Virus වලින් සැඟවූ files නැවත ලබා ගන්නේ මෙහෙමයි...

kiripani

Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    Virus වලින් සැඟවූ files නැවත ලබා ගන්නේ මෙහෙමයි...

    මේ කියන්න යන කාරණය මම නම් කිහිපවිටකදීම සිදුකර දෙන්න වුන දෙයක් ගැනයි. ඒ තමයි වෛරස් වලින් සැඟවූ USB pen වල ඇති files නැවත ලබාදීම. ඒ කියන්නේ ඇතැම් වෛරස් වලින් හානි සිදුවුනාට පස්සේ ඒ වෛරස් ඉවත් කළත් තමන්ගේ USB pen එකේ තිබුන files වලින් බොහෝමයක් නැවත පෙන්වන්නේ නැත කියන කාරණය නිසා ඒවා නැවත ලබාදීමට කටයුතු කිරීමට සිදුවීම. මේක බොහොම සරලව කරන ක්‍රමයක් තමයි මේ කියන්න යන්නේ.

    වෛරස් වලින් මෙම files, hidden තත්ත්වයට පත්කරනවාට අමතරව ඒවා System files බවටත් පත් කරන නිසා hidden තත්ත්වය පමණක් ඉවත් කළාට මේ කාර්යය සම්පූරණ වෙන්නේ නැහැ. ඒ නිසා System files බවෙන් ඉවත් කරනවාට අමතරව read only කියන attribute එකත් ඉවත් කිරීම අවශ්‍ය වෙනවා.

    මේ සදහා ආකාර දෙකකට මේ විධානයන් දෙන සැටි කියන්නම්. පළමු ක්‍රමය තමයි Command Prompt කවුළුව Run as administrator ලෙස විවෘත කර ගන්න.

    දැන් ඔබ මේ විධානය දෙන්න.

    attrib -s -h -r q:\*.* /s /d

    මෙහිදි ඔබගේ USB pen එකට හිමිව තිබෙන Driver letter එක මෙහි Q ලෙස සටහන්ව ඇති ස්ථානයට Q වෙනුවට දෙන්නත් අමතක කරන්න එපා.

    යම් හෙයකින් ඉදිරි අවස්ථාවකදීත් කිහිපවිටක්ම මේ විධානය භාවිතා කරන්න අවශ්‍ය වෙනවා කියන අදහස තිබෙනම් හොදම දේ තමයි එය batch file එකකට අරගෙන එය Run as administrator ලෙස ක්‍රියාත්මක කරවීම එය කරන්නේ මෙලෙසයි. මෙන්න මේ විධානයන් සමූහය Notepad file එකකට paste කර ගන්න.

    @echo off
    set /p drive= Please enter the target drive letter
    if "%drive%"=="" (
    echo Program aborted.
    echo.
    pause
    goto :eof
    )
    attrib -s -h "%drive%\*.*"
    echo successfully recoverd
    echo.
    pause

    දැන් ඔබ මේ file එක save කිරීමේදී File හිදී Save as තෝරා එහිදී Save as type හිදී all files යන්න තේරීම සිදු කළ යුතු අතර file name එක සදහා ඔබ කැමති නමක් ලබාදී එහි අගට .bat ලෙස දෙන්නටත් වග බලා ගන්න.

    යම් අවස්ථාවක මෙම ගොනුව ක්‍රියාත්මක කිරීමේදී එය right click කර run as administrator ලෙස ක්‍රියාත්මක කිරීම වඩාත් සුදුසුය. එසේම මෙහිදීද ප්‍රථමයෙන් ඔබට අවශ්‍ය Drive එකෙහි letter එක දීමට අවස්ථාව ලබා දෙන අතර එහිදී drive letter එක මෙලෙස ලබා දෙන්න උදාහරණය ලෙස drive letter එක G ලෙස ලබා දීමට G: ලෙස ලබා දෙන්න. එපමණයි.....







    මම මේක ගෙඩිය පිටින් උස්සපු එකක්...ගොඩක් ප්‍රයෝජනවත් උන නිසා අනිත් යටත් බලන්න දානවා.
    ඉස්සුවේ මෙතනින්
    http://madhawavishwanath.blogspot.com/2014/10/virus-files.html