▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,697
    10,780
    113
    Sherwood වගේ තැනක
    මහත් වීම.

    ඔබගේ උස සහ බර ප්‍රථමයෙන් මැනගන්න. පසුව එමගින් ඔබේ ශරීරයේ උසට සරිලන බර (BMI) තිබේදැයි ඔබම පරීක්ෂා කරගන්න.

    BMI = ශරීරයේ බර (කිලෝ ග්‍රෑම් වලින්)/ උසෙහි වර්ගය මීටර් වලින් (m2)

    එවිට ලැබෙන අගය 18.5 ත් 23 ත් අතර නම් ඔබේ උසට සරිලන බර ඇති බැවින් මහත් ගැන වද වීමෙන් වැලකෙන්න. BMI අගය 23 ට වඩා වැඩිනම් ශරීරය වෙහෙසා වැඩ කිරීම, පේස්ට්‍රි, රෝල්ස් වැනි කෙටි ආහාර, රෙඩ් බුල්, කොකා කෝලා වැනි කෘතිම පාන වර්ග පානයෙන් ඈත්වීම මැනවි. නමුත් ඔබෙ BMI අගය 18.5 ට අඩු වුවත් 16 -18.5 වගේ අතර පවතින්නේනම් ඔබට ඉහෙන් බහින ලෙඩක් නොමැතිනම් බර වැඩි කරගැනීමට උත්සුක නොවන්න.

    මෙන්න අහපු දේට පිලිතුර : බර වැඩි කරගන්න ඔව් පුලුවන් ක්‍රම දෙකකට පුලුවන්.
    1. කෑම රුචිය වඩවන බෙහෙත් බෙති හෝ විටමිනයක් ගැනීමෙන්
    මෙම ක්‍රමයේදී බෙහෙත් පෙති මගින් කෑම රුචිය වැඩි කර බඩගින්න වඩවන නිසා කෑම ගැනීමට වැඩි කැමැත්තක් සමග වෙනදාට වඩා රුචියක් දක්වයි. එවිට වැඩි පුර කන නිසා මහත් වීම සිදුවේ. නමුත් මෙම කෑම රුචිය වඩවන අපි හැම දන්නා Peritol සිරප් හෝ පෙත්ත එක ඉරුවාරදය (Migraine) යන රෝගයට දෙන පෙත්තක් වන අතර කෑම රුචිය වැඩවීම එහි අතුරු පලයකි. බෙහෙත් මාස 3 ක් පමණ බීමෙන් ඔබේ බර කිලිඅ 10 කින් පමණ වැඩි කරගත හැකි වුවත් නැවැත්වූ පසු අධික ලෙස කෑම අප්පිරියාවක් ඇතිවේ. එමෙන්ම වැඩිවූ බරද නැවත අඩුවී යයි. එබැවින් මම මේ ක්‍රමය අනුමත නොකරමි :growl::no:.

    නමුත් වෙල්ලඳ පොලේ ඇති Zincovit, Zincorup වැනි Multi-vitamin සිරප් එකක් හෝ Guardian වැනි කරලක් දවසකට 1 වරක් භාවිතයෙන් ශරීරයට මදි පාඩු විටමීන ලැබෙන අතර කෑම රුචියද මදක් වැඩිවේ. මෙම ක්‍රමය අනුමත කරමි.

    2.හෝමෝන පෙති භාවිතය
    කට්ටිය ඌරු පෙති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමේ. මෙව්වා ගත්තම ඔව් මහත් වෙනවා. නමුත් ඔබට අති විශාල අතුරු ආබාධ ‍රැසකට මුහුණ දිමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කිසිවිටකත් අනුමත නොකරම් :no:.

    අවසාන වශයෙන් මහත් විමට බෙහෙත් අවශ්‍යය නැත. ඔබගේ එදිනෙදා සමබර ආහාර වේලක් ගන්න, හොඳින් ජලය පානය කරන්න එවිට ඔබට නිරෝගී ශරිරයක් හිමිකරගත හැක.

    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති එක තාමයි අවුල :sorry: තැන්ස් පො ද හෙල්ප් ඩොට්ට !

    ඇඟ හදන්න?? මොකටද බොඩිය පුම්බලා කෙල්ලන්ට පේන්නද? අනේහ් මේ ඔක්කොටම කලින් internet එකේ වෙලාව නාස්ති කරන එක නවත්තලා ගිහින් පාඩම් කරපන් A/L එක්සෑම් එකට. තව දවස් 70 ක් වගේ නේද ගොනෝ තියෙන්නේ :growl::growl:?

    එක්සෑම් එක හොඳට පාස් වෙලා හොඳ කැම්පස් එකකට පලයන් කෙල්ලෝ එන හැටි බලන්න :);). එතකොට ඔය ක‍ටු බොඩි පුම්බන්න ඕනේ නෑ. ඒක බැරිනම් ලිඳේ පැනලා ආත්මේ මාරු කරන් වර :angry::angry::growl::growl:.

    රොබින් වගේ එකා..
    මේ අයියාහ් කියන දේ අැහුනා නේහ්......

    පලමුව ඒ ලෙවල්-දෙවනුව බොඩිය.....

    සිරාවට මූට පොල් පිත්තෙන් එකක් කෙලින්න ඕනේ :growl::frown:. එක්සෑම් එකට තව මාස 2 යි දවස් 10 ක් වගේ. කිසි ගාණක් නෑ :growl::growl:.

    :sorry::sorry::sorry: බයින්ඩ එපා අයියලාහ්හ් හිත පෑරෙනවා ... :( කොම්පීතරේ නොදා බැරිම වැඩක් මේ දවස් වල තියෙනවා ඒ අතරේ තමයි පොඩ්ඩක් EK ඇවිත් යන්නේ :nerd:
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    තයිරොක්සීන් වලින් ප්‍රසිද්ද අතුරු ආබාධ පවතින්නේ,
    හිසරදය
    කෑම අරුචිය
    රාතියට නින්ද නොයාම
    නුරුස්සුම් ගතිය
    උණ
    ඔසප් චක්‍රයේ අක්‍රමිකතා ඇති වීම
    පපුව ගැහෙනවා දැනීම
    අදික ලෙව දහදිය දැමීම වැනි හේතුවේ.

    ඔබගේ ගැටලුවට පිලිතුරු අපගේ දත් කිඹුලා මහතා විසින් ලබාදෙනු ලැබේ.
    පිළිතුරු ලබා දීම සම්බන්දව ස්තුතියි.:)

    මවුත් වොෂ් යනු මුඛ ශෝධක දියරයි. ඔහු අදහස් කරන්න ඇත්තේ දත් සුද්ධ කිරීම බව සිතමි. නමුත් දත් සුද්ද කිරීම සහ හපන විට කට කට ගෑම සම්න්ධකරවන කිසිදු සම්බන්ධතාවයක් මාගේ ශිෂ්‍ය දිවියෙහි හෝ පශ්චාද් ශිෂ්‍ය දිවියෙහි අධය්‍යනය කොට නොමැති බව සදහන් කරනු කැමැත්තෙමි.

    හණුව චලනය කරන විට ශබ්දයක් ඒමට ප්‍රධාන ම හේතුව අධෝ හණුක සන්ධියේ ඇතිවන යම් තත්ත්වයකි. මෙය පොදුවේ Temporo-Mandibular Dysfunction Syndrome ලෙස දන්නා අවස්ථාවකි. මෙයට බොහෝ හේතු පවතී. ලංකාවේ බහුලව ම ඇතිවන තත්ත්වය ලෙස අප සොයා ගෙන ඇත්තේ පසු කාලීනව දත් ගැලවීම නිසා දත් ඇදි දෙක අතර ඇති ඉඩ-නැතිනම් උස- අඩු වීමෙන්, හණුව වැඩියෙන් වැසී යාමෙන් මතු සදහන් හණුව පීඩනයට ලක්වීමෙන් ඇතිවන තත්තවයක් බවය.

    මෙවැන්නකට දත් සුද්ධ කිරීම යනු අහිවාකත රෝගයට ගුද මාර්ගයේ කපුරු දැල්වීම බදු ප්‍රතිකාරයක් බව පමණක් ඔබේ දැන ගැනීම සදහා පළකරමි.
    පිළිතුරු ලබා දීම සම්බන්දව ස්තුතියි. ඔබ තුමා පවසන ආකාරයට අම්මාට ලැබී ඇත්තේ වැරදි උපදෙසකි. :baffled: එබැවින් මෙම තත්වය සඳහා ප්‍රතිකාරයක් ලෙස කළයුත්තේ කුමක්දැයි ඔබතුමාගේ අදහසක් ඇත්නම් ඉතා අගයකොට සලකමි.:yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හනුක සන්ධියේ උපදනා මෙවන් තත්ත්වයන් මදක් සංකීර්ණය. ඔබේ මෑණියන් ගේ මුඛයේ දත් ඇත්තේ අතලොස්සක් නම් හෝ දත් ඇදි අතර ඇති උස අඩුවන යමක් සිදුවී තිබේ නම්-උදා:දත් අතිශය බරපතල ලෙස ගෙවීයාම- ඒවාට පිළියම් කල යුතුය. සමහර විටක එවැනි අවස්තාවක දී මේ තත්ත්වය සම්පූර්ණයෙන් මග හැරී යයි.

    නමුත් මාගේ අදහස වන්නේ එබේ මෑනියන් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨ රෝහල (ශික්ෂණ) වෙත ගෙන යාම වඩා සුදුසු බවය. ඔබ ගේ මෑණියන් එහි සිටින අපේ ගුරුදේවෝතමයින් වන විශේෂඥ වෛද්‍ය අනුර ආරියවර්ධනයන් හෝ එම වෛද්‍ය එම්. සිද්ධික් මැතිතුමන් වෙත යොමු කිරීම වඩා හොද යයි සිතමි.
     
    අම්මාගේ මුඛයේ දත් සියල්ල හොඳින් තිබේ. නරක් වී තිබීම නිසා වරක් එක් දතක් ගලවා තිබුණි. දත් ගෙවී යාම සම්බන්දයෙන් විශේෂ දන්තාලේපයක්ද ඇය භාවිතා කළ බව මතකය. මේ පිළිබඳව දැනුවත් කිරීමට ඔබගේ වටිනා කාලය වැය කොට පිළිතුරු ලබාදීම සහ ඔබ සඳහන් කළ වෛද්‍ය වරුන් ගැන දැනුවත් කිරීම පිළිබඳව බොහෝම ස්තුතියි.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති එක තාමයි අවුල :sorry: තැන්ස් පො ද හෙල්ප් ඩොට්ට !

    :sorry::sorry::sorry: බයින්ඩ එපා අයියලාහ්හ් හිත පෑරෙනවා ... :( කොම්පීතරේ නොදා බැරිම වැඩක් මේ දවස් වල තියෙනවා ඒ අතරේ තමයි පොඩ්ඩක් EK ඇවිත් යන්නේ :nerd:
    :baffled::baffled:MEKA MATATH THIYENAWA
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,320
    1,364
    113
    Colombo
    පැපොල හෙවත් chicken fox වැල‍ඳෙන්නේ Varicella Zoster නැමැති Herpes ගණයේ වෛරසයක් හේතුවෙනි. එබැවින් ඒ සඳහා වැලඳීමට ප්‍රථම අවැසිනම් එන්නත පෞද්ගලික රෝහලකින් ලබා ගත හැක. Varicella එන්නත සජීවී (Live attenuated) එන්නතකි. එනම් සජීවී වයිරසයේ ආසාධන ප්‍රචණ්ඩත්වය අඩු කර අතේ මේද ස්ථරයට (Sub cutaneous එන්නත් කරනු ලැබේ. සජීවී එන්නතක් බැවින් උණ , හෙම්බිරිස්සාව වැනි ඇඟේ ප්‍රතිශක්තිය අඩු අවස්ථාවක ලබා ගැනීමෙන් එන්නත මගින් පැපොළ වැලඳීමට අවධානමක් වුව ඇත. එමෙන්ම කුඩා ලමුන්ට වැල‍ඳෙන Nephrotic Syndrome සඳහා ලබාදෙන Prednisolon වැනි ශරීරයේ ප්‍රතිශක්තිය අඩු කරන ඖෂධයක් ගන්නේනම් එය නවතා මාස 3 ක් යනතුරු සජීවී එන්නතක් ලබා ගත නොහැක. එමෙන්ම MMR - සරම්ප, කම්මුල්ගාය, රුබෙල්ලා , JE මොළේ උණ සඳහා දෙන එන්නත, OPV - පෝලියෝ වැනි සජීවී එන්නතක් ලබාගෙන සති 4ක් වත් අවමය ඉක්ම යන තුරු තවත් සජීවී එන්නතක් ලබා ගැනීම යෝග්‍යය නොවේ.

    ඔබගේ ගැටලුවට පිලිතුර නම් කුඩා ලමයෙකුට වයස අවුරුදු 1 ඉක්මවූ පසු පැපොල සඳහා එන්නත් ලබා දිය හැකි බව ශ්‍රී ලකාවේ සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කල එන්නත් මාර්ගෝපදේශන (Immunization guidline) අනුමත කරයි.

    නමුත් මෙම එන්නත නිර්දේශ කරනු ලබන්නේ,
    නිවැසියෙක්ට හෝ රෝගය වැලඳුනු කෙනෙක් සමඟ එකට සිටින කෙනෙකුට රෝගියාට නිරාවරණය වී දින 3 - 5 ට කලියෙන්
    ගර්භනී භාවයට පෙර රෝගය නොවැලඳුණු කාන්තාවකට අවැසිනම්
    සෞඛයය ශේත්‍රයේ නියැලෙන්නන්ට.

    අභාග්‍යයට කරුණ නම්. සරම්ප වැනි අනික් එන්නතක් එන්නත් කළ පසු 100 % ක් ආරක්ෂාව ලැබෙන නමුත් මෙම එන්නතෙහි ආරක්ෂාව 75 -80% කට පමණක් සීමාවේ. එමෙන්ම අනික් සජීවී එන්නත් මෙන් ජීවිත කාලය තේක් ආරක්ෂාව නොසැලසේ. ඒ ගැන නිශ්චිතව තවම හොයාගෙන නොමැත.

    Good explanation. Thankz :cool::cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති එක තාමයි අවුල :sorry: තැන්ස් පො ද හෙල්ප් ඩොට්ට !

    :sorry::sorry::sorry: බයින්ඩ එපා අයියලාහ්හ් හිත පෑරෙනවා ... :( කොම්පීතරේ නොදා බැරිම වැඩක් මේ දවස් වල තියෙනවා ඒ අතරේ තමයි පොඩ්ඩක් EK ඇවිත් යන්නේ :nerd:

    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්නම් ගිහින් බ්ලූ බල බලා අත මරන එක නවත්තපන් :growl::lol:.

    කම්පීතරේ නොදා බැරිනම් යකෝ ඩොන්ගල් එක ගලෝලා විසික් කරපන්කෝ. නැත්නම් වයිරස් ගාර්ඩ් එකක බ්ලොක් ලිස්ට් සයිට් එකට දාපන්කෝ නිදහසට කරුණු නොදී :frown::frown::growl:.
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    උඹටත් කියන්න තියෙන්නේ කොච්චර කෑවත් මහත් වෙන්නේ නැත්නම් ගිහින් බ්ලූ බල බලා අත මරන එක නවත්තපන්. :growl::growl:
    ETHAKOTA UYA KIYANNE UYA MAHATH UNE EHEMA NOKARA KIYALADA:eek::eek:
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    කොච්චර කෑවත් මහත් වෙන්නේ නැති එක තාමයි අවුල :sorry: තැන්ස් පො ද හෙල්ප් ඩොට්ට !

    ඉවසන්න තවම ඔබට වයස අවුරුදු 20 ක් පමණ වන කොලු ගැටයෙකි. කාලයත් සමග මහත්වීම සිදුවේ. ;)
     
    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    BEER BIMA GALLSTONES WALATA AHITHAKARADA

    පිත්තාශයේ ගල් සහ ඇල්කොහොල් අතර සම්බන්ධතාවයක් පැහැදිලි නැත. නමුත් Acute Pancreatitis නැමැති අග්න්‍යයශයේ ඇතිවන ප්‍රදාහ තත්තවය සඳහා ලංකාවේ ප්‍රධානම හේතුව වන්නේ Alcohol භාවිතයයි. බියර් වුවද පමණට වැඩියෙන් ගැනීම ශරීරයට යෝග්‍යය නොවේ. ;);)
     
    Last edited:

    EK_Doctor

    Member
    May 21, 2015
    71
    13
    0
    කසාදයක් දෙකක් බැන්දාම එහෙම....
    නැද්ද සර්....:baffled:

    :shocked::shocked: :growl::growl: :lol::lol: ඔන්න ඉතින් කිණ්ඩියක් දාලා මට මම මාව හොයා ගන්ට අපහසු වෙන්න භාෂා ශෛල්‍යය මුලුමනින්ම වෙනස් කරලා අමතන්න පටන් ගත්තා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :shocked::shocked: :growl::growl: :lol::lol: ඔන්න ඉතින් කිණ්ඩියක් දාලා මට මම මාව හොයා ගන්ට අපහසු වෙන්න භාෂා ශෛල්‍යය මුලුමනින්ම වෙනස් කරලා අමතන්න පටන් ගත්තා.
    ඔබතුමා කවුද කියල මම දන්නවා සෑර්......
    රෙප් ටේබල් එක බැලුව නං.......ඊයේ පෙරේදා ආව රෙප් එකක් තියෙන්න ඇති.....:baffled:
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    පිත්තාශයේ ගල් සහ ඇල්කොහොල් අතර සම්බන්ධතාවයක් පැහැදිලි නැත. නමුත් Acute Pancreatitis නැමැති අග්න්‍යයශයේ ඇතිවන ප්‍රදාහ තත්තවය සඳහා ලංකාවේ ප්‍රධානම හේතුව වන්නේ Alcohol භාවිතයයි. බියර් වුවද පමණට වැඩියෙන් ගැනීම ශරීරයට යෝග්‍යය නොවේ. ;);)
    E KIYANNE AWLAK NA WAGEDA :eek:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    E KIYANNE AWLAK NA WAGEDA :eek:

    පිත්තාශයේ ගල් සහ ඇල්කොහොල් අතර සම්බන්ධතාවයක් පැහැදිලි නැත. නමුත් Acute Pancreatitis නැමැති අග්න්‍යයශයේ ඇතිවන ප්‍රදාහ තත්තවය සඳහා ලංකාවේ ප්‍රධානම හේතුව වන්නේ Alcohol භාවිතයයි. බියර් වුවද පමණට වැඩියෙන් ගැනීම ශරීරයට යෝග්‍යය නොවේ. ;);)
    අවුලක් නෑ වගේ ද පේන්නේ ......???
    කණ්නාඩි භාවිතය නිර්දේශ කරමි....
    එහෙමත් නැත්තනම් දේශීය වෙදකමේ එන ඉසකුඩිච්චියක්.......