මහත් වීම.
ඔබගේ උස සහ බර ප්‍රථමයෙන් මැනගන්න. පසුව එමගින් ඔබේ ශරීරයේ උසට සරිලන බර (BMI) තිබේදැයි ඔබම පරීක්ෂා කරගන්න.
BMI = ශරීරයේ බර (කිලෝ ග්‍රෑම් වලින්)/ උසෙහි වර්ගය මීටර් වලින් (m2)
එවිට ලැබෙන අගය 18.5 ත් 23 ත් අතර නම් ඔබේ උසට සරිලන බර ඇති බැවින් මහත් ගැන වද වීමෙන් වැලකෙන්න. BMI අගය 23 ට වඩා වැඩිනම් ශරීරය වෙහෙසා වැඩ කිරීම, පේස්ට්‍රි, රෝල්ස් වැනි කෙටි ආහාර, රෙඩ් බුල්, කොකා කෝලා වැනි කෘතිම පාන වර්ග පානයෙන් ඈත්වීම මැනවි. නමුත් ඔබෙ BMI අගය 18.5 ට අඩු වුවත් 16 -18.5 වගේ අතර පවතින්නේනම් ඔබට ඉහෙන් බහින ලෙඩක් නොමැතිනම් බර වැඩි කරගැනීමට උත්සුක නොවන්න.
මෙන්න අහපු දේට පිලිතුර : බර වැඩි කරගන්න ඔව් පුලුවන් ක්‍රම දෙකකට පුලුවන්.
1. කෑම රුචිය වඩවන බෙහෙත් බෙති හෝ විටමිනයක් ගැනීමෙන්
මෙම ක්‍රමයේදී බෙහෙත් පෙති මගින් කෑම රුචිය වැඩි කර බඩගින්න වඩවන නිසා කෑම ගැනීමට වැඩි කැමැත්තක් සමග වෙනදාට වඩා රුචියක් දක්වයි. එවිට වැඩි පුර කන නිසා මහත් වීම සිදුවේ. නමුත් මෙම කෑම රුචිය වඩවන අපි හැම දන්නා Peritol සිරප් හෝ පෙත්ත එක ඉරුවාරදය (Migraine) යන රෝගයට දෙන පෙත්තක් වන අතර කෑම රුචිය වැඩවීම එහි අතුරු පලයකි. බෙහෙත් මාස 3 ක් පමණ බීමෙන් ඔබේ බර කිලිඅ 10 කින් පමණ වැඩි කරගත හැකි වුවත් නැවැත්වූ පසු අධික ලෙස කෑම අප්පිරියාවක් ඇතිවේ. එමෙන්ම වැඩිවූ බරද නැවත අඩුවී යයි. එබැවින් මම මේ ක්‍රමය අනුමත නොකරමි.
නමුත් වෙල්ලඳ පොලේ ඇති Zincovit, Zincorup වැනි Multi-vitamin සිරප් එකක් හෝ Guardian වැනි කරලක් දවසකට 1 වරක් භාවිතයෙන් ශරීරයට මදි පාඩු විටමීන ලැබෙන අතර කෑම රුචියද මදක් වැඩිවේ. මෙම ක්‍රමය අනුමත කරමි.
2.හෝමෝන පෙති භාවිතය
කට්ටිය ඌරු පෙති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමේ. මෙව්වා ගත්තම ඔව් මහත් වෙනවා. නමුත් ඔබට අති විශාල අතුරු ආබාධ රැසකට මුහුණ දිමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කිසිවිටකත් අනුමත නොකරම්.
අවසාන වශයෙන් මහත් විමට බෙහෙත් අවශ්‍යය නැත. ඔබගේ එදිනෙදා සමබර ආහාර වේලක් ගන්න, හොඳින් ජලය පානය කරන්න එවිට ඔබට නිරෝගී ශරිරයක් හිමිකරගත හැක.
කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති එක තාමයි අවුල
තැන්ස් පො ද හෙල්ප් ඩොට්ට !ඇඟ හදන්න?? මොකටද බොඩිය පුම්බලා කෙල්ලන්ට පේන්නද? අනේහ් මේ ඔක්කොටම කලින් internet එකේ වෙලාව නාස්ති කරන එක නවත්තලා ගිහින් පාඩම් කරපන් A/L එක්සෑම් එකට. තව දවස් 70 ක් වගේ නේද ගොනෝ තියෙන්නේ?
එක්සෑම් එක හොඳට පාස් වෙලා හොඳ කැම්පස් එකකට පලයන් කෙල්ලෝ එන හැටි බලන්න. එතකොට ඔය කටු බොඩි පුම්බන්න ඕනේ නෑ. ඒක බැරිනම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් වර
.
රොබින් වගේ එකා..
මේ අයියාහ් කියන දේ අැහුනා නේහ්......
පලමුව ඒ ලෙවල්-දෙවනුව බොඩිය.....
සිරාවට මූට පොල් පිත්තෙන් එකක් කෙලින්න ඕනේ. එක්සෑම් එකට තව මාස 2 යි දවස් 10 ක් වගේ. කිසි ගාණක් නෑ
.


බයින්ඩ එපා අයියලාහ්හ් හිත පෑරෙනවා ...
කොම්පීතරේ නොදා බැරිම වැඩක් මේ දවස් වල තියෙනවා ඒ අතරේ තමයි පොඩ්ඩක් EK ඇවිත් යන්නේ 

.
. එතකොට ඔය කටු බොඩි පුම්බන්න ඕනේ නෑ. ඒක බැරිනම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් වර 
. එක්සෑම් එකට තව මාස 2 යි දවස් 10 ක් වගේ. කිසි ගාණක් නෑ
එබැවින් මෙම තත්වය සඳහා ප්‍රතිකාරයක් ලෙස කළයුත්තේ කුමක්දැයි ඔබතුමාගේ අදහසක් ඇත්නම් ඉතා අගයකොට සලකමි.




