කොටකෙතන සැකකරුවන් නිදහස් (Kotakethana Murder Suspects Released)
මහත් ආන්දෝලනයට තුඩුදුන් කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ 58 හැවිරිදි දෙදරු මවක වූ නයනා නිල්මිණි සහ ඇයගේ දියණියක වූ කාවින්ද්‍යා චතුරංගනී සෙල්ලහේවා කපාකොටා ඝාතනය කිරීමේ නඩුවේ විත්තිකරුවන් තිදෙනෙකු අද නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.
විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත්කර ඇති චෝදනා සාධාකරණ සැකයකින් තොරව ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය අසමත්වීම හේතුවෙන් කොළඹ මහාධිකරණය මෙම නියෝගය ලබා දී ඇත.
මෙම නඩුවේ ප්‍රධාන සාක්ෂිකරුගේ සාක්ෂි පරස්පර නිසා විත්තිකරුවන් වැරදිකරුවන් කළ නොහැකි බව මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් මහත්මිය පැවසූ බව අප වාර්තාකරු කියා සිටියේය.
කහවත්ත, කොටකෙතන ප්‍රදේශයේ 58 හැවිරිදි දෙදරු මවක වන නයනා නිල්මිණි සහ උසස් පෙළ සිසුවියක වූ සහ ඇයගේ දියණිය වූ කාවින්ධ්‍යා චතුරංගනී සෙල්ලහේවා 2012 වසරේදී කපාකොටා ඝාතනය කර තිබිණ.
newsfirst


