Gappiya මෙම කොමෙන්ටි එක දමන්නේ, විසාල බොදු පිරිසකගෙන් මරණ තර්ජන, පරුෂ වචන සහ බැන වැදීමි එල්ල වුනු නිසාත්, පිරිසිදු බොදු Likes විසාල පරමාණයක් අහිමි වුනු නිසාත්ය. ජිවිතයට පන්සලකට නොගිය මට බුද්ධ ධර්මය ගැන කිසිදු දැනුමක් නොමැති අතර කොමෙන්ටි කියවීමෙන් බුද්ධ ධර්මය, පන්සිල් හා පාලි භාෂාව ගැන යමි අවබොධයක් දැන් මට ඇත. ඔස්ටෙලියාවෙ සුද්දියක් විවාහ කරගත් මට කරගත්තේ මොන අනුවණ කිරියාවක්ද යැයි දැන් මට වැටහේ.
ඉහත ගොන් ජොක්ස් පොස්ටුව නිසා හිත රිදුනු බොදු බක්තිකයන්ගේන් මම වැද සමාව ඉල්ලා සිටින අතර, unlike කරපු සැදැහැවතුන් නැවතත් like කර මාගේ සුපරසිද්දිය රක්ෂා කර දෙන මෙන් ඉල්ලා සිටමි.
මෙතැන් සිට බඩ පැලෙන්න හිනා යන පරොයොජනවත් ජොක්ස් පමණක් කිරිමට දිවුරන අතර
සමාජය වෙනස් කිරිමට කිසිදු පරිස්සමයක් නොකරන බවටද දිවුරමි.
ඔබ සැමට තෙරුවන් සරණයි.