ලබා දුන්නා නම් ඒක මහා ආනිසංස ලබන දෙයක් වෙනවා ඒකාන්තයි. කලින් හාමුදුරුවො කෙනෙක් ඌරු මස් එක්ක දානයක් දුන්නා. දැන් තව මේ හාමුදුරුවො. මේවා හරිද වැරදිද කියලා දන්නේ උඩ ඉන්න දෙවියෝ විතරයි බන් :sorry:

    උබ හිතනවද ඔය පූජාවෙන් පස්සෙ ඔය පලතුරු විසි කරන්න ඇති කියල.දන්න කෙනෙක් ඉන්නවනම් දාපන්.සාන්ගික කරපුව කන්නෙ නම් නෑ තමයි.ඒත් ඕව විසි කරන්න නැතුව එති.
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව විතරක් නෙමෙයි ආමිස පූජාව ගැනත් දේශනා කලා.කාටවත් හිංසාවක් නැති කාගෙ හරි හිතේ කුසල් සිතුවිලි මතුවුනානන් එච්චරයිනේ..ඔහොම ගිහින් අන්තිමට දලදා මාලිගාවේ බුද්ධ පූජාවත් තියන්න එපා කියයි..ඒවත් බුදුරජාණන්වහන්සේ වලඳන්නේ නැති නිසා අහක යනවා කියලා..යම්කිසි පූජාවකින් ශ්‍රද්ධාව ,කුසල් සිතුවිලි වැඩෙනවනන් එතනයි පින..
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    බුදුරජාණන්වහන්සේ ප්‍රතිපත්ති පූජාව විතරක් නෙමෙයි ආමිස පූජාව ගැනත් දේශනා කලා.කාටවත් හිංසාවක් නැති කාගෙ හරි හිතේ කුසල් සිතුවිලි මතුවුනානන් එච්චරයිනේ..ඔහොම ගිහින් අන්තිමට දලදා මාලිගාවේ බුද්ධ පූජාවත් තියන්න එපා කියයි..ඒවත් බුදුරජාණන්වහන්සේ වලඳන්නේ නැති නිසා අහක යනවා කියලා..යම්කිසි පූජාවකින් ශ්‍රද්ධාව ,කුසල් සිතුවිලි වැඩෙනවනන් එතනයි පින..

    ඒක හරි නමුත් මේක නම් පැහැදිලි නාස්තියක්. මෙච්චර ගොඩක් මොකටද පූජාවක් තියන්න?
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එහෙනන් මල් පූජාවත් වැරදි වෙන්න එපැයි

    :yes::yes::yes:ඒ හාමුදුරුවෝ ඇතුලු පිරිස සමහරවිට බොහොම ශ්‍රද්ධාවෙන් පිරිසිදු හිතින් මේ පූජාව කරන්න ඇති..හිත් පිරිසිදු කරගන්නත් ඇති..මේ අහක ඉන්න අපි ඒවා දිහා බලලා හිත පහදවා ගන්නවා නෙමෙයි ඒ පූජාවටට්යි පූජාවට සම්බන්ධ වෙච්ච අයටයි බැන බැන නිකන් පව්පුරෝ ගන්නවා..
     
    • Like
    Reactions: U-tag

    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    මෙච්චර පලතුරු කන්දරාවකින් මේ විදියට පූජාවක් පවත්වන එක හරි කියලා මම නම් හිතන්නේ නෑ. බුදුරජානන් වහන්සේ මේ වගේ දේවල් අනුමත කරලා නෑ. මේ පලතුරු සියල්ලම දුප්පත් මිනිස්සුන්ට කන්න දුන්නා නම් කිසිම පවක් සිද්ධ වෙන්නේ නෑ. ගෞතම බුදුන්ට පූජා කරන බුද්ධ පූජාව එක්ක මේ පලතුරු පූජාව පටලව ගන්න එපා.