පස්වාන් දහසකට දෙයියෝ බුදුවෙන්න ........ඔන්න මගේ අලුත්ම තත්වය හිත මිත්‍රයන්ට දන්වන්න අවසර ....ඔබ තමුන්නාන්සේලාගේ සියලු උපදෙස් හිස් මුදුනින් පිළිගෙන වදාරා එත් බැරිම තැන මම තීරණය කලා බාසෙක් ගේ පිහිට පතා යන්න .ඔන්න ඉතින් නමෝ විත්තියෙන් අදාල ස්ථානයට මගේ නිල රථයත් අරන් සැපත් උනා කියමුකෝ ...බාස් මහත්මයා ඉතින් ඉතා කරුණාවන්ත ලෙස ලබා දුන්න මිටි පාරවල් කීපයකට පස්සේ සියලුම අවයව පරීක්ෂා කරලා කියපියකෝ මේකේ ඩ්ස් වලවත් brake වලවත් ප්‍රශ්නයක් නැ කියලා ...එත් එතකොට මට මේ ඇහෙන රම් රම් සද්දයේ රහස කිමද ...අහෝ දුකකි වීල් බෙයාරින් පවා ඉතා හොද බව බාසා පවසයි ...වඩා වැඩි හොදට තව තව කල පරික්ෂා කිරීම් කිහිපයක් හමුවේ අප බාසා මහත් වූ සතුට වඩනා කාරණයක් මා හමුවේ තැබුවේය ...එනම් එන්ජින් රාජයාගේ mount 2ක් ( යට පැත්තේ ) ආයු සංස්කාරය අත් හැර ඇති ප්‍රීතිමත් පුවතයි. එය ඇසීමෙන් ඉතා ප්‍රීතියට පත් වූ මා නැවත එන්ජින් mount 2ක් අලුතෙන් ස්ථාන ගත කල අතර අනෙකුත් දෑ නැවත සුපුරුදු පරිදි සවි කළෙමු. එන්ජින් mount දෙකට 6500 ක් හා සේවා ගාස්තු 1500 ක් ගෙවීමෙන් අනතුරුව පාරට බැසීමි. මම හිතුවේ සියලු දෝෂ අහවරයි නිවාරණයි කියලා.එහෙත් සෙනසුරා ලෙහෙසියෙන් මා දමා යාමට අදහසක් නැත....මගේ නෝනටත් වඩා ඌ මට ආදරේ බව පසුගිය දින කීපයේ මම තේරුම් ගතිමි.දැන් අවසානයේ මෙන්න මේ කරනා ටිකට ඔබ තමුන්නාන්සේලාගෙන් උපදෙස් අවශ්‍යව ඇත.
01.කලින් තිබු දෙදරුම් දැන් නැත ( ඉස්සෙල්ලම මම හිතුවේ එන්ජිම නතර වෙලා කියලා ..එච්චරට ගැස්සිල්ලක් නැත.නමුත් කලින් අයිඩියල් එකේදී ආර්.පී එම් 1000 තිබුණා ..එත් දැන් කටුව තියෙන්නේ 1000 පහලින් 0ට උඩින් 600,700 wage. (මට බයයි යකෝ එන්ජිම නතර වෙයි කියලා ...ඇයි එහෙම උනේ ??
02. ඒසී දාල සෙට් එක දැම්මම හෝන් එක වදින්නේ නෑ බොලවූ ???
03. අනික අර සද්දේ ඉස්සර තරම් නැති උනත් තාම නිකම් යන්තම් ඇහෙනවා ඇහෙනවා වාගේ ??
මේ තුනට හරියටම උත්තර දෙනා කෙනාට පොල් අයියට කියලා කටු රෑනක් එකක් අරන් දෙනවා ....
හොදයි නෝනාවරුනි මහත්වරුනි දැන් ඔබේ බුද්ධිමත් අදහස් දක්වන්න කාලයයි මේ ..............